Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
"මං විතරක් වැරදි නැහැ" මංගල දැක්ම 12දා

අනුන් කරණ වැරදි විතරක් පේන සමාජයක, තමන් විතරක් වැරදි නැහැ කියන අය බොහෝමයක් සිටිනවා. ඒ බොහෝමය ඇත්තටම වැරදි නැත්තම් සමාජයම වැරදි නැහැ. මේක අලූත් නාට්‍යයක්. පූර්විකාව ලිව්වෙ නාට්‍යයේ නම "මං විතරක් වැරදි නැහැ" නිසයි.

12 (දොළහක්) 12 වැනිදා දෙහිවල දි

දොළොස් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක එකොළොස්දෙනෙකුම එකග වූ තීන්දුවක්, සාධාරණ සැකය මත පදනම්ව විරුද්දව ඡන්දය පළ කළ එක් තනි සභිකයෙකුගේ පෙළඹවීම නිසා යළි සලකා බැලීමට බල කෙරෙන ආකාරය මේ නාට්‍යය තුළින් පිළිබිඹු වෙයි. ඝාතන නඩු විභාගයක් අවසානයේදී, විනිශ්චයකාරවරයා විසින් තීන්දුවක් දීමේ වගකීම ජූරි සභාව වෙත පවරන අවස්ථාවෙන් කතාව ආරම්භ වෙයි. බෝහෝ අපරාධ නඩුවලදී සේම මේ නඩුවේදීත් ජූරි සභිකයින් දොළොස්දෙනා ඒකමතිකව වැරදිකරු හෝ නිවැරදිකරු යන තීන්දුවට එළඹිය යුතුවෙයි. තීන්දුව වැරදිකරු වූවොත්, විත්තිකරුට මරණ දඩුවම හිමිවීම අනිවාර්ය බවද ජූරි සභාවට විනිශ්චයකරු විසින් දැනුම් දෙනු ලබයි. නඩුවෙන් විභාග කෙරෙන්නේ, ගැටවර වියේ සිටින කොල්ලෙකු සිය පියා ඝාතනය කළේද නැද්ද යන්නයි.

"නෙළුම් පොකුණ" ගැන ධර්මසිරි ගෙ ස්ථාවරය වෙනස් වෙලාද

මේ දිනවල තාප්පවල ඇලවී ඇති නාට්‍ය පෝස්ටර් අතර,ධර්මසිරි බණ්ඩාරනායකගේ "ධවල භීෂණ’’ ජුනි 30 වෙනිදා නෙළුම් පොකුණේ පෙන්නන බව කියන පෝස්ටරයද ඇත. ඊයේ නෙළුම් පොකුණ පසු කරගෙන යන විට එතැනත් ඒ ගැන විශාල කටවුට් එකක් දමා තිබුණි. මට දැනුණේ විශාල සාංකාවකි. ධර්මසිරි අයියා ඇයි මේක මෙතන පෙන්නන්නෙ? යි හිත හිතා මම කණගාටු වුණෙමි.

මාතෘ ජුනි 29 වැනිදා

මාතෘ නාට්‍ය පන්සිය පනස් ජාතකයේ එන, පදමානවක ජාතකය , පදනම් කොට රචනා කර ඇත. මා පිය දූ දරු සෙනෙහස සේම පරිසරය රැක ගැනීමේ දැඩි අවශ්‍යතාවයත් භෞතික සම්පත් සොයා තරගකාරීව දිවෙන මිනිස් සමාජයන පිළිබඳව දැඩි ලෙස ප්‍රේක්ෂක අවධානය යොමු කරවා ගනීමට මෙම නාට්‍ය තුළින් ප්‍රයත්නයක් දරා ඇත.

"බල්ලොත් එක්ක බෑ" 30 දා

"බල්ලොත් එක්ක බෑ" නාට්‍ය වර්තමාන දේශපාලන ක්‍රමවේදය ඉතා ගැඹුරින් විමසා උපහාසට ලක් කරන දේශපාලන ප්‍රහසනයකි. එය සමාජයේ ජීවත්වන සුනඛ ගති ලක්‍ෂණ ඇති මිනිසුන් ගැන හෙළිදරව්වකි . මැතිවරණයෙන් පරාජය වූ දේශපාලකයෙකු ඒ ආසන්න කාලයේ මුහුණ දෙන අත්දැකීම් මේ නාට්‍යයට විෂය වී තිබේ.

පුත‍්‍ර සමාගම 20දා ජපුරට එයි

1968 දි ්Alexander Vampilov රුසියානු නාට්‍යකරුවා විසින් 'The Elder Son'නමින් රචනා කරන ලද නාට්‍ය 1985 දි ප්‍රසන්න විතානගේ "පුත්‍ර සමාගම" නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබූ අතර එය ජයලත් මනෝරත්න වේදිකාවට නිර්මාණය කරණ ලදී.

රාස්ස සහ පරාස්ස 8දා

රෝහණ දන්දෙණිය නාට්‍ය නිර්මාණ "රාස්ස සහ පරාස්ස" වේදිකා නාට්‍ය මෙම මස 08වන දින සවස 6.45 ට බත්තරමුල්ල 'ජනකලා කේන්ද‍්‍රයේදී' වේදිකා ගතවේ මෙහි ශ‍්‍රියන්ත මෙණ්ඩිස් ,නිශ්ශංක දිද්දෙණිය, මාදනී මල්වත්තගේ, රිචඞ් මානමුදලි, ජයනාත් බණ්ඩාර, දිමුතු චින්තක, ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙහි යෙදෙති. ප‍්‍රවේශපත‍්‍ර එදින දෙරටුවෙන් සහ සරසවි, සදීපා පොත් හල්වලින් ළබාගත හැක.

"සිංහබාහු" 15දා
Tuesday, 04 June 2013 04:22

"සිංහබාහු" 15දා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ "සිංහබාහු" වේදිකා නාට්‍ය මෙම මස 15වන දින 3.30 ට සහ 6.45 ට බොරැල්ල පුංචි තියටර් හි දි වේදිකා ගත වේ. 'සිංහබාහු' නාටකය ප්‍රථම වරට රඟදක්වන ලද්දේ 1961 සැප්තැම්බර් මාසයේදි පේරාදෙණිය විශ්වවිද්‍යාලීය එළිමහන් රඟමඩලෙහි දීය.සැබැවින්ම විදග්ධ නාට්‍ය සම්ප්‍රදායක් ප්‍රතිෂ්ටාපනය කිරිමේ ප්‍රයත්නය සිංහබාහු නාට්‍යයෙන් කූටප්‍රාප්ත විය.සිංහබාහු නාටකයේ තේමාව දරු සෙනෙහස බව එක් මතයකි.තවත් මතයක් වන්නේ මෙහි තේමාව පරම්පරා ගැටුම බවයි.මෙම මතවාද දෙකම ඉතා ප්‍රබල ලෙස හවුරු කිරීමට අවශ්‍ය හේතු සාධක නාට්‍යයෙන් සම්පාදනය වේ.

වසර 53ක කාලයක් පුරා 'සිංහබාහු' වේදිකා ගතවීම නාට්‍ය පේ‍්‍රක්‍ෂක පරම්පරා ගණනාවක් මෙම නාට්‍ය රස විඳින බවට ඇති එකම සාක්‍ෂියයි. 'සිංහබාහු' තවත් වසර ගණනාවක් පරම්පරා ගණනාවක් රසවිඳිනු ඇත.

අන්ගාරා ගඟ ජූනි 02

රංජිත් ධර්මකීර්තිගේ "අන්ගාරාගඟ" නව නිෂ්පාදනයේ නාට්‍ය දැක්මක් ජූනි මස 02දින මරදාන ටවර්හෝල් රගහලේදී සවස 3.30ට සහ 6.30ට වේදිකා ගතවේ වේදිකා ගතවේ .

රුහුණේ නාට්‍ය වසන්තය 27දා සිට

රුහුණු විශ්වවිද්‍යාලයේ කලා සංගමය මගින් සංවිධානය කරණු ලබන වේදිකා නාට්‍ය උළෙල මෙම මස 27 වන දින සිට ජූනි මහ 02වන දින දක්වා රුහුණු විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී සවස 2.30 ට සහ 6.30 ට වේදිකා ගතවේ. මෙම නාට්‍ය උළෙළ ආරම්භ වන්නේ ප‍්‍රියංකර රත්නායකගේ "විසේකාරියෝ" වේදිකා නාට්‍යයෙනි. මෙම නාට්‍ය උළෙලහි, 

Page 1 of 9
Body
Background Color
Text Color
Background Image