Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Saturday, 29 June 2013 05:06

සිරි පැරකුම්ට පසු "සමනළ සංධ්වනිය"

Rate this item
(0 votes)
සිරි පැරකුම්ට පසු "සමනළ සංධ්වනිය"

දැන් තිරගත වන සිරි පැරකුම් චිත්‍රපටයට පසු ඊ.ඒ.පී.මණ්‌ඩලයේ සිනමාහල් වල තිරගත වීමට නියමිතව ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ස"මනළ සංධ්වනිය" චිත්‍රපටයයි. රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ, පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ"සමනළ සංධ්වනිය" වෙනස්‌ම ආරක කතා පුවතක්‌ රැගත් සංගීතමය චිත්‍රපටයකි,

යශෝධා විමලධර්ම,උද්ධික ප්‍රේමරත්න, චතුරිකා පීරිස්‌, පුබුදු චතුරංග, දමිතා අබේරත්න,රොජර් සෙනෙවිරත්න,බුද්ධදාස විතානාරච්චි,විල්සන් ගුණරත්න, දිමුතු චින්තක,රෙබෙකා නිල්මිණි,රොෂාන් පිලපිටිය, චංචලා වර්ණසූරිය,තිස්‌ස ගුණතිලක, ජයතිස්‌ස අතුලසිරි සමග හඳුන්වා දෙන සූර්යා දයාරුවන්,බුද්ධිනී පූර්ණිමා චරිත නිරූපණයේ යෙදෙන මෙහි කැමරා අධ්‍යක්‌ෂණය රුවන් කොස්‌තා ගෙනි, සංගීතය දර්ශන රුවන් දිසානායකය,රවීන්ද්‍ර ගුරුගේ සංස්‌කරණය කර ඇති අතර ගායනය අමරසිරි පීරිස්‌,ඉන්දික රුවන් සහ ශම්මිකා අමාලි ගෙනි. සහාය අධ්‍යක්‍ෂණය නිමල් ෆ‍්‍රැරැන්සිස්‌ සහ සරත් සේනාරත්න ගෙනි.වේෂ නිරූපණය වසන්ත විට්‌ටච්චිය.කේෂාලංකරණය ලලිත් ධර්මවර්ධනයග සිනමාස්‌කෝප් ප්‍රමාණයෙන් සහ ඩී.ටී.එස්‌.ශබ්ද තාක්‌ෂණයෙන් යුතුව නිර්මාණය වී ඇති සමනල සංවනියෙහි සහාය සංස්‌කරණය අජිත් රාමනායක වන අතර ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චිය.

Read 492 times
Body
Background Color
Text Color
Background Image