Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
මිස් ශ‍්‍රී ලංකා mini pagent

මිස් ශ‍්‍රී ලංකා mini pagent සංදර්ශණය පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වණු ලැබීය. මේ සඳහා විවිධ ආරාධිත අමුත්තන් මෙන්ම කලා ක්‍ෂෙත‍්‍රයේ සහ විලාසිතා ක්‍ෂෙත‍්‍රයේ පිරිස්ද සහභාගී විය. සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග, ජීවන් කුමාරතුංග, නදීකා ගුණසේකර, සචිනි අයේන්ද්‍රා, මයිකල් විජේසූරිය, අතුල මහවලගේ, ප‍්‍රීති රන්දෙණිය සහ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලා කරුවන් රැසක් මීට සහභාගී විය. මේ එම උත්සව අවස්ථාවට පැමිණි පිරිසේ ජායාරූපයි.

ජායාරූප අනුග‍්‍රහය ලබාදුන් සාගර ලක්මාල් ද මෙල් සහෘදයාට මිරර් ආර්ට්ස් හි ස්තුතිය.
ජායාරූප අනුග‍්‍රහය- සාගර ලක්මාල් ද මෙල්

ජාත්‍යන්තර ජායාරූප ප‍්‍රදර්ශණය ට අයැදුම් පත් එවන්න

ශ‍්‍රී ලංකා ජාතික ජායාරූප කලා සංගමය සංවිධානය කරණ 16වැනි ජාත්‍යන්තර ජායාරූප ප‍්‍රදර්ශණය අගෝස්තු මස 1/2/3යන දිනවල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

තරුෂිගේ දෙවැන්න විවෘතවේ

රංගනශිල්පිණියක් සහ රූපලාවන්‍ය ශිල්පිණියක් වන තරුෂි පෙරේරාගේ නවතම රූපලාවන්‍යාගාරය නාවින්න ආර්පිකෝ මධ්‍යස්ථානයේදී කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සුබ මොහොතින් ජුනි 17 වන දින උදැසන විවෘත විය. මෙම රුපලාවන්‍යාගාරයේදී සහන මිළකට සිය රූපලාවන්‍ය කටයුතු කරගැනීමට තරුෂි පහසුකම් සළසා ඇත. ඇයගේ රූපලාවන්‍යාගාරය විවෘත කිරීමේ ජායාරූප පහතින් බලන්න .

ජායාරූප -හර්ෂණී පෙරේරා

"ලෙස්ටර් සුමිත‍්‍රා ගීත සැදෑව"

"ලෙස්ටර් සුමිත‍්‍රා සිනමා ගීතය" මැයෙන් වූ ආචාර්ය ලෙස්ටර්- සුමිත‍්‍රා සිනමා නිර්මාණයන්හි ගීතය පිලිබඳ විශේෂ වැඩ සටහනක් සෙනසුරාදා සවස 5.00 ට කොළඹ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ කමිටු කාමර B හිදී පැවැත්විණි. මෙය සංවිධානය කොට තිබුනේ ලෙස්ටර් ජේම්ස් පිරිස් සහ සුමිත‍්‍රා පීරිස් පදනම මගිණි. මෙහි ප‍්‍රධාන දේශණය කරණු ලැබුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිණි. මෙම විශේෂ සැදෑව සඳහා ප‍්‍රධාන ආරාධිතයින් ලෙස ප‍්‍රංශ තානාපතිණිය සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කමාරණතුංග ඇතුළු දේශපාලන නියෝජිතයින්ද කලා කරුවන්ද සම්භාවණිය ආරාධිතයින් ද පැමිණ සිටියහ. මේ එම අවස්ථාවේ ගන්නා ලද ජායාරූපයි .

ජායාරූප-හර්ෂණී පෙරේරා

"නිකිණි වැස්සේ" මංගල දර්ශණය දා

අරුණ ජයවර්ධනගේ ප‍්‍රථම සිනමා නිර්මාණය "නිකිණි වැස්ස" රීගල් ඇතුළු සිනමා හල් රැසක තිරගත වෙ. "නිකිණි වැස්සේ" මංගල දර්ශණය පසුගිය දා කොළඹ රීගල් සිනමා හලේදී එහි රගපෑ නළු නිළියන් ඇතුළු සම්භාවණීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණී. එම මංගල දර්ශණ ය දා ගත් ජායාරූප පහතින් බලන්න . 

ජායාරූප- හර්ෂණී

Page 1 of 5
Body
Background Color
Text Color
Background Image