Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Tuesday, 09 July 2013 05:36

දේශපාලන පක්‍ෂ රූපවාහිනි සංස්ථාවට හාර කෝටියක් ණයයි

Rate this item
(0 votes)
දේශපාලන පක්‍ෂ රූපවාහිනි සංස්ථාවට හාර කෝටියක් ණයයි

විවිධ දේශපාලන පක්‍ෂ තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් රූපවාහිනි සංස්ථාවේ ගුවන් කාලය වෙනුවෙන් අය විය යුතු රුපියල් හාර කෝටි විසි හය ලක්‍ෂ හතළිස් නවදහස් පන්සිය අසූ හයක් (4,26,49,586) ලබා ගැනීමට සංස්ථාව ක්‍රියාකර නැතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තාකර තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට රූපවාහිනි සංස්ථාවේ ගිණුම පිළිබඳ විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති ගිණුම් වාර්තාවේ ඒ තොරතුරු දක්වා තිබේ.

පසුගිය මැතිවරණ කාලවලදී විවිධ දේශපාලන පක්‍ෂ සංස්ථාවේ ගුවන් කාලය යොදා ගැනීමෙන් සංස්ථාවට මේ මුදල් අයවිය යුතුව ඇති බවට මෙයට පෙරද පාර්ලිමේන්තු කාරක සභාවට වාර්තා කළ බවද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ දක්වා තිබේ.

දේශපාලන පක්‍ෂ සංස්ථාවට මුදල් ගෙවීම ප්‍රමාද කර ඇති බවද මේ මුදල ගෙවිය යුතු දේශපාලන පක්‍ෂවල නම් වාර්තාවේ ඇතුළත් බවද මේ සම්බන්ධයෙන් එම පක්‍ෂ ක්‍රියාමාර්ග ගත යුතු බවද ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබේ.

මේ පිළිබද රූපවාහිනියේ මූල්‍ය අංශයේ නිළධාරියෙකු පවසා සිටියේ රෑපවාහිනී සංස්ථාවය දේශපාලන පක්ෂ ණයයි ලෙස පැවසූවස ඉන් බහුතරයක්ම ආණ්ඩු පක්ෂය සහ ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ගේ නියෝග මත ඔවුන්ගේ සහයක පක්ෂ වෙත ලබාදුන් ගුවන් කාලය බවයි.

කෙසේ වෙතත් මෙලෙස නිළ ලෙස ආණ්ඩු පක්ෂය විසින් අයවිය යුතු මුදල් වලට අමතරව රජයේ මාධ්‍ය ජනතාවට තොරතුරු සපයනවා කියා කරන්නේ ආණ්ඩුවේ ප්‍රචාරක වැඩක් බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.

Read 171 times
Body
Background Color
Text Color
Background Image