Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
ජෝන් ද සිල්වා රඟහල විනාසයි

ජෝන් ද සිල්වා සමරු රඟහල කඩා ඉවත් කරන්නේ නැති බව ඇමතිවරයා පැවසුවත් එය කඩා ඉවත්කිරීමට අදාල පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවත්, එය කඩා ඉවත් කිරීමක් හෝ නවීකරණය කිරීමක් සිදුවන්නේ නම් එය වගකිව යුතු කලාකරුවන්ගෙන් සැදුම්ලත් අධීක්‍ෂණ මණ්ඩලයක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලෙසත් සඳහන් කරමින් සමාජවාදී කලා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ,

මාලිනී,  අශෝක සේරසිංහ ට 'බැහැ' කියයි
මාලිනී ෆොන්සේකා ට අශෝක  සේරසිංහට වඩා බලයක් තිබේ. අශෝක සේරසිංහට වඩා රේණුකා බාලසූරියට බලයක් තිබේ. මේ බල දෙක අතර ට ඔහු මැදිවන්නේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙසය.  මාලිනි මෙවර සරසවිය පුවත්පතට ප‍්‍රකාශ කර ඇති කාරණය ඉතාමත් සැළකිල්ලෙන් විමසා බැලිය යුතුය .
'ඉරේෂා අසන්කි' මිස් ශ‍්‍රී ලංකාවෙයි

මෙම මස 09වනදින රාත‍්‍රියේ කෙළඹ හිල්ටන් හෝටලයේදී උත්සවා කාරයෙන් පැවැත්වූ මිස් ශ‍්‍රී ලංකා අවසන් තරගයෙන් ජයග‍්‍රහණය කිරීමට ඉරේෂා අසන්කි සමත්විය.

දේශපාලන පක්‍ෂ රූපවාහිනි සංස්ථාවට හාර කෝටියක් ණයයි

විවිධ දේශපාලන පක්‍ෂ තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් රූපවාහිනි සංස්ථාවේ ගුවන් කාලය වෙනුවෙන් අය විය යුතු රුපියල් හාර කෝටි විසි හය ලක්‍ෂ හතළිස් නවදහස් පන්සිය අසූ හයක් (4,26,49,586) ලබා ගැනීමට සංස්ථාව ක්‍රියාකර නැතැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තාකර තිබේ.

මනමේ කුමාරයා සටන අතහරී

ධර්මසිරි බණ්ඩාරනායක ගෙ "ධවල භීෂණ" වේදිකා නාට්‍ය නෙළුම් පොකුණෙ වේදිකා ගති කීරීම සම්බන්ධව බොහෝ අය තුළ විවිධ කතා සහ අදහස් හුවමාරුවුණා පමණක් නෙමේ ඊමේල පවා නිර්නාමිකව තැනින් තැන ගියා. මේ නිර්නාමික ඊමේල අතර මනමේ කුමාරයා විසින් එවන ලද ඊමේලය සහ ධර්මසිරි විසින් ඔහුට තමා හමුවීමට පැමිණෙන ලෙස දන්වා යැවූ පිළිතුරු ඊමේලයද මිරර් ආර්ට්ස් හි පළකරණු ලැබූවා. ධර්මසිරි බණ්ඩාරණායක ඔහුට ආරාධනා කර තිබුනේ "ධවල භීෂණ" ප‍්‍රදර්ශණයට පෙර එනම් පසුගිය 29වන දින ඔහුගේ ති‍්‍රකෝන් මධ්‍යස්ථානයට පැමිණ තමාව මුණගැසී මේ පිළිබඳව විවෘතව කතා කිරීමට පැමිණෙන ලෙසයි. නමුත් මේ මනමේ කුමාරයා ධර්මසිරි බණ්ඩාරනායක මුණගැසීමට පැත්ත පළාතේ නොගියා පමණක් නොව ඊට පිළිතුක් පවා එවා නොතිබූ බව මිරර් ආර්ට්ස් වෙත දැනගැනීමට හැකි වුණා. "ධවල භීෂණ" නෙළුම් පොකුණේ 30වන දින වේදිකා ගත කොට තිබුණා. එහිදී දැනගන්නට ලැබුණ පරිදි හොඳ පේ‍්‍රක්‍ෂක සහභාගීත්වයක් තිබී ඇත.

ජානකීට ඩෙංගු කේස් එකක්

60 -70 වේ දශකවල තාරකාවන් ගැන අපට අහන්න ලැබෙන්නෙ ඉඳල හිටලා. හැත්තෑව දශකයේ ජනප්‍රිය තාරකාවියක වන ජානකී කුරුකුලසූරිය ගැනත් මෑත කාලයේදී අහන්න ලැබුණෙම නෑ. එහෙම එකේ ඔන්න අපි ජානකී ගැන උණුසුම පුවතක් කියන්නම්. හැබැයි මේක ඩෙංගු කේස් එකක්.

"ස්වර්ණ පුස්තකයට" නවකතා දොළහක්

2013 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා මේ වනවිට පාදක මණ්ඩලය මගින් නවකතා 12ක් තෝරාගෙන ඇති අතර එම නවකතා මෙසේය.

'අත අතනෑර'- සුමිත‍්‍රා රාහුබද්ධ, 'සෙංකොට්ටං'- මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල, 'එකළොස් ගිනි' -ටෙනිසන් පෙරේරා, 'මාගම්සෝළිය'- මොහාන් රාජ් මඩවල, 'බොල්පොළවට නිල් අහස'- රංජිත් ධර්මකීර්ති ,'වාලූකා'- ශාන්ති දිසානායක, 'කන්දෙ වීදිය' - කපිල කුමාර කාලිංග, 'මහ නගරය' -කන්දේගම කුලරත්න, 'පර්ජන්‍යා'- සුසන්ත මහඋල්පත, 'තැප්පාසේම ගිනි'- සමරවීර විජේසිංහ, 'ප්රේත වස්තුව'- සේපාලි මායාදුන්න, 'කාලසර්ප'- කීර්ති වැලිසර.

සේමිණී රන් .එෆ්. එම්. එකට නඩු  දමයි
Mirroarts-ජනප‍්‍රිය නිළි සේමිණී  ඉද්දමල්ගොඩ  සහ ජනප‍්‍රිය නිළි දමිතා අබේරත්න අතර වූ අර්භූදය දිග්ගැසීම මේ වනවිට නතර ව තිබෙන්නේ නීතිය හමුවට යාමෙනි. දමිතා අබේරත්න විසින්, සේමිනී ඉද්දමල්ගොඩ ට  රන්. එෆ්. එම් නාලිකාවෙන් අපහාසාත්මකව කළ  ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් හේතුවෙන්  සේමිණී ඉද්දමල්ගොඩ විසින් තමාට  අපහාසය ක් සිදුව ඇතැයි යන කාරණය පදනම් කරගෙන  තමාට ඉන්  සිදුවූ හානිය  ට   දමිතා අබේරත්නගෙන් වන්දි ඉල්ලා දමිතාට එරෙහිව පැමිණිලි කර තිබූ පැමිණිල්ල ජූලි මස 02වන දින  අලූත්කඬේ උසාවියේදී  විභාග කිරීම ආරම්භ විය.
සර්වබළධාරී අනුහසින් "නිකිණි වැස්ස" ගැලවෙයි

අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්‍ෂණය කරණ ලද "නිකිණි වැස්ස" කලාත්මක සිනමා නිර්මාණය කාලයකට පසු මෙරට සිනමා රසිකයින්ගේ අවධානයට සහ ආකර්ශණයට ලක්වූ සිනමා නිර්මාණයකි. විචාරකයෝ පවා "නිකිණි වැස්ස" සම්බන්ධව යහපත් අදහස් දක්වමින් සිටිති. මෙම සිනමා නිර්මාණය ජූලි මස 07වන දින සිට රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවල ප‍්‍රදර්ශණය ආරම්භ වූ අතර මේ වනවිට එය කලාත්මක සිනමා නිර්මාණයක් පසුගිය කාලයේ ලබාගත් ආදායම් ඉක්මවා යමින් ආදායම් උපයමින් සිටී. මේ වනවිට සිනමා පේ‍්‍රක්‍ෂකයන්ද "නිකිණි වැස්ස' නැරඹීමට උනන්දු වෙමින් සිටින බවද දැන ගන්නට ඇත."නිකිණි වැස්ස" සිනමා ශාලාවක තිබිය යුතු සම්ප‍්‍රවර්තන සංඛ්‍යාව(Hold over figure) තිබිය දී සුනිල්. ටී. ප‍්‍රනාන්දු ට අයත් දළුගම කන්ට‍්‍රාස්ට් සිනමා ශාලවේ ප‍්‍රදර්ශණය වෙමින් තිබූ නිකිණි වැස්ස චිත‍්‍රපටය ගලවා මේ දිනවල ප‍්‍රදර්ශණය කෙරෙණ වෙනත් චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශණය කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ගෙන් ඇසූ විට පවසා සිටියේ 30වන ඉරිදා සිට සිය "නිකිණි වැස්ස" චිත‍්‍රපටය කන්ට‍්‍රාස්ට් දළුගම සිනමා ශාලවෙන් ගලවා වෙනත් සිනමා නිර්මාණ්‍යක් ජූලි මස 1වන දින සිට ආරම්භ කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අරුණ මිරර් ආර්ට්ස් වෙත පැවසුවේ සාමාන්‍යයෙන් චිත‍්‍රපටයක් දෛනික ආදායම් නැතිනම් ගලවා දමන්නට ශාලාහිමියාට හැකි වුනත් නිකිණි වැස්ස ගලවන විට සිනමා ශාලාවක් සම්ප‍්‍රවර්තන ආදායම තිබිය යුතු ප‍්‍රමාණයේ තිබූ බව තමාට දැන ගන්නට ලැබුණු බවයි. 30 වනදින සවස 2.30 දර්ශණයේ ආදායම රුපියල් 24,000ක් වී තිබිණ. ජාතික චිත‍්‍රපට සංස්ථාවට ම් සම්බන්ධව අරුණ ජයවර්ධන ජූලි මස 1වන දින උදෑසන 10.30 ට පමණ සිය නිර්මාණයට සිදුවූ අසාධාරණය පිළිබඳ ලිඛිතව දැණුම් දී තිබේ. එම ලිපිය සංස්ථා සභාපතිවරයාගේ ලේකම්වරිය විසින් සංස්ථා සභාපතිවරයාට ලබා දී ඇති බව දැන ගැනීමෙන් අනතුරුව මිරර් ආර්ට්ස් මේ සම්බන්ධයෙන් සභාපති අශෝක සේරසිංහ මහතාගෙන් විමසීමක් කළේය.

මැන්ඩෙලා වෙනුවෙන් ලෝකයම යාතිකා කරති

නෙල්සන් මැන්ඩෙලා රෝගාතුරව සිටින බැවින් ලෝකයේ බොහෝ සංවේදී මිනිසුන් මේ ජනහිතකාමී නායකයාට සිය හදවතින්ම සුවපත් බව ප‍්‍රාර්ථනා කරති. නෙල්සන් මැන්ඩෙලා සිය දකුනු අප‍්‍රිකානූ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ජනතාවාදී නාකයෙකි. මැන්ඩෙලාට ආදරය කරණ සුවහසක් ජනතාව අතින් ලියන ලද පණිවුඩ සහිත පුවර,බැනර්, මල්කළඹවල් වලින් සහ සිය සදාදරණීය නායකයා වෙනුවෙන් ඉටිපන්දම් දල්වා යාතිකා කරමින් ප්‍රෙටෝරියා රෝහල අවට රැස්වී සිටිති .

Page 1 of 13
Body
Background Color
Text Color
Background Image