Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Sunday, 26 May 2013 10:38

අප‍්‍රිකානු නර්ථන රිද්ම

Rate this item
(0 votes)
අප‍්‍රිකානු නර්ථන රිද්ම

ලෝකයේ විවිධ සංස්කෘතික සමාජයන් අතර අපි‍්‍රකාව පිළිබඳ විමසා බැලීමේදී ඔවුන්ගේ නර්ථන සහ සංගීත සංස්කෘතියෙහි ඔවුන්ගේම අනන්‍යතාව මනා ලෙස පිළිඹිබු වෙයි. මෙම නර්ථන සහ සංගීත සම්ප‍්‍රදායන් හි විකාශය ගෝත‍්‍රික සමාජ ක‍්‍රමයේ තාල සහ රිද්ම වළින් අනූන වූ මෙන්ම එහි මූලික ලක්‍ෂණ වර්තමාන නර්ථන සහ සංගීත කලාවන් තුළ අප‍්‍රමාණව බහුලව දකින්නට ලැබේ. මේ ගෝත‍්‍රික නාද, හඩවල් මෙන්ම රිද්මයන් තුළින් ගොඩ නැගෙන චලනයන් හි ඇත්තේ ආකර්ශණීය, ජව සම්පන්න සහ ස්වභාවධර්මය සමග මුසුවූ ශක්ති ප‍්‍රභවයන්ය, අප‍්‍රිකානු නර්ථනයන් හි අතීතය සොයා යන්නෙකුට මිනිස් සංහතියේ ආරම්භය තෙක් සොයා යන්නට හැකි ඉතිහාසයක් ඇතුවාට සැකයක් නැත ,

අප‍්‍රිකානු නර්ථනයන් ගොඩ නැගෙන්නේ සංගීතය සහ එයට අනුගත රිද්ම චලනයන් සමගිනි. අප‍්‍රිකානු නර්ථනයේ සබැඳියාවක් ඉතිහාසය සමග මුසුව ඇත්තේ සහරා අප‍්‍රිකානු සංස්කෘතිය සමගය. මෙම සහරා අප‍්‍රිකානු රිද්මයන් ඉතාමත් ශකිත්මත් සම්ප‍්‍රදායක් බව එහි ඉතිහාසය පිලිබඳ ගවේශනය කළ සටහන් තූළ දකින්නට ලැබේ. අප‍්‍රිකානු මහද්වීපයෙන් උපන් බ්ලූ ,ජෑස් ,හිපොප් ,රෙගේ වැනි සංගීත රිද්ම, ශෛලීන් සහ චලන තාක්‍ෂණයන් අප‍්‍රිකාවෙන් අනෙක් මහාද්වීප කරා ක‍්‍රම ක‍්‍රමයෙන් විකාශය වී ගොස් 20වන සියවසේ ලෝකයේ ජනප‍්‍රිය සංස්කෘතිය බවටපත්වි.

අප‍්‍රිකානු නර්ථනයේදී මූලික වශයෙන් ප‍්‍රයේජනයට ගනු ලබන්නේ 'පොලිරිදම් 'නම්වූ සංකල්පය තුළින් ගොඩ නැගුනු රිද්මයන් සහ චලනයන්ය. අප‍්‍රිකානු නර්ථනයන්හි මූලික පසුබිම සහ එහි ඉගැන්වීම වන්නේ, සමාජ නිදර්ශණය වන්නේ එකට එක්ව වැඩ කිරීම, වැඩ කරණ මිනිසුන් හට උදව් කිරීම යන වටිනාකම්ය. එමෙන්ම අප‍්‍රිකානු නර්ථනයන් දෙවියන් ඇදහීමේදී ,අධ්‍යාත්මික භාවයන් ප‍්‍රකාශණය සඳහාත්, මළවුන් ඇදහීම ,මංගල -අවමංගල අවස්ථා මෙන්ම විවිධ උත්සව යන් හිදී බාවිතා වෙති.

ලොව බොහෝ මිනිසුන්, පේ‍්‍රක්‍ෂකයන් අප‍්‍රිකානු සම්ප‍්‍රදායික නර්ථනයන් නරඹන්නට මෙන්ම ඊට දායක වන්නටද මහත් රුචි කමක් දක්වයි .ධනවාදය සමග බිහිවෙන ජනප‍්‍රිය සංස්කෘතිය තුළ වඳවෙමින් යන සම්ප‍්‍රදායික නර්ථනයන් මෙන්ම සංගීත සම්ප‍්‍රදායන් වර්තමානයේ ශේෂව ඇත්තේ මේ අප‍්‍රිකානු මහද්වීපයේ බව නොරහසකි. එහෙයින් වර්තමාන ලෝකයේ බොහෝ මිනිසුන් මේ අධ්‍යාත්මික ගෝත‍්‍රික සම්ප‍්‍රදායන් සමග එක්ව නටන්නටත්, ගයන්නටත් විශේෂ රුචියක් දක්වයි .

මේ නර්ථනයන් ගේ මෙන්ම, සංගීතයේද ඇත්තේ නිදහස් බවකි. සම්ප‍්‍රදායික ගෝත‍්‍රික බෙර හඩින් සහ කටහඩවල් වළින් මෙන්ම චලනයන්ගෙන් මෙන්ම, සුවිශේෂ වර්ණ රටා ,ඇඳුම් ආයිත්තම් මේ නර්ථන උළෙලවල් වළදී ඔවුන් යොදා ගනී. බොහෝවිට ස්වභාව ධර්මයේ ම විශ්මිතයන් මොවුන් බාවිතා කරමින් තම නර්ථනයන්ට අවශ්‍ය සියල්ල සම්පාදනය කරගනී.

අප‍්‍රිකානු නර්ථන සම්ප‍්‍රදාය පිළිබඳව ඉතා මැනවින් හදාරන්නෙකුට සිග්මන් ප්‍රොයිඞ් ගේ වානරයාගෙන් ලොව පැවත එනවාය යන මූලික සිද්ධාන්තය වෙතම ගවේශණය කළ හැකිය .අප‍්‍රිකානු මහද්වීපයේ ඇති අති දැවැන්ත ස්වභාවික වනාන්තර සහ පරිසරයන් මේ කලාවේ ආරම්භය සනිටුහන් කර ඇතුවාට කිසිම සැකයක් නැත.

Image Gallery

{gallery}1499{/gallery}
Read 579 times
Body
Background Color
Text Color
Background Image