Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Monday, 08 July 2013 11:37

දීපිකා පඩුකෝන් පොල්ලක් තියයි

Rate this item
(0 votes)
දීපිකා පඩුකෝන් පොල්ලක් තියයි

‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටය දැන් තිරගත වන්නේ සිනමා රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ දීපිකා පදුකෝන් සහ රන්බීර් කපූර්.මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදාක පැවැත්වුණේ ලන්ඩන් නුවර සිනමා ශාලාවකදී. ඒ වෙනුවෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ රන්බීර් කපූර් ඇතුළු අනෙකුත් සියලු දෙනා ම පාහේ සහභාගි වී සිටියත් ප්‍රධාන නිළිය දීපිකා නම් පැමිණ සිටියේ නැහැ. ප්‍රධාන නිළිය නැති චිත්‍රපටයක මංගල දර්ශනය මනාලිය නැති මඟුල් ගෙදරක් වගෙයි. දීපිකාගේ නොපැමිණීම හොඳින් ම මතුවී පෙනුණා.මේ නිසා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු සියල්ලන්ම දැඩි අපහසුතාවකට පත්වුණා.


‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළ මොහොතේදී නම් දීපිකා ප්‍රසිද්ධියේ කීවේ රන්බීර් තමන්ට සුවිශේෂ පුද්ගලයෙකු බවයි. එහෙම නම් ඇය රන්බීර් සහභාගිවූ මේ අවස්ථාවට එක් නොවුණේ ඇයි? මේ ගැන හේතු සොයන්න රන්බීර්ගේ හිතවතුන් පැකි‍ලුණේ නැහැ.ඔවුන්'හේතුව’ ඉක්මනින් ම සොයා ගත්තා.දීපිකා ලන්ඩන් නාවේ කට්රිනා කායිෆ් ලන්ඩන්වල සිටිය නිසාලු.කට්රිනා ලන්ඩන් නුවරට පැමිණ සිටියේ ඇගේ දෙමව්පියන් එක්කයි.

රන්බීර් ලන්ඩන් පැමිණියේ ඔහුගේ මව නීතු කපූර් එක්කයි. කට්රිනා ගේ මේ සංචාරය සිදුවුණේ රන්බීර්ගේ ම 'ප්ලෑන් එකක්’ අනුව විය හැකි යැයි ඔහුගේ මිතුරන් විශ්වාස කරනවා. චිත්‍රපටයේ මංගල දර්ශනය නිමවූ පසුව රන්බීර් මව සමඟ කට්රිනා සහ පවුලේ උදවිය හමුවෙලා. මේ හමුවීම සිදුවුණේ ලන්ඩනයේ සුපිරි අවන්හලකදී.එහි රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණා. මේ සංග්‍රහයේ'ප්‍රධාන දායකයා’ රන්බීර් ඒ මොහොතේ දී අවන්හලට පැමිණි බොහෝ දෙනා රන්බීර් - කට්රිනා ඇතුළු සියලු දෙනාම හැඳින ගෙන තිබෙනවා. ඔවුන් ඉතාම සැහැල්ලුවෙන් කතාබහ කරමින් රාත්‍රී භෝජනය ගන්නා අයුරු දුටු ඔවුන්ගෙන් සමහරෙකු රන්බීර් සහ කට්රිනාගේ ඡායාරූප ගන්නත් උනන්දු වෙලා.

මැදියම් රැයට කිට්ටුවෙද්දී රන්බීර් සහ කට්රිනා ගේ රසික රසිකාවියන් විශාල පිරිසක් ඔවුන් දකින්නට රොද බැඳ ගත් බව පැවසෙනවා. රසිකයන් ගේ පැමිණීම තරමක අපහසුවක් මතු කළත් රන්බීර් - කට්රිනා දෙපාර්ශවයේ ම පවුල්වල උදවිය ඉවසීමෙන් රැඳී සිටියා.

මැදියම් රැය ඉක්මයද්දී කලබලය නැති වුණා. රන්බීර් සහ කට්රිනාට නිස්කලංකව කතා කරන්න ඉඩ ලැබුණා. හැමෝම අවන්හලෙන් නික්මුණේ අලුයම් කාලයේදී ලු.

Image Gallery

{gallery}1638{/gallery}
Read 405 times Last modified on Monday, 08 July 2013 11:50
Body
Background Color
Text Color
Background Image