Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Monday, 08 July 2013 11:38

Home Alone හි "කොළු පැටියා" ලෙඩෙක්

Rate this item
(1 Vote)
Home Alone හි "කොළු පැටියා" ලෙඩෙක්

Home Alone චිත‍්‍රපට මාලාව නොබලපූ ශ‍්‍රී ලාංකික දරුවෙකු, පේ‍්‍රක්‍ෂකයකු නැති තරම්. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රග පෑ දගකාරයාට ආදරේ නොකරපු කෙනෙක් නැති තරම්. තැනට සුදුසු නුවන පාවිච්චි කරලා තමන්ට අටවන උගුලෙන් බේරී, අනිත් අයව ඒ උගුලට හසුකර ,දෙමව්පියන් ගෙදර ට එනකම් මේ පුංචි කොළුපැටියා පේ‍්‍රක්‍ෂක පිරිස රස සාගරයක ගිල්වන්නට සමත් වුණා.


ජනප‍්‍රියත්වයේ හිනි පෙත්තටම නැගි මේ පුංචි නළුවා අද 32 හැවිරිදි අයෙක්. ඒත් ඔහුගේ ජීවිතය ඉතාම ඛේද ජනක තත්ත්වයකට ඇද වැටිලා. ජනප‍්‍රියත්වය පසුපස සියළු වසංගත පැමිණෙන බවට හොඳම උදාහරණයක් තමා මේ නළුවගෙ ජීවිතය. ඔහු අමෙරිකාණු ජාතික මැකියුලේ කල්කින්. 1980 අගෝස්තු 26 ඉපැදිලා තියෙන්නෙ. නමුත් මේ වනවිට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් ඔහුගෙ මුළු ජීවිතයම නාස්ති වෙලා, රෝගියෙක් බවටත් පත්වෙලා.

කිසිදු ඥාතියෙකු, හිතවතෙකු නොමැතිව හිස හැරුණු හැරුණු අතර ඇවිදිමින් සිටින මැකියුලේ පසුගිය වසරේ ගත කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රෝගියෙකු ලෙසයි.මත්ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි ලෙස රෝගී වූ ඔහු කෙසේ හෝ තම ජීවිතය බේරා ගත්තා.

ඔහුගේ සොහොයුරිය ජෙනිෆර් ඇඩම්සන් ද මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වීමෙන්ම තම ජීවිතය නැතිකර ගත්තා. ඇය මියගියේ 2000 වසරේදීයි.මැකියුලේ තවමත් ගත කරන්නේ දුක්බර ජීවිතයක්. අලුත්ම ආරංචිවලට අනුව ඔහු දැන් පෙනහලු පිළිකාවකින් පෙළෙන බවයි පැවසෙන්නේ. ඊට හේතුව ඔහුගේ දුම්පානයයි.මැකියුලේ දිනකට සිගරට් 60 ක් පමණ පානය කරන බවයි තතු දන්නා අය පවසන්නේ.මේ වන විට ඔහු නිව්යෝක් නුවර සමාජ ශාලාවක ඩී. ජේ. කෙනෙකු ලෙස රැකියාවක් කරනවාලු.

Image Gallery

{gallery}1639{/gallery}
Read 609 times
Body
Background Color
Text Color
Background Image