Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Thursday, 11 July 2013 13:17

'රන් දිවයින’ ගී සරණිය 12දා එළිදැක්වෙයි

Rate this item
(0 votes)
'රන් දිවයින’ ගී සරණිය 12දා එළිදැක්වෙයි

නිරංජලා සරෝජිනී සහ අබේවර්ධණ බාලසූරිය යනු ලාංකේය ගායන ක්‍ෂෙත‍්‍රයේ සිටි දක්‍ෂ සහ අපූර්ව ගීත රැසක් සිය සහෘදයනට ඉතිරි කරන ලද ගායක දෙපලකි. අබේ නිරංජලා යුවළ කලකට පෙර ගැයූ දේශාභිමානි ගී සරණිය 'රන් දිවයින’ නමින් 12 සවස 4.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එය එළි දැක්වේ. නිරංජලා අබේවර්ධන මෙලොවින් සමුගත් දා සිට සිය ගායන ජීවිතයට ද ආයුබෝවන් කිව්වෙ සැමියාගේ වියෝවෙන් පසු ගී නොගැයීමට ගත් තීරණයත් සමගය.

'රන් දිවයින’ ගී එකතුවේ විශේෂත්වයක් තිබෙන බව නිරංජලා පවසයි. දේශභිමාන ගීත දහසයක් ඇතුළත් සංගත තැටියක් තනිව හෝ ගායක ගායිකා යුවළක් විසින් මෙතෙක් එළි දක්වා නැතිබවත්, මේ එවැනි කටයුත්තක් කෙරෙන මුල්ම වතාව බවත්, 2008 වසරේ 60 වැනි නිදහස් වජ්‍ර ජයන්තිය වෙනුවෙන් අබේවර්ධන බාලසූරිය සමග එක්ව මේ ගීත එකතුව එළි දක්වන්න ට සූදානම් ව සිටි බවත්, නමුත් ඔහු අසනීප වීමත් සමග එය කිරීමට නොහැකිවූ බවත් ඇය පැවසීය.

"රන් දිවයින" ගීත එකතුවේ වැඩිම ගීත ප්‍රමාණයක් රචනා කොට ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නය.සංගීත නිර්මාණයෙන් වැඩි දායකත්වය ලබා දී ඇත්තේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ය. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, පේ‍්‍රමකීර්ති ද අල්විස්, ලූෂන් බුලත්සිංහල,නිලාර් එන්.කාසිම්, මෛත්‍රී පනාගොඩ,'රන් දිවයින’ට ගී පද සංකල්පනාවන්ගෙන් දායක වූ සෙසු පිරිසය. ගී තනු හා සංගීත නිර්මාණයෙන් වික්ටර් හා සනත්ට අමතරව නැසීගිය ප්‍රවීණ සංගීතඥ ලයනල් අල්ගම, සෝමපාල රත්නායක,නවරත්න ගමගේ,එච්. එම්. ජයවර්ධන මීට දායක වී තිබේ.

Read 138 times
Body
Background Color
Text Color
Background Image