Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Sunday, 21 April 2013 04:26

ප‍්‍රීටී සින්ටා "වාඩියාව" බදාගෙන...

Rate this item
(0 votes)
ප‍්‍රීටී සින්ටා "වාඩියාව" බදාගෙන...

ඉන්දියන් ප්‍රිමියර් ලීග් හෙවත් අයි. පී.එල්. ක්‍රිකට් වසන්තය නැවතත් උදාවෙලා.මෙහි දස්කම් පාන සමහර ක්‍රිකට් කණ්ඩායම්වල අයිතිකරුවන් වන්නේ බොලිවුඩ් සුපිරු තරු. මේ තරගාවලියට එක්ව සිටින"කිංස් ලෙවන් පන්ජාබ්"ක්‍රිකට් කණ්ඩායමේ සම අයිතිකරුවන් වන්නේ සුරූපී නිළි ප්‍රීටී සින්ටා සහ ව්‍යාපාරික නෙස් වාඩියායි.

මීට වසර කීපයකට කලින් නෙස්, ප්‍රීටිගේ පෙම්වතා වී සිටියා. ඒත් පසුව මේ දෙදෙනා දුරස් වුණා. ඒ වුණත් අයි. පී.එල්. තරගාවලියේ දී මේ දෙදෙනා එකට එකතු වී"කිංස් ලෙවන් පන්ජාබ්"පිලට දිරිය ලබා දෙනවා.

පසුගිය 7 දා පැවැත්වුණු ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ"කිංස් ලෙවන් පන්ජාබ්" පිල ජයග්‍රහණය කර තිබුණා.ඔවුන් එලෙස ජයගෙන තිබුණේ මුල්ම වතාවටයි."පූනේ වොරියර්ස්’ පිල පරාජය කරමින් මෙලෙස ලැබූ ජයග්‍රහණය එහි අයිතිකරුවන් වන ප්‍රීතිටත් නෙස්ටත් සුවිශේෂයි.

ප්‍රීටී ඒ මොහොතේදී නෙස්ව වැලඳගෙන ජයග්‍රහණයෙන් උදම් වූ අයුරු කාටත් දකින්නට ලැබුණා. මේ ගැන දැන් නොයෙක් කටකතා පැතිරිලා. 

"ඕවා පිස්සු කතා. නෙස්ව බදාගත්තම මොනව වෙනව ද? එහෙම කළේ සතුටට. මුල්ම වතාවට අපේ කණ්ඩායම දිනුවාම සතුටු නැද්ද? අපි දෙන්නා මේ ජය බලාපොරොත්තුවෙන් ගොඩක් වැඩ කළා.ඉතින් බලාපොරොත්තු ඉටුවුණාම මට නම් කියාගන්න බැරි සතුටක් ඇතිවුණා.” ප්‍රීටී කියා සිටියා.

මේ සුරූපිනියගේ සිහිනය අයි. පී.එල්. කුසලානය තම පිලට හිමි වනු දැකීමයි. "අපේ කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ අති දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් .විවිධ රටවල ක්‍රීඩකයන් වගේම ඉන්දියානු ක්‍රීඩකයෝත් මෙහි ඉන්නවා.මේ අය හැමෝම ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෝ. මං හිතනවා මේ අයට "කිංස් ලෙවන් පන්ජාබ්"පිල ජයග්‍රහණයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් වේවි ය කියලා.

Image Gallery

{gallery}1342{/gallery}
Read 2631 times
Body
Background Color
Text Color
Background Image