Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Saturday, 15 June 2013 12:09

චිත්‍රසේන නිර්මාණය කළේ බැලේද? ඔපෙරාද?

Rate this item
(0 votes)
චිත්‍රසේන නිර්මාණය කළේ බැලේද? ඔපෙරාද?

අපේ රටේ ඇතැම් නාට්‍ය කලාකරුවනුත් ඔවුන් සමඟ පුවත්පත් සාකච්ඡා කරන මාධ්‍යවේදිනුත්'ඔපෙරා’ කියන්නේ මොනවද?'බැලේ’ කියන්නේ මොනවද කියලා හරි හැටි දන්නෙ නැති වග ඔවුන් ලියන ලිපිවලින් පේන්න තියෙනවා. මේ ළඟදි එක්තරා පුවත්පත් සාකච්ඡාවකදි දැක්කා,චිත්‍රසේන 'ඔපෙරා’ කරලා තියෙනවයි කියලා ලියලා තියෙනවා.

ඇත්තටම 'ඔපෙරා’,'සිම්ෆනි,'බැලේ’,'කැන්ටාටා’,'සොනාටා’ කියන්නේ මොනවද කියලා අපි කිසියම් සරල හැඟීමක්වත් ඇතිකර ගැනීම වැදගත්.

ඔපෙරාවෙදි(OPERA)ගීත ගායනයෙන්ම තමයි අදහස් ප්‍රකාශ වන්නේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'පෙමතො ජායති සොකො’ ඔපෙරාවක් ලෙස ඇතමුන් තම ලේඛනවලදි සඳහන් කර තිබෙනවා. ඒත් ඒක ඔපෙරාවක් යැයි කියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නකාරියි.

කෙසේ වෙතත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ'මානසවිල’'සොඳුරු වර්ණදාසි’'දොරමඩල’'අග්නි’ ඔපෙරාවලට අපේ රටින් දියහැකි හොඳ උදාහරණ.ලිබෙට්‍රෝ (LIBRETTO) කියන්නේ ඔපෙරාවේ පෙළ රචනය.

කේමදාසයන්ගේම 'කැලෑමල්’,'සිතිජය’.'නව රැල්ල’රතුමල්’ වගේ හැටේ දශකයේ වේදිකාවට ඉදිරිපත් කරපු නිර්මාණ හඳුන්වා ඇත්තේ'සංගීත නාටක’ ලෙසින්.ඒවා ඇතැම්විට ඔපෙරාවල ප්‍රාථමික අවස්ථා වෙන්නත් පුළුවන්.

මේ අතරින් 'ගීත නාටක’,'ගීතාංග නාටක’ යන වර්ගීකරණයන් ද නාට්‍ය ක්ෂේත්‍රයේ පවතිනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමෙ’,'සිංහබාහු’'ගීත නාටක’ ලෙස සලකන්ට සිදුවන බව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අදහසයි.මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'වෙස්සන්තර’ නම් කර ඇත්තේ 'ගීතාංග නාටකයක්’ විදියට.

කොහොම වුණත් එදා ගුවන් විදුලියේ' ගීත නාටක’ කියා වෙනම සංගීත ප්‍රණීතාංගයක් ද තිබුණු බව මෙහිලා කිවයුතු වෙනවා.

බැලේ(BALLET) කියන්නේ මුද්‍රා නාට්‍යවලට. දෙබස් නැතුව ගීත හා සංගීතය පමණක් තිබුණත් එය සංගීතමය ප්‍රකාශනයකටත් වඩා නාට්‍යමය ප්‍රකාශනයක් යැයි කීමයි වඩාත් නිවැරදි. නළු නිළියන්ගේ (නර්තන ශිල්පීන්ගේ) අභිනයෙන් තමයි මුළුමනින්ම අදහස් ප්‍රකාශ වෙන්නේ. චිත්‍රසේන ගේ'කරදිය’,'නල දමයන්ති’ මුද්‍රා නාට්‍යවලට දිය හැකි අනගි උදාහරණ දෙකක්.

සිම්ෆනි (SYMPHONY) කියන එකට සිංහලෙන් දෙන වචනය තමයි'සංධ්වනිය’. මෙයට සාහිත්‍යමය පෙළක් නැහැ. මුළුමනින්ම වාද්‍ය වෘන්දයකින් තමයි අදහස් ප්‍රකාශනය සිදුවන්නේ. සංගීත සංධ්වනි සම්ප්‍රදාය ලොව පහළවුණේ 18 වැනි සියවසේදී බව කියැවෙනවා. බීතෝවන්,මෝසාට් ලොව බිහිවුණු ශ්‍රේෂ්ඨතම සංධ්වනි රචකයන් ලෙස ඉමහත් කීර්තියක් දරනවා.

ඩබ්ලිව්.බී. මකුලොලුව ගේ'ගොයම් දා මඟුල’ මෙරට නිර්මාණිත ප්‍රථම සංගීත සංධ්වනිය. ආචාර්ය කේමදාසයන්ගේ'සිංහල අවුරුද්ද’,'මුහුද’,'නියඟය. හා .වැස්ස’,'මගේ කාලයේ මවුනි’ විචාරක ප්‍රශංසාව දිනූ තවත් සංගීත සංධ්වනි කීපයක්.

’සිම්ෆනි’ සඳහා කේමදාසයන් යොදා ගෙන ඇත්තේ'නාද රූප නාට්‍ය’ යන වචනය.

’කැන්ටාටා’ (CANTATA) යන නමිනුත් සංගීත ප්‍රභේදයක් දක්නා ලැබෙනවා. කේමදාසයන්ගේ'පිරිනිවන් මංගල්ලය’ එබඳු කැන්ටාටාවක් ලෙස නම් කරන්න පුළුවන්.එය හඳුන්වා ඇත්තේ ප්‍රථම බෞද්ධ කැන්ටාටාව වශයෙන්.

’සොනාටා’(SONATA)එක් තූර්ය භාණ්ඩයක් වාදනය කිරීම සඳහා කළ සංගීත සංරචනයක් ලෙස විචාරකයන් හඳුන්වනවා 'ඔරටෝරියෝ’ (ORATORIO) නමින් යුතු සංගීත භාවිතාවක් ද සංගීත සම්ප්‍රදාය තුළ පවතිනවා.කේමදාසයන්ගේ'නිදන් කොල්ලය’ මට මතක හැටියට එබඳු ඔරටෝරියෝවක්.

මේ අතර'නාද වර්ණ කාව්‍ය’ යන නමින් කෙරෙන නිර්මාණ විශේෂයක් ගැනත් අපට අසන්ට ලැබෙනවා. ඉංගී‍්‍රසියෙන් මෙයට කියන්නේ TONE POEM කියලා. කේමදාසයන් ගේ 'ඈ’ එබඳු'නාද වර්ණ කාව්‍යයක්’.ඔය සිංහල වචනය පවා කේමදාසයන්ගේ නිර්මාණයක් යැයි මා සිතනවා.

අපිට සංගීතය පිළිබඳ ශබ්ද කෝෂයක්, සිංහල විශ්ව කෝෂයක් නැහැග ඒ නිසා තමයි මා මුලින්ම සඳහන් කළ අර්ථ ව්‍යාකූලතා පැන නඟින්නේ.

සුනිල් මිහිඳුකුල.

Image Gallery

{gallery}1563{/gallery}
Read 681 times
Body
Background Color
Text Color
Background Image