Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Saturday, 25 May 2013 04:17

ස.නි.ධ.ප. විදෙස් සංචාර රැසක

Rate this item
(0 votes)
ස.නි.ධ.ප. විදෙස් සංචාර රැසක

ස.නි.ධ.ප.සංගීත කණ්ඩායමෙන් සංගීත් ඉවත්වීමෙන් අනතුරුව යම්කිසි පසුබෑමකට ලක්වුවද මේ වනවිට ඔවුන් යළිත් ප‍්‍රසංග වේදිකාවේ ශක්තිමත් වෙමින් සිටී. එපමණක් ද නොව මෙම මැයි මස අගදී රටවල් ගණනාවක පැවැත්වෙන ප්‍රසංග මාලාවක් සඳහා සහභාගී වීමට ද ස.නි.ධ.ප. සූදානම්වේ . එය සංගීත් නොමැතිව යන කණ්ඩායමේ පළමු විදේශ සංචාරයයි.

ස.නි.ධ.ප. සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක නොයෙල් රාජ් ගේ අදහස්වලින් කිහිපයකි මේ .

මේ දවස්වල සංගීත කණ්ඩායම හරිම කාර්යබහුලයි. ප්‍රසංගවලින් කිසිම අඩුවක් නැහැ.රසික රසිකාවන් ආයෙත් අප හා එක්වෙලා කියලා දැනෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ සංචාරය.
ජුලි 07 වැනිදා වෙනකම් ඕස්ට්‍රියාව, ප්‍රංශය, ඉතාලිය,ජර්මනිය,ස්විට්සර්ලන්තය,අයර්ලන්තය ආදී රටවල් රැසක ස.නි.ධ..ප ප්‍රසංග පවත්වනවා.ආත්මා ලියනගේ විතරයි ගායකයකු විදියට සහභාගී වන්නේ. මේක තමයි සංගීත් අයින් වෙලා ගියාට පස්සේ අපේ පළමු විදෙස් සංචාරය.

දැන් අපි ඔක්කොමලා නායකයො වගෙයි කටයුතු කරන්නේ.තම තමන්ගේ රාජකාරිය හරියට කරනවා.ඉදිරියටත් එහෙමම සිද්ධ වේවි.
සංගීත කණ්ඩායමකට අවශ්‍ය හොඳ කළමනාකරුවෙක් මණයි.සංගීතයේ දි නායකයො නැහැ.

සනිධප හැටියට අපි පුථවන් තරම් ස්ව නිර්මාණ කළාග මමත්,අපේ කණ්ඩායමේ අනෙක් ගායකයින් වන නිලංග, ප්‍රසංග තිසේරා, සංජු ගැයූ ගීත ඉතාම ජනප්‍රිය වුණා. මගෙ ' දුක වැඩි තරමට' 'ළං වෙලා සිතින්’ ප්‍රසංගගේ'මගෙ නොවන ආදරය’ නිලංගගේ 'සඳ කින්නරාවි’ වගේ ඉන් කිහිපයක් සජීවී ප්‍රසංගවලදී මිනිස්සු ඉල්ලනවා. ඇත්තටම කිව්වොත් ඒ ගීත සංගීත කණ්ඩායමේ ගීත හැටියටයි අප පිළි ගන්නේ. ඒවා වලින් ස.නි.ධ.ප. ඉදිරියටම ආවා.

පරිසරය ගැන නිර්මාණය වුණු "මිහිළිය" ගීතය අමුතුම වෙනසකුත් එක්ක යම් පණිවුඩයක් දෙන්න අපි ඉදිරිපත් කළා. ජගත් පෙරේරා ගීතය ලිව්වා.සංගීතය අපේ.එහි වීඩියෝව මේ දිනවල ප්ලේ වෙනවා. අපේ කොස්ටියුම් එහෙම පරිසරයේ ස්වාභාවික දෑ වලින් නිර්මාණය කළේ. ලක්ෂ හතරක් විතර වැඩේට වියදම් වුණා. අපේ ප්‍රසංගයක් ආරම්භ කරන්නේ එම ගීතයෙන්. මෙම ගීතය රු ගත කරද්දි අපි ට විවිධාකර අත්දැකීම් විඳගන්න හැකි වුණා .

ඉංගිරියේ අත හැරදා තිබූ රබර් කර්මාන්ත ශාලාවකයි මෙය රූගත කළේ.අප එතනට ගියාට පසුවයි දන්නේ ඒ හරියේ සෑහෙන්න සර්පයෝ ඉන්නවා කියලා.අවට කිහිපදෙනෙකුත් ඒක අපට දැන්වුවා.වාසනාවට රූගත කිරීම අවසන් වනතුරු ගැරඩි පැටියෙක්වත් ඇහැට දැක්කේ නැහැ.ඒත් අපි එනකම්ම බය වෙලා උන්නේ.

අපේ කණ්ඩායමේ සංයුතිය වන්නේ මම සහ නිලංග නිත්‍ය ගායකයන්. බේස් ගිටාර් - අජිත් ගමගේ.රිදම් - ගිටාර් සංජු පෙරේරා.ලීඩ් ගිටාර් - ශාන් ඩයස්.ඔක්ටර් පෑඩ් - අජිත් ගමගේ.ඩම්ස් - ප්‍රසංග තිසේරා.කීබෝඩ් - චන්දන ජයතිලක.

0777745754 කියන මේ අංකය අපේ ශාන්ගේ. ඔහු හරහා කණ්ඩායමේ ඕන අයකුව සම්බන්ධ කර ගන්න පුළුවන්

Read 696 times
Body
Background Color
Text Color
Background Image