Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Monday, 08 July 2013 13:37

12 (දොළහක්) 12 වැනිදා දෙහිවල දි

Rate this item
(0 votes)
12 (දොළහක්) 12 වැනිදා දෙහිවල දි

දොළොස් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක එකොළොස්දෙනෙකුම එකග වූ තීන්දුවක්, සාධාරණ සැකය මත පදනම්ව විරුද්දව ඡන්දය පළ කළ එක් තනි සභිකයෙකුගේ පෙළඹවීම නිසා යළි සලකා බැලීමට බල කෙරෙන ආකාරය මේ නාට්‍යය තුළින් පිළිබිඹු වෙයි. ඝාතන නඩු විභාගයක් අවසානයේදී, විනිශ්චයකාරවරයා විසින් තීන්දුවක් දීමේ වගකීම ජූරි සභාව වෙත පවරන අවස්ථාවෙන් කතාව ආරම්භ වෙයි. බෝහෝ අපරාධ නඩුවලදී සේම මේ නඩුවේදීත් ජූරි සභිකයින් දොළොස්දෙනා ඒකමතිකව වැරදිකරු හෝ නිවැරදිකරු යන තීන්දුවට එළඹිය යුතුවෙයි. තීන්දුව වැරදිකරු වූවොත්, විත්තිකරුට මරණ දඩුවම හිමිවීම අනිවාර්ය බවද ජූරි සභාවට විනිශ්චයකරු විසින් දැනුම් දෙනු ලබයි. නඩුවෙන් විභාග කෙරෙන්නේ, ගැටවර වියේ සිටින කොල්ලෙකු සිය පියා ඝාතනය කළේද නැද්ද යන්නයි.

තීන්දුවක් ගැනීම සඳහා ජූරි කාමරයට යන මේ පුදුගලයින් දොළොස්දෙනා, එහිදී එකිනෙකාගේ පෞරුෂයන් සහ චරිත ස්වාභාවයන් හඳුනා ගනී. මුලූ සාකච්ඡාව පුරාම කිසිම සභිකයෙකු අනෙකාට නම කියා කතා කරන්නේ නැත. එකිනෙකාගේ නම් මොනවාදැයි ඔවුන් දන්නේ නැත. ජූරි සභිකයින් කිහිපදෙනෙකුට විවිධ හේතු නිසා නඩුවේ විත්තිකරුවා කෙරෙහි කලින්ම ගොඩනගාගත් අගතිගාමී ආකල්ප ඇත. ඔහුගේ ජාතිය, ඔහුගේ සමාජ පසුබිම නිසා ඇතැමෙක් ඔහු කෙරෙහි අප‍්‍රසාදයක් ඇතිකරගෙන සිටින අතර, තමන්ගේ පුතා සහ තමා අතර ඇති ගැටුම්කාරී සම්බන්ධතාව හරහා මේ සිද්ධිය කියවන තවත් ජූරි සභියෙකුට විත්තිකාර කොල්ලා සහ සමස්ත සිදුවීම පිළිබඳ තමන්ගේ පෞද්ගලික අත්දැකීමෙන් වියුක්තව බැලිය නොහැකිය.

12 (දොළහක්) ජුලි 12 වැනිදා සවස 6.30 ට දෙහිවල එස්.ඩි.එස් ජයසිංහ ශාලාවේදි වේදිකාගතවේ.

Image Gallery

{gallery}1643{/gallery}
Read 297 times
Body
Background Color
Text Color
Background Image