Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Sunday, 30 June 2013 16:11

"සිංහල නාට්‍ය කලාවේ යුගපුරුෂයෝ" දමිළ බසින්

Rate this item
(0 votes)
"සිංහල නාට්‍ය කලාවේ යුගපුරුෂයෝ" දමිළ බසින්

සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍ය කලාකරුවන් 12 දෙනෙක් පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලයේ භාෂා අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සාමිනාදන් විමල් සහ ප‍්‍රවීණ නාට්‍ය ශිල්පී පරාක‍්‍රම නිරිඇල්ල විසින් සම්පාදනය කරණ ලද ‘‘සිංහල නාටකක් කලෙයි ආලූමයිගල් ’’ (සිංහල නාට්‍ය කලාවේ යුගපුරුෂයෝ* නම් කෘතිය ජනකරළිය විසින් ප‍්‍රකාශයට පත් කිරීමේ උත්සවයක් ජූලි මස 06 වැනි සෙනසුරාදා සවස 4.30 ට කොළඹ, වැල්ලවත්තේ, රුද්‍රා මාවතේ පිහිටි ලංකා දමිළ සංගම් ශාලාවේදී පැවැත්වේ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, ධම්ම ජාගොඩ, හෙන්රි ජයසේන, ආර්.ආර්.සමරකෝන්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ගාමිණී හත්තොටුවේගම, බන්ධුල ජයවර්ධන, එස්.කරුණාරත්න, චන්ද්‍රසේන දසනායක යන 50 සහ 60 දශකවල නාට්‍ය කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ කලාකරුවන්ගේ ජීවන තොරතුරු සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ විස්තර මෙම පොතට අන්තර්ගතය. නාට්‍ය හා රංග කලාව හදාරණ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ පරිශීලනය සඳහා මෙතෙක් තිබුණු මහත් අඩුපාඩුවක් මෙම ග‍්‍රන්ථය මගින් සපුරාලනු ඇත. 

සිංහල, දමිළ සහ මුස්ලිම් කලාකරුවන් හට ආරාධනා කර තිබෙන මෙම උත්සවයේ දී ‘‘අන්තර් සංස්කෘතික හුවමාරුව සහ පෝෂණය’’ මැයෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අංශයේ ජ්‍යෙස්ඨ කථිකාචාර්ය කන්දයියා ශී‍්‍රගනේෂන් යන විද්වත්තු දේශන දෙකක් පවත්වති. 

මෙම උත්සවය අවසානයේ ජනකරළිය රංගන ශිල්පීන් විසින් ‘‘භාෂා සහ මොලී’’ නමැති කෙටි නාට්‍යයද රංග කිරීමට කටයුතු යොදා ඇත.

ආරාධනයයි!

සිංහල නාට්‍ය කලාකරුවන් දොලොස් දෙනෙකුගේ
නාට්‍ය කලා කටයුතු පිළිබ`දව දමිළ භාෂාවෙන් රචිත ග‍්‍රන්ථය
‘‘සිංහල නාටකක් කලෙයි ආලූමයිගල් ’’
(සිංහල නාට්‍ය කලාවේ යුගපුරුෂයෝ)
ප‍්‍රකාශයට පත් කිරීම
2013 ජූලි මස 06 වැනි සෙනසුරාදා
පස්වරු 4.30 ට
වැල්ලවත්ත රුද්‍රා පටුමග
(57 වැනි පටුමග)
අංක.7 දරණ ස්ථානයේ
කොළඹ දෙමළ සංගම් ශාලාවේදී පැවැත්වේ.
ඔබේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමු.
මෙයට
සාමිනාදන් විමල්
පරාක‍්‍රම නිරිඇල්ල
සහ
ජනකරළිය නාට්‍ය කණ්ඩායම

වැඩසටහන
පස්වරු
4.00 - ආරාධිතයින් අසුන් ගැනීම
5.00 - ආරාධිතයින් පිළිගැනීම
ආරාධිත දේශන මාතෘකාව
‘‘අන්තර් සංස්කෘතික හුවමාරුව සහ පෝෂණය’’
5.15 - ප‍්‍රථම දේශනය - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
5.45 - දෙවන දේශනය - ආචාර්ය කන්දයියා ශී‍්‍ර ගනේෂන්
6.15 - පොත පිළිගැන්වීම - සාමිනාදන් විමල් සහ පරාක‍්‍රම නිරිඇල්ල
6.30 - ‘‘භාෂා සහ මොලී’’ - ජනකරළිය කෙටි නාට්‍යය රඟදැක්වීම
7.00 - ස්තුති කතාව
7.15 - තේ පැන් සංග‍්‍රහය සහ සමුගැනීම

Read 180 times
Body
Background Color
Text Color
Background Image