INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555751146','414719','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555751146','415156','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') භාතිය සන්තුෂ් ඇත්ත හෙළි කරයි ......
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Saturday, 06 April 2013 05:38

භාතිය සන්තුෂ් ඇත්ත හෙළි කරයි ......

Rate this item
(2 votes)
භාතිය සන්තුෂ් ඇත්ත හෙළි කරයි ......

දෙරණ සංගීත වීඩියෝ සම්මානරාත‍්‍රිය 5වන වරටත් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස්හිදි පැවැත්විය. මෙම රාත‍්‍රිය අතිශය උනුසුම් බවක් ගෙන ආවේ ඉරාජ් සම්මාන ලබාගැනීමට වේදිකාවට ප‍්‍රවිශ්ඨ වීමත් සමගය. ඔහු සම්මාන ලබාගන්නට වේදිකාවට පිවිස සම්මාන ලබාගැනීමෙන් අනතුරුව සිය අදහස් දැක්වීමේදී ප‍්‍ර‍්‍රකාශ කලේ" සිය නිර්මාණ තුළින් මෙරට සමාජයේ ඇති යම් යම් විෂමතාවන් සංගීත කලාව ඔස්සේ එලිදැක්වීමට කටයුතු කරන බවත්, මෙවර තමන් ඉදිරිපත් කලේ පිටරට ගොස් දුක්විදින කාන්තාවන් සම්බන්ධව බවයි"

යළිත් වතාවක් ඔහු සම්මාන සදහා වේදිකාවට පැමිනි විටෙක ප‍්‍රකාශ කළේ "ලංකාවේ සංගීත වීඩියෝ කලාව සහ සංගීත කලාව විශාල අර්බූදකාරී වාතාවරණයකට මුහුන පාමින් සිටින බවත්, ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා වළින් ගායකයන්ගෙන් තමන්ගේ මියුසික් වීඩියෝව ප‍්‍රචාරය කරගැනීමට මුදල් ඉල්ලා සිටින බවත්, බොහෝ වේලාවට මෙය ඉතාම සංකීර්ණ අවස්ථාවක් දක්වා පැමිණ තිබෙන බැවින් සියලු සංගීත කරුවන් එකතුව මේ සම්බන්ධව සංවිධාන ගතව යම් පිළිතුරක් සෙවීමට කාලය එලැඹ ඇති බවත් ය".

මේ සමගම නිරන්තරයෙන් වේදිකාවට එකතුවූ සමහර අය විශේෂ ප‍්‍රකාශ නිකුත් කරමින් තම "තමන්ගේ ගීත මුදල් ගෙවා ප‍්‍රචාරය කර නොගත් " බව පැවසීය. මේ අතර ශසිකා නිසංසලා වෙනුවෙන් නිරෝෂා විරාජිනීද පැවසුවේ ශසිකාගේ මියුසික් වීඩියෝව ද මුදල් ගෙවා ප‍්‍රචාරය කරන ලද්දක් නොවන බවයි. මේ අය වරින් වර එසේ ප‍්‍රකාශ කරනු ලැබීමත් සමග වැඩ සටහන ඉදිරිපත් කළ සාරංග දිසාසේකර විරාමයකින් අනතුරුව පැමිණ ප‍්‍රකාශ කලේ දෙරණ ටෙලිවිෂනයෙන් හෝ ගුවන් විදුලියෙන් කිසිම අවස්ථාවක මුදල් ගෙවා කිසිම ගායක ගායිකාවකගේ ගීත ප‍්‍රචාරණය නොකරණ බව කළමනාකරණ සහ පාලන අදිකාරිය විසින් දැනුම් දී ඇති බවයි.

මෙහි සුවිශේෂීම කාරණය වූයේ මේ වනවිට ලංකාවේ රූපවාහිනී මාධය තුළ ඇතිව ඇති කොල්ලකාරී වාතාවරනය යම්තාක් දුරට හෙලි වීමයි. ලංකාවේ බහුතරයක් FMමේ නාලිකා සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා සහ රජයේ නාලිකා ද ඇතුලුව ටෙලි නාට්‍ය විකාශනය සඳහාත් ගීත ප‍්‍රචාරණය කර ගැනීම සඳහාත් අල්ලස් ලබාදිය යුතු බවප‍්‍රසිද්ධ රහසකි .මේවා ඔප්පුකිරීම සදහා සාක්ෂි ඕනෑ තරම් ඇති වුවත්, මේ සම්බන්ධව කෙළින් කතා කිරීමට කිසිවකු මැදිහත් නොවන්නේ තමන්ට ඇති අවස්ථාව නැතිවේය යන දෙගිඩියාව නිසාය,
දෙරණ සංගීත සම්මාන උළෙල වඩාත් උනුසුම් වූයේ ඉරාජ් විසින් මතු කරණ ලද කාරණය වරින් වර වේදිකාවට පිවිසි සම්මාන ලාභින් විසින් අනුමත කිරීමත් සමගය.

එමෙන්ම මෙහි වඩාත් ප‍්‍රභල කාරණය වූයේ භාතිය හා සන්තුෂ් සදහා ලබාදුන් විශේෂ සම්මාන ය සදහා ඔවුන් වේදිකාවට පැමිණ සිය අදහස් දැක්වීමේදි කරණ ලද කතාව නිසාය. එය මෙරට තරුණ පරපුරේ කලාකරුවන් දෙපලක් විසින් කරන ලද ඵෞතිහාසික අදහස් දැක්වීමක් බවට අනිවාර්යයෙන්ම පත්වනු නිසැකය. සන්තුෂ් එහි ආරම්භය ගනිමින් ප‍්‍රකාශ කළේ " සමාජ, ආර්තික ,දේශපාලනික වශයෙන් රට තුළ ප‍්‍රශ්න ඇති බවත්, රටක් සංවර්ධනය තුළ කලාව සෞන්දර්යය යන කාරනා අවතක්සේරුකිරීම සහ නොසලකා හැරීම යහපත් නොව බවත්, මානුෂිකත්වය ,මානව හිතවාදය යන කාරණා සමාජය තුළින් තුරන් වීම ත්, මේ යන ක‍්‍රමය තුළ සිදුවෙමින් යන්නේ මේ සෞන්දර්යය කලාව විනාශ වීමක් කරා බවත් පැවසීය. එමෙන්ම සිනමා කලාව ,ටෙලිවිෂන් කලාව සහ සංගීත කලාව වෙනුවෙන් මේවා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතු බවත්" ප‍්‍රකාශ කළේය.

අනතුරුව භාතිය ප‍්‍රකාශ කළේ "කලා ක්ෂේත්‍රයට අඳුරු යුගයක් උදාවී ඇති බවත් ,නිර්මාණ කරුවන් සූරා කැමකට ලක් ව ඇති බවත්, නිවසකින් යමක් හොරකම් කරන්න පැමිණෙන හොරෙකු ප‍්‍රථමයෙන්ම නිවසේ සිටිනා සුනඛයන්ට මස්කටු විසිකර ඔවුන්ව අල්ලා ගෙන ඉන්පසු තමන්ට රිසි සේ හොරකම් කරන බවත්, මේ පවතින්නේ එවන් ආකාරයේ ක‍්‍රමවේදයක් බවත්" ප‍්‍රකාශ කළේය .

මේ අවස්ථාවේ ඉදිරි පෙළ අසුන්ගෙන කම්මුලෙහි අත ගසාගෙන ජැක්සන් ඇන්තනී මහතා නිහඩව බලා සිටියේය .

ලක්ස් හා දෙරණ සමග එකතුව පැවැත්වූ මෙම සම්මාන උළෙලෙහි හොඳම සංගීත වීඩියෝ අධ්‍යක්ෂක සහහා සම්මාන ලබාදීමට වේදිකාවට සිනමා අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකු පැමිණීම විහේෂත්වයක් වූ අතර සෝමරත්න දිසානායක, සුදත් මහදිවුල්වැව, ප‍්‍රසන්න ජයකොඩි ,අනුරුද්ධ ජයසිංහ, චන්න පෙරේරා වූහ . මේ අතරින් ප්‍රතමයෙන් අදහස් දැක්වූ සෝමරත්න දිසානායක පැවසුවේ "තමන් මෙම සම්මාන රාත‍්‍රියට පැමිණියේ ප‍්‍රමාදව බවත්, මෙහි පැමිණි විට තමන් ප‍්‍රමාද වී පැමිණීම ගැන කනගාටු නෙවන බවත්, එසේ ප‍්‍රකාශ කිරීම සම්බන්ධව අමනාප නොවෙන ලෙසත්, මෙම සම්මාන තරගය ලබන වසරේත් පවත්වනු ලබන්නේ මේ ආකාරයෙන්නම් කරුණාකර තමාටඅනතආරාධනා නොකරණ ලෙසත් "ප‍්‍රකාශ කළ අතර සුදත් මහදිවුල්වැව ප‍්‍ර‍්‍රකාශ කළේ "තමන් තරුණයන්ගේ මේ ජවයට කැමති බවයි'. අනතුරුව අදහස් දැක්වු ප්‍රසන්න ජයකොඩි පැවසුවේ "මෙහි යම් යම් කාරණා සම්බන්ධව ගැටළු ඇති බවත්, තරුණයන්ගේ මේ මැදිහත්වීම සම්බන්ධව ගැටලුවක් නැතිවුවත්, ගුණාත්මක පැවැත්මක් ඇති විය යුතු බවත්ය, චන්න පෙරේරා පැවුසවේ "තරුණයන්ගේ මෙවන් නිර්මාණ අගය කරණ බවත් යහපත් දේ වෙනුවෙන් සටන් කළයුතු බවත්ය.

මේ ප‍්‍රකාශ සියල්ල මෙම මියුසික් වීඩියෝ සම්මාන උළෙල පිලිබද යම් ඉගියක් පලකළ බවක් පෙනෙන්නට තිබූ අතර ජැක්සන් ඇන්තනී මේ සියල්ලටම පෙර විනිසුරු මඩුල්ලේ අයෙකු ලෙසින් ප‍්‍ර‍්‍රකාශයක් කරමින් කියා සිටියේ "විනිසුරුවරුන්ට නිර්මාණ තෝරා ගැනීමේදී අසීරු අවස්ථා දෙකකට මුහුන පාන්නට සිදුවන බවත්, ඉන් එක් අවස්ථාවක් වනුයේ 'ඉතා උසස් මට්ටමේ නිර්මාණ රැසක් අතුරින් හොද නිර්මාණ තෝරා ගැනීම අපහසු බවත්, අනෙක් කරුණ 'ඉතා අවම මට්ටමේ නිර්මාණ රැසක් අතුරින් හොද සම්මාන දීම සදහා නිර්මාන තෝරාගැනීම අසීරු බවත්ය . අනතුරුව ඔහු ප‍්‍රකාශ කලේ ලබන වසරේදී මේවාට වඩා හොද නිර්මාණ ඉදිරිපත් කරන්නට කියාය.

දිලීප අබේසේකර විනිසරුවරයෙකු ලෙස නොව පෞද්ගලිකව සිය අදහස් දක්වමින් මේ ප‍්‍රකාශය කරන බව පවසා පැවසුවේ 'මේ නිර්මාණ තුළ ඇති ගුණාත්මක බාවය පිළිබදව තමන්ට යම් ගැටලු කාරී බවක් ඇති බවත් ,මේ නිර්මාණ තුළ ගීතය අමතක කොට රූපයට පමණක් මූලිකත්වය දී ඇතිදැයි ඔහුට සැකයක් පවතින බවත්ය .

මේ සියලු අදහස් සහ වරින් වර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන් සම්මානය දීම සදහා වේදිකාවට පැමිණි දෙරණ සභාපති වරයා පැවසූවේ "රාත‍්‍රි දොළහ පසුව ඇතත් තමන් යම් අදහස් දැක්වීමක් කළයුතු බවයි .ඒ අනුව ලක්සිරි මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ "තම ආයතනය සංගීතය කර්මාන්තයක් සේ සළකන බවත්, සිනමාවද කර්මාන්තයක් බවත් ,නමුත් රටේ මෙය කර්මනාත්තයක් සේ නොසළකා කටයුතු කරන බවත් ,මේ සියල්ලන් තුළම මුදල් සම්බන්ධ කාරණා බවත්, පැල්කවි, පාරු කවි වැනි ජන කලාවන් තුළම එල්බගෙන නොසිට ලංකාව තුළ ලෝකය තිබෙනවා නොව, ලෝකය තුළ ලංකාව පිහිටා ඇති බව සළකන බවත්, භාතිය සන්තුෂ් වැනි අය මේ පැල්කවිය ජන ගීය ලෝකයට තමන්ගේ අනන්‍යතාව තබාගෙන රැුගෙන ගොස් ඇති බවත්, මේ සංගීත සිනමා කර්මාන්ත අයිතිවිය යුත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට නොව කර්මාන්ත අමාත්‍යාංශයට බවත් ,එය විහිලුවකට පවසනවා නොව එය ඒ ආකාරයෙන් සිදුවිය යුතු බව තමා විශ්වාස කරන බවත්, මෙය ජනමාධය අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධව කරණ ප‍්‍ර‍්‍රකාශයක් නොවන අතර, තමන්ගේ ලයිසන් එක නැතිවෙනවාය සිතා තමා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හොද පවසනවා නොවේ යැයිද ,ඔවුන් ඉතා හොදින් ඔවුන්ගේ කටයුතු කරගෙන යන බවත්" පැවසීය.

දෙරණ ලක්ස් සංගීත වීඩියෝ සම්මාන උළෙල විවිධ අදහස් සහ මතවාද කළ එලි බැසි සම්මාන රාත‍්‍රියක් වූ අතර ඒ සියල්ල තුළ සරලවම පෙනෙන්නට තිබූ කාරණය වූයේ ලංකාවේ සමස්ථ කලාවන් මුහුන පා ඇති අර්භුදයත් , ලංකාවේ ජනමාධ්‍ය ආයතන සියල්ල හැසිරෙන ආකාරයත්ය.

" කලාකරුවන් ට දේශපාලකයන්ට වඩා ජනතාව වෙනුවෙන් යමක් කළ හැකි බව තමන් පිළිගන්නා බව" පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලී වේදිකාවට පැමිණි එක් මෙහොතකදී ප්‍රකාශ කළේය. මේ බව කලාකරුවන් තේරුම් ගෙන සිටීම යහපත් වවද ඔවුනගේ නිහඩතාව යහපත් නෙවනු ඇත. තරුණ කලාකරුවන්ට මෙලෙස සිය අදහස් ප‍්‍රකාශ කිරීම සදහා කොන්දක් තිබීම සම්බන්ධව මෙරට කලාකාමී ජනතාව ඔවුන් අගය කරනු ඇත.

Read 41370 times
Body
Background Color
Text Color
Background Image