Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Monday, 08 July 2013 03:38

මනමේ කුමාරයා සටන අතහරී

Rate this item
(0 votes)
මනමේ කුමාරයා සටන අතහරී

ධර්මසිරි බණ්ඩාරනායක ගෙ "ධවල භීෂණ" වේදිකා නාට්‍ය නෙළුම් පොකුණෙ වේදිකා ගති කීරීම සම්බන්ධව බොහෝ අය තුළ විවිධ කතා සහ අදහස් හුවමාරුවුණා පමණක් නෙමේ ඊමේල පවා නිර්නාමිකව තැනින් තැන ගියා. මේ නිර්නාමික ඊමේල අතර මනමේ කුමාරයා විසින් එවන ලද ඊමේලය සහ ධර්මසිරි විසින් ඔහුට තමා හමුවීමට පැමිණෙන ලෙස දන්වා යැවූ පිළිතුරු ඊමේලයද මිරර් ආර්ට්ස් හි පළකරණු ලැබූවා. ධර්මසිරි බණ්ඩාරණායක ඔහුට ආරාධනා කර තිබුනේ "ධවල භීෂණ" ප‍්‍රදර්ශණයට පෙර එනම් පසුගිය 29වන දින ඔහුගේ ති‍්‍රකෝන් මධ්‍යස්ථානයට පැමිණ තමාව මුණගැසී මේ පිළිබඳව විවෘතව කතා කිරීමට පැමිණෙන ලෙසයි. නමුත් මේ මනමේ කුමාරයා ධර්මසිරි බණ්ඩාරනායක මුණගැසීමට පැත්ත පළාතේ නොගියා පමණක් නොව ඊට පිළිතුක් පවා එවා නොතිබූ බව මිරර් ආර්ට්ස් වෙත දැනගැනීමට හැකි වුණා. "ධවල භීෂණ" නෙළුම් පොකුණේ 30වන දින වේදිකා ගත කොට තිබුණා. එහිදී දැනගන්නට ලැබුණ පරිදි හොඳ පේ‍්‍රක්‍ෂක සහභාගීත්වයක් තිබී ඇත.

"ධවල භීෂණ" නෙළුම් පොකුණෙ හි රග දැක්වූ පමණින් තම ප‍්‍රතිපත්ති හෝ තම දේශපාලනය මුදලට හෝ අවස්ථාවාදී දේශපාලනයට පාවා නොදෙන බව ධර්මසිරි ප‍්‍රකාශ කොට තිබුණ බවද දැනගන්නට ලැබුණා. යම් කිසි නිර්මාණකරුවෙකු ගේ නිර්මාණයක් ජාතික රගහලක ප‍්‍රදර්ශණය කිරීමෙන් ඔහු හෝ ඇය විසින් දරණ දේශපාලනමය සහ සමාජ ප‍්‍රතිපත්ති වෙනස් වේයැයි තීරණය කිරීම හෝ විනිශ්චය කිරීම සුදුසුද යන්න නැවත විමසා බැලිය යුතුය. නෙළුම් පොකුණ ග‍්‍රන්ථය වෙනුවෙන් ධර්මසිරි සිය අදහස් ප‍්‍රකාශ කොට තිබී ඇත්තේ ආනන්ද කුමාරස්වාමි නම ගලවා දමන්නට බොහෝ කාලයකට පෙරය. එමෙන්ම ඊට පසු ඔහු ඒ පිළිබඳව සිය විරෝධය ද දක්වා තිබිණ. එවන් වටපිටාවත "ධවල භීෂණ" නෙළුම්පොකුණේ පෙන්වන්නට ආරාධනා කිරීම වෙනස් කාරණයකි. ධර්මසිරි ගේ "ධවල භීෂණ" වේදිකා නාට්‍යයේ එකඳු කොටසක් හෝ කප්පාදු නොකර වේදිකා ගත කිරීමට හැකි වීම ද යහපතකි. වඩාත් වැදගත්වන්නේ ධර්මසිරිගේ වේදිකා නාට්‍යයක් නෙළුම් පොකුණේ රග දැක්වීම නොවේ. ධර්මසිරිලා කුමන කට්ටක් හෝ කමින් තම ප‍්‍රතිපත්තිවල ම සිටිමන් නිර්මාණ කරණයේ තවදුරටත් ශක‍්‍රීයව සිටීමයි. ධර්මසිරි ලා මෙගා ටෙලි නාට්‍ය හෝ ලාභදායි ලෙස මුදල් ඉපැයිය හැකි චිත‍්‍රපට හෝ නොකර, ලාභ ඉපැයිය හැකි වේදිකා නාට්‍ය නොකර යහපත් සංවාදයන් ගොඩ නගමින් නිහඩව කරගෙන යන අරගලය වටී.

සබැඳි පුවත්
http://mirrorarts.lk/news/latestnews/item/1595-

http://mirrorarts.lk/news/stage-drama/item/1608-

Read 291 times
Body
Background Color
Text Color
Background Image