Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Saturday, 11 May 2013 05:55

ශ්‍රී ජයනා මුනුපුරා හිස වෙස් පලඳියි

Rate this item
(0 votes)
ශ්‍රී ජයනා මුනුපුරා හිස වෙස් පලඳියි

ශ්‍රී ලාංකේය නර්තන ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයාමට පුරෝගාමී මෙහෙවරක ඉටුකළ අමුණුගම පරම්පරාවේ ප්‍රකට නර්තන ශිල්පී කලාශූරී,කලාකිර්ති, කලාපති, දිවංගත ශ්‍රී ජයනා ඇදුරුතුමන්ගේ මුනුපුරා වන හේලිත දීසර රාජපක්ෂ තම පරපුරේ උරුමය පෙරට ගෙනයාමට එළඹෙන 16 වැනිදා ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථාන භූමියේ දී හිස වෙස් බඳී.

ශ්‍රී ජයනා ශූරීන්ගේ කනිටු පුත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකවරයකු වූ පාලිත රාජපක්ෂ හා ප්‍රිම්රෝස් රාජපක්ෂ දෙපළගේ එකම පුතණුවන් වන හේලිත කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 9 වසරේ ශිෂ්‍යයෙකි.

තම සීයා වන ශ්‍රී ජයනා ඇදුරුතුමාගෙන් වයස 7 දී නර්තනය සඳහා අත්පොත් තැබූ ඔහු නර්තනය පිළිබඳ ශාස්ත්‍රීය කරුණු හා ගායන වාදන සඳහා අත්පොත් තබා ඇත්තේ ඔහුගේ නැන්දනිය වන ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ගුරුතුමිය වෙතිනි.

ආචාර්ය පියසාර ශිල්පාධිපති සහ යුද හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමේ කණ්ඩායම් භාර නිලධාරි කපිතාන් ආර්.ඩබ්ලිව්.ජී.ජනක ප්‍රශන්ත ගුරුවරුන් යටතේ බෙර වාදනය හදාරන හේලිත, තර්ස්ටන් විදුහලේ නර්තන ආචාර්ය නිහාල් පෙරේරා සහ ආචාරිනී කුමාරි හේවාතිලක ගුරු යුවළ යටතේ වැඩිදුරටත් නර්තන කලාව ප්‍රගුණ කරයි.

1999 වර්ෂයේ සිට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 50 දෙනකුට ආසන්න සංඛ්‍යාවකට හිස වෙස් තැබීමේ මංගල්‍යය සිදුකොට ඇති නර්තනාචාර්ය නිහාල් පෙරේරා ගුරුතුමා යටතේ වත්මන් විදුහල්පති වයි.ඒ.එන්.ඩී.යාපා මහතාගේ මඟපෙන්වීමෙන් මෙවර හේලිත රාජපක්ෂ සමඟ චනුක ජීවන්ත, එච්.එම්.එන්.එම්.මෙන්ඩිස්,නවෝද පැතුම් සෙනෙවිරත්න,චමත් අක්ෂින් ලියනගේ,නිලුක්ෂ කසුන්,සහන් හසන්ත සමරසිංහ,රවිඳු විරාජ්,නමිදු දේශාන්, මිහිරංග, රවිඳු නිහාල්,කේ.හරින් හෙට්ටිආරච්චි සහ ගයාන් චතුරංග යන ශිෂ්‍යයන් 12 දෙනා සුබ මොහොතින් හිස වෙස් පැලඳීමට නියමිතය.

Image Gallery

{gallery}1421{/gallery}
Read 432 times
Body
Background Color
Text Color
Background Image