Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Tuesday, 25 June 2013 06:38

වසර 25කට පසු "සුපර් ස්ටාර්ස්"යළි වේදිකාවේ

Rate this item
(0 votes)
වසර 25කට පසු "සුපර් ස්ටාර්ස්"යළි වේදිකාවේ

සරත් ද අල්විස් අපේ රටේ ප්‍රබල, ප්‍රකට සංගීතවේදියෙකි. ශ්‍රී ලංකාවේ දැනට සිටින අංක එකේ ඕගන් වාදකයා සරත් ද අල්විස්ය. දසක හතරක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයට මේ නිහඬ මිනිසාගෙන් සිදුවූ සේවය අමරණීය වෙයි. ඉතා මිහිරි ගී තනු රැසක් ගීත ක්‍ෂේත්‍රයට තිළිණ කර ඇති සරත් ද අල්විස් නවීන ගායක ගායිකා පරම්පරාවේද හිතෛෂී මිතුරෙකි.

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රබල මං සලකුණු තැබූ අර්නස්ට් සොයිසා ප්‍රමුඛ, සුපර් ස්ටාර්ස්, සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු වූ සරත් ද අල්විස් තම මුල්ම ගී තනුව නිර්මාණය කළේ සංගීත කලාවේ දැවැන්තයකු වූ දයාරත්න රණතුංග සූරීන්ටය. මංගල, මධු සමය පතා...., ගීතය ඒ රසාලිප්ත තනුවයි.

පණ්ඩිත් අමරදේවයන් ගයන, කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසින් හදාල, නිරෝෂා විරාජිනීගේ, සඳරාජිනී, සුනිල් එදිරිසිංහ ගයන, රන් සමනලයෝ... පුංචි කැකුළියෝ...., විශාරද එඩ්වඩ් ජයකොඩි ගයන, සමනලයා මල හා ළමයා, සමිතා එරන්දතී මුදුන්කොටුව ගයන, රණ හංස යුවළ, කීර්ති පැස්කුවල් ගයන, සඳලතා පායලා, චරිතා ප්‍රියදර්ශනී ගයන, සෙනෙහසේ නවාතැනේ, මායා දමයන්ති ගයන, පුර හඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ, ආදී රස ගී තනු සරත් ද අල්විස්ගේ සූරකම් මොනවට විදහා පායි. 

මේ දක්ෂ සංගීතවේදියාගේ සංගීත දිවි මං තලාවේ හතළිස් පස් වසරක සේවය අගයමින්, සරත් සර වින්දන, මියුරු සර උපහාර උළෙල ජූලි මස 06 දින සවස නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.

වසර 25කට පසු අර්නස්ට් සොයිසා, සරත් ද අල්විස්, මහින්ද සිල්වා, උපාලි කන්නන්ගර, ඇන්තනි මෙන්ඩිස්, ජෝර්ජ් ද සිල්වා, මොරිස් ද සිල්වා ප්‍රමුඛ, සුපර් ස්ටාර්, වාදක මණ්ඩලය මෙදින ප්‍රසංගයේ මුල් අඩ හෝරාව වෙනුවෙන් වාද්‍ය භාණ්ඩ යළි අතට ගැනීම සංගීත රසිකයන්ට අමතක නොවන අත්දැකීමක්, වින්දනයක් ගෙන දෙනු ඇත.

සරත් ද අල්විස් මිහිරි තනු නිර්මාණ කර දුන් පණ්ඩිත් අමරදේවයන්ගේ සිට නවීන පරපුරේ සුරේන්ද්‍ර පෙරේරා, සංඛ දිනෙත් දක්වා පරපුර කිහිපයක ගායක ගායිකාවෝ 35 දෙනකු, සරත් සර වින්දන, රස ගැන්වීමට නියමිතය.

සරත් සර වින්දන, නැරැඹීමට පැමිණෙන සියලු ප්‍රේක්ෂක රසවතුනට සරත් ද අල්විස් නිර්මාණය කළ ගීත 175ක් අඩංගු සංයුක්ත තැටියක් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව සරත් ද අල්විස්ගේ චිත්‍රපට ගීත 25ක ජවනිකා ඇතුළත් ඩී.වී.ඩී තැටියක්ද නොමිලේ ලබා දීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.
සරත් සර වින්දන ප්‍රසංගයේ නර්තන වින්‍යාසය ප්‍රකට නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ සහ නර්තනී ශිල්පිනී ප්‍රදීපා ආරියවංශගෙනි. පුරෝකථනය කැළුම් ශ්‍රී මාල්ගෙනි.

Read 720 times
Body
Background Color
Text Color
Background Image