Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Sunday, 09 June 2013 17:24

"දඹුලුත් ගිහිං තලගොයිත් මරාගෙන"

Rate this item
(0 votes)
"දඹුලුත් ගිහිං තලගොයිත් මරාගෙන"

කෘතිය- "දඹුලුත් ගිහිං තලගොයිත් මරාගෙන” (කෙටි කතා)
කර්තෘ - ගාමිණී පී.විජේරත්න
ප්‍රකාශනය - සුනෙර ප්‍රකාශන
මිල - රු. 280

ගාමිණි .පී. විජේරත්නගේ දෙවන කෙටිකතා සංග්‍රහය ඔහුගේ පළමු කෙටිකතා එකතුව වූ "ඇයයි මමයි සරසවියයි” කෘතියට වඩා තරමක සාර්ථක වූ බව අප හැඟීමයි. ජාතිකත්වය පිළිබඳ හා වර්ගවාදය පිළිබඳවත් ඒ හා මුසු වුණ ජාතික ප්‍රශ්නය පිළිබඳවත් විචාරශීලී සමාජ දේශපාලන බුද්ධියකින් සාකච්ඡා කරනා ඔහු, කෙටිකතා නිර්මාණකරණය තුළ එතරම් ප්‍රබලත්වයක් පෙන්නුම් නොකරයි. කෘතිය ආරම්භයේ ඔහු කියා සිටින්නේ "සාහිත්‍ය කලාවේ අන්තර්ගතය නොමැතිව ආකෘතිය පමණක් සලකතොත් මානව ඉතිහාසය වැළලී යනු ඇත” යන්නයි.එය ඉතා ප්‍රබල කියමනක් ලෙස බැලූ බැල්මට පෙනී ගියත්, ඔහු කියන්නා වූ ලෙස ආකෘතික හරඹයන් ගෙන් බැහැරව නිර්මාණ කිරීමේ දී එය හුදු වාර්තාවක් මිස නිර්මාණයක් ලෙස දැකිය නොහැකිය.

"දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන” කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගත කෙටිකතා සුවිශේෂී ඒවා වන්නේ සමාජය තුළ අප දැක ඇති චරිත විජේරත්නයන් පොදු බවට පත් කිරීමට ගන්නා උත්සාහය තුළ ය.වස්තු විෂයයන් අතින් ගත් කල "ලිංගිකත්වය” මෙම කෙටිකතා සංග්‍රහයේ ප්‍රබලව ඉස්මතු වී තිබේ. "සමාජ පන්ති ගැටුම” "පශ්චාත්තාපය” ආදිය පිළිබඳව ඔහුගේ වස්තු විෂයයන් විකාශය වී තිබේ.

මෙහි කෙටිකතා අතර "දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන” කෙටිකතාව ඉතා සුවිශේෂී වන්නේ ස්ත්‍රී,පුරුෂ ලිංගික සම්බන්ධතාවය සිතෙහි ක්‍රියා කාරීත්වය අනුව උච්චාවචනය වන බව පෙන්වීම තුළිනුයි. ලිංගිකත්වය හරහා ඔවුන්ගේ සමාජ පීඩනය සමාජවාදී යථාර්ථවාදී න්‍යායක් හරහා විචාරාක්ෂියට බඳුන් කිරීමේදී එහි ඛේදය මතු වනු ඇත. "ඇවිලෙන ගිනි දැල්” කෙටිකතාව ද ප්‍රබල වන්නේ ගණිකාවක් සමඟ ලිංගික සුවය සෙවීමට වඩා ඇය සමඟ කතා කරමින් ඇය විවාහ කර ගැනීමට කථානායකයා දරන උත්සාහය නිසා ය.කෙටිකතාවට යටින් දිවෙන්නේ ඔවුන්ගේ දුක්ඛිත ජීවිතය බව කතුවරයා ව්‍යංගයෙන් පාඨකයාට පසක් කර දෙනු ඇත.

"රතු මල” කෙටිකතාව ලේඛකයාගේ සමාජවාදී චින්තනය පෙන්නුම් කරන කෙටිකතාවක් ලෙස හඳුන්වා දිය හැකි ය.මෙහි ඇති අනෙක් කෙටිකතාවන් හි අන්තර්ගතයන් සුවිශේෂී මුහුණුවරක් ගත්ත ද කෙටිකතා විකාශනය ඉතා දීර්ඝ ය. ඒ නිසා කෙටිකතා කියවීමේ දී පාඨකයාට කෙටිකතාව පිළිබඳ රසය අඩු වීමක් සිදුවේ.විජේරත්නයන්ගේ "ඇයයි මමයි සරසවියයි” කෙටිකතා සංග්‍රහයට සාපේක්ෂව බලන කල මේ කෙටිකතා කෘතිය සාර්ථක ය.

ගාමිණි විජේරත්නයන්ගේ කෙටිකතා සංග්‍රහයේ සිද්ධි නිරූපණය ද වැදගත් ය. "දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන” කෙටිකතාවේ කරෝලිස් පාරට තාර දැමීම ,හවසට ළිඳට ගොස් නෑම සහ කාන්තාව සමඟ ලිංගිකව එක් වීම ආදී සිද්ධීන් මනාව නිරූපණය වී තිබේ.නමුත් සිද්ධි නිරූපණයේ දී කතුවරයා අතින් යම් දුබලතාවක් සිදු වී ඇත.සිද්ධීන් පිළිබඳ අනවශ්‍ය විස්තර කිරීමට යෑම නිසා සිද්ධි නිරූපණය සමහර අවස්ථා වලදී දුබල වී ඇත. "පැන යන අවතාර” කෙටිකතාව එයට නිදසුනකි.

චරිත නිරූපණය අතින් විජේරත්නගේ කෙටිකතා සංග්‍රහය සුවිශේෂීත්වයක් උසුලන්නේ නැති බව කිව යුතු ය. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යොදාගත් බොහෝ අවස්ථාවල එය පාපොච්චාරණයක් මෙන් කතාව විකාශනය කර තිබේ. "පැන යන අවතාර”, "වෙන්දේසියක්”, "රතු මල”,"අපරාධ” යන කෙටිතා ඊට උදාහරණයි. ර්‍ණපැන යන අවතාර” කෙටිකතාව තුළ උසකිදබ ඔයදපකැහ හඳුන්වා දුන් ර්‍ණඇනෙක්ඩොට්” කලාව ඇතග එහි අරුත සියල්ලට බණිමින් විකාර රූපී අයුරින් හැසිරීමේ ස්වභාවය යි. "පැන යන අවතාර” කෙටිකතාව තුළ ඇත්තේWilson Thomley ලෙස හැඳින්වෙන චරිත නිරූපණ කලාවයි. මෙහි අරුත කතාන්දර කියමින් ප්‍රලාපීව හැසිරෙන වයසක චරිත පිළිබඳ කීම යන්නයි.

Wilson Thomley කියා සිටින්නේ කෙටිකතාව යනු "කෙටි ඉඩකඩක් තුළ අතුරන කෙටි වචන, වැකි හා සිද්ධි ඇසුරින් විශ්ව පාඨක ප්‍රජාවගේ පරිකල්පනය පුළුල් කරන්නක්” ලෙස ය. භාෂාව එහි දී ප්‍රබල මෙහෙයක් කරනු ඇත. විජේරත්නයන්ගේ භාෂා භාවිතය සාර්ථක නොවන්නේ ඔහුගේ දීර්ඝ විස්තර කිරිම නිසාය. දීර්ඝ විස්තරය විචාරකයකුට අවශ්‍ය වුව ද කෙටිකතා රචකයකුට අනවශ්‍ය අංගයකි.

සමස්තයක් ලෙස ගත් කල දුබලතා මෙන් ම සාධනීය ලක්ෂණ ද ඇත්තා වූ කෘතියක් ලෙස "දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන” කෘතිය දැක්විය හැකි ය.

සමිත රුක්මාල්
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

Read 243 times
Body
Background Color
Text Color
Background Image