Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Saturday, 15 June 2013 12:13

"නොනිමි චාරිකා" අමෙරිකාවෙන් අරඹයි

Rate this item
(0 votes)
"නොනිමි චාරිකා" අමෙරිකාවෙන් අරඹයි

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකාවක් ප්‍රථමවරට විදේශයක දී නිර්මාණය කෙරෙන අර්ධ වාර්තා ශ්‍රව්‍ය දෘශ්‍ය වෘත්තාන්තය ලෙස හැඳීන්විය හැකි'නොනිමි චාරිකා’ දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කරයි. කතාව හා තිර නාටක සංස්කරණය කපිල කුමාර කාලිංග විසින් කරණු ලබන අතර තිර නාටකය ෂර්ලි ද අල්විස් හා භද්‍රජී මහින්ද ජයතිලක ගෙනි. සම්බන්ධීකරණය කිත්සිරි මෙවන් ජයසේන හා ලසන්ත ද අල්විස් ගෙනි.

මෙහි නිෂ්පාදන දායකත්වය ජාතික රූපවාහිනිය සමඟ ඒෂියන් ෆිල්ම් ඇන්ඩ් ඩ්‍රාමා ෆවුන්ඩේෂන් -ඇමෙරිකාව ය.

මෙහි රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, චන්න පෙරේරා, පාලිත සිල්වා,අජිත් ජිනදාස, සුනේත්‍රා සරත්චන්ද්‍ර,සෙනාලි ෆොන්සේකා,නදී චන්ද්‍රසේකර, භද්‍රජී මහින්ද ජයතිලක ප්‍රධාන චරිත රඟති.

මෙම "නොනිමි චාරිකා” වැඩසටහන ටෙලි වෘත්තාන්තයක හැඩය ගත්ත ද,එය වාර්තා වැඩසටහනකි. ප්‍රධාන චරිත හා වස්තූන් සමඟ බද්ධ වන මෙම ටෙලි වෘත්තාන්තය 2000 මුල් භාගයේ දී ඇමෙරිකාවේ ඉතා ජනප්‍රියවූ Traveler TV Series අනුසාරයෙන් ලියන ලද්දකි.

ඇමෙරිකාවේ “Travel Channel”මගින් විකාශනය වූ මෙම වැඩසටහන දත්ත වාර්තා සටහන් අනුව ඉහළම ස්ථානයක පැවති බවට සඳහන් වේ/

මෙවැනි වාර්තා වැඩසටහන් වෘත්තාන්තයක් ලෙසින් ඉදිරිපත් කිරීම හොලිවුඩ් සිනමාවේ හඳුන්වනු ලබන්නේ “Semi Docu Tele Series” යනුවෙනි.

"සංචාරක යුවළක් හා ඔවුන්ගේ සංචාරය,ටෙලි වෘත්තාන්තයක ස්වරූපයෙන් දිගහැර දක්වන අතර ඇමෙරිකානු සංචාරය කොටසින් කොටස විවිධ වූ නැවුම් ස්ථානයක් ඉලක්ක කර ගනී.”

ඇමෙරිකානු එක්සත් ජනපදය ප්‍රාන්ත 50 න් සමන්විත ය. මෙහිදී විවිධ අන්දමේ වටිනාකම්, ඓතිහාසික,භූගෝලීය, සංස්කෘතික,ජාතික,ආගමික, විද්‍යාත්මක හා ස්වභාවික වටිනාකම් වලින් යුතු මෙන් ම විවිධ ජනශ්‍රැති පිළිබඳ හා මනරම් දර්ශනීය පෙදෙස් වැනි ප්‍රේක්ෂකයන්ගේ සිත් බඳවා ගන්නා ස්ථාන සාකච්ඡාවට බඳුන් වෙයි.මෙහිදී මෙම ස්ථාන පිළිබඳව නිවැරදි දත්ත ගොනු කර කරුණු සහිත, අධ්‍යාපන වටිනාකමකින් යුතුව ඉදිරිපත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව සඳහන් වෙයි.

එමෙන්ම මෙම වැඩසටහනේ දර්ශනවලින් සියයට අසූවක් ඇමෙරිකාවේද ඉතිරි සියයට විස්ස ශ්‍රී ලංකාවේ ද පටිගත කරනු ලබයි. ශ්‍රී ලංකාවේ දර්ශන කොළඹ අවට සහ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ දී පටිගත කරනු ලැබීම ද විශේෂත්වයකි.

Image Gallery

{gallery}1565{/gallery}
Read 468 times
Body
Background Color
Text Color
Background Image