මෙම ජායාරූප ප්‍රදර්ශණය හා තරගය ජාත්‍යන්තර ජායාරූප කලා සම්මේලනයේ(The International federation Of Photographic Art -FIAPනිර්දේශ හා නීති රීති ලියාපදංචි අංක 2013/ 155 යටතේ පැවැත්වෙන්නක් වීම විශේෂත්වයකි. තවද අමෙරිකානු ජායාරූප සංගමය (Photographic Society Of America-PSA) ස්වාභාවික ජායාරූප අංශය(Nature Division) සඳහා අනුමැතිය ලැබී ඇත.
මෙම ජායාරූප ප්‍රදර්ශණය සහ තරගය අංශ තුනකින් පැවැත්වේ. එනම්,
1.විවෘත - එක වර්ණ(Open Monochrome)
2.විවෘත - වර්ණ (Open Colour)
3.ස්වභාවික ජායාරූප අංශය(Nature)
සෑම අංශයකම ජයග්රාහි කෘති සඳහා ජාත්‍යන්තර ජායාරූප කලා සම්මේලනය- The International federation Of Photographic Art (FIAP) හි රන්, රිදී හා ලෝකඩ පදක්කම් හා සම්මාන රිබන් ද, අමෙරිකානු ජායාරූප සංගමයේPhotographic Society Of America-PSA හි රන්, රිදී හා ලෝකඩ පදක්කම් හා සම්මාන රිබන්ද ස්වාභාවික ජායාරූප අංශයNature Division ටද ශ්‍රී ලංකා ජාතික ජායාරූප කලා සංගමයෙහි රන් රිදී සහ ලෝකඩ පදක්කම් හා සම්මාන රිබන්ද සහතික පත්‍ර ද හිමිවේ.
වැඩිම කෘතින් ගණනක් ප්‍රදර්ශණය සඳහා තේරුණු ශිල්පියාට ජාත්‍යන්තර ජයාරූප කලා සම්මේලනයේThe International federation Of Photographic Art (FIAP) හි Best Author නම් වූ නිල් පදක්කම හිමිවේ . ඊට අමතරව හොඳම ශී ලාංකේය ජායාරූප නිර්මාණය සඳහා කලාභූෂණ එල්. ඊ .සමරරත්න අභියෝගතා කුසලානය පිරිනැමීමට විධි විධාන යොදා ඇත.
තරග කොන්දේසි සහ අයැදුම් පත්‍ර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලෙන් විමසීමෙන් හෝwww.npasslanka.org වෙබ් අඩවි යට පිවිසීමෙන් බා ගත හැකි.ය තැපෑලෙන් ගෙන්වා ගැනීමට "16වැනි ජාත්‍යන්තර ජායාරූප ප්‍රදර්ශණය " අංක 51,බ්‍රැන්ඩිය වත්ත, වැල්ලම්පිටිය යන ලිපිනයට ඔබගේ ලිපිනය ලියූ 9 x 4 ප්‍රමාණයේ ලියුම් කවරයක් එවීමෙන් ගෙන්වා ගත හැක.