Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
සරත්ද අල්විස්ට උපහාර පිදුනදා

ප‍්‍රවීන සංගීතඥ සරත් ද අල්විස් උපහාර උළෙලක් ඉකුත් 06 වැනිදා නෙළුම් පොකුණේදි පැවැත් වුණා. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ඔහුගේ පුත් සුරංග ද අල්විස් විසිනුයි.

වසර 25කට පසු "සුපර් ස්ටාර්ස්"යළි වේදිකාවේ

සරත් ද අල්විස් අපේ රටේ ප්‍රබල, ප්‍රකට සංගීතවේදියෙකි. ශ්‍රී ලංකාවේ දැනට සිටින අංක එකේ ඕගන් වාදකයා සරත් ද අල්විස්ය. දසක හතරක් තිස්සේ ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයට මේ නිහඬ මිනිසාගෙන් සිදුවූ සේවය අමරණීය වෙයි. ඉතා මිහිරි ගී තනු රැසක් ගීත ක්‍ෂේත්‍රයට තිළිණ කර ඇති සරත් ද අල්විස් නවීන ගායක ගායිකා පරම්පරාවේද හිතෛෂී මිතුරෙකි.

'සරත් වික්‍රම ලයිව් ඉන් කොන්සර්ට්' 25 දා

දශක හතරක් පුරා සිංහල - දෙමළ සංගීත නිර්මාණයේ යෙදුණු සරත් වික්‍රම,තම ගමනට අත හිත දුන් සගයන් වෙනුවෙන් ඇගැයිමේ උලෙළක් සංවිධානය කර තිබේ.

නන්දා මාලනී කැනඩා සංචාරයක

නන්දා මාලනිය සංගීත ප‍්‍රසංග කිහිපයක් සඳහා ලන්ඩන් සහ කැනඩාව බලා පිටත්ව යෑමට නියමිතය. ඇය සමග සංගීත අධ්‍යක්‍ෂණ සඳහා රෝහණ වීරසිංහ ,සුරේෂ් මාලියද්ද ,මහේන්ද්‍ර පැස්කුවල් ,ධනන්ජය සෝමසිරි සහභාගී වීමට නියමිතය. මෙම ප‍්‍රසංගය ජූලනි මස 14වන දින කැල්ගරි නගරයේත්, ජූනි මස 15වන දින මැනිටෝබා නගරයේත්, ජූනි 16වන දින වැන්කුවර් නගරයේදී ත්, ජූනි 23දින මොන්ට‍්‍රියල් නගරයේදීත් පැවැත්වීමට නියමිතය. මෙම ප‍්‍රසංග සංවිධානය කරණු ලබන්නේ වොයිස් ඔෆ් ලංකා එෆ් එම් ලංකා සේවය භාරව ක‍්‍රියා කරණ රංජිත් වික‍්‍රමසිංහ විසිණි. මෙම ප‍්‍රසංග මාලාවෙන් පසු නන්දා මාලනිය ඇතුළු පිරිස එංගලන්තයේ දී ජූනි 30වන දින එංගලන්තයේ ලෝගන් ශාලවේදී ගී අමා නමින් ප‍්‍රසංගයක් පැවැත්වීමට නියමිතය මේ සඳහා වික්ටර් රත්නායකද සහභාගී වනු ඇත.

ස.නි.ධ.ප. විදෙස් සංචාර රැසක

ස.නි.ධ.ප.සංගීත කණ්ඩායමෙන් සංගීත් ඉවත්වීමෙන් අනතුරුව යම්කිසි පසුබෑමකට ලක්වුවද මේ වනවිට ඔවුන් යළිත් ප‍්‍රසංග වේදිකාවේ ශක්තිමත් වෙමින් සිටී. එපමණක් ද නොව මෙම මැයි මස අගදී රටවල් ගණනාවක පැවැත්වෙන ප්‍රසංග මාලාවක් සඳහා සහභාගී වීමට ද ස.නි.ධ.ප. සූදානම්වේ . එය සංගීත් නොමැතිව යන කණ්ඩායමේ පළමු විදේශ සංචාරයයි.

"ස්වරංග" මැයි 31
Tuesday, 21 May 2013 15:28

"ස්වරංග" මැයි 31

කෙළඹ ලින්ඞ්සේ බාලිකාවේ ශිෂ්‍යාවන් විසින් සංවිධානය කරනු ලබන "ස්වරංග" විචිත‍්‍රවත් සංගීත රාත‍්‍රිය මැයි මස 31දින සවස 6.30 ට මහරගම තරුණ සේවා සභාවේදී ජනප‍්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙම "ස්වරංග" සංගීත ප‍්‍රසංගය සඳහා නිරෝෂා විරාජිනි, හේෂාන් ගමගේ, ශිහාන් මිහිරංග රොමේෂ් ලක්‍ෂාන් සහභාගි වෙති මෙම ප‍්‍රසංගයේ ප‍්‍රවේශපත‍්‍ර මිළ2000, 1500, 1000 ,750 ප‍්‍රවේශපත‍්‍ර ලින්ඞ්සේ බාලිකා විද්‍යාලයෙන් සහ එදින රගහලෙන් ලබා ගත හැක .

වික්ටර්- නන්දා ලන්ඩනයේ ගී ගයයි

මෙරට වෙසෙන ශ‍්‍රී ලාංකියන්ට නැති යම් අවස්ථා සහ උවමනාකම් රට ගිය ඇත්තන්ට තිබේ . මෙරට සිනමා ලෝලීන්ට දැක ගන්නට නොහැකි අපේ රටේ නිර්මාණකරුවන්ගේ චිත‍්‍රපටි දකින්නට එතෙර සිටින ශ‍්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබේ .විමුක්ති ජයසුන්දරගේ, සත්‍යජිත් මාඉටිපේගේ ,සමන් පුෂ්පකුමාරගේ, සහ මේ වනවිට ප‍්‍රසන්නගේ නිර්මාණයත් මේ වනතුරු මෙරට සිනමා ලෝලීන්ට දැක ගැනීමට හැකිවී නැත. එමෙන්ම ගායනා ක්‍ෂෙත‍්‍රය තුළ වුවද මෙරට සංවිධායකයින් ලාභ ඉපැයීමට හැකි සංගීත ප‍්‍රසංගයන් සංවිධානය කරණු විනා උසස් රසවින්දනයක්, පහන් රසවින්දනයක් උදෙසා සංගීත ප‍්‍රසංග පවත්වනු ලබන්නේ කලාතුරකිණි. නන්දා මාලනී ගේ "ශ්වේත රාත‍්‍රිය", සිරසේ ගුණාත්මක බව වර්ධන ය උදෙසා සංවිධානය කළ නිසා නන්දා මාලිනීගේ පැරණි පේ‍්‍රම ගීත නැවත අසන්නට ලැබිණි. වික්ටර්රත්නායක" ස" ප‍්‍රසංගය සිය දහස්වාරයක් වේදිකා ගතකොට නවතා දැමීය. මේ දෙදෙනාගේ ගීතවළ ට අදටත් මේ සමාජයේ රසික ප‍්‍රජාව දක්වන්නේ ඉමහත් අභිරුචියකි. පසුගිය දිනක අමරදේව ලොස්ඇන්ජලීස් නුවර සංගීත ප‍්‍රසංගයකට සහබාගී විය. අමරදේව ගේ මෙරට සංගීත ප‍්‍රසංගයක් පවත්වන්නට කිසිවකු ඉදිරිපත් නොවනවාද, නොමැතිනම් අමරදේව මෙරට සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට අකමැතිද යන්න නොදනී.

මිල්ටන් මල්ලවආරච්චි ගීතාවලිය 17දා

මිල්ටන් මල්ලවආරච්චි උපහාර ගීතාවලියක් මෙම මස 17වන දින රාත‍්‍රී 10.30ට සිරස ටීවී ඔස්සේ විකාශය වේ. ගීත ගායනයෙන් ඇන්ජලීන් ගුණතිලක, ඉන්ද්‍රානී පෙරේරා, රනිල් මලල්වආරච්චි මෙම උපහාර ගීතාවළියේ ගීත ගායනා කරණු ඇත. මිල්ටන් මල්ලවආරච්චිගේ සදා අමරණීය ගීත රැසක් මෙම උපහාර ගීතාවළියට ඇතුළත්ය ,මිල්ටන් මල්ලවආරච්චිගේ රසික ජනතාවට ඔහුගේ ගීත නැවත රසවිඳීමට හැකිවනු ඇත.

"සොඳුරු අතීතය"මැයි 11

මාලනී ජයරත්න ප්‍රවීණ ගායන ශිල්පි ටී.එම්.ජයරත්නගේ ආදරණීය බිරිය. ටී.එම්.ගේ සෞන්දර්ය චාරිකාව නැවුම් ඉසව්වකට හරවමින් ගී පද රචනා ගණනාවක් ම ටී.එම්. ට නිර්මාණය කර දුන් මාලනී ලියූ ගීතයක මුල් පද සිහිගන්වමින් සිය ඒකපුද්ගල ගී ප්‍රසංගය වනි"සොඳුරු අතීතය" ගෙන එන්නට මේ දිනවල ටී.එම්. සූදානම් වෙමින් සිටියි.

"ගැලි ඕන්" සංගීත උළෙල 27, 28 ගාලූමුවදොර දී

සිනමා උළෙලවල් , වේදිකා නාට්‍ය උළෙලවල් ආදී වශයෙන් දකින්නට, නැරඹීමට යාම ලාංකේය අපට ආගන්තුක නොවුනත්, සංගීත උළෙලවල් නරඹීමට යාම තරමක් ආගන්තුක වනවාට සැකයක් නැහැ. සංගීත සංදර්ශණ සහ උලෙල යනු අර්ථ දෙකක්. මියුසිකල් ෂෝ සහ මියුසික් ෆෙස්ටිවල් කියන අර්ථයෙන් ගත්තහම එය පහසුවෙන් අර්ථ ගන්වා ගත හැකියි.

Page 1 of 8
Body
Background Color
Text Color
Background Image