66 හැවිරිදි මෙම සුපිරි තරුවගේ ජීවිතයේ වසර 6 සිට 10 දක්වා කාලය නිරුපණය කළ හැකි ආත්ම විශ්වාසයකින් සහ පියානෝව වාදනයෙහි දක්ෂ කොල්ලකු මේ සඳහා සොයමින් සිටින බව වාර්ථාවේ. එල්ටන් ජෝන් ළමා කළ අතිශය ලැජ්ජාශීලි දරුවෙකුව සිට ඇති අතර ඔහු රෝයල් ඇකඩමියෙන් සංගීතය හදාරා ජනතාව ඉදිරියේ පියානෝව වාදනය කර ඇත්තේ තරුණ වයසේදීය. ඔහු රොක් ඇන්ඞ් රෝල් ගායකයෙකු ලෙස එල්ටන් ජෝන් නමින් ලොව ප්රසිද්ධ විය. ඔහු ලෝකයේ සිටින විශිෂ්ඨ ගනයේ ගායකයෙක් සහ පියානෝ වාදකයෙකි. ඔහු ට එංගලන්තය විසින් සර් යන නම්බු නාමය පවා දී ඇත්තේ ඔහු ගේ මෙම අනර්ඝ දක්ෂතාව නිසාමය. මෙම චිත්රපටය ඉතා ආකර්ශණීය සිනමා නිර්මාණයක් වනු ඇත.