Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Thursday, 11 July 2013 13:16

ජෝන් ද සිල්වා රඟහල විනාසයි

Rate this item
(0 votes)
ජෝන් ද සිල්වා රඟහල විනාසයි

ජෝන් ද සිල්වා සමරු රඟහල කඩා ඉවත් කරන්නේ නැති බව ඇමතිවරයා පැවසුවත් එය කඩා ඉවත්කිරීමට අදාල පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවත්, එය කඩා ඉවත් කිරීමක් හෝ නවීකරණය කිරීමක් සිදුවන්නේ නම් එය වගකිව යුතු කලාකරුවන්ගෙන් සැදුම්ලත් අධීක්‍ෂණ මණ්ඩලයක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලෙසත් සඳහන් කරමින් සමාජවාදී කලා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ,

එම සංගමයේ පේ‍්‍රමරත්න තෙන්නකෝන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ‍එම නිවේදනය පහත පළ වේ.

"ලාංකේය නාට්‍යවේදීන් හා චිත‍්‍ර කලා ශිල්පීන් ප‍්‍රමුඛ ජනතාවට අයිති ඉපැරණි වටිනාකමකින් යුතු ජාතික කලා භවන සහ ජෝන් ද සිල්වා සමරු රඟහල කිසිදු සැලැස්මකින් තොරව කඩා ඉවත් කිරීමේ සූදානමක් පවතින බව සමාජවාදී කලා සංගමය ලෙස අප විසින් මීට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රටට හෙළිදරවු කරන ලදී.ජූනි මස අවසානයේ කඩා ඉවත් කිරීමට සැලසුම් කර තිබූ ජෝන් ද සිල්වා සමරු රඟහල කලාකරුවන්ගේ දැඩි විරෝධය නිසා තාවකාලිකව හකුලා දැමූ අතර මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප‍්‍රචාරයක් බවත් ඒ වෙනුවට එය පුළුල් කර නවීකරණය කරන බවත්ය.

කෙසේ වුවද මෑත කාලීන සිදුවීම් අනුව අපට පෙනී යන්නේ කිසිදු ලෙසකට වාචික ප‍්‍රකාශ පිළිගත නොහැකි බවයි. ඒ නිසා අප අවධාරණය කරන්නේ මීට පෙර සඳහන් කළ පරිදිම ජෝන් ද සිල්වා සමරු රඟහල හා කලා භවන පරිශ‍්‍රය කඩා ඉවත් කිරීමක් හෝ නවීකරණය කිරීමක් සිදුවන්නේ නම් එය වගකිව යුතු කලාකරුවන්ගෙන් සැදුම්ලත් අධීක්‍ෂණ මණ්ඩලයක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලෙසයි.එසේ නොමැතිව ඇමතිවරයාගේ හෝ අදාල නිළධාරීන්ගේ ඒක පාර්ශවීය අභිමතය පරිදි වගකීම් විරහිතව සිදු කරන කඩා ඉවත් කිරීමේ හෝ නවීකරණය කිරීමේ වුවමනාවෙන් සිදු කරන ක‍්‍රියාවලියට සමාජවාදී කලා සංගමය ලෙස අපගේ බලවත් විරෝධය පළකර සිටිමු.

Read 162 times
Body
Background Color
Text Color
Background Image