Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Saturday, 15 June 2013 12:11

කරීනා ට ළමයි එපාලූ

Rate this item
(0 votes)
කරීනා ට ළමයි එපාලූ

කරීනා කපූර් ආසියාවේ සරාගී කාන්තාවන් අතරින් මුල්තැන සිටිනවා ඇය ප‍්‍රසිද්ධ කපූර් පවුලේ සාමාජිකාවක්. අවුරුදු පහක පෙම් සබඳතාවකින් පසුව ඇය සයිෆ් අලිඛාන් සමග පසුගිය වසරේ ඔක්තෝබර් මාසෙ විවාහ වුණා .දෙදෙනාගේ විවාහ ජීවිතයට ගතවී ඇත්තේ මාස 7ක් වැනි කෙටි කාලයක් පමණයි. මේ වනවිට දෙදෙනාම වෘත්තීය ජීවිතයේ කාර්්‍ය බහුලයි. විවාහයෙන් පසු බොහෝ අය බලා සිටින්නේ කරීණා ට මව් පදවිය ලැබෙන්නෙ කවදද කියන එකයි. ඒත් කරීනා මේ සම්බන්ධව ප‍්‍රකාශ කරලා තිබෙන අදහස තරමක් සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගිය බවක් පේන්න තිබෙනවා.

"හැමෝම දැන් මගෙන් අහන්නෙ මම "අම්ම" කෙනෙක් වෙන්නෙ කවදද? සායිෆ් ආයෙමත් "තාත්ත" කෙනෙක් වෙන්නෙ කවදද?’ ඔන්න ඔය ප්‍රශ්න. දැන් මට ඒවා ඇහිලා ඇතිවෙලා . ඔය හැමෝටම මම කියන්නෙ "අම්මා" කෙනෙක් වෙන්න මට අවශ්‍යතාවක් නැහැ කියලයි. සායිෆ්ට නම් ලොකු දරුවො දෙන්නෙක් ඉන්නවා.ඒ නිසා ආයෙමත් දරු සුරතල් බලන්න එයාගෙ කැමැත්තක් නැහැ.”

”අපි දෙන්නා මොඩර්න් කපල් එකක්. අපි වැඩ කරන්නෙ අපිට ඕනෑ හැටියට. අපි,අපේ වෙඩින් එක කිව්වෙත් ටික දෙනෙකුටයි. අපි කිසිම වෙලාවක සම්ප්‍රදායික දේවල් ඒ හැටියෙන්ම පිළිගන්න ලෑස්ති නැහැ. විවාහ වුණාය කියල මමවත් සායිෆ්වත් සිනමාවෙන් ඈත් වෙන්නෙත් නැහැ.

විවාහ ජීවිතය ඒකට බාධාවක් නෙමෙයි. මීට කලින් සිනමාවෙ හිටිය වහීඩා රෙහ්මාන්, ශර්මිලා තාගෝර් වගේ අය විවාහ වුණාට පස්සෙත් රඟපෑවෙ නැද්ද?” කරීනා ප්‍රශ්න කරනවා.

Image Gallery

{gallery}1564{/gallery}
Read 717 times
Body
Background Color
Text Color
Background Image