Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Print this page
Monday, 08 July 2013 10:27

කාන්තාවෝ රාමුවෙන් පිට

Rate this item
(0 votes)
කාන්තාවෝ රාමුවෙන් පිට

Women - Out of the frame ජූලි 05 දින ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය ජූලි 10 දක්වා කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේ දී පැවැත්වේ.

ඡායාරූප ශිල්පී මැණිකා වැන්ඩපූටන් විසින් ශ්‍රී ලංකා සාම මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද කාන්තාව පිළිබඳ මෙම නව ආරක ඡායාරූප ව්‍යාපෘතිය සහ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව පුරා සිටින සහ දිවයිනෙන් එපිට වෙසෙන වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන් 45 කගේ නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීමට සැකසුණු අවස්ථාවකි.

මෙම ඡායාරූප ශිල්පීන්, වෙනස්ම අයුරකින් ගැහැනිය දැකිමට දරණ දෘෂ්ටිකෝණයේ වෙනස මෙම ප‍්‍රදර්ශනයෙන් දැකගැනිමට හැකිවේ. 

මෙහි අරමුණ ශ්‍රී ලංකික ඡායාරූප ශිල්පීන්ට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වල පොදුවේ දක්නට ලැබෙන ගැහැනිය පිළිබඳ සාම්ප්‍රදායික, ද්‍රව්‍යයක් හෝ වස්තුවක් ලෙස ඇය අර්ථකතනය කෙරෙන පොදු අර්ථකතනයට ඔබ්බෙහි වන රූපාවලියක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැළසීමයි. දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ඡායාරූප ඉදිරිපත් කර ඇත. 

ප්‍රදර්ශනය විවෘත කිරීමට සමගාමීව ප්‍රදර්ශනයේ නාමාවලිය සහිත අත්පොතක් සහ www.outofthrframe.lk වෙබ් අඩවිය විවෘත කිරීමද සිදු කෙරිණ. 

මෙම ප්‍රදර්ශනය නෝවීජියානු තනාපති කාර්යාලය, ජාතික සාම මණ්ඩලය සහ ගොතේ ආයතනයේ (Goethe Institute) හි දායකත්වයෙන් පැවත්වේ.

සටහන සහ ජායාරූප- හර්ෂණී පෙරේරා

Image Gallery

{gallery}1634{/gallery}
Read 198 times