Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
"A Common Man" සම්මාන 3කින් පිදුම් ලබයි

මැඩ්රීඩි සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වශයෙන් " A Common Man" චිත්‍රපටය සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ.

"විමුක්ති ජයසුන්දර" සිනමා උළෙල

ශ‍්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මගින් සංවිධානය කරණු ලබන අන්තර්ජාතික සම්මාන ලාභී සිනමා අධ්‍යක්‍ෂ විමුක්ති ජයසුන්දරගේ චිත‍්‍රපට උළෙලක් මෙම මස 23 වන දින දවස පුරා ශ‍්‍රී ලංකා පදනමේ ශ‍්‍රවණාගාරයේදී නොමිලේ ප‍්‍රදර්ශණය කෙරේ .

ජූලි හතයි මුහුරත් උළෙල 07 වැනිදා

චරිත් අබේසිංහ 'ජූලියා' චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයාය. ඔහු කාලයක් ලන්ඩනයේ සිට මේ වනවිට නැවත ලංකාවට පැමිණ සිටී. ජූලියා චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසු චරිත් යම් කාලයක්ම නිහඩව සිට නැවත සිනමා නිෂ්පාදනය ට යොමුව සිටී.මෙවර ඔහු නිෂ්පාදනය කිරීමට සූදානම් වන්නේ "ජුලි හතයි" ලෙසට නම් කොට ඇති එය හාස්‍යෝත්පාදක චිත්‍රපටයකි.එහි මුහුරත් උළෙල මෙම ජූලි මස 07 වැනිදා බොරැල්ල, නාමෙල් මාලනී පුංචි තියෙටර්හිදී පැවැත්වීමට නියමිතය.

"අන්දුන් කුන්දුන්" වැඩ අරඹයි

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන "අන්දුන් කුන්දුන්" චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දින කඩුවෙල උණසෙවන හෝටලයේදී චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති කුමාර් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිර්මාණයට දායක වන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සිරි පැරකුම්ට පසු "සමනළ සංධ්වනිය"

දැන් තිරගත වන සිරි පැරකුම් චිත්‍රපටයට පසු ඊ.ඒ.පී.මණ්‌ඩලයේ සිනමාහල් වල තිරගත වීමට නියමිතව ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ස"මනළ සංධ්වනිය" චිත්‍රපටයයි. රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ, පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ"සමනළ සංධ්වනිය" වෙනස්‌ම ආරක කතා පුවතක්‌ රැගත් සංගීතමය චිත්‍රපටයකි,

අර්ජුන කමලනාත් ගෙ දැගලිල්ල

අර්ජුන කමලනාත් සිනමාවට ප‍්‍රවිශ්ට වන්නේ වාණිජ සිනමාව මිය යමින් තිබූ මෙහොතකය. එහෙයින් අර්ජුන ට සිදුවන්නේ කෙසේහෝ චිත‍්‍රපට තමන්විසින්ම නිෂ්පාදනය කරගනිමින් ඒවායෙහි ප‍්‍රධාන චරිත රග පෑමටය. වානිජ සිනමාව විනාශ වීම පටන් ගත්තේ ද හින්දි ,දෙමළ චිත‍්‍රපට කොපිකර, පැරණි ජනප‍්‍රිය ගීත යොදා ගැනීමට යාමෙන් පේ‍්‍රක්‍ෂකයන් විසින් එම නිර්මාණ ප‍්‍රතික්ෂේප කිරීම නිසාය. ලංකාවට හින්දි සහ දමිළ චිත‍්‍රපට ගෙන්වා ප‍්‍රදර්ශණය කිරීම සහ ඩී.වී.ඩී. පට ලංකාව පුරා පහසුවෙන් මිළදී ගැනීමට හැකිවීම නිසා ද ලංකාවෙ නිර්මාණය කෙරුණ කොපි චිත‍්‍රපට නැරඹීමට පේ‍්‍රක්‍ෂකයන් අතහැර දැමීය. අනෙකුත් ආර්ථික දේශපාලනමය කාරණා සමග මෙම ප‍්‍රතික්ෂේප වීම තුළින් වාණිජ සිනමාව අකර්මණ්‍යවෙද්දී අර්ජුන ලා තමන් විසින්ම නිෂ්පාදනය කරගනිමින්, අධ්‍යක්‍ෂණය කරගනිමින් ප‍්‍රධාන චරිත රගපාමින් සිනමා ක්‍ෂෙත‍්‍රය තුළ රැදී සිටී.

"ප්‍රමෝදය සහ සත්‍ය" 24 වැනිදා සිට 30 වැනිදා දක්වා....

ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වූ ජර්මානු ජාතික වර්නර් හර්සොග්ගේ සියලුම වාර්තා චිත්‍රපට ඇතුලත් සිනමා දැක්මක් "ප්‍රමෝදය සහ සත්‍ය" 24 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදි තිරගත කෙරේ.

කෙටි චිත‍්‍රපට තරගයක්

බර්නඩීන් සිල්වා අනුස්මරණ කෙටි චිත‍්‍රපට තරගය සඳහා කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රය මගින් මේ දිනවල අයැදුම් පත් කැඳවයි. මේ සඳහා නිර්මාණය කළයුතු කෙටි චිත‍්‍රපටයේ තේමාව වන්නේ 'ස්ත‍්‍රීන්ගේ ශක්තියයි. මේ මාතෘකාව ඔස්සේ විනාඩි පහක උපරිමයක් වූ කෙටි චිත‍්‍රපට මෙම තරගය සඳහා ඉදිරිපත් කළ හැකිය. 

සිරිපැරකුම් රජ ගමන අරඹයි

රේණුකා බාලසූරිය නිෂ්පාදනය කරණ ලද සෝමරත්නදිසානායක අධ්‍යක්‍ෂණය කරණු ලැබූ "සිරි පැරකුම්" පසුගිය මස 30වන දින සිට ලංකාව පුරා සිනමා හල් 51ක තිරගතවීම ආරම්භ කරණ ලදී. එහි මංගල දර්ශණය පැවැත්වූවේ කොල්ලූපිටිය ලිබර්ටි සිනමා හලේදීය. එම රජ ගමනේ මංගල දැක්ම සඳහා කලාකරුවන් ඇතුලූ එහි රගපැ රංගණ ශිල්පීන්, ශිල්පිනියන් ඇතුළු සම්භාවණීය අමුත්තන් රැසක් සහභාගී වූහ. මේ එම මංගල දර්ශණය ප‍්‍රදර්ශණය අවස්ථාවේ ගන්නා ලද ජායාරූපයි. 

ජායාරූප- හර්ෂණී පෙරේරා

"බොරඳිය පොකුණ" ට ඉහළ ප‍්‍රතිචාර

මෙරට පේ‍්‍රක්‍ෂකයන්ට නරඹන්නට තවමත් අවස්ථාවක් නොලද සත්‍යජිත් මාඩටිපේගේ ප‍්‍රථම සිනමා නිර්මාණය වූ "බොරදිය පොකුණ" පසුගිය18දින සහ 25දින දින ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ප‍්‍රදර්ශණය කෙරිණි. මේ සඳහා ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්හි වෙසෙන ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉහළ ප‍්‍රතිචාරයක් ලැබී තිබේ. මෙම චිත‍්‍රපටය 2001 වසරේදී චිත‍්‍රපට සංස්ථා ණය සහන පදනම යටතේ නිෂ්පාදන කෙරුණක් වන අතර මෙය මනෝ නානායක්කාර නිෂ්පාදනයක් ලෙසින් නුදුරේම ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් වෙනුවෙන් ප‍්‍රදර්ශණය වීමටද නියමිතය.

Page 1 of 13
Body
Background Color
Text Color
Background Image