චීනයේ සීගප සී. ටී. වී.ආයතනයේ නිෂ්පාදනයක් වන "හෝලි පර්ල්"වැඩසටහන් පෙළ සිංහල දෙබසින් රස කර ජාතික රූපවාහිනියෙන් "මායාවරුන්ගේ ලෝකය" නමින් ඔබ වෙත ගෙන එයි. ප්‍රවීණ හඬ රංගවේදීන් සියයකට වැඩි ගණනකගේ හඬින් හැඩ ගැන්වී අතුල රන්සිරිලාල්ගේ ගීත රචනය, හඬ කැවීම් මෙහෙයුමින් හා උපදෙසින් ජාතික රූපවාහිනී නාලිකාවෙන් ජුලි මස මුල සතියේ පටන් සතියේ දින පහේම පස්වරු 6.30 සිට 7.30 දක්වා විකාශය වීමට නියමිතය. "අභීත දියණිය" නාට්‍ය පෙළින් පසුව විකාශය වන්නේ "මායාවරුන්ගේ ලෝකය" නාට්‍ය පෙළයි. කරුණාරත්න අමරසිංහ, සේනානායක වර්ණතුංග, නිලීකා මද්දුම, ලක්මාලි වෙලගෙදර, ඩිෂාන් ෂාමින්ද,රන්මිණි කැටගොඩ සහ තිලාන් වර්ණජිත්,ඉරේෂා ලක්මාලි ආදි ශිල්පීන්ගේ දායකත්වයෙන් "මායාවරුන්ගේ ලෝකය' හඬ ගැන්වී ඇත. චීනයේ ජනප්‍රවාදයක් මත පදනම් වූ මෙම කතා පෙළ 2011 වසරේ නිෂ්පාදනයකි.රුමිකො තකහෂි නම් රචකයා විසින් රචිත මෙහි අධ්‍යක්ෂණය සැයි ජිං ෂං විසිනි.