INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555750674','716361','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555750674','716721','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') දේශීය සිනමාවට අලුත්වීමක් අවශ්‍යයි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Thursday, 04 July 2013 05:10

දේශීය සිනමාවට අලුත්වීමක් අවශ්‍යයි

Rate this item
(0 votes)
දේශීය සිනමාවට අලුත්වීමක් අවශ්‍යයි

වර්තමානයේ චරිත හේරත් අපට හමුවන්නේ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසිනි.අද මේ සංවාදයට අප, ඔහු එක්කර ගන්නේ වත්මන් සිනමා කර්මාන්තය මුහුණ පා තිබෙනා යම්,යම් අර්බුද හා ඊට රාජ්‍ය මැදිහත් වීම මත ලබා දීමට යෝජිත විසඳුම් හා නව සැලසුම් පිළිබඳ විමර්ෂණශීලී කතිකාවකටය.

සිනමා කර්මාන්තය තුළ අද මතුව තිබෙනා ලොකුම අර්බුදය තමයි චිත්‍රපට ප්‍රදර්ශනයේදී මුදාහළ යුතු පිටපත් සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නය. මේ අර්බුදය කරළියට එන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව මගින් එම පිටපත් ප්‍රමාණය 35 කට සීමා කිරීමට ගත් තීරණයත් සමගින්?
ඔව් , ඒ සම්බන්ධයෙන් පසුගිය කාලේ ලොකු ආන්දෝලනයක් ඇති වුණානේ.

දැන් අපේ රටේ සිනමාවේ ඉරණම තීන්දු කරන ආයතනය චිත්‍රපට සංස්ථාව වුවත් එහි අධිකාරි බලය පැවරී තිබෙන්නේ ඔබේ අමාත්‍යාංශය යටතට. මේ ගැටලුව පිළිබඳ ඔබේ ආකල්පය දැනගන්න මම කැමැතියි?
විශේෂයෙන්ම මේ චිත්‍රපට පිටපත් සංඛ්‍යාව පිළිබඳ අර්බුදය පුළුල් ප්‍රශ්නයක එක් කොටසක් පමණයි. දේශිය සිනමා කර්මාන්තයම විශාල ප්‍රශ්නයකට පසුගිය කාලේ ගමන් කරලා තිබුණා. මේ දිහා අපි බලන්න ඕනෑ 70 දශකයේ මුල් භාගයේදී දේශීය සිනමාව රාජ්‍ය මැදිහත් වීමත් එක්ක විශාල දියුණුවකට ගමන් කිරීම හා පසුකාලීනව උද්ගත වූ අර්බුදකාරී තත්ත්වයත් සැළකිල්ලට ගනිමින්.

1972 වසරේ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා ගැනීමත් සමඟ සිනමාවේ යම් පිබිදීමක් ඇතිවුණා?
ඔව්. චිත්‍රපට සංස්ථාව බිහි වන්නේම ප්‍රධාන අරමුණු දෙකක් මුල් කරගෙන. එකක් තමයි සිනමාව පිළිබඳ සංවර්ධනාත්මක කටයුතු(Divelopment Activities)දියත් කිරීම. අනෙක නියාමන කටයුතු(Regulatory Matters) සිදු කිරීම. මේ කරුණු දෙකම චිත්‍රපට සංස්ථා පනතට ඇතුළත් කර තිබෙනවා. මේක හරි වැදගත් දෙයක්.

බොහෝ විට මේ කාර්යයන් දෙකම එකම ආයතනයක් යටතට පවරන්නේ නෑ?
ඇත්ත වශයෙන්ම. නමුත් මේ පනතේ එසේ බලය ලබා දී තිබුණා. ඒ නිසා සංවර්ධනාත්මක කටයුතුත්, නියාමන කටයුතුත් චිත්‍රපට සංස්ථාව මගින් සිදු කළා. නමුත් 1977 විවෘත ආර්ථික සංකල්පයත් ඒ වගේම 1978 න් පසුව ආපු සමහර මැදිහත්වීම් ගණනාවකුත් එක්ක ක්‍රම ක්‍රමයෙන් චිත්‍රපට කර්මාන්තය 80 දශකය වෙනකොට අර්බුදයකට ගමන් කර තිබුණා. එය 1981 දී මෙරටට රූපවාහිනිය හඳුන්වාදීමත් සමඟ තවත් තීව්ර වුණා. ඒ තත්ත්වය 2000 වසර පමණ වෙන කොට ඉතා තීරණාත්මක අර්බුදයක් බවට පත් වුණා.

එය කෙටියෙන් විග්‍රහ කළොත්?
ඉතා විශාල චිත්‍රපට සංඛ්‍යාවක් පෝලිමේ සිරවීමත්,චිත්‍රපට සඳහා ලබාදෙන පහසුකම් අඩු වීමත් මේ අර්බුදයට විශාල ලෙස බලපෑවා. ඊට සමාන්තරව රටේ තිබුණ යුදමය වාතාවරණය විසින් සෞන්දර්යය හා විනෝදාස්වාදය පිළිබඳ තිබුණ සමාජ ඉඩ විශාල වශයෙන් අවම කළා. ඉතිහාස කථාවක් කෙටියෙන් කියනවා නම් 1972 න් පසුව ක්‍රමානුකූලව සංවර්ධනාත්මක සහ නියාමන වශයෙන් ඉදිරියට ආ මෙම කාර්යය 1978 පසුව අවගමනයකට ගිහින් 2000 වසර පමණ වෙද්දී විශාල අර්බුදයක් බවට පරිවර්තනය වුණා. දේශපාලනය විසින් සංස්ථාවේ ක්‍රියාවලියට ඇති කළ විවිධ තත්ත්වයනුත් ඊට බලපෑවා.

විවිධ රජයන් මඟින් කමිටු පවා පත් කළා මේ අර්බුදයට පිළියම් සොයන්න?
1995 වසරේ පත් කළ සේනක බණ්ඩාරනායක කමිටු වාර්තාවේ සඳහන් විශේෂයෙන් වැදගත් කරුණු රාශියක් තිබෙනවා. ඒ අධ්‍යයනයෙන් සොයා ගත් කරුණු එක්ක තමයි 2000 වසර දක්වා අපි දීර්ඝව කටයුතු කරමින් සිටියේ. සේනක බණ්ඩාරනායක කමිටුව හරහා වාර්තා වෙන එක් කාරණයක් තමයි චිත්‍රපට බෙදා හැරීම විධිමත් විය යුතුයි කියන එක.තවත් යෝජනා රාශියක් එහි ඇතුළත්.

චිත්‍රපට සංස්ථාවල ජාතික චිත්‍රපට අධිකාරියක් (National Film Authority) දක්වා විකාශනය විය යුතුයි කියා එම වාර්තාවේ සඳහන් වෙනවා?
සංවර්ධන කටයුතු හා නියාමන කාර්යයන් වෙන වෙනම තල දෙකක ගමන් කළ යුතුයැයි කියන ප්‍රධාන තර්කය මේ වාර්තාව තුළ මම දකිනවා.චිත්‍රපට බෙදා හැරීමට ණය පහසුකම් ලබා දීම, සිනමාකරුවන් ඇගයීම වැනි කරුණු රාශියක් සංවර්ධන කටයුතු ගණයට වැටෙනවා.එමෙන්ම නියාමනයේදී චිත්‍රපට බෙදා හරින්නේ කෙසේ ද, එහි නිර්මාණාත්මක අගය කුමක් ද, එහි ප්‍රමිතිය කෙසේ ද,වර්ගීකරණය කරන්නේ කොහොම ද? යන කරුණු සම්බන්ධයෙන් වෙනස්ම ක්‍රියා මාර්ගයන් ගත හැකියි.

චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයට ලබා දීමත් මේ අර්බුදයට ප්‍රබල හේතුවක් වූ බව ඇතැමුන් කියනවා?
පෞද්ගලික අංශයට චිත්‍රපට බෙදා හැරිමට අවසර දීමෙන් සිදු වුණේ නියාමන කටයුතු හා සංවර්ධන කටයුතු කියන දෙකෙන් තමන් කැමැති එක ගළවා දමා කටයුතු කිරීමට ඇතැමුන් පෙළඹීමයි. මණ්ඩල පහක් අතරේ තමයි මේ බෙදා හැරීමේ කටයුතු සිදු වුණේ.ඉතින් අපි මේ පිටපත් 35 හෝ 55 අර්බුදය දෙස බැලිය යුත්තේ මෙන්න මේ පළල් ප්‍රශ්නයේ ඉඳගෙන.එහෙම නැතිව එයින් වියුක්ත වී මේක සෝමරත්නගෙයි - සේරසිංහගෙයි ප්‍රශ්නයක් හැටියට ගන්න එක වැරැදියි. මේක ඊට වඩා පුළුල් ප්‍රශ්නයක්.ඒක අපි සංක්ෂිප්තව කියනවා නම් අපේ රටේ සිනමා කර්මාන්තය 1978 සිට 2000 වසර වන විට පත්ව තිබූ අර්බුදයේම තවත් පැතිකඩක් විතරයි.

වත්මන් රජය චිත්‍රපට සංස්ථාව කේන්ද්‍ර කර ගනිමින් මේ සංකීර්ණ ප්‍රශ්නවලට ස්ථාවර විසඳුමක් දෙන්නට කටයුතු කරමින් සිටින බව පෙනෙනවා?
එක් එක් කාලවලදී විවිධ රජයන් මේ ප්‍රශ්නය විසඳන්න විවිධ උත්සාහයන් දැරුවා. හැබැයි ඒ උත්සාහයන් නියමාකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. එයින් පෞද්ගලික අංශයට හෝ යම් පුද්ගලයකු හට වාසි සහගත තත්ත්වයන් පමණයි ක්‍රියාත්මක වුණේ.වර්තමාන රජය මේ ප්‍රශ්නය පළල් විදිහට තේරුම් අරගෙන විශේෂ විසඳුම් කිහිපයක් යෝජනා කර තිබෙනවා.

ඒ ගැන පැහැදිලි කළොත්?
එකක් තමයි මේ නියාමනයත්, සංවර්ධනයත් කියන කරුණු දෙක අපේ චිත්‍රපට සංස්ථා පනත තුළ හරියට හඳුනගෙන ඒවා සවිබල ගන්වන්න අලුතින් නීතිමය ප්‍රතිපාදන හදන එක. ඒ නිසා මේ වන විට ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය නීතිපතිතුමා වෙත ඉදිරිපත් කොට තිබෙනවා චිත්‍රපට සංස්ථා පනතේ සංශෝධනයක්.

මේ සංශෝධනය සඳහා ඔබ පදනම් කර ගත්තේ සේනක බණ්ඩාරනායක කමිටු වාර්තාවේ නිර්දේශයන් ද?
සේනක බණ්ඩාරනායක කමිටු වාර්තාවෙන් පසුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලත් විශේෂ තාක්ෂණ කමිටුවක් අපි පත් කළා. ඒ ඩී.බී. නිහාල්සිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එම කණ්ඩායම මේ ප්‍රශ්නය පළල් විදිහට හදාරලා නැවත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළා.මේ සඳහා සදුසු නිර්දේශයන් සමඟග ඒ නිර්දේශවල එකක් තමයි දැනට තියෙන පනතේ අඩුපාඩු කිහිපයක් නැවත සකසා ගැනීම.ප්‍රධාන ගැටලුවක් තමයි බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නය. ඊට අමතරව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා, සිනමාව දැන් ඩිජිටල් අවකාශය තුළට ගමන් කරමින් ඉන්නවා.ලෝකයේ සැලෝලයිඩ් පට සිනමාව නිමා වෙමින් තිබෙන යුගයක් මේ.ඩිජිටල් සිනමාව පිළිබඳ චිත්‍රපට සංස්ථා පනතේ සෘජුවම සඳහන් වන්නේ නැහැ. ඒ නිසා 35 මිලි මීටර් සිනමාව සමාන වන්නේ කුමන ඩිජිටල් අවකාශයට ද,පදනමකට ද කියන එක පිළිබඳ නිර්වචනයක් ලබාදීමේ අවශ්‍යතාවය තියෙනවා.

මේ නිර්වචනය ලබා දෙන්නේත් පනත හරහාමද?
එය පනත හරහා ලබා දෙනවාද නැතිනම් රෙගුලාසියක් මගින් ලබා දෙනවාද යන්න දැනට මේ ප්‍රශ්නයේ එක සාකච්ඡාවක්.නමුත් මම කියන්න යන්නේ ඩිජිටල් සිනමාකරණය පිළිබඳ දේශීය සිනමාවට අලුත්වීමක් අවශ්‍යයි.ඒ සඳහා නෛතික ප්‍රතිපාදන මේ පනතට ඇතුල් කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම මම මුලින් කිව්වා වගේ චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳ ශක්තිමක් තෝරා ගැනීමක් සිදු කරනවා.

චිත්‍රපට බෙදා හැරීම නැවත රජයට පවරා ගත යුතුයි කියන ස්ථාවරයත් ඊට අඩංගුද?
නෑ ......නෑ .....එහෙම දෙයක් අපි දැනට සාකච්ඡා කරන්නේ නෑ.ඒ සම්බන්ධ නිසි ක්‍රමවේදයක් මේ තුළ සාකච්ඡා කෙරෙනවා. ඒ වගේම මේ කරුණු දෙකට අමතරව මේ කාලය තුළ කළ යුතු ප්‍රධාන පරිපාලන තීරණයක් හැටියට තමයි ඔය පිටපත් තිස් පහේ සීමාවට අපි ආවේ.

එතකොට දැන් 2013 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි තමයි එම නීතිය ක්‍රියාත්මක වෙන්නේ?
ඔව්.

දැන්,නමුත්'සිරි පැරකුම්’ චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් පනස් පහක ප්‍රදර්ශනය වෙනවා. මේ තත්ත්වය මත තමයි මේ 35,55 ද්වන්ධ සටන ආරම්භ වන්නේ?
ප්‍රදර්ශනය කළ යුතු පිටපත් ප්‍රමාණය කීය ද කියන එක ලංකාවේ සිනමා කර්මාන්තය තුළ තිබෙන ප්‍රශ්නයක්. ඒ අනුව දැනට ලංකාවේ තිබෙන සිනමා ශාලා ප්‍රමාණය එකසිය හැට හතක් හෝ හැට පහක්ග ශාලා කිව්වට සමහර ඒවා ශාලා නෙවෙයිනේ. දැන් මේ එකසිය හැට හතට පිටපත් පනහ ගානේ දැම්මොතින් එකවර චිත්‍රපට තුනක් පමණයි අපට ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒ තුන දින 100 බැගින් දිව්වොත් අවුරුද්දට එපමණයි ප්‍රදර්ශනය කළ හැකි වන්නේ. මේ සම්බන්ධ පළල් ප්‍රශ්නයක් රටේ තිබුණා. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. කර්මාන්තයේම ප්‍රශ්නයක්.ඊට ස්ථිරසාර විසඳුමක් ලැබෙන තුරු මේ සඳහා මැදිහත්වීමක් කළ යුතුයි කියා චිත්‍රපට සංස්ථාව තීරණය කළා. ඒ නිසයි ඒ අය යෝජනා කළේ තිස් පහේ සීමාවට දැනට යමුයි කියාලා.

විශේෂයෙන්ම මේ පවතින සිනමා ශාලා හිඟකමත් එක්ක?
ඔව් ඒ කාරණයත් සලකා බලලයි චිත්‍රපට සංස්ථාව මේ යෝජනාව කළේ. ඒ යෝජනාව දැන් ඇමැතිතුමාගේ රෙගුලාසියක් විදිහටම සම්මත වෙලා තියෙනවා. දැනට පිටපත් තිස් පහේ තීරණය එහෙමම තිබෙනවා. 2013 ජනවාරි පළමු වැනිදාට පෙර වැඩ කටයුතු ආරම්භ කළ චිත්‍රපට සඳහා මේ කොන්දේසිය වලංගු වන්නේ නෑ.දැන් ඕනෑම නීතියක් බලපැවැත්වෙන්නේ ඒ නීතිය පනවපු දා සිට කියන නෛතික ප්‍රතිපත්තිය උඩග නීතිය අතීතයට දැමිය නොහැකියි කියන ප්‍රතිපත්තිය උඩ තමයි ඔය 'සිරි පැරකුම්' චිත්‍රපටය පිටපත් පනස් පහ දක්වා ප්‍රදර්ශනය වෙන්නේ.

එතකොට නීතිය පනවන්නට පෙර වැඩ ආරම්භ කළ වෙනත් චිත්‍රපට සඳහාත් ඔය පිටපත් පනස් පහේ සීමාව අදාලයිද?
ඒ කාල සීමාවට පෙර වැඩ කටයුතු ආරම්භ කළ බවට පිළිගත හැකි සාක්ෂි චිත්‍රපට සංස්ථාවට ඉදිරිපත් කෙරුවොත් ඊට අනුමැතිය දෙන්න වෙනවා. පිටපත් තිස් පහේ සීමාව එතකොට අදාල වන්නේ නැහැ.අදාල නිෂ්පාදකවරයාට අවශ්‍ය නම් පිටපත් පනස් පහකට යන්න පුළුවන්. හැබැයි එදිනට පසු ආරම්භ කළ චිත්‍රපට සඳහා අර තිස් පහේ සීමාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා.

කිසියම් මානුෂීය මුහුණුවරකුත් තිබෙනවා මේ නීති රාමුව තුළ?
නෑ, ඇත්තටම මෙය අපේ සිනමා ශිල්පීන් හැමෝම තේරුම් ගත යුතු ප්‍රශ්නයක්. සිනමාව ඇතුලේ විවිධ තර්ක,විතර්ක තිබෙනවා. සමහරුන්ගේ මතයක් තමයි මේ ජනප්‍රිය චිත්‍රපට සඳහා තමයි වැඩි ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය වෙන්නේ කියලා.සමහරු තර්ක කරනවා මේ ජනප්‍රිය චිත්‍රපට නිසා අනෙක් චිත්‍රපටවලට ඉඩක් නෑ තියලා. දැන් මම හොඳටම දන්නවා ලංකාවේ සම්භාව්‍ය සිනමාකරණයේ ඉන්න බොහෝ දෙනකුට මෙයින් සිත් රිදීමක් වෙලා තියෙනවා. ඒ සියලු දෙනාටම මම කියන්නේ මේකෙන් එලියට ඇවිත් චිත්‍රපට කර්මාන්තය නවීකරණය කරන්නට එක් වෙමු කියලයි.

ප්‍රවීණ සිනමාවේදී ජැක්සන් ඇන්තනි නව යෝජනාවක් ගෙන එනවා මේ ඕතධජඬ ඕභඵබඥප ගණයට වැටෙන දැවැන්ත පරිමාණයේ චිත්‍රපට දෙකක් සඳහාවත් වසරකට පිටපත් පනස් පහ දක්වා බෙදා හැරීමේ අවකාශයක් ලබාදෙන ලෙස?
ඔව් .... ඒකත් ඉතින් එක් යෝජනාවක්. ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ අදාල බලධාරින් ඒ යෝජනාව සලකා බලා ඊට එකඟතාව පළ කළොත් ඉතින් මට ඒක ක්‍රියාත්මක කරන්නට පුළුවන්නේ. ඒක අලුත් අදහසක්. නමුත් ඒක මට ක්‍රියාත්මක කළ හැකි දෙයක් නෙවේ.ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි.මම හිතන්නේ මේ චිත්‍රපට තිස් පහේ සීමාව වෙනුවෙන් තර්ක කරන බොහෝ අය අපේ රටේ සිනමාවට ඇත්තටම මහන්සි වෙච්ච අයග දහදිය කඳුළු හෙළපු උදවිය.ඒ බව ඇත්ත වශයෙන්ම මෙතනදි මා ප්‍රකාශ කළ යුතුයිග ඒ හැම කෙනෙකුම සමඟ මම සාකච්ඡා කළාග මේ පිටපත් තිස් පහේ සීමාව වෙනුවෙන් ඔවුන් කතා කරන්නේ ජනප්‍රිය චිත්‍රපටවලට විරුද්ධව නෙවෙයි.නමුත් ඒ අයගේ මතය වන්නේ අපට අද තිබෙන සම්පත් තත්ත්වය මත ඊට සරිලන විදිහට සහ මේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපට ඉදිරියට ඒම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් විදිහට මේ පිටපත් තිස්පහේ සීමාව පැනවිය යුතුයි කියාග දැන් දේශීය සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය එක්ක මම බොහොම ගැඹුරින් මේ ගැන සාකච්ඡා කළා.ඒ අය මට නම්,පිළිගත හැකි තර්ක රාශියක් ඉදිරිපත් කළා.ඔවුන් කියපු එක දෙයක් තමයි මේ අපේ රටේ සම්භාව්‍ය සිනමාව ඉතා විශාල වශයෙන් ඉදිරියට ගන්න පුළුවන් කියන කාරණය.

සම්භාව්‍ය, ජනප්‍රිය මේ බෙදා වෙන් කිරීම ගැන ඔබේ මතය?
සිනමාව කියන්නේ කර්මාන්තයක් පමණක් නොවෙයි. සිනමාව කියන්නේ කලාවක්. එනිසා මේ කලාව සහ කර්මාන්තය කියන්නේ දෙකක් වුණාට ඒකාබද්ධ වෙලයි මේ ගමන යා යුත්තේ. කර්මාන්තයක් නැතුව මේකේ පැවැත්මක් නෑ.කලාවක් නැතුව මේකෙ අදහසක් නෑ. කිසිම අදහසක් නැතිව චිත්‍රපට පැටව් ගැහුවොත්,වාණිජමය පරමාර්ථ පමණක් මුල් කර ගනිමින් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. මේක හුදු කර්මාන්තයක් නෙවෙයි. කලාවත් ඊට සම්බන්ධ විය යුතුයි.අපේ රටේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමාකරුවන් රාශියක් ඉන්නවා.ඒ වගේම ජනප්‍රිය ධාරාවේ දැවැන්ත චිත්‍රපට හදන සිනමාකරුවොත් අපට ඉන්නවා.මේ දෙගොල්ලම මේ ප්‍රශ්නය පිළිබඳ මැදහත්ව සිතලා ඉදිරියට යා යුතුව තිබෙනවා. ඇත්තෙන්ම ඔය පිටපත් තිස් පහේ ඉන්න අය සිනමාවට ආදරය කරන, ඒ වෙනුවෙන් කැප වූ කණ්ඩායමක්.

එතකොට පනස් පහේ අය එහෙම නැතිද?
නෑල පනස් පහේ අයටත් ඒක තියෙනවා. නමුත් පනස් පහ ගැන සිතන සමහරු ව්‍යාපාරික අදහසින් ඒ ගැන සිතන්නේ.දැන් අපි හිතමුකෝ සර්කිට් හිමියෙක් කියලා එහෙම නැතිනම් සිනමා ශාලා හිමියෙක් කියලා. සමහරු මේ ව්‍යාපාරික අංශයෙන් පමණක් හිතන ගතියක් තියෙනවා.ඒ නිසා තමයි පනස් පහ සීය වුණත් හොඳයි කියලා කියන්නේ. නමුත් කලාත්මක බවකුත් එක්ක මේක ඉදිරියට ගෙන යෑම සඳහා විශාල අභියෝගයක් තියෙන්නේ.ඒ නිසා තමයි තිස් පහේ සීමාව රජය විසින් පැනෙව්වේ.

අපේ සිනමාවට ආකර්ෂණීය,අධි ප්‍රතිචාර චිත්‍රපට කිහිපයක් දායාද කළ ආචාර්ය සෝමරත්න දිසානායක - රේණුකා බාලසූරිය ඇතුළු පිරිසක් කියනවා මේ පිටපත් තිස් පහේ සීමාව නිසා ඔවුන් නැවත චිත්‍රපට කරන්නේ නැහැ කියා?
ඔව්, ඉතින් දැන් අපි ඒ සීමාවට ඇවිත් ඉන්නේග ඉදිරියේදී චිත්‍රපට කරනවාද,නැද්ද කියන එක ඔවුන්ගේ වැඩක්.සෝමරත්න දිසානායක මහත්මයාත් ජනප්‍රිය සිනමාකරුවෙක්. එතුමාගේ සිනමාපටවල විශාල සුන්දරත්වයක් වගේම ජනතා ආකර්ෂණයක් තියෙනවා.ඉතින් එතුමා චිත්‍රපට හදනවා නම් මම කැමැතියි. මම කියන්නේ ඒ තිස් පහේ සීමාව ඇතුලේ චිත්‍රපට හදමු කියලා.

කවුරු තීන්දු තීරණ ගත්තත් බොහෝ විට දෝෂ දර්ශනයට ලක්වෙන්නේ චිත්‍රපට සංස්ථා සභාපතිවරයාග වෙලාවකට මට හිතෙනවා ඔහු හරියට දෙපැත්තම තැලෙන යකඩයක් වගේ කියලා. ඇතැමුන් කියනවා සභාපතිතුමා ගෙදර යැවිය යුතුයි කියා.මේ ගැන ඔබේ අදහස?
සභාපතිතුමා පත්කරන ආකාරයක් තියෙනවා. ඒක මගේ කාර්යභාරයක් නෙවේ.ඉතිං මම හිතන්නේ වර්තමාන සභාපතිතුමා සමහර ප්‍රශ්න සම්බන්ධව හොඳ ස්ථාවරයක ඉන්නවා කියලයි. එතුමාගේ යම් දුර්වලකමක් තියෙනවා නම් එය නිවැරැදි කරගත යුතුයි. නමුත් මම හිතන්නේ මෙහෙමයි, මම එනකොට මේ පනත සංශෝධනයට ලක්වෙලයි තිබුණේ.එය මම කළ දෙයක් නෙවෙයි.මේ සංශෝධනය හරහා වඩාත් පළල් සේවයක් ලබා දෙන්නට තමයි අපි උත්සාහ කරන්නේ.

දැන් ඔබත් හොඳ සිනමා කලා රසිකයෙක්ග විකල්ප මතවාදී විචාරකයෙක්. අද ඒ සිනමා විචාරකයාට මොකද වෙලා තියෙන්නේ?
මම සිනමාව සම්බන්ධ කරන කියවීම් සහ සාකච්ඡා තවම බොහොම ආශාවෙන් කරනවා. නමුත් වෙලා තියෙන්නේ දැන් අපේ ප්‍රේක්ෂක අවශ්‍යතාවය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් සමහරෙකුට නැතිකමයි.ප්‍රේක්ෂක ආකර්ෂණය තිබෙන්නේ ඓතිහාසික කතා පුවත්වලට කියා සමාජයේ දැන් මතයක් ගොඩ නැඟී තිබෙනවා. ඒ මතයටත් සාධාරණ හේතු තිබෙනවා. මගේ අදහසට අනුව පසුගිය වසර තිහක කාලයේ පුද්ගල අනන්‍යතාවය, ජාතික අනන්‍යතාවය පිළිබඳ විශාල සාකච්ඡාවක් වුණා මේ යුද්ධයත් එක්කග ජාතික අනන්‍යතාවය ගැන මෙතෙක් නොතිබුණ විදිහේ තාර්කික ප්‍රවේශයකට රටක් විදිහට අපි ගියා.මේ සාකච්ඡා විසින් සමාජයට විශාල තෙරපුමක් කළා. දැන් ඒ සාකච්ඡාවේ වියතිරේකයක් තමයි ජන මනස ඓතිහාසිකත්වය කරා ගෙන යාම. ඒ නිසා ජන මනස පුබුදු කරන්න මේ ඓතිහාසික කතා ප්‍රවෘත්තිවලට විශාල අවකාශයක් නිර්මාණය වුණා.

අද ඒක රැල්ලක් බවට පත් වෙලා?
තවම සමාජය ගත කරමින් ඉන්නේ එවැනි සංක්‍රාන්ති තත්ත්වයක්. එහි වැරැද්දක් නෑග මම හිතන්නේ ඉදිරියේදී ලංකා ප්‍රේක්ෂක අවධානය තවත් ඉසව් කරා ගමන් කරයි. වඩාත් කලාත්මක වූ චිත්‍රපටල වඩාත් සෞන්දර්යාත්මක වූ චිත්‍රපටල විවිධ සමාජ අනුභූතීන් එක් කරගත් චිත්‍රපට කලාවක් වෙත ඔවුන් නැඹුරු වේවි. නමුත් දැනට අපි ඉන්නේ ඉතිහාස ප්‍රවෘත්ති මත නිපදවෙන සිනමා කෘතීන් වැළඳ ගන්නා යුගයක. මම හිතන්නේ සිනමාවට ඉන් එහා ගමනක් තියෙනවා.ගමනක් නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා ප්‍රතිභාසම්පන්න, නිර්මාණශීලී සිනමාකරුවන් අති විශාල පිරිසක් අපට සිටිනවා.

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා

උපුටා ගැනීම -සරසවිය පුවත්පතිනි .

Read 726 times Last modified on Thursday, 04 July 2013 06:21
Body
Background Color
Text Color
Background Image