Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
සුචරිත ගම්ලත් ගෙ මරණය ගැන සැකයිලු

බහුශ්‍රැත බුද්ධිමතකු වූ මහාචාර්ය සුචරිත ගම්ලතුන් මියගොස් පසුගිය30 දිනට තෙමසක් පිරිණි. අප දන්නා පරිදි ඔහු මිය ගියේ පෙනහළු පිළිකාවක් වැළඳී මසක් පමණ කාලයක් අනේක විධ දුක් පීඩා විඳිමිනි.මෙම මහා බුද්ධිමතා මිය ගොස් තෙමසක් ගතවන මෙවෙලෙහි එම අභාග්‍යසම්පන්න මරණය අරභයා විවිධ මත පළවෙයි.ඇතැමුන් පවසන්නේ මෙය ස්වභාවික මරණයක් නොව කෲරතර මරාගැනීමක් බවය. ඔහු අවසන් හුස්ම හෙලුවේ ඉතා අමානුෂික වද හිංසා විඳිමින් බව තවත් අය කියති. මරණයත් සමග ‍පොර බදිමින් දුක්විඳිමින් සිටි මෙම යෝධ මිනිසා ගතින් දුබලව රෝගී වූ අවසන් දින පෙළෙහි මුඛයට බට දමා මඤ්ඤොක්කා යුෂ පෙවූ කල්ලියක් ගැනද තොරතුරු ඇතැයි කියති. ඔහු තමාගෙන් උදුරා ගත් බවත්, එසේ කළේ ඔහුගේ නම භාවිත කොට ව්‍යාපාර කටයුතු සැලසුම් කළ භාෂා වෙළෙන්දන් බවත් ගම්ලතුන් සමග 34 වසරක් එකට දිවි ගෙවූ ශාන්තා පද්මපෙරුම කියයි. ඔහුගේ බුද්ධිමය දේපළ හිමිකාරිත්වයද ඔහු ජිවත්ව සිටි කාලයේදීම නීත්‍යනුකූලව තමා වෙත පවරා දී ඇති බවද ඇය කියයි.

"අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්"

කොළඹ ආනන්දය යනු සිංහල බෞද්ධ ප්‍රභූත්වය දක්වන සංකේතයක් ලෙස මෙරට පාසල් පද්ධතිය තුළ ස්ථාපිත වූවකි. එය අධිරාජ්‍ය විරෝධී යටත් විජිතහරණ යුගයේදී කළ ඓතිහාසිකව ප්‍රගතිශීලී වැඩකොටසක් තිබෙන්නට හැකත් අද එය පාසල් කුල භේදය ඉදිරියට ගෙන යන, සිංහල බෞද්ධ අධිපති මතවාදය හා ධුරාවලිය පවත්වාගෙන යමින් ඓතිහාසිකව ප්‍රතිගාමී කාර්යයක් ඉටු කරන පාසලකි.ආනන්දය සම්බන්ධව මට ඇති එකම සාධනීය ස්මරණය දයානන්ද ගුණවර්ධනයන්ගේ ආනන්ද ජවනිකාය.

සිරිපැරකුම් අමුම අමු ෆැන්ටසියකි

සිරි පැරකුම් චිත්‍රපටයකි. චිත්‍ර තිබෙන පටියකි (සිනමාව නොවේ). එය චිත්‍රපටයක් ලෙස ඉතා ලස්සනය. සමනල්ලු ඇත. කුඩා ළමයි දුව පැන නටමින්ද සිංදු කියති. තවත් පැත්තක රට එක්සත් කිරීම ගැන ගීත ගායනාය. රාජකුමාර සහ කුමාරියෝ පමණක් නොව ගමේ සිටින හරක් දමනය කරන තරුණයන්ද ඇත.මේ අපේ අතීතය නොහොත් අතීත කාමයයි. රාජකුමාරයා වුවත් රජකුමරකු නොව ගමේ කොල්ලෙකි. රාජකුමාරයා යැයි අපට හඳුන්වා දෙන කොලු පුංචා ගමේ කොල්ලෙකු ලෙස විරාජමාන වෙයි.

පාලකයින් උදෙසා ඡන්ද හිඟමින් යන කලාකරුවන් සදාචාරාත්මකද?

සදාචාරය සහ ආචාරශීලීකම වෙනුවට අනාචාරය හා නොසන්සුන්තාව ප්‍රබල වී ඇත. එබැවින් මෙවිට වළ ඉහගෙන කෑම පමණක් වරදක් සේ දැකීම අඥානකමකි. අවස්ථාවාදී වන්නා ජයගනී. ‍පොදු යහපත ගැන හෝ අනෙකා ගැන සිතීම තරම් දුසිරිතක් අද තවත් නැත.කාලය නපුරු වී ඇත.එසේ දූෂ්‍ය වූ කාලය විසින් අන් සියල්ල කණපිට හරවා ඇත.

"දඹුලුත් ගිහිං තලගොයිත් මරාගෙන"

කෘතිය- "දඹුලුත් ගිහිං තලගොයිත් මරාගෙන” (කෙටි කතා)
කර්තෘ - ගාමිණී පී.විජේරත්න
ප්‍රකාශනය - සුනෙර ප්‍රකාශන
මිල - රු. 280

ගාමිණි .පී. විජේරත්නගේ දෙවන කෙටිකතා සංග්‍රහය ඔහුගේ පළමු කෙටිකතා එකතුව වූ "ඇයයි මමයි සරසවියයි” කෘතියට වඩා තරමක සාර්ථක වූ බව අප හැඟීමයි. ජාතිකත්වය පිළිබඳ හා වර්ගවාදය පිළිබඳවත් ඒ හා මුසු වුණ ජාතික ප්‍රශ්නය පිළිබඳවත් විචාරශීලී සමාජ දේශපාලන බුද්ධියකින් සාකච්ඡා කරනා ඔහු, කෙටිකතා නිර්මාණකරණය තුළ එතරම් ප්‍රබලත්වයක් පෙන්නුම් නොකරයි. කෘතිය ආරම්භයේ ඔහු කියා සිටින්නේ "සාහිත්‍ය කලාවේ අන්තර්ගතය නොමැතිව ආකෘතිය පමණක් සලකතොත් මානව ඉතිහාසය වැළලී යනු ඇත” යන්නයි.එය ඉතා ප්‍රබල කියමනක් ලෙස බැලූ බැල්මට පෙනී ගියත්, ඔහු කියන්නා වූ ලෙස ආකෘතික හරඹයන් ගෙන් බැහැරව නිර්මාණ කිරීමේ දී එය හුදු වාර්තාවක් මිස නිර්මාණයක් ලෙස දැකිය නොහැකිය.

තාගෝර් සැඳෑව තුළින් තාගෝර් දැකීම

තාගෝර්තුමා, තමා උපන් භූමියේ භූගෝලීය සීමාවන් අබිබවා ගිය විශ්වකලාකරුවකු වූයේ විශ්ව ගම්මානය ඉදිවීම ආරම්භ වීමට බොහෝ කලකට පෙරය, ඔහුගේ මාහැඟි කෘතිය වන 'ගීතාංජලිය' පදනම් කොට ගෙන නොබෙල් ත්‍යාගය එතුමන්ට පිරිනැමුණේ 1923 තරම් ඈත කාලයකදීය.'ගීතාංජලිය' පළමුවරට මුද්‍රණය කර ඇත්තේ පිටපත් 750ක් බවත් ඉන් පිටපත් 250ක් පමණ අලෙවිය සඳහා නිකුත් කළ බවත් කියැවේ.එහෙත් ලංකාවේ පියදාස සිරිසේන ගේ සිය ජයතිස්ස හා රොසලින් පිටපත් 25,000ක් ඒ වකවානුවේදීම අලෙවි වූ බව කියැවේ. එහෙත් පියදාස සිරිසේන විශ්ව දැක්මක් තිබුණු කලාකාරයෙකු ලෙස අප සලකන්නේ නැත.

සාක්කු පුරවන 3D සිනමා

ත්‍රිමාන චිත්‍රපට නැතිනම් 3ඩී සිනමා පට මේ වනවිට වැඩි වශයෙන් නිපදවෙමින් තිබේ. හොලිවුඩ් සිනමා කර්මාන්තයෙන් ඇරැඹි මෙම ප්‍රවණතාව බොලිවුඩය දක්වා මේ වනවිට පැමිණ තිබේ. ත්‍රිමාන සිනමාපට ඉතිහාසයේද නිර්මාණය වී ඇති අතර ශ්‍රී ලංකාවේද ප්‍රදර්ශනය වී තිබේ. විශේෂයෙන්ම හොල්මන් නැතිනම් ඩ්‍රැකියුලා ගණයේ චිත්‍රපට ත්‍රිමාන ආකාරයෙන් නිපැදවුණි. ත්‍රිමාන සිනමාපටවලදී සිදුවන්නේ පියවි ඇසට පෙනෙන රූපයක උස, පළල සහ ගැඹුර විශේෂිත කණ්ණාඩි යුවළක් භාවිත කිරීමෙන් තිරයේදී ද ඒ ආකාරයට දර්ශනය වීමයි. මෙහිදී තවත් දෙයක් සිදුවෙයි.

"අභිනික්‌මන " ධර්මානුකූලයි! කලාත්මකයි! කාලෝචිතයි

මේ චිත්‍රපටය හෙක්‌ටර් කුමාරසිරිගේම වන්නේ එහි කතාව, දෙබස්‌ තිරනාටකය හා අධ්‍යක්‍ෂණය යන සියල්ලේම නිර්මාතෘ ඔහු නිසාය. එය ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. එය නැරඹීමට දින කීපයකට පෙර මගේ අවධානය මා ඉතා හොඳින් දන්නා වැදගත් ලිපි දෙකක්‌ කෙරෙහි යළිත් වරක්‌ යොමු වී තිබිණි. එකක්‌ සිඟාලෝවාද සූත්‍රයයි. අනෙක මගේ ප්‍රියතම දාර්ශනිකයා වන බර්ට්‍රන්ඩ් රසල්ගේ ස්‌වයං චරිතාපදානයේ පෙරවදනයි. ඒ දිනවල මා කියවූ එකී ලියවිලි"අභිනික්‌මන" චිත්‍රපටය පිළිබඳ මගේ ආස්‌වාදජනක යහපත් ප්‍රතිචාරය කෙරෙහි බොහෝ සෙයින් බලපා ඇති බව මට හැඟේ.

ජීවිතය පිරිසිඳ දක්‌නා සියුම් දෘෂ්ටියකින් හෙබි "සිහිනයක දොරකඩ"

බසට හා ජීවිතයට අරුත් දෙන්නෝ කවීහු වෙති. සත්‍ය ලෙස අපට පෙනෙන දේත් සැබෑ සත්‍යයත් අතර පවතින ප්‍රතිරෝධය මසැසට නොව මනසට සමීප කිරීම, ජීවිතය දකින්නට තෙවැනි ඇසක්‌ ලබාදීම කවියා අතින් ඉටුවන මහඟු යුතුකමකි.

බොදු බල සේනා යුගයක "බැලුබැල්ම" අර්බුදයට යවන කලාවක්

වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදීගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප‍්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය. ඒ ගීත අලුත් කටහඬක්, අලුත් තනු නිර්මාණයක් සේම අලුත් අදහස් මාලාවක්ද අඩංගු කර ගත්තේය. පැරණී ජීවිතයේ වේදනාව දරා ගත නොහැකිව අලුත් ජීවිතයක් ඉල්ලා ගයන බ්ලූස්, ජෑස්, හෝ රෙගේ සංගීතයකුත් කැලිප්සෝ ගීත රචනා ආකාරයකුත් මට ඒ කලාවෙන් පෙනිණ. ඒ සේරටමත් වඩා සුපර් ස්ටාර් වැනි වෙළඳ ව්‍යාපාර වලින් මතු වූ ගායක ගායිකාවනුත්, දැන් දැන් මල් මල් ආදර ගීත කියන කන්නලව් කටහඬවල් ඇති ජනප‍්‍රිය ගායක ගායිකාවනුත් වෙත නැති අමුතු ගම්බීර කටහඬවල් ද, අපේ මේ ගායක පිරිස වෙතින් අපට ඇසිණ. එසේම ඔවුන් ඔස්සේ අපට හමු වූයේ ප‍්‍රධාන ධාරාවේ චින්තන අච්චුවෙන් පිට පැන සිතන තරුණ කලාකරුවන් එදින මා ලද ප‍්‍රීතිය නිසා මෙම රචනය ලියන්නෙමි.

Page 1 of 3
Body
Background Color
Text Color
Background Image