Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Saturday, 27 April 2013 03:23

ලෝක නර්තන දින සැමරුම 29වනදා

Rate this item
(0 votes)
ලෝක නර්තන දින සැමරුම 29වනදා

2013 ලෝක නර්තන දින සැමරුම් උළෙල, අප්‍රේල් මස 29 වන දින ‍පෙ.ව.9.30 ට කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය එක්ව මෙවර ,2013 ලෝක නර්තන දින සැමරුම් උළෙල, සංවිධානය කරනු ලබයි.

ලෝකයේ වෙසෙන සියළු නර්තන ශිල්පීන්ගේ සේවාව අගයකිරීම සඳහා 1982වර්ෂයේ දී යුනෙස්කෝ ආයතනය විසින් ලෝක නර්තන දිනය ලෙස අප්‍රේල් 29වන දින ප්‍රකාශයට පත් කළ අතර එදින සිට සෑම වසරකම අප්‍රේල් 29 වන දිනට යෙදෙන ලෝක නර්තන දින සැමරුම උත්කර්ෂවත් ලෙස පවත්වා ඇත.

මෙවර ලෝක නර්තන දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නර්තන කලාවට අනුපමේය සේවයක් කළ අහුගොඩ කිරා ගුරුතුමා,වැල්ලව කවිසේන ගුරුතුමා හා වෛජයන්තිමාලා සේල්වරත්නම් මහත්මියට උපහාර පිරිනැමීමට නියමිතය.

මෙම උළෙලේ දී ජ්‍යෙෂ්ඨ මහචාර්ය මුදියන්සේ දිසානයක මහතා විසින් පවත්වනු ලබන "ගෝලීයකරණය තුළ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තන කලාව "යන මාතෘකාව යටතේ සංනිදර්ශන දේශනයක් පවත්වනු ලබන අතර රාජ්‍ය නර්තන කණ්ඩායමේ විශේෂ නර්තන ප්‍රසංගයක් ද පැවැත්වේ.

Image Gallery

{gallery}1372{/gallery}
Read 405 times Last modified on Saturday, 27 April 2013 07:30
Body
Background Color
Text Color
Background Image