Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
'රන් දිවයින’ ගී සරණිය 12දා එළිදැක්වෙයි

නිරංජලා සරෝජිනී සහ අබේවර්ධණ බාලසූරිය යනු ලාංකේය ගායන ක්‍ෂෙත‍්‍රයේ සිටි දක්‍ෂ සහ අපූර්ව ගීත රැසක් සිය සහෘදයනට ඉතිරි කරන ලද ගායක දෙපලකි. අබේ නිරංජලා යුවළ කලකට පෙර ගැයූ දේශාභිමානි ගී සරණිය 'රන් දිවයින’ නමින් 12 සවස 4.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එය එළි දැක්වේ. නිරංජලා අබේවර්ධන මෙලොවින් සමුගත් දා සිට සිය ගායන ජීවිතයට ද ආයුබෝවන් කිව්වෙ සැමියාගේ වියෝවෙන් පසු ගී නොගැයීමට ගත් තීරණයත් සමගය.

නිෂ්පාදකට ලක්ෂ පනස් හතක් පාඩුයි

සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වන අමුතු මිනිස්සු අමුතුම මාදිලියේ ටෙලි නාට්‍යයකි.ඉතා අවධානයෙන් නැරැඹිය යුතු මේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය රොෂාන් කුරුප්පු නම් අධ්‍යක්ෂවරයාගේයි. 2003 වර්ෂයේදී ආදරණීය අම්මා ටෙලි නිර්මාණය ඔස්සේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට පණ පොවන ඔහු මේ වන විට "මිහිදුම් සෙවනැලි","වැටෙන් එහා","බාලොලි’ ආදී නිර්මාණ කිහිපයක්ම පුංචි තිරයට රැගෙන පැමිණි අයෙකි. මේ පැමිණි ගමනේ දී හේ OCIC සම්මාන උළෙලේදී හොඳම සහාය අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ලැබීමට තරම් වාසනාවන්ත වෙයි.මේ පෙළ ගැසෙන්නේ ඔහුගේ අලුත්ම ටෙලි නිර්මාණය පිළිබඳ රොෂාන් කුරුප්පු සමඟ කළ කතාබහකි.

වනජීවී ජායාරූප ප‍්‍රදර්ශණය 12දා

ජායාරූප අපේ ජීවිතයේ අමතක නොවන මතක සටහන් ඉතිරි කරණ චමත්කාර ජනක, ආශ්වාදනය කළ හැකි අපූරු කලාවකි .විවිධ ජායාරූප ශිල්පීන් අතර වඩාත් සුවිශේෂී ජායාරූප කලාවක් වනුයේ වනජීවි ජායාරූප කලාවයි. ඉවසීම ප‍්‍රගුණ කළයුතු මෙන්ම, ක්‍ෂණිකව සොබාධහම සිය ඇගිලිතුඩින් උකහාගතයුතු කලාවකි වනජීවී ජායාරූප කලාව.

Fashion Bug විලාසිතා දැක්මක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ නිමි ඇගලූම් ප‍්‍රදර්ශනාගාර ජාලයක් වන ෆැෂන්බග් ආයතනය ඔවුන්ගේ නවතම සාරි විලාසිතා සහ යුරෝපිය ඇඳුම් විලාසිතා එකතුවේ විලාසිතා දැක්මක් පසුගිය 07 වැනිදා Kaleeidoscope - The Stables - Park Street Mews හිදි පවත්වන ලදී.

"A Common Man" සම්මාන 3කින් පිදුම් ලබයි

මැඩ්රීඩි සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වශයෙන් " A Common Man" චිත්‍රපටය සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ.

රංජිත් "මඟියා” සමඟ එයි ...

මෙරට පරිවර්තන සාහිත්‍ය කලාවේ ජනප්‍රියතම නාමයක් තමයි රංජිත් කුරුප්පු නම. රංජිත් කුරුප්පු ජීවත් වන්නේ ජර්මනියේයි. රංජිත් පරිවර්තකයෙකු ලෙස ජනාදරයට පත් වුවත් ඔහු හොඳ ලේඛකයකු ද වෙනවා. රංජිත් මේ දිනවල ඔහුගේ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව රචනා කරමින් සිටින බව දැනගන්නට ලැබුණා.

Us LANKA එළිදැක්වේ
Monday, 08 July 2013 13:34

Us LANKA එළිදැක්වේ

බොස්ටන් ලංකා ආයතනය මෙරට මෙන්ම අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ජීවත් වන ලාංකිකයන්ට හොඳින් හුරුපුරුදු ආයතනයකි. බොස්ටන් ලංකා ආයතනය මගින් ලාංකීය ජනතාවට තොරතුරු සන්නිවේදනය කරණවාට අමතරව මුද්‍රිත මාධ්‍ය තුළින්ද සිය පාඨක ජාලය වර්ධනය කරගනීමට සූදානම් වෙයි. ඒ "Us LANKA" නම් වූ සගරාවෙනි.

Home Alone හි "කොළු පැටියා" ලෙඩෙක්

Home Alone චිත‍්‍රපට මාලාව නොබලපූ ශ‍්‍රී ලාංකික දරුවෙකු, පේ‍්‍රක්‍ෂකයකු නැති තරම්. මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රග පෑ දගකාරයාට ආදරේ නොකරපු කෙනෙක් නැති තරම්. තැනට සුදුසු නුවන පාවිච්චි කරලා තමන්ට අටවන උගුලෙන් බේරී, අනිත් අයව ඒ උගුලට හසුකර ,දෙමව්පියන් ගෙදර ට එනකම් මේ පුංචි කොළුපැටියා පේ‍්‍රක්‍ෂක පිරිස රස සාගරයක ගිල්වන්නට සමත් වුණා.


ජනප‍්‍රියත්වයේ හිනි පෙත්තටම නැගි මේ පුංචි නළුවා අද 32 හැවිරිදි අයෙක්. ඒත් ඔහුගේ ජීවිතය ඉතාම ඛේද ජනක තත්ත්වයකට ඇද වැටිලා. ජනප‍්‍රියත්වය පසුපස සියළු වසංගත පැමිණෙන බවට හොඳම උදාහරණයක් තමා මේ නළුවගෙ ජීවිතය. ඔහු අමෙරිකාණු ජාතික මැකියුලේ කල්කින්. 1980 අගෝස්තු 26 ඉපැදිලා තියෙන්නෙ. නමුත් මේ වනවිට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් ඔහුගෙ මුළු ජීවිතයම නාස්ති වෙලා, රෝගියෙක් බවටත් පත්වෙලා.

කිසිදු ඥාතියෙකු, හිතවතෙකු නොමැතිව හිස හැරුණු හැරුණු අතර ඇවිදිමින් සිටින මැකියුලේ පසුගිය වසරේ ගත කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රෝගියෙකු ලෙසයි.මත්ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි ලෙස රෝගී වූ ඔහු කෙසේ හෝ තම ජීවිතය බේරා ගත්තා.

ඔහුගේ සොහොයුරිය ජෙනිෆර් ඇඩම්සන් ද මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වීමෙන්ම තම ජීවිතය නැතිකර ගත්තා. ඇය මියගියේ 2000 වසරේදීයි.මැකියුලේ තවමත් ගත කරන්නේ දුක්බර ජීවිතයක්. අලුත්ම ආරංචිවලට අනුව ඔහු දැන් පෙනහලු පිළිකාවකින් පෙළෙන බවයි පැවසෙන්නේ. ඊට හේතුව ඔහුගේ දුම්පානයයි.මැකියුලේ දිනකට සිගරට් 60 ක් පමණ පානය කරන බවයි තතු දන්නා අය පවසන්නේ.මේ වන විට ඔහු නිව්යෝක් නුවර සමාජ ශාලාවක ඩී. ජේ. කෙනෙකු ලෙස රැකියාවක් කරනවාලු.

සරත්ද අල්විස්ට උපහාර පිදුනදා

ප‍්‍රවීන සංගීතඥ සරත් ද අල්විස් උපහාර උළෙලක් ඉකුත් 06 වැනිදා නෙළුම් පොකුණේදි පැවැත් වුණා. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ඔහුගේ පුත් සුරංග ද අල්විස් විසිනුයි.

කාන්තාවෝ රාමුවෙන් පිට

Women - Out of the frame ජූලි 05 දින ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය ජූලි 10 දක්වා කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේ දී පැවැත්වේ.

ඡායාරූප ශිල්පී මැණිකා වැන්ඩපූටන් විසින් ශ්‍රී ලංකා සාම මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද කාන්තාව පිළිබඳ මෙම නව ආරක ඡායාරූප ව්‍යාපෘතිය සහ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව පුරා සිටින සහ දිවයිනෙන් එපිට වෙසෙන වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන් 45 කගේ නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීමට සැකසුණු අවස්ථාවකි.

Anusha Rajapaksha
Monday, 08 July 2013 06:56

Anusha Rajapaksha

මිස් ශ‍්‍රී ලංකා mini pagent

මිස් ශ‍්‍රී ලංකා mini pagent සංදර්ශණය පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වණු ලැබීය. මේ සඳහා විවිධ ආරාධිත අමුත්තන් මෙන්ම කලා ක්‍ෂෙත‍්‍රයේ සහ විලාසිතා ක්‍ෂෙත‍්‍රයේ පිරිස්ද සහභාගී විය. සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග, ජීවන් කුමාරතුංග, නදීකා ගුණසේකර, සචිනි අයේන්ද්‍රා, මයිකල් විජේසූරිය, අතුල මහවලගේ, ප‍්‍රීති රන්දෙණිය සහ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලා කරුවන් රැසක් මීට සහභාගී විය. මේ එම උත්සව අවස්ථාවට පැමිණි පිරිසේ ජායාරූපයි.

ජායාරූප අනුග‍්‍රහය ලබාදුන් සාගර ලක්මාල් ද මෙල් සහෘදයාට මිරර් ආර්ට්ස් හි ස්තුතිය.
ජායාරූප අනුග‍්‍රහය- සාගර ලක්මාල් ද මෙල්

"විමුක්ති ජයසුන්දර" සිනමා උළෙල

ශ‍්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මගින් සංවිධානය කරණු ලබන අන්තර්ජාතික සම්මාන ලාභී සිනමා අධ්‍යක්‍ෂ විමුක්ති ජයසුන්දරගේ චිත‍්‍රපට උළෙලක් මෙම මස 23 වන දින දවස පුරා ශ‍්‍රී ලංකා පදනමේ ශ‍්‍රවණාගාරයේදී නොමිලේ ප‍්‍රදර්ශණය කෙරේ .

නවකතාවට ලිංගිකත්වය අකැප ද

ලක්බිම තඹරවිල සාහිත්‍ය අතිරේකය යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි විසින් ලියන ලද 'නූතන නවකතාව හා ලිංගික වලිප්පුව‘ නමැති ලිපිය කාලෝචිතවූවකි.

නවකතාවෙන් ලිංගිකත්වය මතුවන ආකාරය අජන්තා හපුආරච්චි පෙන්වා දී ඇත. ඇයට විෂය වී ඇත්තේ අත අත නෑර, පරඬැල්, නයිගලින් උපන් පුත්‍රයෝ, මාගම් සෝලිය, කන්දක් සේමා,පිරිමි ගොඩයි, සෙංකොට්ටං වැනි නවකතාය.

UsLanka එළිදැක්වෙයි

බොස්ටන් ලංකා ආයතන මෙරට මෙන්ම අමෙරිකාව ඇතුළු යුරෝපා රටවල ජීවත්වන ශී ලාංකිකයන්ට හොඳින් හුරුපුරුදු ය. බොස්ටන් ලංකා ආයතනය මගින් ලාංකීය ජනතාවට තොරතුරු සන්නිවේදනය කරණවාට අමතරව මුද්‍රිත මාධ්‍ය තුළින්ද සිය පාඨක ජාලය වර්ධනය කරගනීමට සූදානම් වෙයි. ඒUsLanka නම් වූ සගරාවෙනි. මෙම සගරාවේ මංගල කලාපය අමෙරිකවේදී 05වන දින ශී‍්‍ර ලංකා අමෙරිකාණූ තානාපති ජාලිය වික‍්‍රමසිංහ ගේ ප‍්‍රධානත්වයෙන් එළි දැක්වෙන අතර, ලංකාවේදී ද මෙම සගරාව එළි දැක්වීම ට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කොට ඇත. UsLankaසගරාව මෙරටදී එළි දැක්වෙන්නේ මෙම මස 6වන දින උදෑසන 10.00 ට ගල්කිස්ස, ටෙම්ප්ලර් පාරේ, 'ජෝර්ජ් ස්ටුවර්ට්' සම්මන්ත‍්‍රණ ශාලාවේදීය. මේ සඳහා නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ජගත් චමිල ඇතුළු කලාකරුවන් රැසක් සහභාගීවීමට නියමිතය .

Page 1 of 47
Body
Background Color
Text Color
Background Image