Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
කාන්තාවෝ රාමුවෙන් පිට

Women - Out of the frame ජූලි 05 දින ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය ජූලි 10 දක්වා කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේ දී පැවැත්වේ.

ඡායාරූප ශිල්පී මැණිකා වැන්ඩපූටන් විසින් ශ්‍රී ලංකා සාම මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද කාන්තාව පිළිබඳ මෙම නව ආරක ඡායාරූප ව්‍යාපෘතිය සහ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව පුරා සිටින සහ දිවයිනෙන් එපිට වෙසෙන වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන් 45 කගේ නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීමට සැකසුණු අවස්ථාවකි.

'සිත්තරු අඳි රූ ප‍්‍රදර්ශණය 2 '

ජාතික චිත‍්‍රකතා පදනමේ චිත‍්‍රකලා ශිල්පීන් 80 දෙනෙකුගේ පමණ චිත‍්‍ර ඇතුළත් චිත‍්‍ර ප‍්‍රදර්ශණයක් "සිත්තරු අඳි රූ 2" නමින් 2013 ජූනි මස 27, 28 ,29 ,30 යන සිව්දින තුළදී කොළඹ ලයනල්වෙන්ට් කලාගාරයේදී පැවැත්වේ.

"උන්මීලන" චිත‍්‍ර ප‍්‍රදර්ශණය 14දා

දිනූෂා උත්පලා උපසේනගේ ' උන්මීලන" නමින් වූ චිත‍්‍ර ප‍්‍රදර්ශණය මෙම මස 14 වන දින සවස5.00 ට කොළඹ 07 ලයනල් වෙන්ඞ්ට් ගැලරියේදී ප‍්‍රදර්ශණය ආරම්භ වේ. මෙම "උන්මීලන" සිතුවම් ප‍්‍රදර්ශණය මෙම මස 14වන දින සිට 16වන දින දක්වා පැවැත්වේ.

'ඉරක් ඇන්දත් හැඩැති දෙන්නෙක්’

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ'ආර්ට් එකේ අපි’ එකමුතුවෙන් ඉදිරිපත් කරන'ඉරක් ඇන්දත් හැඩැති දෙන්නෙක්’ නම් අනුරලා දෙදෙනාගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය ජූනි මස 04, 05,06 තෙදින පුරා පෙ. ව.9.00 සිට ප. ව. 5.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වේ.

ජනප්‍රිය වෙනව නම් ජනප්‍රිය වෙයි

චිත්‍ර කලාව වූ කලි අනෙකුත් කලා මාධ්‍යයන් අතර හමුවන සුවිශේෂී කලා මාධ්‍යයකි‍. එය ඉතා සියුම් වූවත් ප්‍රබල ප්‍රකාශන ශක්තියකින් යුත් කලා මාධ්‍යයකි. අතීතයේ පටන් එහි හැඩ හුරුකම් නොයෙක් ආකාරයට පරිණාමය වී අද වන විට එහි කලාත්මක සීමාවන් ද ප්‍රකාශන ශක්තිය ද දාර්ශනික තලයක ක්‍රියාත්මක වේ. අද අපගේ සංලාපයට එක්වන ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්.ඒ.කරුණාරත්නයන් ශ්‍රී ලාංකේය බෞද්ධ චිත්‍රයට නව දාර්ශනික පසුබිමක් නිර්මාණය කර දුන් කලාකරුවෙකි.සිය නිර්මාණ වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් හිමි කරගත් ඔහු සෞන්දර්යය විශ්වව්ද්‍යාලයේ චිත්‍ර අංශයේ ප්‍රමුඛ ආචාර්යවරයෙකි.

PAPER ART
Friday, 10 May 2013 10:02

PAPER ART

ලංකාවෙන් එතෙරට ගොස් තම නිර්මාණ කුශලතාව වැඩි දියුණු කර ගන්නට බොහෝ තරුණ නිර්මාණ කරුවන්ට ඇත්තේ දැඩි උනන්දුවකි අතීතයේදී මෙන් නොව වර්තමානයේ ලොව ඕනෑම විශ්ව විද්‍යාලකට ගොස් තම අධ්‍යාපණ කටයුතු සාර්ථක කරගන්නට ලැබෙන අවස්ථාවන් බොහෝය අසාරා මධුවන්ති කොළඹ යශෝදරාවේ අපොස සාපෙළ සහ උසස් පෙළ හදාරා ඔස්ටේ‍්‍රලියාවේ Digital Media at the University of Wollongong, විශ්වවිද්‍යාලයේ සිය උපාධිය හමාර කොට සිටින්නියකි. අසාරා අපූරු කලා නිර්මාණ විෂයක් වූ paper artwork සඳහා දක්‍ෂතා දක්වන යොවුන් නිර්මාණ කාරියකි. ඇය මෙම කලාව සම්බන්ධයෙන් වැඩි දුරටත් සිය කාලය කැප කරමින් හදාරන්නට සූදානමින් සිටී .ඇයට මෙම නිර්මාණ විෂය සඳහා මූලික පෙළඹවීම ඇතිව ඇත්තේ Ingrid Siliakus නිසාය. ඇය යටතේ අසාරා මේ පිළිබඳව අධ්‍යනයක යෙදෙන අතර ඇයගේ විශ්වවිද්‍යාලයේ ඇය මෙමpaper artwork නිර්මාණ ප‍්‍රදර්ශණයක් පවත්වා ඇත. අසාරාගේ අරමුණ වන්නේ ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය සහ ඵෙතිහාසික උරුමයන් ලෝකය වෙත මෙම paper artwork මාධ්‍ය ඔස්සේ ප‍්‍රචලිත කිරීමටය .අනාගතයේදී අසාරා මෙම නිර්මාණ එකතුව ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයකින් ලෝකය හමුවට ගෙන ඒමට ද අපේක්‍ෂා කරයි.

චාල්ස් දයානන්ද චිත්‍ර ප්‍රදර්ශනය 12 දා සිට

චිත්‍ර ශිල්පි චාල්ස් දයානන්ද විසින් මෙහෙයවනු ලබන පේරාදෙණියේ නව චිත්‍රාගාරය සහ අඛණ්ඩ චිත්‍ර ප්‍රදර්ශනය මැයි 12 වැනිදා පෙරවරු 10.30 ට පේරාදෙණිය කොළඹ පාරේ අංක 345 දරන ස්ථානයේදී විවෘත කෙරේ.

නිශාන්‍යා ගෙ  "පියවර" ඇරඹෙයි

යොවුන් චිත්‍ර ශිල්පිනි නිශාන්‍යා ගුණරත්න ගේ මංගල චිත්‍ර දැක්ම"පියවර" නමින් 28 -29 දිනවල කොළඹ ජාතික කලා භවනේ දී පැවැත්වේ.

ලංකා කලා සංගමයේ චිත්‍ර කලා පාසලේ සිසුවියක් වන නිශාන්‍යාගේ චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධානය හා අනුග්‍රහය ලංකා කලා සංගමය විසින් දරනු ලබයි.

කෙල්වින් ඔකාෆර්’පැන්සල් Art

මෙහි දැක්වෙන ජීවමාන පින්තූර දෙස බැලූ කල, ඒවා නිර්මාණය කරන්නට ඇත්තේ කිනම් ආකාරයකින් කියා ඔබ සිතන්නේ ද ? මිල අධික කැමරාවකින්, අවසන් දශමය දක්වා සියුම් වූ නිරවද්‍යතාවයෙන් යුතුවූ ඡායාරූප ගැනීමට සමත් කාචයක්ද ආධාරයෙන්, දිගුකාලයක් පුරා ඉතා කැපවීමෙන් යුතුව සිදු කරන ලද පුහුණුවීම් වලින් පන්නරය ලැබූ අති දක්ෂ ඡායාරූප ශිල්පියෙකු විසින් ගනු ලැබූ ඡායාරූප බවට ඔබ නිගමනය කළාට සැකයක් නැත. නමුත් සැබෑව එය නොවේ. ඒ මි වයින්හවුස්’, ‘තෙරේසා මව්තුමිය’, ‘ඩයනා කුමරිය’, ‘රිහානා’, දැක්වෙන මෙම ජීවමාන පින්තූර, සැබැවින්ම බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ ‘කෙල්වින් ඔකාෆර්’ විසින් පැන්සල ආධාරයෙන් පමණක් ඇඳි සිතුවම්ය.

තාත්විකත්වයද පරදන නියාවෙන්, පියවි ඇසට පවා එකවර ග්‍රහණය කර ගත නොහැකි ඉතාම සියුම් අංගලක්ෂණ පවා පැන්සල් තුඩින් මනහර ලෙස මතු කරමින් ඇඳි මෙම චිත්‍රවල කිසිදු ආකාරයකින් ඩිජිටල් මවාපෙන්වීමක් හෝ උපක්‍රමයක් භාවිතා කොට නොමැති මුත්, ඒවා දෙස විමසිල්ලෙන් බලන්නෙකුට වුවද, පැන්සල් පහරක සලකුණකුදු හෝ දැක ගත නොහැකි වීම මෙම සිතුවම්වල ඇති අනෙක් සුවිශේෂීත්වයයි.

මිතුරන් සමග සාද පවත්වමින්, විනෝදවෙමින් මිතුරු ඇසුර පිරිවරා ගත් සමාජශීලී චරිතයක් බවට පත්වීමට තරම් වත්කමක් නොතිබිම නිසාවෙන්, යෞවන අවධියේ සිට සිය හුදකලා ලෝකයේ තනිකම මකා දැමීමේ අරමුණින් සිතුවම් කිරීම ඇරඹූ ඔකාෆර්ගේ ජීවිත කතාව ඔහුගේ චිත්‍ර තරම්ම සංවේදී වූවකි. උතුරු ලන්ඩනයේ ටොටන්හැම් නුවර පිහිටි සිය නිවෙසට වී සිය පාළුව, තනිකම මකා දැමීමට චිත්‍ර ඇඳි විසිහත් හැවිරිදි ‘ඔකාෆර් අද වන විට සිය ජීවිතයේ වාසනාවත්. ප්‍රසිද්ධියත් සොයා යෑමේ මාර්ගයට අවතීර්ණවී හමාරය. පසුගිය දිනකදී ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ පැවැති ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනයකදී, පවුම් දසදහසක් වැනි ඉහළ මිල ගණන්වලට අලෙවි වූ ඔහුගේ ජීවමාන සිතුවම් මීට කදිම නිදසුනක් ...

එමෙන්ම පසුගිය සතියකදී, තමා විසින් ඇඳි ජෝර්දානයේ හුසේන් රජුගේ ආ‍ලේඛ්‍ය රුවක් රජු ගේ වැන්දඹුව වූ ‘නූර්’ රැජිණට ප්‍රදානය කිරීමට තරම් භාග්‍යවන්ත විය. එක් සිතුවමක් නිම කිරීම සඳහා පැය 80-100ත් අතර කාලයක් අනලස්ව වැය කරන ඔකාෆෝර්ගේ චිත්‍රයක් පවුම් 800-3,000 අතර මිල ගණන්වලට අලෙවි කෙරෙනුයේ ඒ සඳහා සිදු කරන කැපවීමේ ප්‍රමාණය මතයි.

සිතුවමක් සඳහා වැය කෙරෙන අසීමිත කාලය නිසාම ඡායාරූප ආදර්ශය ලෙස යොදා ගනිමින් ස්වාභාවිකත්වය ඉක්ම වූ තාත්විකත්වයකින් යුතුව ජීවමාන සිතුවම් ඇඳීමේ නිරත වන ඔකාෆර් ආ‍ලේඛ්‍ය රුවක් සිත්තම් කිරීමට ප්‍රථම, විවිධ දෑ කෝණයන්ගෙන් ඡායාරූපයේ දැක්වෙන පුද්ගල රුව විශ්‍ලේෂණය කිරීම සඳහා පැය කිහිපයක සිට දින කීපයක් වුවද ගත කිරීම ඔහුගේ සාමාන්‍ය පිළිවෙතයි.

සිතුවමේ දෑස්වලින් පටන් ගෙන, මුහුණේ කොටසින් කොටස සිත්තම් කිරීමේදී ආරම්භයේදී නොකඩවාම පැය පහක්ද, පැය භාගයක විවේකයකින් පසු යළිත් පැයක් ද ආදී ලෙස සිතුවම් කරන ඔකාෆර් පවසනුයේ දැඩි කැපවීමෙන් යුතුව වැඩකිරීමේ පුරුද්ද තමාටත් තම සොහොයුරා හා සොයුරියන් දෙදෙනාට උරුම වන ලද්දේ සිය දෙමාපියන්ගෙන් බවයි. නයිජීරියාවේ සිට සිය දරුවන් බ්‍රිතාන්‍යය කරා ගෙන ඒමට ඔකාෆර් යුවළ කටයුතු කොට ඇත්තේ තමන්ට උරුම නොවූ වරප්‍රසාද ලත් ජීවිතය තම දරුවන්ට හෝ ලබා දීමේ ච්ෙතනාවෙනි. තම දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට යුහුසුළු වූ ඔකාෆර්ගේ දෙමව්පියන්, ඇල්ෆ්‍රඩ් හිච්කොක්, ශ්‍රීමත් ජෝර්ජ් මාටින් වැනි ශ්‍රේෂ්ඨයන් සිප්සතර හැදෑරූ එන්ෆීල්ඩ් හි පිහිටි පළමු පෙළැන්තියේ ජේසුයිට් පාසලත් වූ ඉග්නේෂස් විද්‍යාලයට ඔහුව ඇතුළු කරන ලදී.

සිය දෙමව්පියන්ගේ බලා‍පොරොත්තු වෙනුවෙන් කැප වූ ඔකාෆර් සිය සම වයසේ සගයන් මෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය ඇසුරේ ජීවිතයේ සතුට සොයා යාමට උත්සහ කළේ නැත. සාර්ථක ලෙස පාසල් අධ්‍යාපනය නිම කොට මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔකාෆර් සතුට සැනසුම සොයා යන ලද්දේ චිත්‍රකර්මය තුළය. අද වන විට ඔහුගේ ජීවිතයේ පරම සැපත වී ඇත්තේ තම සාර්ථකත්වය හමුවේ සිය දෙමාපියන් ලබන සතුට හා උද්දාමයයි.

ජීවිතයේ කිසිදිනක නොහැඬූ ඔකාෆර්ගේ පියා පසුගිය දිනකදී ඔකාෆර් පිළිබඳව බි.බි.සී. පුවත් සේවයේ විකාශය වූ වැඩසටහනක් නරඹා සතුටු කඳුළු හෙළුවේය. සිය දෙමාපියන්ගේ මුවඟට සිනා රොදක් ගෙන ඒමත් නෙතට සතුටු කඳුළු ගෙන ඒමත් තම ජීවිතයේ ලද විශාලම ජයග්‍රහණය බව ඔකාෆර්ගේ අදහසයි.

ජගත් කොස්මෝදරගේ චිත්‍ර ප්‍රදර්ශනය 05දා

චිත්‍ර ශිල්පී ජගත් කොස්මෝදරගේ පළමු දිය සායම් චිත්‍ර ප්‍රදර්ශනය 'තම්බසංචාරය 'මෙම මස 05, 06, 07 දිනයන්හි කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී පැවැත්වේ.

Page 1 of 3
Body
Background Color
Text Color
Background Image