Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Friday, 28 June 2013 13:04

ජනප‍්‍රිය නිළියකගේ වැන්දඹු යෝගය

Rate this item
(0 votes)
ජනප‍්‍රිය නිළියකගේ වැන්දඹු යෝගය

ලංකාවේ මෙගා ටෙලි නාට්‍ය රැල්ලේ ඇති කථාංග තූළ ඇත්තේ විවිධ වස්තු විෂයන්ය මෙම ටෙලි නාට්‍ය වල ඇත්තේ එකම වට්ටෝරු වේ ටෙලි නාට්‍යය. මේවායෙහි රගපාන නළු නිලියන් දිනපතා පේ‍්‍රක්‍ෂකයන් හමුවට එති. ඒ සැම අයෙක්ම ඉතාම ටික කලකින් පේ‍්‍රක්‍ෂකයන්ට අමතක වේ. නමුත් ජනප‍්‍රිය වන නිළියන් සහ නළුවන් ද සිටී. ඕෂධී හේවාමද්දුම ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ සිටින වෙනස්ම ආකාරයේ රංගන ශිල්පිණියකි. ඇය සැබෑ ජීවිතයේ විවාහ ව සිටින්නේ දක්‍ෂ කැමරා ශිල්පියෙකුවන ප‍්‍රදීප් බුලත්සිංහල සමගය. ඇය සාර්ථක විවාහ දිවියක් ගත කරයි.

අප මේ හඳුන්වා දෙන්නට යන්නේ ඕෂධී රගපාන 'අපේක්‍ෂා' නම්වූ ටෙලි නාට්‍ය පිළිබඳව සහ ඇයගේ පවුල් ජීවිතය සම්බන්ධවය. මෙහි ඕෂධී රගපානු ලබන්නේ නාතාලියා නම් වූ චරිතයයි .ඇයගේ කේන්දරයේ ඇයට වැන්දඹු යෝගයක් පිහිටා තිබේ .අපේක්‍ෂා ටෙලිනාට්‍යයේ කතාව මෙසේය.

"දුන්යා සහ පහන්දි ජනප‍්‍රිය කාන්තා පාසලක අධ්‍යාපනය හැදෑරූ සුමිතුරුයන් දෙදෙනෙක්ග ඔවුන් හොඳම මිතුරියන් සේ කලක් ඇසුරු කළද අහ පොළොව තරම් දුරස් ගති ලක්ෂණ සහ සමාජ තල දෙකක දෙදෙනෙක්.

මවු පියන් අහිමි පහන්දිගේ සියලු වගකිම් දරන්නේ ඇගේ වැඩිමහල් සොහොයුරා සුධාරයි.සුධාර අවුරුදු විසි හතක කඩවසම් තරුණයෙකු වුවද ඔහුට සිය තරුණ විය අමතක කර සිය බාල සොහොයුරාටත් සොහොයුරියන් දෙදෙනාටත් පියෙක් මෙන් රැකවරණය සැලසීමට සිදුවෙයි.පෞද්ගලික ආයතනයක ලිපිකරුවෙකු ලෙස සේවය කරන ඔහු සිය වැටුප අපුරු ආකාරයට හසුරවමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරයි. දුක් කඳුඵ නැති අනාගතයක් පිළිබඳ සුබ සිහින දකින අවිහිංසක පහන්දිත්, පහහුවෙන් ධනවතෙක් වීම සඳහා ඉතාලියට ගොස් රැකියාවක් කිරීමට සිහින මවන දගකාර ගති ඇති විසිතුන් වියැති සහෝදරයාත් කුඩා සුරතල් නැගණිය රුවීත් සුධාරට දක්වන්නේ දැඩි ආදරයකි,කෙතෙක් අග හිගකම් තිබුණද ඔවුන්ගේ සහෝද බැඳිම කිසිවෙකුට බිදිය නොහැකි තරම් පොහොසත්ය.

දුන්යා යනු සුධාර රැකියාව කරන ආයතනයේ ප‍්‍රධානියාගේ බාල දියණියයි.දගකාර සැහැල්ලු ගති ඇති ඇය කෙතෙක් ධනවත් වුවද එයින් මාන්නයට පත් තරුණියක් නොවේ. එහෙත් ඇගේ වැඩිමහල් සොයුරිය නතාලියා ඇයට හාත්පසින්ම වෙනස් ආඩම්බර ගති ඇති සමාජශීලි තරමක් මුරණ්ඩු තැනැත්තියකි.තරුණ වියේ එළිපත්තේදීම තම ජිවිතය ගැන ස්වාධිනව තිරණ ගැනීමට පෙළඹුණ ඇය සෙනිල් නම් තරුණයකු සමග විවාහ වී ඇත.තම පවුලට නොගැලපුණද නතාලියාගේ පියා රොස්මීඩ් සහ මව වයලාගේ කැමැත්ත ඔවුන්ට ලැබිණි. ඒ නතාලියාගේ කේන්දරයෙහි වැන්දඹු යෝගයක් ඇති බැවිණි.සෙනිල්ට සහ ඔහුගේ පියාට මෙය රහසක් ලෙස සගවා මෙම විවාහය කර ඇත.විවාහයෙන් මාස කිහිපයකට පසු විදේශගත වු සෙනිල්ගෙන් යළි කිසිඳු තොරතුරක් නොලැබුණ බැවින් සියලු දෙනා සිතා සිටින්නේ ඔහු ජිවතුන් අතර නැති බවයි.සැමියාගේ අතුරුදහන් විමෙන් පසු නතාලියාගේ අයහපත් ගති ලක්‍ෂණ තව තවත් වැඩිවී ඇත.

නාට්‍ය ඇරඹෙන්නේ දුන්යා සහ පහන්දි නේවාසිකව පරිගණක පාඨමාලාවක් හදාරා එය නිමවා අවසන එකිනෙකාගෙන් සමුගෙන නිවෙස්වලට යන දිනයෙනි.තම මවගේ ජ්‍යොතිශය පිළිබඳ අධික විශ්වාසය නිසා නිවසින් පිටව සිටිමට සිදු වු දුන්යාට යළි නිවසට යාමට හැකිවෙයි.එමෙන්ම පහන්දිටද තම සොහොයුරා විසින් ගෙවපු කටුක ජිවිතය සගවා සලසාදුන් සැහැල්ලු ජිවිතයට සමුදී නිවසට යාමට සිදුවෙයි.මිත‍්‍රත්වයට එහා ගිය සහෝදර බැඳීමකින් බැඳී සිටි දුන්යා සහ පහන්දි ඔවුනනොවුන්ගේ නිවෙස්වලට යන්නේද එතරම් කැමැත්තකින් නොවේ.

තරුණ රූමත් නැගණියකගේ වගකීම දැරීම කෙතරම් අපහසුදැයි සුධාරට වැටහෙන්නේ පහන්දිව නිවසට රැගෙන ගිය පසුයි. කෙසේ හෝ වියදම් දෑරිමට සිතන සුධාර පහන්දිව කලමණාකරණ පාඨමාලාවකට යොමු කරයි. එහෙත් යොවුන් වියේ තරුණියකට අවශ්‍ය විලාසිතා ආදිය සිතූ සේ කිරිමට පහන්දිට නොහැකි වෙයි. ඇය නොසිතු විරූ සිදුවීම් රැසකට මුහුණ දෙන්නට සිදුවන්නේ මේ අතරයි. එනම් ඇය යම් දෙයකට ආශා කළහොත් ඒ සියල්ල විවිධ ආකාරයෙන් ඇයට ලැබෙයි.පහන්දිට දැනෙන්නේ එය සුරංගනා සිහිනයක් මෙනි. සුධාර සහ චන්දුට මෙය බැරැරුම් ප‍්‍රශ්නයක් වෙයි.මේ හේතුවෙන් චන්දු නොයෙකුත් ප‍්‍රශ්න පටලවා ගනී.

අහඹු ලෙස දිනක් පහන්දි මේ අපුරු ත්‍යාග පිරිනමන්නා සොයා ගනී. ඔහු භූමියග භූමි කඩවසම් ප‍්‍රියජනක තරුණයෙකි. ඔහු කාගේ කවුරුන්දැයි තොරතුරු හෙළි නොකරන අතර පහන්දි ප‍්‍රශ්න කළ විට තමා තම මිතුරා සමග තනිව ජිවත්වන බවත් දෙමාපියන් විදේශගතව සිටින බවත් පවසයි. අහම්බෙන් පහන්දිව හඳුනාගෙන ඇති ඔහු ඇයගේ අවිහිංසික සිහින සැබෑ කර ඇත්තේ තම නැගණිය සිහිපත් කරමින් බව හෙළි කරයි. මෙතැන් සිට භූමි සහ පහන්දි අතර දැඩි අධ්‍යාත්මික පේ‍්‍රමයක් ගොඩ නැගේ. එහෙත් භූමිගේ මිතුරා ඔහුට කිසිඳු තරුණියකට ඇදරය කිරිමට අයිතියක් නැති බව නිතර මතක් කර දෙයි.

පහන්දිගේ මෙම රොමැන්තික් ආදරය දුන්යාට විහිඵවක් වෙයි. ආදරය හෝ පෙම්වතෙක් පිළිබඳ ඇය කිසි විටෙක නොසිතන අතර විශ්වාසයක්ද නොතබන්නේ අවසානයේ තමාට උරුම වන්නේ දෙමාපියන් සකසා දෙන ජිවිතයක් පමණක් වන බැවිනි. නතාලිගේ අනර්ථවත් විවාහයට තිත තබා දික්කාසාදය ලබාගන්නා දෙමාපියන් ඇයව අවහා කරදිමට සහකරුවෙකු සොයන්නේ මේ අතරයි.ඇගේ වැන්දඹු යෝගය නිසා එය පහසු නොවේ. එහෙයින් යළිත් එය සගවා මනමාලයෙකු සොයයි.

මිළගට එඩ්මන්ගේ නෙතට හසුවන්නේ සුධාරයි. සුධාරගේ යහපත් ගති ගුණ දකින ඔහු ඔහුගේ පවුලේ පවතින ආර්ථීක අපහසුතා මුල්කරගෙන හෝ සුධාර මෙයට කැමති කරවා ගැනීමට සිතයි. මෙම යෝජනාය දුන්යාගේ පස්වනක් ප‍්‍රීතියට හේතුවෙයි.නතාලියා එයට එකහෙලා විරුද්ධ වුවද සුධාර වැනි දුප්පත් තරුණයෙකු මුදල් බලයෙන් පාලනය කරගෙන ජීවත් වීමට හැකි බව සිතා එයට කැමැත්ත දෙයි.

එහෙත් තම යොයුරු සොයුරියන් අතරමන් කර දමා විවාහය කර ගැනීමට සුධාර කැමති නොවේ. නතාලියා නොයෙක් හොඳගති පෙන්වමින් දුන්යා, ඉන්දු සහ රුවිගේ සිත දිනා ගැනීමට සමත් වේ. මේ වන විට සුධාර නොයෙකුත් ආර්ථික අහේනියන්ටද මුහුන පාමින් සිටී.අවසන තම සොයුරාත්,සොහොයුරියන් දෙදෙනාගේත් සුබ සිද්ධීය තකා ඔහු මෙම විවාහයට කැමැත්ත ලබා දෙයි.
විවාහයකට දින කිහිපයකට පෙර ඔහුට නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබෙන්නේ නොසිතු ලෙසයි. ඒ නතාලියාගේ වැන්ඳඹු යෝගය නිසා පෙර සැමියා මියගිය බවත් සුධාරගේ ඉරණමද එයම බවත් සනාථ කරමිනි. මේ පිළිබඳව කිසිවෙකුට නොකියන සුධාර එය තම නැගණියට සහ මලණුවන්ට සදාකාලික රහසක්ම ලෙස රකින මෙන් ඉල්ලීමක්ද කරයි.

සුධාර සහ නතාලියාගේ විවාහයෙන් පසු ඉන්දුල පහන්දි සහ රුචීද ඔවුන්ගේ නිවසේ පදිංචියට යයි. ටානියා සහ දුන්යාගේ මිත‍්‍රත්වය සැබෑ සහෝදරකමක් බවට පත්වෙයි.ඩෙස්මන් සහ වයලා දුන්යාව විවාහ කරදීමට තරුණයෙකු හඳුන්වා දෙන්නේ මේ අතරයි. මනාලයා දකින පහන්දිගේ සියලු සිහින බිඳ වැටේ. ඒ ඇයට ආදරය කරන භූමියි. භූමිද නොසිතු ලෙස මුහුණ දුන් මේ සිදුවිමෙන් අසරණව සිටි.

පහන්දි තම ආදරය තම සිතේ මියැදෙන්නට ඉඩ දී නිහඬවෙයි. භූමි සැබෑ තත්වය හෙළි කළ නොහැකිව අරණ වෙයි. ඔහු තම සැබෑ ජිවිතය සගවාගෙන ජිවත්වන තරුණයෙකි.අසනීපව සිටින තම මව සහ තම අනාගත අරමුණු වෙනුවෙන් ඔහුට විශාල බොරුවක කොටස් කරුවෙකු වීමට සිදුව ඇත. එය මෙහෙයවන්නේ නතාලියාගේ පෙර සැමියා වන සෙනිල්ගේ පියා නාරද විසිනි.

නතාලියාගේ කේන්දරය පිළිබඳව සගවා කළ වංචනික විවාහය නිසා තම එකම පුතු තමාට අහිමි වු බව සිතන නාරද එඩ්මන්ගේ පවුල හා වෛරයකින් සිටී.තම පුතා පමණක් නොව ඔහුගේ විවාහයෙන් උරුම වු ධනසම්භාරය අහිමි විමද ඔහුගේ අමනාපයට කරුණකි.තම නිවසේ මෙහෙකාරියගේ පුතු වන භූමි ධනවත් තරුණයෙකු ලෙස ඉදිරිපත් කර දුන්යා හා විවාහ කරවීමට ඔහු සැලසුම් කරයි.ඊට ප‍්‍රතිලාභ වශයෙන් භූමිගේ මවගේ ප‍්‍රතිකාර වල සියලු විය හියදම් දරන අතර භූමිගේ එකම අපේක්‍ෂාව වන දුර්ලභ ගනයේ ජායාරුප ශිල්පියෙකු විමේ මාවතට ඔහුව යොමු කරයි.ආදරය හමුවේ එම සිහිනය අමතක කළද මවගේ ජිවිතය අමතක කර දමන්නට භූමිට නොහැකිවේ.

මෙසේ පහන්දිගේ ආදරය බිඳී යන අතරතුර ඇය නොසිතූ අන්දමේ තවත් ගැහැට රැසකට මුහුණ දීමට සිදුවේ.සුධාර සහ නතාලියාගේ විවාහය නමමාත‍්‍රික විවාහයක් වෙමින් ඔවුන් දෙදෙනා සිතින් මෙන්ම ගතින්ද දුරස් දෙදෙනෙකු බව ඩෙස්මන්ට සහ වයලාට තේරුම් යාමට වැඩි කලක් ගත නොවේ. සිය සොයුරා සොයුරියන්ගේ අඩුපාඩු නොපිරිහෙලා ඉටු කිරිමට සමත්විම නිසා සුධාරද තම අසාර්ථක යුග දිවිය ගැන නොතකයි.එහෙත් යටි සිතින් ඔහුද තම ජිවිතය අහිමි වේදැයි බියකින් නොසිටිනවාම නෙවේ.

ඔවුන්ගේ ජිවිතයේ අසාර්ථකත්වයට හේතුව ලෙස නතාලියාගේ දෙමාපියන් දකින්නේ තම සොයුර සොයුරියන් පිළිබඳව සුධාර වැඩි අවධානයක් යොමුකිරිමයි. එහෙයින් ඔවුන් සුක්‍ෂෙම ලෙස ප‍්‍රශ්නය විසඳීමට සැකලසුම් සකස් කරයි.මුලින්ම ඔවුන් විශාල මුදලක් වියදම්කර, සුධාරගේ අකමැත්තද නොතකා චන්දුව ඉතාලි රැකියාවකට පිටත් කරයි.අනතුරුව රුවීව පාසැල් නේවාසිකාගාරයක නතර කරයි.ඉන්පු සුධාර ලවා පහන්දිට මංගල යෝජනාවක් ගෙන එයිග ඒ සුධාරගේ කාර්යාල මිතුරෙකි.

පමන්දිල භූමි සමග ඇති සබඳතාවය නතර කළද වෙනත් කෙනෙකු හා විවාහ වීමට සිත එකගලරගත නොහැකිව සිටි. දුන්යා සහ භූමිගේ විවාහය දිනෙන් දින ළංවෙයි. ඇගේ දෙවෙනි මනාලිය ලෙස පෙනී සිටීමට පහන්දිට සිදුවෙයි.ඉතාලි රැකියාවකට ගිය ඉන්දු යලි ලංකාවට පැමිණෙන්නේ ඔහු වෙනුවෙන් කළ සියඵ වියදම් වතුරේ දමමිනි.ඔහුගේ පැමිණිමත් සමග ගැටඵ ඇතිකර ගන්නා ඉන්දු නැගණීයන් දෙදෙනාද රැගෙන නිවසින් පිටව යන්නේ මේ අතරයි.ඔවුන් කුඩා නිවසක් කුළියට ගෙන ජිවත් වෙයි.මේ වන විට නතාලියා සමග ආදරයෙන් බැඳි සිටින සුධාර තම විවාහය සහ සහෝද සහෝදරියන් අතර අතරමංවෙයි.

තමා නොදන්නා තවත් රහසක් මේ අතර ඉන්දුට හෙළිවෙයි. ඒ දුන්යා විවාහ වීමට නියමිතව සිටින්නේ තම නැගණියගේ පෙම්වතා සමග බවයි.ඔවුන්ගේ පවුල සමග අමනාපයෙන් සිටින චන්දු මෙම රහස හෙළි වීමෙන් තවත් කළඹළයට පත්වෙයි.

භූමි පිළිබඳ මුලින් ආදරයක් නොතිබුණද පසුව දුන්යා ඔහුට ආදරය කිරීමට උත්සහා කරයි. එහෙත් ඔහුගේ සිත වෙනතක බව ඇයට වැටහේ.එහෙත් එය නොතකා දෙමාපියන්ගේ කැමැත්ත පරිදි විවාහයට සුදානම් වෙයි. භූමි යනු තම සහෝදරියක් බඳු මිතුරිය පණසේ ආදරය කළ පෙම්වතා බව මේ අතර දුන්යාට සොයාගත හැකිවේ. ඇය දැඩි දෙගිඩියාවට පත්වේ.තම නැගණියගේ ආදරය කෙසේ හෝ දිනා දිය යුතු යැයි සිතන ඉන්දු දුන්යාට ආදරය ප‍්‍රකාශ කරමින් ඇයට ළංවීමට උත්සහා කරයි. තමා මුහුණ දී සිටින ප‍්‍රශ්නයෙන් පලා යාමට සිතන ඇය ඉන්දු සමග රහසේ පලා යන්නේ විවාහයට පෙර දිනයේයි.මෙයින් මුඵ නිවසම කැළඹෙයි.

භූමි තමා පිළිබඳ සියලු සත්‍ය තොරතුරු පවසා යළිත් පහන්දිට ළංවීමට උත්සහ කළත් ඇය ඊට එකග නොවේ. මේ අතර කිසිවෙකු නොසිතු ලෙස මිය ගියේ යැයි සිතා සිටි සෙනිල් යළි ලංකාවට එයි.තම පෙර සැමියා දකින නතාලියා මහත් අසිරුතාවයකට පත්වෙයි. තම පුතුගේ නැවත පැමිණිමෙන් සතුටු වන නාරද භූමිගේ විවාහයද අඩාල වීම නිසා කෙසේ හෝ යළි සෙනිල් සහ නතාලියාව එක් කිරීමට අර අඳි.තම බිරිඳගේ සිතෙහි පෙර සැමියා වෙනුවෙන් තවමත් ආදරයක් ඇති බව සුධාරට වැටහෙයි.

දුන්යා ඉන්දුගේ ආදරය විශ්වාස කරමින් ඔහු හා අලුත් ජිවිතයක් ඇරඹිමට සිතුවද එය සිහිනයක්ම පමණක් වෙයි.ඉන්දු ඇය පිළිබඳව තැකිමක් නොකට සුපුරුදු පරිදි සෙල්ලක්කාරයෙකු ලෙස ජිවත් වෙයි. ඔහුගේ මෙම හැසිරීම නිසා දුන්යාට බෙහෝ දුක්ඛිත ජිවිතයක් ගෙවීමට සිදුවෙයි. එහෙත් ඇය ඒ සියලු දුක් පහන්දිගේ වසන් කරමින් ඇය සහ භූමි නැවත එක් කිරීමට වෑයම් කරයි. පහන්දි සහ භූමි යළි පෙම්වතුන් වෙයි.එහෙත් ඔවුන් වටා ගැටගැසී ඇති ගැටඵ සහ සිදුවීම් ඔවුන්ගේ කතාව නිමාවට පත් නොකරයි. සියලු බැමි බිඳ භූමි සහ පහන්දි විවාහ වීමට සුදානම් වන අතර දුන්යා ගෙවන දුක්ඛීත ජිවිතය පහන්දි දකි. තම මිතුරිය තමා වෙනුවෙන් කළ කැපවීම දකින පහන්දිගේ සිත දැඩි දෙගිඩියාවට පත්වෙයි.

භූමිගේ ආදරය සහ දුන්යාගේ මිත‍්‍රත්වය සහ කැපවීම අතර දෝලනය වන පහන්දිගේ සිත කුමක් තීරණට කරාවිද?

සුධාර නතාලියා හා එළඹි විවාහයට සමු දී නතාලියාගෙන් සමුගනිවීද? විවාහ සංස්ථාවේ හරය නොදත් නතාලියා යථාර්තය තේරුම් ගනිවීද?

නැතිනම් නතාලිගේ වැන්දඹු යෝගය සත්‍යයක් වී සුධාරට ජිවිතයෙන් සමුගැනීමට සිදුවේද?

ජීවිතයේ යථාර්තය වටහාගෙන ඉන්දු තම බිරිඳ දුන්යාට සැබෑ ආදරයක් දක්වයිද?

සුධාරල ඉන්දුල පහන්දි සහ රුවීගේ සහෝදර බැම්ම ජීවිතයේ ඔවුන් මුහුණ දෙන විවිධ සංසිද්ධීන් නිසා බිඳී යාවිද?

මේ ආදි මානුෂීය ගැටඵ සහ වෘත්තාන්තමය සංසිද්ධීන් සාරගර්භිත විග‍්‍රහයකට ලක් කරමින් මෙම කතා පුවත ප‍්‍රාසංගිකව මෙන්ම පේ‍්‍රක්‍ෂක රසඥතාවයට නව මාවතක් පෙන්වමින් මාලා නාටකයක් බවට පත්වෙයි. හුදු කතා රසය, විනෝදාස්වාදය ඉක්මවා පොදු පේ‍්‍රක්‍ෂකයාට ජීවිතය ගැන යලි සිතා බැලීමකට පෙළඹවීම මෙහි කතා වස්තුවෙන් මෙන්ම රචනා ශෛලියෙන්ද අපේක්ෂිතය.පවතින ඒකාකාරී නාට්‍ය අතර එය අපුරු සනිටුහනක් තැබීමට සමත්වනු නියතය.

අපේක්‍ෂා ටෙලි නාට්‍යයේ අධක්‍ෂණය ලිලන්ත කුමාරසිරි - රූපවාහිනි රචනය
අනෝමා විජයවර්ධන - නිෂ්පාදනය ඉන්ෆීනිටි ක‍්‍රියේෂන්ස් - ගෙනි රංගනයෙන්
පහන්දී - නදීශා රංගනී
සුධාර - ධනංජය සිරිවර්ධන
රුවී - අසඳී අල්විස්
ඉන්ඳුල - ටිරාන් වික‍්‍රමසුරිය
එඩ්මන් - සම්පත් තෙන්නකෝන්
වයලා - සුසන්තා චන්ද‍්‍රමාලී
දුන්යා - භාග්‍යා ගුරුසිංහ
නතාලියා - ඕෂධි හේවාමද්දුම
නාරද - ප‍්‍රසන්නජිත් අබේසුරිය
සෙනිල් - අනුරාධ මල්ලව ආරච්චි
කළණ - භූමි - දසුන් නිශාන්ත
කල්‍යාණි - නිර්මාලා විජේසේකර
අත්තම්මා - නෙතලි නානායක්කාර
වයිෆයි - අකලංක ප‍්‍රභාෂ්වර
තරුක - චමර ප‍්‍රියදර්ශන

මෙය සතියේ සෑම දිනකම සඳුදා, අගහරුවාදා, බ‍්‍රස්පතින්දා, සිකුරාදා යන දිනවලදී රාත‍්‍රී 7.30 ට ස්වාධීන රුපවාහිනියෙන් විකාශය වේ.

Image Gallery

{gallery}1598{/gallery}
Read 1776 times
Body
Background Color
Text Color
Background Image