Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Friday, 21 June 2013 08:47

'සිත්තරු අඳි රූ ප‍්‍රදර්ශණය 2 '

Rate this item
(0 votes)
'සිත්තරු අඳි රූ ප‍්‍රදර්ශණය 2 '

ජාතික චිත‍්‍රකතා පදනමේ චිත‍්‍රකලා ශිල්පීන් 80 දෙනෙකුගේ පමණ චිත‍්‍ර ඇතුළත් චිත‍්‍ර ප‍්‍රදර්ශණයක් "සිත්තරු අඳි රූ 2" නමින් 2013 ජූනි මස 27, 28 ,29 ,30 යන සිව්දින තුළදී කොළඹ ලයනල්වෙන්ට් කලාගාරයේදී පැවැත්වේ.

ලංකාවේ බිහි වූ, චිත‍්‍රකතා ශිල්පීන්ගේ එකම එකමුතු ව වන ජාතික චිත‍්‍රකතා පදනම මෙම ප‍්‍රදර්ශණය සංවිධානය කරණු ලබයි මෙම ප‍්‍රදර්ශණය සඳහා චිත‍්‍ර කතා ශිල්පීන්ගේ චිත‍්‍ර 200 පමණ ප‍්‍රදර්ශණය කෙරෙණු ඇත. මෙම ප‍්‍රදර්ශණයට සමගාමීව ටෝක්ස් ඇන්ඞ් ජෝක්ස් නමින් මාසික කෙටි චිත‍්‍රකතා සංග‍්‍රහයක් එළි දැක්වීමට ද කටයුතු සම්පාදනය කර තිබේ

මෙම චිත‍්‍රකතා සංග‍්‍රහය ජාතික චිත‍්‍රකතා පදනමේ ශිල්පීන්ගේ නිර්මාණ දායකත්වයෙන් නිර්මාණය වන අතර මෙය පවුලේ සියළු දෙනාටම එකට රසිවිඳිය හැකි නිර්මාණයකි. චිත‍්‍ර ප‍්‍රදර්ශණයේ සමාරම්භක උළෙල 2013 ජූනි මස 27දා සවස 4.30ට ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වේ.

Image Gallery

{gallery}1582{/gallery}
Read 450 times Last modified on Friday, 28 June 2013 17:09
Body
Background Color
Text Color
Background Image