Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
'රන් දිවයින’ ගී සරණිය 12දා එළිදැක්වෙයි

නිරංජලා සරෝජිනී සහ අබේවර්ධණ බාලසූරිය යනු ලාංකේය ගායන ක්‍ෂෙත‍්‍රයේ සිටි දක්‍ෂ සහ අපූර්ව ගීත රැසක් සිය සහෘදයනට ඉතිරි කරන ලද ගායක දෙපලකි. අබේ නිරංජලා යුවළ කලකට පෙර ගැයූ දේශාභිමානි ගී සරණිය 'රන් දිවයින’ නමින් 12 සවස 4.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එය එළි දැක්වේ. නිරංජලා අබේවර්ධන මෙලොවින් සමුගත් දා සිට සිය ගායන ජීවිතයට ද ආයුබෝවන් කිව්වෙ සැමියාගේ වියෝවෙන් පසු ගී නොගැයීමට ගත් තීරණයත් සමගය.

වනජීවී ජායාරූප ප‍්‍රදර්ශණය 12දා

ජායාරූප අපේ ජීවිතයේ අමතක නොවන මතක සටහන් ඉතිරි කරණ චමත්කාර ජනක, ආශ්වාදනය කළ හැකි අපූරු කලාවකි .විවිධ ජායාරූප ශිල්පීන් අතර වඩාත් සුවිශේෂී ජායාරූප කලාවක් වනුයේ වනජීවි ජායාරූප කලාවයි. ඉවසීම ප‍්‍රගුණ කළයුතු මෙන්ම, ක්‍ෂණිකව සොබාධහම සිය ඇගිලිතුඩින් උකහාගතයුතු කලාවකි වනජීවී ජායාරූප කලාව.

Us LANKA එළිදැක්වේ
Monday, 08 July 2013 13:34

Us LANKA එළිදැක්වේ

බොස්ටන් ලංකා ආයතනය මෙරට මෙන්ම අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ජීවත් වන ලාංකිකයන්ට හොඳින් හුරුපුරුදු ආයතනයකි. බොස්ටන් ලංකා ආයතනය මගින් ලාංකීය ජනතාවට තොරතුරු සන්නිවේදනය කරණවාට අමතරව මුද්‍රිත මාධ්‍ය තුළින්ද සිය පාඨක ජාලය වර්ධනය කරගනීමට සූදානම් වෙයි. ඒ "Us LANKA" නම් වූ සගරාවෙනි.

UsLanka එළිදැක්වෙයි

බොස්ටන් ලංකා ආයතන මෙරට මෙන්ම අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ජීවත්වන ශී ලාංකිකයන්ට හොඳින් හුරුපුරුදු ය. බොස්ටන් ලංකා ආයතනය මගින් ලාංකීය ජනතාවට තොරතුරු සන්නිවේදනය කරණවාට අමතරව මුද්‍රිත මාධ්‍ය තුළින්ද සිය පාඨක ජාලය වර්ධනය කරගනීමට සූදානම් වෙයි. ඒUsLanka නම් වූ සගරාවෙනි. මෙම සගරාවේ මංගල කලාපය අමෙරිකවේදී 05වන දින ශී‍්‍ර ලංකා අමෙරිකාණූ තානාපති ජාලිය වික‍්‍රමසිංහ ගේ ප‍්‍රධානත්වයෙන් එළි දැක්වෙන අතර, ලංකාවේදී ද මෙම සගරාව එළි දැක්වීම ට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කොට ඇත. UsLankaසගරාව මෙරටදී එළි දැක්වෙන්නේ මෙම මස 6වන දින උදෑසන 10.00 ට ගල්කිස්ස, ටෙම්ප්ලර් පාරේ, 'ජෝර්ජ් ස්ටුවර්ට්' සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. මේ සඳහා නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ජගත් චමිල ඇතුළු කලාකරුවන් රැසක් සහභාගීවීමට නියමිතය .

"සිංහල නාට්‍ය කලාවේ යුගපුරුෂයෝ" දමිළ බසින්

සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍ය කලාකරුවන් 12 දෙනෙක් පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලයේ භාෂා අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සාමිනාදන් විමල් සහ ප‍්‍රවීණ නාට්‍ය ශිල්පී පරාක‍්‍රම නිරිඇල්ල විසින් සම්පාදනය කරණ ලද ‘‘සිංහල නාටකක් කලෙයි ආලූමයිගල් ’’ (සිංහල නාට්‍ය කලාවේ යුගපුරුෂයෝ* නම් කෘතිය ජනකරළිය විසින් ප‍්‍රකාශයට පත් කිරීමේ උත්සවයක් ජූලි මස 06 වැනි සෙනසුරාදා සවස 4.30 ට කොළඹ, වැල්ලවත්තේ, රුද්‍රා මාවතේ පිහිටි ලංකා දමිළ සංගම් ශාලාවේදී පැවැත්වේ.

 "සියපත් සර" ගී දැහැන ජූනි 30 දා

මහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, කලාශූරී ලතා වල්පොල,ජානක වික්‍රමසිංහ, සශිකා නිසංසලා ගී ගයන"සියපත් සර’"ගී දැහැන ජූනි 30 ඉරිදා සවස 6.00 ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

විශාරද මනෝජ් පීරිස් සත්සර මෙයෙවන මෙම ගී ප්‍රසංගයේ කථනය වසන්ත රෝහණගෙනි.නාවින්න බෝසත් දහම් පාසලේ ගොඩනැගිල්ලට ආධාර පිණිස මේ ප්‍රසංගය පැවැත්වේ.

Women - Out of the frame
Wednesday, 19 June 2013 08:55

Women - Out of the frame

Women - Out of the frame නම් වු ඡයාරූප ප‍්‍රදර්ශනය  ජුලි මස 04 වැනි දින සිට10 වැනි දින දක්වා ලයනල් වෙන්ඞ්ට් ගැලරියේදි පැවැත්වේ. මෙම ප‍්‍රදර්ශණය සඳහා නෝවේර්ජියන් තානාපති කාර්යාලය සහ ජර්මාණු සංස්කෘතික මධ්‍යස්ථානය අනුග‍්‍රහය දක්වති

ප‍්‍රථම ආකාශ ගාමිනියගේ ජායාරූප දැක්ම 19දා

රුසියාව ලාංකික ජනතාවගේ හදවතට වඩාත් සමීප වන්නේ රුසියානු සාහිත්‍ය සහ දේශපාලනය තුළිණි. අපි ලාංකිකයින් වශයෙන් අදටත් 'ගුරුගීතය', 'පෙරලූ නැවුම් පස', 'අම්මා', 'ජමීලා' ඇතුළු සුවහසක් සාහිත්‍ය කෘති ද, තෝරාගත් කෙටිකතා සහ ළමා කෘති ඇතුළු සාහිත්‍ය කෘති රාශියක ට ඉමහත් රුචිකමක් දක්වයි. මේ ඉපැරණි සබඳකම සිහිපත් කරමින් රුසියානු සංස්කෘතික ආයතනය විවිධ වැඩ සටහන් පවත්වණු ලබයි. එලැඹෙන 19වන දින සවස 5.00ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී විශේෂ වැඩ සටහනක් බවත්වනු ලැබේ. ඒ සඳමත පා තැබූ ප‍්‍රථම ගගන ගාමිනිය වූ වැලන්ටිනා තෙරෙස්කෝවාගේ සඳ ගමනට වසර 50ක් පිරීම නිමිත්තෙන් (1963 ජූනි මස 16) ඇය ගේ සඳ සංචාරය පිළිබඳ ජායාරුප ප‍්‍රදර්ශණයක් සහ ඇය පිළිබඳව නිර්මාණය කරණ ලද වාර්ථා කෙටි චිත‍්‍රපටයක් ද ප‍්‍රදර්ශණය වේ. මේ අවස්ථාව සඳහා දෙවරක්ම සමස්ත රුසියාවේ ගෞරවාදරයට පාත‍්‍ර වූ ලොව ප‍්‍රකට අජඨාකාශ ගාමියෙකු වූ V.A.Lyakhov සහභාගී වේ. මෙම උත්සව සැදෑව සංවිධානය කරණු ලබන්නේ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ ශ‍්‍රීලංකා සෝවියට් මිත‍්‍රත්ව පදනමයි.

ලෙස්ටර් සුමිත‍්‍රා සිනමා ගීතය දෙසුම 15 දා

අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ සහ ප‍්‍රංශ තානාපතිනී කි‍්‍රස්ටීන් රොබිෂොන් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් "ලෙස්ටර් සුමිත‍්‍රා සිනමා ගීතය" මැයෙන් සිංහල සහ ජනසන්නිවේදන ය පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ද  "චලන චිත‍්‍රය සහ සංගීතය" මැයෙන් ජාත්‍යන්තර සම්මාන ලාභී සංගීතඥ ලක්‍ෂමන් ජෝෂප් සේරම් ද විසින් ද පවත්වනු ලබන, තෙවන ලෙස්ටර් ජේම්ස් පීරිස් දෙසුම 2013 ජූනි මස 15වන සෙනසුරාදා සවස 5.00 ට කොළඹ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ කමිටු කාමර B හිදී පැවැත්වේ. මෙය සංවිධානය කරණු ලබන්නේ ලෙස්ටර් ජේම්ස් පිරිස් සහ සුමිත‍්‍රා පීරිස් පදනම මගිනි.

"නෙත්මා දකිනු පිණිසය" දොරට වඩී

ලේඛකයකු මෙන්ම කෙටි හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන හෙන්රි වර්ණකුලසූරියගේ සිවුවන කෙටිකතා සංග්‍රහය "නෙත්මා දකිනු පිණිසය"කෘතිය එළිදැක්වීමේ උලෙළ ජූනි මස 14 දින සවස 6.00ට බහරේන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Page 1 of 22
Body
Background Color
Text Color
Background Image