INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1560892073','253436','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1560892073','253835','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') ලොකු හීන මානයකින් තමයි බොහෝ අය ඉන්නේ
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Friday, 14 June 2013 07:38

ලොකු හීන මානයකින් තමයි බොහෝ අය ඉන්නේ

Rate this item
(0 votes)
ලොකු හීන මානයකින් තමයි බොහෝ අය ඉන්නේ

මේ දිනවල මෙරට සිනමා ප‍්‍රදර්ශන මණ්ඩල දෙකක ම එක් ප‍්‍රවීණ වේදිකා සිනමා රූපවාහිණී රංගන ශිල්පිණියකගේ සිනමා නිර්මාණ දෙකක් ප‍්‍රදර්ශණය වේ. ඇය වේදිකාවෙන් සිනමාවට ප‍්‍රවිශ්ඨව ව අනතුරුව රූපවාහිනියට රංගනයෙන් සිය දායකත්වය ලබා දෙනු ලැබීය. චාන්දනී සෙනෙවිරත්න දිගු නිහැඩියාවකට පසු සිනමාවට ප‍්‍රවිෂ්ඨව සිටී. ඒ 'නිකිණිවැස්සේ "ප‍්‍රධාන චරිතය නිරූපණය කරමින් මෙන්ම, "සිරිපැරකුම්" හි ද කැපී පෙණෙන චරිතයක් නිරූපණය කරමිණි. මෙය මෙවන් කාල වකවාණුවක සුවිශේෂී කාරණයක් වන්නේ සිනමා ව කර්මාන්තයක් ලෙස මන්දගාමී ස්වරුපයක ගමන් කළද රංගන ශිල්පිනියකට එවන් වාතවරණයක් තුළ තම නිසර්ග හැකියාවන් මනා ලෙස නිර්මාණය සඳහා ලබාදෙන්නට අවස්ථාව ලැබීම නිසාය. මේ මිරර් ආර්ට්ස් "චාන්දනී සෙනෙවිරත්න" සමග කළ සංවාදයයි .

මේ දිනවල "නිකිණි වැස්ස" සහ "සිරි පැරකුම්" තිරගත වෙනවා. කොහොමද ලැබෙණ ප‍්‍රතිචාර මේ චිත‍්‍රපට දෙකේ ඔබ ඉදිරිපත් කළ රංගණයට?
ඒක හරි වෙනස්. බොහොම පැහැදිළිවම වෙනස් විදිහට ඒප‍්‍රතිචාර මට ලැබෙන්නෙ. "සිරිපැරකුම්" බලපු පේ‍්‍රක්‍ෂකයන් "නිකිණි වැස්ස" මේ වෙනකොට බලල තියෙනවද කියන්න මම දන්නෙ නැහැ. වැඩිපුර ප‍්‍රචාරණ කටයුතු සිද්ධ වෙන්නෙත් "සිරි පැරකුම්" චිත‍්‍රපටයට නිසා ඉස්සෙල්ලම බලනවා ඇත්තෙ ඒක වෙන්න ඇති කියලා මම හිතනවා . හැබැයි පෞද්ගලිකව මගේ පැත්තෙන් ගත්තොත් මං හිතනවා පේ‍්‍රක්‍ෂකයන් ඒ රංගනයන් දෙක දෙවිධියකට අගය කරන්න තරම් ඒ අයට අවබෝධයක් තියෙනවා.චිත‍්‍රපට සම්බන්ධයෙන් ඒ අය රසිකත්වය ප‍්‍රගුණ කළත් නොකළත් කරපු අය හෝ නැති අය හෝ සියළු දෙනාටම මේ රගපෑම් දෙක දෙවිදිහකට අගය කරන්න . ඒක මට පැහැදිළිව පේනවා මම සතුටු වෙනවා. මොකදඒ විදිහට එය දකින්න පුඵවන් විම ගැන.

ලංකාවේ මේ වෙනකොට දුවන චිත‍්‍රපට සහ නොදුවන චිත‍්‍රපට කියලා සමහර අධ්‍යක්‍ෂවරුම වර්ගීකරණය කරලා තියෙනවා මේ වර්ග දෙකේම ඔබ මේ වනවිට රගපානවා මේ සම්බන්ධයෙන් රංගණ ශිල්පිණියක් හැටියට ඔබ ට වඩා වැදගත්වන්නේ කුමන වර්ගයද?

මෙහෙමයි දුවන චිත‍්‍රපටි නොදුවන චිත‍්‍රපටි කියලා කියන්නෙත් අපිමනේ. දුවන්නෙ නැති දුවන්න විදිහක් නැහැ කියල අපි තීරණය කරන, ඒ කියන්නෙ කලාත්මක අගයෙන් බොහෝම හීන වෙච්ච චිත‍්‍රපටි පවා දුවන චිත‍්‍රපටි බවට පත්කරලා තියෙනවා හුගක් වෙලාවට මාධ්‍ය තුළින් . මාධ්‍ය හරහා මිනිස්සු බොහෝ විට රවට්ටලා, රැවටීමට පත්වෙලා. එසේ නොවේනම් ඒ රැවටිම තුළින් කලාත්මක වටිනාකමක් තියෙනවා කියලා තමන්වම රවට්ටගෙන එවැනි චිත‍්‍රපටි බලන පිරිසකුත් ඉන්නවා. යම් විටෙක මාධ්‍ය හරහා කරන සමහර රැවටිලි සහගත දේවලූත් උසිගැන්වීම් එක්ක නොදුවන චිත‍්‍රපටි දුවන චිත‍්‍රපටි බවට පත්කරවලා තියෙනවා මාධ්‍ය හරහා.

ඔබ කියන්නෙ මාධ්‍ය වැරදියි කියලද ?
නැහැ. මාධ්‍ය වැරදියි කියන එකමත් නෙමෙයි. නමුත් සාපේක්‍ෂව ගත්තොත් කලාත්මක වටිනාකමක් තියෙන චිත‍්‍රපටි වලට කෙලින් ම මැදිහත්වෙලා මාධ්‍ය සාජුවම ඒ සඳහා ප‍්‍රචාරණය ලබා දෙනවා කියලා මට හිතන්න අපහසුයි .ලෝකෙ එහෙම වෙනවද කියන්න මම දන්නෙ නැහැ. මුදල හරහාම තමයි ඒ ප‍්‍රචාරණ කටයුතු සිද්ධවෙන්නෙ මුදල තියෙනවනම් ඒ හරහා ප‍්‍රචාරණ කටයුතු ඕනැ ආකාරයකින් සිදු කරළ ඕනෑම වර්ගයේ පේ‍්‍රක්‍ෂකයෙක් ෙ සිනමා ශාලාවලට ගෙන්න ගන්න හැකියාව මේ වනවිට තියෙනවා. ඒ විදිහට තමයි පේ‍්‍රක්‍ෂක මානසිකත්වය හදලා තිබෙන්නේ සහ මාධ්‍ය හරහා පේ‍්‍රක්‍ෂකයන් නිර්මාණය කර තිබෙන්නෙ කියලා අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා. එහෙම නොකියා කොහොමද කියන්නේ. මොකද මාධ්‍ය හරහා පේ‍්‍රක්‍ෂකයන් බලහත්කාරයෙන් එතැනට යොමු කරනවා.

ඉන් ඔබ අදහස් කරන්නෙ මාධ්‍ය තුළින් ප‍්‍රකාශ වන සියල්ල භාරගන්න තරම් ප්‍රේක්‍ෂකයෝ බුද්ධිමත් නැහැ කියන එකද...?
බුද්ධිමත් පේ‍්‍රක්‍ෂකයෝ ඉන්නවා. නමුත් මාධ්‍ය තුළින් නිරන්තරයෙන් ඇති කරණ බලපෑම නිසා පේ‍්‍රක්‍ෂකයා වුනත් මුලාවට පත්වෙන්න පළුවන්. මොකද ධර්මයක් තුළිනුත් එහෙම මිනිස්සු මුලාවට පත්කරන්න පුළුවන්නෙ . මම මේ මාධ්‍යට දොස් පැවරීමක් කරණවා නෙමේ .මේ වෙනකොට ටේ‍්‍රන්ඞ් එක.

සිංදුවක් නිර්මාණය කළොත් බලන්න .මුලින්ම ඒක රිංගින්ස්ටොන් වලට දාන්න පුඵවන්ද කියල තමයි බලන්නෙ. මම උදාහරණයක් කියන්නම් . මගේ යාළුවෙක් මැතකදි ගීතයක් ගායනා කර තිබුණා. (මංජරි)ඒක හරිම ලස්සනයි. ඒ සිංදුව අහන හැමෝම එයාගෙන් අහනවලූ, අක්කේ මේක රින්ග් ටොන් වලට දාන්න බැහැ නේද කියල . ඒක හරිම ප‍්‍රශ්ණයක් . පළවෙනි විනාඩි දෙක තුළ රිංගින්ස් ටෝන් එකට ජනප‍්‍රිය සංගීත ඛන්ඩයක් දාන තත්වයට මාධ්‍යම හැදිලා තියෙන්නෙ. මම කියන්නෙ කලාව එතැන්ට පවා යොමු කරලා තියෙන්නෙ මාධ්‍ය හරහා නෙමෙයි කියලා අපිට කියන්න බැහැ. සංගීතයට විතරක් නෙමෙයි චිත‍්‍රපට ටෙලි නාට්‍ය වලටත් මේ කාරණය අදාලයි සහ පොදුයි .

මාධ්‍ය හරහා තමයි ඒක තිරණය කරන්නෙ. වැඩිම පිරිසක් බලන කියන ටයිට්ල් එක දෙන්නෙ, වැඩිම ජනතාවක් බැලිය යුතු උසස්ම ගනයේ චිත‍්‍රපටයක් කියලා තීරණය වෙන්නෙ පේ‍්‍රක්‍ෂකයා හරහා නෙමේ මාධ්‍ය හරහායි සිද්ධ වෙන්නේ. මේ වනවිට මත තමයි දුවන නොදුවන කියන වර්ග දෙකක් හදාගෙන තියෙන්නේ. මට කියන්න බැහැ මේ දෙකෙන් වැදගත් වෙන්නේ මොකක්ද කියලා. නමුත් අවසානයේ වැදගත් වෙන්නේ කරණ නිර්මාණයේ වටිනාකම තමයි මට වැදගත්වන්නෙ රංගනශිල්පිණියක් හැටියට නොදුවන්න වටින එ්වා දුවවනවා මම හිතනවා ආකර්ශණීය ගතිලක්‍ෂණ පමණක්ම මූලික කරගත් නිර්මාණ පමණක් නොවේ අනෙකුත් නිර්මාණ කලාත්මක ගුණයෙන් යුත් නිර්මාණ පේ‍්‍රක්‍ෂකයන් අතරට ගෙන යන්න මාධ්‍ය මීට වඩා සහයෝගයක් දෙනවානම් හොඳයි. එතකොට මේ දෙක අතර තියෙන දුරස්තභාවය නැති වෙයි. නමුත් මට නම් වැදගත් වන්නේ මම ඉදිරිපත් කරණ ලද චරිතය පේ‍්‍රක්‍ෂකයන් අතරට කොයිතරම් යනවද කියන එකයි රංගන ශිල්පිණියක් ලෙස.

"නිකිණිවැස්සෙ"හි රගපැම් ගැන කතා කරන්න එහි අධ්‍යක්‍ෂවරයා අලූත් එහි නිරුපණය වන ස්ත‍්‍රිය සහ කතා ව අළුත් .ප‍්‍රධාන රංගන ශිල්පිණිය ලෙස මෙහි රගපෑම අභියෝගයක් වුණාද?
නිකිණි වැස්ස පිටපතේ හරිම ලස්සනට එහි ප‍්‍රධාන චරිතය ඒ ගැහැනිය, ඒ කාන්තාව ගැන ලියවිලා තිබුණා. මට සතුටු හිතෙන විදිහට එය නිරූපනය කරන්න වාතාවරණයක් සහ අධක්‍ෂකවරයා සහ පිටපත යන ප‍්‍රධාන මූලික කාරණා එකතුවෙලා තිබුණා, එමෙන්ම සහයට සිටි රංගන ශිල්පි ශිල්පිණීයන් පවා හරිම දක්‍ෂ අය, ඒ සියල්ලන් සමගම අභියෝගයක් කියන කාරණයක් කියන්න බැහැ, රංගන ශිල්පිණියක් වුනහම මේ දේවල් අභියෝග විදිහට සළකන්න බැහැ, ඒක මගෙ වෘත්තියෙ යම් කොටසක් ,මොකද රංගන ශිල්පිණීයක් වුණාහම මේ දේවල් අභියෝග විදිහට සලකන්න බැහැ. රංගන ශිල්පිණියක් වුණාම ප‍්‍රගුණ කරන්න ඕන ඒ දේවල් සඳහා මුහුන දෙන්න . නැතුව එය අභියෝගයක් විදිහට මම දකින්නෙ නැහැ. හේතුව අභියෝගයක් කියන වචනයටත් මම කැමති නැහැ. මට වසර දහයකට විතරපසුවයි ප‍්‍රධාන චරිතයක් සඳහා දායක වන්න ලැබෙන්නෙ . ඉතිං බොහෝම සතුටෙන් මම මේ චරිතයට එකතු වුණෙ.

මෙවැනි කතා ප‍්‍රස්තුතයක් සිනමාවට ගෙන ඒ මේදී පේ‍්‍රක්‍ෂකයන්ට වෙහෙසක් නොවන ආකාරයෙන් ඉදිරිපත් කිරීම තරමක් අසීරු කාරණයක් මෙයඅප සිනමා ඉතිහාසයේම සිනමාවට ආගන්තුත විෂයක් ලෙසයි බොහෝ අය කියන්නේ. අධ්‍යක්‍ෂවරයා සම්බන්ධව සහ එහි සමස්ථ දායකත්වය සම්බන්ධයෙන් ප‍්‍රධාන රංගන ශිල්පිණිය ලෙස ඔබගේ ආකල්පය කුමක්ද?
මෙම කතාව ආකර්ශනිය ගුණ බලහත් කාරයෙන් එකතු වුණ කතා වක් නොවන නිසා, මේවැනි කතා වලට ආකර්ශනිය කාරණා බලහත්කාරයෙන් ඔබ්බවන්න අපහසුයි . මෙවන් සිනමාවක් වෙහෙකාරි කියන්න බැහැ. මෙවැනි චිත‍්‍රපට නරඹන්න පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් අතීතයේ හිටියා. මේ වෙනකොට 'ජනප‍්‍රිය රැල්ලයි 'කියන එක තමයි කලාව කියලා හදුනාගත් කොටස් මගින්, මෙවැනි චිත‍්‍රපට බලාගෙන ඉන්න වෙහෙසයි කියන තැනට හිතන්න පෙළඹිලා තියෙන්නේ. නමුත් මේක සාපේක්‍ෂෙව ගත්තොත් හැමෝටම මෙවැනි චිත‍්‍රපට බලන එක වෙහෙසක් නොවේ. මෙවන් චිත‍්‍රපට බලන්න පුරුදු පුහුණු වෙච්ච කොටසක් ඉන්නවා. ඔවුන් බලන්නෙ මෙවැනි චිත‍්‍රපටවල, චරිත වල ගැඹුර සහ හැගිම්- දැනිම් සමග වෙනමම ගමනක් යන්නෙ. එලෙස තමයි ඔවුන් එම චිත‍්‍රපටිය රසවිදින්නේ. ලෝකෙ හැම තැනම මේ ආකාරයේ චිත‍්‍රපට තියෙනවා.ඒ වා ඔය ජනප‍්‍රියයි කියන රැල්ලට හසු නොවුනට ලෝකෙ ජනප‍්‍රිය සිනමාව තිබෙන හැම රටකමත් මෙවැනි චිත‍්‍රපට සාපේක්‍ෂව හැමදාමත් බිහිවෙනවා . එකම දේ ඒවා බලන ප්‍රෙක්‍ෂකයන් වෙනමම කොටසක් ඉන්නේ. මෙවැනි චිත‍්‍රපට තිබෙන බව ජනප‍්‍රිය චිත‍්‍රපට බලනපේ‍්‍රක්‍ෂකයන් ට අවබෝධයක් නැහැ. මං හිතන්නෙඒ දෙක එකතු වෙන එකකුත් නැහැ. මං හිතන්නෙ මෙවැනි චිත‍්‍රපට රසවිදින ප්‍රෙක්‍ෂකයන් ප‍්‍රමාණයකුත් ඉන්නවා. ඒ අයගේ රසවින්ඳනයන් වෙනුවෙන් මෙවැනි නිර්මාණ බිහිවෙන්න ඕනෙ. එහෙම කලාවකුත් පේ‍්‍රක්‍ෂකයන්ට පුරුදු පුහුනු කරවන්න ඕන. ඒ සඳහා ගත් හොඳ උත්සහයක් ලෙසයි මම "නිකිණි වැස්ස" චිත‍්‍රපටය දකින්නෙ.

එකම කාලයක ඔබේ සිනමා නිර්මාණ දෙකක් තිරගත වෙනවා දෙවිදිහක ට මෙය ඔබට දැනෙන්නෙ කොහොමද? ජනප‍්‍රිය සිනමාව සහ කලාත්මක සිනමාව කියන කාරණය තුළ සිට
මෙහෙමයි ආකර්ශණිය ගුණාංග ඔබ්බවලනේ ජනප‍්‍රිය සිනමාව ගොඩනැගෙන්නෙ ." සිරිපැරකුම්" චිත‍්‍රපටය ආකර්ශණීය ලක්‍ෂණ මුල් කරගෙන තමයි කතා තේමාව දුවවන්නේ . අනිත් චිත‍්‍රපටයේ කතා තේමාව යන්නෙ මනුෂ්‍යත්වය ගැන කතා කරමින්. ඒ කතාවට අදාල කාරණාත් සමග පමණයි. ඉතිං මට නම් මේ දෙකම රසවිඳින්න පුඵවන් ඇත්තටම . ප්‍රෙක්‍ෂකයනුත් මේ දෙකම රසවිඳින්න පරුදු පුහුණු වෙනවානම් හොඳයි. වෙන රටවල්වල සිනමා සම්මාන වල පවා චිත‍්‍රපටි වර්ගීකරණය කරලා තිබෙනවා වෙන් වෙන් වශයෙන් . ඔවුන් එය වෙන වෙනම අගය කරනවා. නමුත් අපේ එහෙම ක‍්‍රමයක් නැහැ නැහැ. අපේ සම්මාන උළෙලවල් වල ජනපි‍්‍රය රැල්ල ඉස්සරහටත් අනිත් එක පස්සටත් තල්ලූවෙලා ගිහින් තියෙනවා. නමුත් එහෙම නෙමෙයි වෙන්න ඕන. මේ දෙකේම අගය කිරිමේ ප‍්‍රමිථීන් දෙකක් හැදෙන්න ඕන. පේ‍්‍රක්‍ෂකයනුත් මේ දෙකම නරඹන්න රසවිඳින්න පුරුදු වෙන්න ඕන මේ දෙකේ වෙනස දෙවිදිහකට වටහා ගන්න. එහෙම වටහාගත් කොටසක් ඉන්නවා. අනිත් අයව ඒකෙන් ගොඩාක් ඈතට තල්ලූ කරලා තියෙන්නෙ මාධ්‍ය හරහා.

මේ චරිත දෙකෙන් ඔබ වඩාත් කැමති කෝකටද කියලා ඇහුවොත් ඔබට සෘජුව ප‍්‍රකාශ කළ හැකි පිළිතුරක් තිබෙනවද?
සෘජුව කියවානම් සංකීර්ණ චරිත නිර්මාණයට ඕනෑම රංගන ශිල්පියෙක් ශිල්පිණීයක් හරි කැමතියි. ඉතින් මමත් කැමතියි "නිකිණි වැස්සෙ" තිබෙන චරිතයේ සංකීර්ණත්වය. ඒ පිටපත තුළම තියෙනවා. ඒ නිසා මම එයට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ තුළින් අදහස්වෙන්නෙ නැහැ මම "සිරි පැරකුම්" චිත‍්‍රපටයේ රගපෑමට හෝ චරිතයට හෝ මම අකමැතියි කියලා. ඇත්තටම මම ඒ චරිතය බොහොම කැමැත්තෙන් රගපෑවේ ඒ ෙ කතාවට අවශ්‍ය දේ තුළ මට යම් ඉදිරිපත් කිරිමක් කරන්න , නිර්මාණයක් කරන්න අවස්ථාව තිබුණා.

මම එය බැහැර කරන්නෙ නැහැ. ඒකට මම ගොඩක් කැමතියි . ඔය දෙක දෙවිදිහකට ඈත් කරලා මම හිතනවනම් එය හරිම කුහක කමක් කියලයි මම දකින්නේ. මට එහෙම කරන්න බැහැ. ඒක හරි පව්කාර කමක් ඒක මගේ වෘත්තියේ කොටසක් මං ප‍්‍රථමයෙන් ප‍්‍රකාශ කළ ආකාරයට දෙවිදිහක චිත‍්‍රපට රසවිඳීම ප‍්‍රගුණ කළ යුතුයි වගේ මෙවැනි චරිත ලැබුණහමත් මම දෙවිදිහටම රසවිඳිනවා ඒ රසවින්ඳනය මට නැත්තම් මේ චරිත දෙක ඉදිරිපත් කරන්න මට බැහැ .ඉතින් මම මේ චරිත දෙකටම කැමතියි. වඩාත්ම සංකීර්ණව නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබුණා" නිකිණි වැස්ස" ප‍්‍රධාන චරිතය තුළින්. ඒක තමයි මේ දෙකේ වෙනස .

මේ වෙනකොට ඔබ සිනමාව වේදිකාව රුපවාහිනිය යන මාධ්‍ය තුනේම රංගනයෙන් දායක වෙනවා ඔබට මෙය දැනෙන්නෙ කොහොමද? වෙන් වෙන් වශයෙන් ගත්විට රංගන ශිල්පිණියක් ලෙස ඔබ වඩා තෘප්තිමත් වෙන්නෙ මින් කුමන මාධ්‍යට ද....?
පසුගිය කාලය තුළ රූපවාහිනියෙන් සතුටු විය හැකි සහ තෘප්තිමත් විය හැකි මට්ටමක තිබුනා .සමස්ථ මාධ්‍යමත් තිබුණා බොහොම ගෞරවණීය සහ කලාත්මක තත්ත්වයක. මේ වනවිට එය හීන වෙමින් ගොස් තිබෙනවා . ඒ කාලය තුළ ලැබුණ චරිත සහ සම්බන්ධ වුණ නිර්මාණ වලට මම ගෞරව කරණවා, ආදරේ කරණවා. මට ගොඩක් වෙනස් චරිත ඉදිරිපත් කරන්න ලැබුණේ රූපවාහිනි මාධ්‍ය හරහා. මොකද අර කිව්වා වගේ මට අවුරුදු දහයකට විතර පසුවනේ සංකීර්ණ පිටපතක ප‍්‍රධාන චරිතයක් ලැබෙන්නේ. ඊට වඩා මට අවස්ථාව ලැබිලා තියෙන්නේ මාව ඉදිරියට යවලා තිබෙන්නේ රූපවාහිනී නාට්‍යවලින්. මට ඉදිරිපත් කරන්න ලැබුණ සංකීර්ණ චරිත තුළිනුයි. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ රූපවාහිනි මාධ්‍යට විතරයි කැමති කියලා.

මම මාධ්‍ය තුනටම කැමතියි. ඉස්සර නොතේරෙණ කාලේ නම් මම කිව්වා මම කැමති වේදිකාවට කියලා. නමුත් සිනමාව සහ රූපවාහිනිය කියන මාධ්‍යත් හඳුනා ගැනීම සහ හොඳ නිර්මාණ ඉදිරිපත් කරණකොට මට අවබෝධවුණේ මේ මාධ්‍යන් තුන තුනක් වුවත් මගේ කාර්්‍යභාරය එකයි. මට සතුටුවෙන්න පුළුවන් උපරීමයත් එකමයි කියලා .හොඳ නිර්මාණ හරහා උපරීමයෙන් සතුටු වෙන්න පුළුවන් මේ මාධ්‍ය ති‍්‍රත්වය තුළින්. ඒ නිසා ඒ තුනම මට වටිනවා .

ලංකාවේ වර්තමාන සමාජයේ ස්ත‍්‍රීන් සහ දරුවන් ලිංගික හිංසාවන්ට සහ අතවර වලට, දූෂණය ට ලක්වීම සම්බන්ධව ඔබේ ආකල්පය කුමක් ද ?කලාකරුවෙකු ලෙස සහ රට වැසියෙකු ලෙස මනුස්සයෙකු ලෙස .
මම හිතනවා අපේ ගොඩක් දේවල් හොඳ නරක , හරි වැරදි කියන දේවල් හුගක් දුරට පාලනය කරන්න, දැනුවත් කරන්න හදන්නෙ ආගම හරහායි. එය හොඳ දෙයක් , හැම ආගමක්ම හොඳයි. නමුත් මෙහිදි නිතියට මුල්තැන දෙනවනම් හොඳයි, මෙහිදි අපි බොහෝ දුරට නිතියට වඩා ආගමිකව තමයි මිනිසුන්ව හදන්න උත්සහ කරන්නේ. නමුත් මට දැනෙනනවා එය එතරම්ම සාර්ථක ක‍්‍රමවේදයක් නෙමෙයි කියලා . මම බෞද්ධයෙක්, මම බෞද්ධ දර්ශනයට පුදුමාකර ගෞරවයක් තිබෙනවා . නමුත් සාමාන්‍ය මනුෂ්‍යන්ට බෞද්ධ දර්ශනයට කිට්ටු වෙන්න ලෙහෙසි නැහැ. බෞද්ධ දර්ශණය ඒ තරම්ම උසස්ම තලයක තියෙන සහ පුදුමාකාර නිදහසක් දිලා තියෙන දර්ශණයක් .

ඒ නිදහස තුළම මිනිස්සු, බෞද්ධයන් මුලාවකට පත්ව තිබෙනවා. බෞද්ධ දර්ශනය තුළ තියෙන බොහෝම සරල දේවත් හොයාගෙන නැහැ . අපි පන්සල් යයි , ගාථා කියයි ,දෙකට තුනට දණගහලා වඳියි. නමුත් අපි අනිත් මනුස්සයගේ අයිතිය කියනදේට ගෞරවය කරන්නෙ නැහැ. අපි මේ පුංචි දේවල් ටිකක් විතරක් අපි අපේ ජීවිතයෙ කොටසක් කරගෙන නැහැ. අනෙක් මනුෂ්‍යාට ගරු කරන්න, ඔවුන්ගේ අයිතිය ආරක්‍ෂා කරන්න, අයිතිය දෙන්න, අනිත් මනුෂ්‍යාගේ අයිතිය දිය යුතුයි කියන කාරණය ආගම හරහා උගන්වලා නැහැ. එය ආගම තුළ තියෙනවා.

නමුත් ආගම හරහා මනුස්සයගේ අයිතියට ගෞරවකරන එක, අනිත් මනුෂ්‍යාගේ අයිතියට ආදරය කරන එක,එයට ඉඩ දෙන එක ගැන දැනුවත් කරන්නෙ නැහැ. මම හිතන්නෙ ඒක කරන්න සිද්ධවෙන්නෙ නීතිය හරහා කියලා අයිතින් පිළිබඳ කතා කලොත් එහෙම මෙම අතවරවලට පත්වෙන හා හිංසාවන්ට පත්වෙන හැමකෙනෙක්ම තමන්ගේ අයිතින් දන්නෙ නැති අය. මම කියන්නේ මේ දේවල් දන්නෙ නැති නිසා මේ දේවල් වෙනවා කියන එක නෙමේ. අයිතින් දන්න විදිහට පෞරෂය ගොඩනැගිලා නැහැ ඒ තුළ සිද්ධවෙන වරදකුත් තිබෙනවා ,මේවට බලපැම් කරණවට වැඩිය එකගවීම් තමා අපේ කාන්තාවන් අතින් හුගක් වෙලාවට සිද්ධවෙන්නෙ. මේක දරුවන් නොදැනුවත්කම නිසා ගොඳුරු බවට පත්වෙනවා .කාන්තාවන් තමන්ගෙ අයිතීන් පිලිබඳව දැනුවත් නැහැ සහ මේ පිළිබඳව දැණුවත් වන්න ඉඩක් තියලත් නැහැ කියලා මට හිතෙනවා.

පවුලෙ මූලිකත්වය ගන්නෙ පිරිමියා මේ අයිතින් දන්නව නම් ඔවුන් ව පීඩාවන්ට පත් කරන පාර්ශවය ජයගන්නෙ බොහෝ අඩු වශයෙන්. මම මේ කියන්නෙ ලිංගික අතවරයන්ට එහා දෙයක් ගැනයි. නමුත් ලිංගික අතවර යකදි වුනත් එහෙමයි දැණුවත්භාවයක් තිබෙනවනම් මේ තත්ත්වයන් තුලින් මගඇරගැනීම සහ ඒවා ට ගොඳුරු නොවීමට සිටීමට හැකි වීම තුළ එයින් බේරී සිටීමට පුළුවන් . දරුවන් ලිංගික අපයෝජනයට දූෂණයට ලක්කිරීම පිලිබඳවනම් මට තේරෙන්නෙ නැහැ මිනිස්සු රතැනින් එහාට මානසිකව පුනරුත්ථාපනය විය යුත්තෙ කොහොමද කියලා. එවන් මානසික විකෘත තාවක් ඇතිවීම ආගමකින් කරන්න පුළුවන්ද කියලා මට හිතා ගන්න බැහැ. ඒවාට නීතිය හරහාම පමණයි කි‍්‍රයාකරන්න වෙන්නෙ. මේ වෙනකනුත් අපෙ හැම ආගමක්ම දේශනා කර කර හිටිය නේ. මේවා වැඞීවීමක් මිසක් අඩුවෙලා නැහැ. අපි මනුෂ්‍යයාගේ මොකද මිනිසුන් ලිංගිකත්වය ගැන හිතන ආකාරය වැරදියි. මේ නිසා තමයි බොහෝ විට ලිංගිකත්වය පිලිබඳ අවබෝධයක් නැති පොඩි දරුවන් හරහා මේ දේවල් කරගන්න හදන්නෙ (දරුවන් සහ අසරණ වුණ කාන්තාවන්)ලිංගික තෘප්තියක් ලබනවා කින එකත් මිනිසුන්ගේ අයිතියක්.මේ අයිතිය බොහොම ගෞරවණීය විදිහට සිදුවිය හැකි ක‍්‍රමයක් හැදෙනවනම් මම හිතනවා මිනිසුන් මේ තත්ත්වයෙන් ඇකත් වීමට ඉඩ තියෙයි කියලා. අපේ නීතියත් අර රක්ෂණවල තියෙන ඔන්දස්පොට් කියලා ක‍්‍රමයක්. අන්න ඒ වගේ මේ දේවල් වලටත් නිතිය ඔන් ද ස්පොට් නීතියක් වෙන්න ඕනෙ. හේතුව මේවට තීරණ එනකොට දඩුවම් ලැබෙන කොට වෙන්න ඕන ටික වෙලා ඉවරයි.

අපේ කලාකරුවන් අනෙක් රටවල කලාකරුවන් තරම් සමාජයේ පොදු කාරණා වලදි සාමුහිකව සාධාරණත්වය වෙනුවෙන් ,ස්වාධීන මතයක සිට පෙණී සිටින්නෙ නැහැ. මේ හුගක් අය දේශපාලන අත කොළු බවට පත්වෙලා වගේ පේනවා. පේ‍්‍රක්‍ෂකයො යනු මේ රටේ සාමාන්‍ය පොදු ජනතාව. මේ පොදු ජනතා අවශ්‍යතා සහ සාධෘරණ අයිතිවාසිකම් වෙනුවෙන් කලා කරුවන් ටමැදිහත් වෙන්න බැරිද?
මේ ගැන නම් කතාකණ එක තේරුමක් නැහැ .මෙහෙමයි අපි ඔක්කොම රැලි. කොහේ හරි හොඳ යහපත් චේතනාවෙන් කරණ දේවල් සම්බන්ධව නෙමේ මම මේ කියන්නෙ. මම ඒවට අගෞරව කරණවා නෙමේ. මෙච්චර කල් කණ්ඩායම් ගැහිලා කරපු හුගක් දේවල් මෝස්තරයට කරපු දේවල් විතරයි .මට තේරුම්ගන්න අමාරුයි නමුත් බොහොම කණගාටුවෙන් වුණත් කියන්න තියෙන ඇත්තම ඇත්ත තමයි එකමුතුවක් කියන එක ඇත්තෙම නැහැ .

අපි හැමෝ තුළම තියෙනවා ලොකූ හීන මානයක්. අපි හැමෝම මේ මාධ්‍ය තුළට ඇවිත් තියෙන්නෙ අධ්‍යාපනය හරහා නෙමෙයිනේ. නොයෙකුත් දේවල් අතපත ගාමින් අධ්‍යයනයක් ලබමින් තමයි ඇවිත් තියෙන්නෙ. එහෙම නැතිව ක‍්‍රමවත් අධ්‍යාපන ක‍්‍රමයක් තුළින් පැමිණිලා නැහැ. ඒ නිසා මම හිතනවා හැමෝම තුළ භයක් තියෙනවා තමන්ගෙ පෞරෂය පිළිබඳව .මේ පෞරෂය බේරාගැනීමට විශාල උත්සහයක් දරණවා. මේ පෞරෂය, රාමුව , හැබැවටම නැති පෞරෂවය, හැබැවටම තමන් වඩා ගොඩ නැගිලා නැති රාමුව බේරාගන්න, හදාගන්න ලොකු උත්සහයක් දරණවා. ඒ හරහාම ලොකු හීන මානයකින් තමයි බොහෝ අය ඉන්නේ.

මෙවන් රැලි හරහා තමයි ඔවුන් තම පෞර්ෂ්‍යත්වය ගොඩනගා ගන්න ක‍්‍රම හදාගන්නෙ. ඒ ඇරෙන්න ඇතුලාන්තයේ මේවට සැබෑ ආවේගයක් නැහැ. ඒ නිසා තමයි මේවාගේ පොඩි රැල්ලක් ආවම එළියට ඒන්නෙ සහ අනිත් වෙලාවට වැහිලා තියෙන්නෙ. මේක ඉතින් කලාවේ පමණක් නොවේ හැම තැනකම තියෙන දෙයක් ඉතිං. මගේ කිසි විශ්වාසයක් නැහැ මේ කණ්ඩායම් ගැහිලා කරන දේවල් ගැන. මොකද ඒ වායේ පැවැත්මක් නැහැ.

රපෑමෙන් පමණක් ද ඔබ පේ‍්‍රක්‍ෂකයා සතුටු කිරීම හිතන්නෙ ?
නැහ....නැහැ.... රගපෑමෙන් විතරක් නෙමෙයි .පේ‍්‍රක්‍ෂකයන් සතුටු කරන්න ඕන, අධ්‍යක්‍ෂණය කරලා, පේ‍්‍රක්‍ෂකයන්ව දැනුවත් කරලා ඔවුන්ව සතුටු කරන්න ඕනෙ.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?
ඉස්සරහට තියෙන නිර්මාණ කටයුතු නම්...... චිත‍්‍රපටි තුනක් තියෙනවා, උදාර අබේසුන්දරගේ, විශ්ව බාලසුරියගේ "සෙවනැලි" කියල චිත‍්‍රපටයක්. එකේ වැඩ කටයුතු ඉවර කරලා තියෙන්නේ. ලාල් ප‍්‍රියදේවගේ "අපේ යාළු මාළු" කියල ළමා චිත‍්‍රපටයක් තියෙනවා. තාම එහි පසු නිෂ්පාදන කටයුතු ඉවර කරලා නැහැ. "සුවිසි විවරණ" කියලා සරත් ධර්ම රත්නගේ චිත‍්‍රපටයක් තියෙනවා. ඔය කිහිපය තමයි ඉදිරියට එන්න තියෙන්නෙ. ඊට අමතරව සුළග මත මොහොතක් කියලා රුක්මාල් නිරෝෂ් අධ්‍යක්‍ෂණය කරපු ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. දැනට එපමණයි.

ඔබ අධ්‍යක්‍ෂවරියක් ලෙස සම්මාන පවා ලබාගෙන තිබෙනවා .ඔබගේ ඉදිරි නිර්මාණ කර්තව්‍යන් මොනවද?
වෙන අලූත් දේවල් නම් අධ්‍යක්‍ෂණය කළේ නැහැ. බොහෝම අලසකමක් දැනෙනවා. එ් නිසා කිසිම නිර්මාණ කටයුත්තකවත් අධයක්‍ෂණයට සම්බන්ධ වුණෙ නැහැ.

මේ වෙනකොට ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද?
මේ වෙනකොට ජිවිතේ මහන්සියක් දැනෙනවා , ලොකු තෙහෙට්ටුවක් දැනෙනවා. ඒක නැති වෙන්නෙ මේ කලා කටයුතු නිසා තමයි.

සාකච්ජා සටහන සහ ජායාරූප හර්ෂණී පෙරේරා

Image Gallery

{gallery}1559{/gallery}
Read 1626 times
Body
Background Color
Text Color
Background Image