Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
දීපිකා පඩුකෝන් පොල්ලක් තියයි

‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටය දැන් තිරගත වන්නේ සිනමා රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ දීපිකා පදුකෝන් සහ රන්බීර් කපූර්.මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදාක පැවැත්වුණේ ලන්ඩන් නුවර සිනමා ශාලාවකදී. ඒ වෙනුවෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ රන්බීර් කපූර් ඇතුළු අනෙකුත් සියලු දෙනා ම පාහේ සහභාගි වී සිටියත් ප්‍රධාන නිළිය දීපිකා නම් පැමිණ සිටියේ නැහැ. ප්‍රධාන නිළිය නැති චිත්‍රපටයක මංගල දර්ශනය මනාලිය නැති මඟුල් ගෙදරක් වගෙයි. දීපිකාගේ නොපැමිණීම හොඳින් ම මතුවී පෙනුණා.මේ නිසා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු සියල්ලන්ම දැඩි අපහසුතාවකට පත්වුණා.


‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළ මොහොතේදී නම් දීපිකා ප්‍රසිද්ධියේ කීවේ රන්බීර් තමන්ට සුවිශේෂ පුද්ගලයෙකු බවයි. එහෙම නම් ඇය රන්බීර් සහභාගිවූ මේ අවස්ථාවට එක් නොවුණේ ඇයි? මේ ගැන හේතු සොයන්න රන්බීර්ගේ හිතවතුන් පැකි‍ලුණේ නැහැ.ඔවුන්'හේතුව’ ඉක්මනින් ම සොයා ගත්තා.දීපිකා ලන්ඩන් නාවේ කට්රිනා කායිෆ් ලන්ඩන්වල සිටිය නිසාලු.කට්රිනා ලන්ඩන් නුවරට පැමිණ සිටියේ ඇගේ දෙමව්පියන් එක්කයි.

රන්බීර් ලන්ඩන් පැමිණියේ ඔහුගේ මව නීතු කපූර් එක්කයි. කට්රිනා ගේ මේ සංචාරය සිදුවුණේ රන්බීර්ගේ ම 'ප්ලෑන් එකක්’ අනුව විය හැකි යැයි ඔහුගේ මිතුරන් විශ්වාස කරනවා. චිත්‍රපටයේ මංගල දර්ශනය නිමවූ පසුව රන්බීර් මව සමඟ කට්රිනා සහ පවුලේ උදවිය හමුවෙලා. මේ හමුවීම සිදුවුණේ ලන්ඩනයේ සුපිරි අවන්හලකදී.එහි රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණා. මේ සංග්‍රහයේ'ප්‍රධාන දායකයා’ රන්බීර් ඒ මොහොතේ දී අවන්හලට පැමිණි බොහෝ දෙනා රන්බීර් - කට්රිනා ඇතුළු සියලු දෙනාම හැඳින ගෙන තිබෙනවා. ඔවුන් ඉතාම සැහැල්ලුවෙන් කතාබහ කරමින් රාත්‍රී භෝජනය ගන්නා අයුරු දුටු ඔවුන්ගෙන් සමහරෙකු රන්බීර් සහ කට්රිනාගේ ඡායාරූප ගන්නත් උනන්දු වෙලා.

මැදියම් රැයට කිට්ටුවෙද්දී රන්බීර් සහ කට්රිනා ගේ රසික රසිකාවියන් විශාල පිරිසක් ඔවුන් දකින්නට රොද බැඳ ගත් බව පැවසෙනවා. රසිකයන් ගේ පැමිණීම තරමක අපහසුවක් මතු කළත් රන්බීර් - කට්රිනා දෙපාර්ශවයේ ම පවුල්වල උදවිය ඉවසීමෙන් රැඳී සිටියා.

මැදියම් රැය ඉක්මයද්දී කලබලය නැති වුණා. රන්බීර් සහ කට්රිනාට නිස්කලංකව කතා කරන්න ඉඩ ලැබුණා. හැමෝම අවන්හලෙන් නික්මුණේ අලුයම් කාලයේදී ලු.

"චෙන්නායි එක්ස්ප‍්‍රස්" යූ ටියුබය කඩං යයි

බොලිවුඞ් සිනමාව ට ශාරුක් යනු ඉල්ලමකි .ශාරුක් ටද බොලිවුඞ් සිනමාව ඉල්ලමකි .මේ සහ සබැඳියාව මැනවින් යළිත් වතාවක් සනාථ කරමින් අගෝස්තු මස 08 වන දින සිට තිරගතවීමට නියමිත "චෙන්නායි එක්ස්ප‍්‍රස්" සිනමාපටයේ පූර්වප‍්‍රචාරක පටය මේ වනවිට ලක්‍ෂ 21 කට අධික යූටියුබ් පේ‍්‍රක්‍ෂක පිරිසක් නරඹා ඇත. මෙය යූ ටියුබයට මුදාහැර ඇත්තේ පසුගිය ජූලි මස 13වන දිනය. මෙය ක‍්‍රියාදාම හා හාස්‍ය මුසු වූ සිනමාපටයකි .මෙය රෝහිත ෂෙට්ටිගේ අධ්‍යක්‍ෂණයකි .මෙහි ශාරුක් සමග දීපිකා පදුකෝන් ප‍්‍රධාන චරිතය රගපානු ලබන අතර මෙය දීපිකා පදුකොන් සහ ශාරුක් පෙම්වතුන් ලෙස රගපාන දෙවන චිත‍්‍රපටයද වේ. මෙයට පෙර ද වාර්ථා තැබූ " ඕම් ශාන්ති ඕම් " හි මේ දෙදෙනා රංගනයෙන් දායක වී තිබිණ. "ඔම් ශාන්ති ඕම්" දීපිකා ප‍්‍රධාන චරිතයකට පණ පෙවූ පළමු නිර්මාණය ද වේ. එමෙන්ම ශාරුක් සහ දීපිකා රෝහිත් ෂර්මා සමග සම්බන්ධ වන ප‍්‍රථම සිනමා පටය මෙම "චෙන්නායි එක්ස්ප‍්‍රස්" ය.

කරීනා ට ළමයි එපාලූ

කරීනා කපූර් ආසියාවේ සරාගී කාන්තාවන් අතරින් මුල්තැන සිටිනවා ඇය ප‍්‍රසිද්ධ කපූර් පවුලේ සාමාජිකාවක්. අවුරුදු පහක පෙම් සබඳතාවකින් පසුව ඇය සයිෆ් අලිඛාන් සමග පසුගිය වසරේ ඔක්තෝබර් මාසෙ විවාහ වුණා .දෙදෙනාගේ විවාහ ජීවිතයට ගතවී ඇත්තේ මාස 7ක් වැනි කෙටි කාලයක් පමණයි. මේ වනවිට දෙදෙනාම වෘත්තීය ජීවිතයේ කාර්්‍ය බහුලයි. විවාහයෙන් පසු බොහෝ අය බලා සිටින්නේ කරීණා ට මව් පදවිය ලැබෙන්නෙ කවදද කියන එකයි. ඒත් කරීනා මේ සම්බන්ධව ප‍්‍රකාශ කරලා තිබෙන අදහස තරමක් සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගිය බවක් පේන්න තිබෙනවා.

බිල්ගේට්ස් අමීර් හමුවීමට එයි

අමීර් ඛාන් උපන්නේ 1965 මාර්තු මස 14වන දින දීය ඔහු බොලිවුඩයේ සුපිරි තරුවක වන්නේ එක රැුයකින් නොවේ ඔහු රංගනයට ප‍්‍රවිශ්ඨ වන්නේ 1973 දී ළමා නළුවෙකු ලෙසය ඒ ඔහුගේ ඥාතියෙකු වූ නෂීර් හුසේන් ගේ යාදෝන්කි බාරත් හි ළමා නළුවෙකු ලෙස රගපාමිණි ඔහු එඑකල තරගකාරී බොලිවුඩයේ දැවැන්තයන් අතර ලිලිපුට්ටෙකු මෙන් විය එහෙත් ඔහුගේ දක්‍ෂතාවන් සහ කැපවීම තුළින් වර්තමානයේ බොලිවුඩයේ සුපිරි නළු වෙකු පමණක් නොව සම්මානණීය අධ්‍යක්‍ෂවරයෙක් නිෂ්පාදක වරයෙක් බවට පත්ව තිබේ එමෙන්ම අමීර් ඛාන් තුළ ඇති සුවිශේෂී මානව දයාව හේතුවෙන් ඔහු ක‍්‍රියාත්මක කරගෙන යන ඉන්දියාණු දරුවන් නගා සිටවීමේ වැඩ පිලිවෙළ සම්බන්ධව ඔහුට ඉන්දිය ජනතාවගේ ගෞරවයත් ආදරයත් ලැබී තිබේ අමීර් ඛාන් තම ජනප‍්‍රියත්වය සහ ඒ තුලින් ගොඩ නැගී ඇති බලය යොදවන්නේ කෝටි ගණනක් ජනතාවක් වෙසෙන දරිද්‍රතාවයෙන් සහ සෞඛ්‍ය පහසුකම් අහිමි ජනතාවගේ සුබ සිද්ධීය උදෙසාය අමීර් ඛාන් බුද්ධිය මෙහෙයවා ක‍්‍රියා කරණ නළුවෙකු ලෙස ඉන්දියානු මාධ්‍ය පවසයි ඒ නිසාම අමීර් ඛාන් පිළිබඳව ලොව ප‍්‍රභල පුද්ගලයෙකුගේ අවධානය යොමුව තිබූ බව පසුගිය දා ඉන්දියානු මාධ්‍ය වාර්ථා කර තිබිණී.

කාජල්ට ලන්ඩනයෙන් මාළිගාවක්

අජේ දේව්ගන් සහ කාජල් බොලිවුඩ් සිනමාවෙ ජනප‍්‍රිය චරිත දෙකක්. මේ දෙන්නගෙ පවුල හතර දෙනෙක් වෙලා මේ හතර දෙනාට සුවසේ ජීවත් වීම ට මේ දිනවල අජේ වෙහෙසෙන්නේ එංගලන්තයෙන් අංග සම්පූර්ණ නිවෙසක් මිලදී ගන්නයි. පසුගිය සතියේ මේ දෙදෙනා දරු දෙදෙනාත් සමඟ ලන්ඩන් නුවර සංචාරයකට පිටත්ව ගියේත් ඒ අරමුණෙන්. මේ සංචාරය ගැන වගතුග දන්නා අය කියන්නේ ඔවුන් සිව්දෙනා මාසයක පමණ කාලයක් ලන්ඩන්නුවර ගත කරනු ඇති බවයි. මේ කාලයේදී තමන් ඇතුළු පවුලේ හැමටම ගැළපෙන අන්දමේ නිවෙසක් සොයන්නට අජේ උත්සුක වනු ඇතැයි ද පැවැසෙනවා. මේ වනතුරු නම් අජේගේත් කාජල්ගේත් සිත් ගත් නිවෙසක් ලැබිලා නැතිලු. දෙදෙනාගේ උත්සාහය ලන්ඩන් නුවර ඉදිකර ඇති සුවිසල් නිවෙසක් මිලදී ගැනීම බවයි ආරංචි.සමහර විට එය මාලිගාවක් විය හැකි යැයි ද පැවසෙනවා.

සංජය දත් ට ගෙදරින් කෑම තහනම්

නීතිය සැමට එක සමාන බව පසක් කරමින් ඉන්දියාවේ සුපිරි නළු සංජය දත් ගේ ඉහළ උසාවියෙන් කරණ ලද ඉල්ලීමද නිෂ්ප‍්‍රභා කරමින් ඔහුට සිරගතවීම අනිවාර්්‍ය කළේය . එපමණක් නොව සංජය දත් ට නිවසින් පිසින ලද ආහාර ගෙන ඒම සපුරා තහනම් කරන ලදී. සංජය දත් පුනේ හි Yerawada Central prison හි සිරගත කොට ඇත.

කමලා හසන් දියණිය ගනිකා වෘත්තියට

ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන කමලා හසන්ගේ දියණිය ශුති රාජලක්‍ෂමී හසන් ඉන්දියානු රංගන ශිල්පිණියක ලෙසත්, ගායිකාවක ලෙසත්, සංගීත සංයෝජිකාවක් ලෙසත් වඩාත් ජනප‍්‍රිය ය.ඇය ගේ නවතම සිනමා පටයෙහි ඇය ආන්දෝලනාත්මක චරිත රංගනයකට ප‍්‍රවිශ්ටව තිබේ. ඇය සිය රංගන ජීවිතයේ විවිධාකාර චරිත රගපෑමට ඉමහත් කැමැත්තක් දක්වන්නියකි. ඇය ගේ නවතම චිත‍්‍රපටය පසුබිම් වී ඇත්තේ කරච්චියේ ජීවත්වන ලිංගික ශ‍්‍රමිකයන් පාදක කරගත් චිත‍්‍රපටයකි.

හැම්ලට් කුමරු බොලිවුඩයෙන් මතුවෙයි

ෂේක්ස්පියර්ගේ "හැම්ලට්" ලොව සිනමා කරුවෝ කිහිප වතාවක්ම සිනමාවට ගෙන ආ අතර ලෝකය පුරා වේදිකා නාට්‍ය නිර්මාණ කරුවෝද "හැම්ලට්" වේදිකාවටද ගෙන ආවේය. "හැම්ලට්" ඒ තරමටම ජනප‍්‍රිය ගති ලක්‍ෂණ වළින් යුක්ත විය. ෂේක්ස්පියර් "හැම්ලට්" ලියන්නේ 1599 වැනි කාලයකය. එය ඩෙන්මාර්ක් කුමරුගේ ඛේදවාචකය ලෙස හඳුන්වයි.

සනී ලියෝන් ට ස්ත‍්‍රී දූෂණ චෝදනා

ඉන්දියාවෙන් වරින් වර අහන්න ලැබෙන්නේ සිත් කම්පා කරවන ආරංචි.මේ අතරින් වඩාත් මතුවී පෙනෙන්නේ එරට යුවතියන්ට, කුඩා දැරියන්ට සිදුවන ලිංගික අතවර.මේ අපරාධ සිදුවීමට ප්‍රධානම හේතුව ඉන්දියාව තුළ වෙන කවරදාටත් වඩා අසභ්‍ය චිත්‍රපට නැරැඹීමේ ඉඩකඩ වැඩිවීම යැයි බොහෝ දෙනා චෝදනා කරනවා. මේ වන විට බොලිවුඩ් සිනමාව තුළට පවා ලිංගිකත්වය උලුප්පා පෙන්වන චිත්‍රපට කාන්දු වෙන්නට පටන් ගෙන තිබෙනවා.මෙවැනි චිත්‍රපටවල රඟන නළු නිළියන්ට ද දැන් චෝදනා එල්ල වෙලා.

ජානකී , ෂාරුක් ඛාන්" එළුවෙක් "කරයි?

බොලිවුඩයේ සිදුවන්නේ අරුම පුදුම මෙන්ම ආශ්චර්යමත් දේය. සිනමාකරුවෝ මේ ආශ්චර්ය සිනමාව තුළින් ඇති කරන්නේ ඉන්දියාවේ අති මහත් රසික පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවක් සිනමාව වෙත ග‍්‍රහණය කොට තබා ගැනීම පිණිසය. මේ වෙනුවෙන් ඔවුන් විවිධ උපක‍්‍රම භාවිතා කරති.

Page 1 of 3
Body
Background Color
Text Color
Background Image