Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Sunday, 09 June 2013 17:22

ඕකට කියන්නෙ කඬේයාම නෙමේ පාච්චල් වීමයි

Rate this item
(0 votes)
ඕකට කියන්නෙ කඬේයාම නෙමේ පාච්චල් වීමයි

ධර්මසිරි බණ්ඩාරණායක රංගන ශිල්පියෙකු ,සිනමා අධ්‍යක්‍ෂවරයෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙස මෙන්ම සමාජ ක‍්‍රියාකාරිකයෙකු ලෙස තම දායකත්වය සමාජ ගත කර තිබේ, එදා ඔහු විසින් නිර්මාණය කරණ ලද 'හංසවිලක් 'එදාට වඩා වලංගුවන්නේ අදටය. එදා ඔහු කළ 'ධවල භීෂණ', 'ඒකාධිපති' වැනි නාට්‍ය එදාට වඩා වලංගු වන්නේ අදටය. කලාකරුවෙකු විසින් නිර්මාණයක් සඳහා තෝරාගන්නා වස්තු විෂයක් සර්ව කාලීන වනවා යනුම ඔහු මේ සමාජයේ ප‍්‍රඥාවන්තයෙකු වන්නේය, දුර දකින්නෙකු වන්නේය,ලෝකය දකින්නෙකු වන්නේය .ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවෙකු ලෙස වඩාත් වැදගත්වෙන්නේ මේ සියල්ල තුළය. මිරර් ආර්ට්ස් ඒ නිසාම මෙමලිපිය උපුටා දක්වන්නේ මේ මොහොතේ මෙය වඩා වැදගත් නිසාය .

80 දශකයේදී වසන්ත ඔබේසේකර ,ධර්මසේන පතිරාජ සහ ඔබව විචාරකයින් විසින් හඳුන්වනු ලැබුවේ වම් ඉවුරේ කණ්ඩායම නමින්. ඔබලා මේ ආකාරයට ඉවුරු ගත කිරිමට හේතුව කුමක්ද?වාමාංශික අදහස් දැරූ කලාකරුවන් වීමද ?
ඒක වාමාංශික මත දැරීම නිසා සිදුවූවක් නෙමේ. එතෙක් පැවති සිංහල සිනමා ගමන් මගට පටහැනි වූ ගමන් මාර්ගයක් ආරම්භ කළ සිනමාකරුවන් වශයෙනුයි අප එවැනි ඉවුරුගත කිරීමකට ලක්කරණු ලැබුවේ .

මුලින්ම මේ හැඳින්වීම කරණු ලැබුවේ කවුරුන් විසින්ද?
ප‍්‍රවීණ සිනමා විචාරක සිරිල් සී පෙරේරා විසින් .

ඔබ වම් ඉවුරට පැමිණියේ කොයි විදිහටද?
ධර්මසේන පතිරාජ,' අහස්ගව්වෙන්' පටන් ගත් මේ නව සිනමා ගමනෙ දිගුවක් වසන්ත ඔබේසේකර අතින් සිදුවුණා. ඉන්පසු මගේ 'හංසවිලක්' දිත‍්‍රපටයත් ඒ ගමන් මගට එකතුවුණා. මෙහිදී සිරිල්. බී. පෙරේරා ත් ,රෙජී සිරිවර්ධනත් මගේ 'හංසවිලක්' චිත‍්‍රපටය සිනමාවේ ඊළග ලෑන්ඞ් මාර්ක් එක ලෙස හඳුන්වා දෙමින් අගය කිරීමකට ලක්කරනු ලැබුවා. මේ සිනමා කෘතින්වළ තිබුණ පොදු විහේෂත්වයක් වූවේ එවකට තිබූ සම්ප‍්‍රදායික නළු පෞරෂයට හාත්පසින්ම වෙනස් පෞරෂයක් සහිත නළු නිළි පිරිසක් සිනමාවට එකතුවීම.

මේ වෙනස් පෞරෂය යන්න පැහැදිලි කරන්න
ඒ කාලෙ සිනමා නළුවෙක් වීමට සුන්දර රූපයක්,ක්රේල් කොන්ඩයක්, උස මහත සිරුරක් ඕනෑ වී තිබුණා. මම ,අමරසිරි කලංසූරිය, බන්දුල විතානගේ වැනි සාමාන්‍ය පෙනුමක් සහිත අයටත් රගපාන්න පුළුවන් කියන විහ්වාසය ජනිත කරවනු ලැබුවේ මුල්වරට 'අහස්ගව්ව' චිත‍්‍රපටයෙන්. ඒ වගේම ස්වර්ණා මල්ලවආරච්චි වැනි නිළියක් සම්ප‍්‍රදායික නිළි චරිතයකට අභියෝග කළා. ඊගාවට එන්නේ 'හන්තානේ කතාව' ඒකෙ හිටියෙත් අපි කවදාවත් දැකලා නැති පිරිසක්

තරුණයින් වශයෙන් ඔබලාගේ දේශපාලනය වූයේ කුමක්ද?
මතවාදීමය වශයෙන් ගත්තතොත් අපි තුන්දෙනාම දක්‍ෂිණාංශික දේශපාලන ය නියෝජනය කළ අය නෙමෙයි .

පොදුවේ ගත් කළ ඔබලා වාමාංහිකයින්?
මම වාමාංහික දේශපාලන අදහස් දැරීමට යොමුවන්නේ 71 කැරැල්ලත් සමගින්.

ඔබ 71 කැරැල්ලට සම්බන්ධ වුණාද ?
නැහැ. ඒත් මගේ යෞව්වනත්වයත් එක්ක ගැටගැසුණු අරගලකාරී චින්තනය නියෝජනය කළේ ජනතාවිමුක්ති පෙරමුණ.

70 දශකයේ තරුණයින් අද පරපුරට වඩා පොදු පරමර්ථයන් කෙරෙහි යොමුවුණ උදාර පුරුෂාර්ථයන් සහිත පිරිසක් ඔවුන් ඒ පන්නරය ලබාගත්තෙ කොහොමද?
ඒ වනවිට සංස්කෘතික ක්‍ෂෙත‍්‍රය තුළ තිබූ සකල විධ ප‍්‍රබෝධයන් නියෝජනය කළේ ඒ තරුණ පරපුර. ඉතිහාසයේ ගෞරවණිය කලාකරුවන් ඒ අයට ලොකු අත්වැලක් සැපයුවා.

ඒ කොයි ආකාරයටද?
අපි සරච්චන්ද්‍රයන්ගේ මනමේ කුමරියට ආදරය කරණ පරම්පරාව බවට පත්ව සිටියදී, හුණුවටයේ කතාවේ ගෲෂාට ආදරය කරණ පිරිසක් ඒ තුළින්ම ඇතිවෙනවා. ඒ නාට්‍යයේ විදිහට දරුවා අයිති වෙන්නේ වැදූ අම්මට නෙමෙයි හැදූ අම්මට. ඒක අලූත් දර්ශණයක් වුණා .මෙය මාක්ස් වාදී චින්තන රටාවත් එක්ක ගැට ගැසුණු එකක් ලෙසයි අපේ හදවත් පෝෂණය කළේ. ඒ අනුව අපි මෙතෙක් දැකපු දේවල් වෙන ආකාරයට දකින නව පරම්පරාවක් ඇතිවුණා .ඒ පරම්පරාවේ එක් අරගලයක් තමයි 71 කැරැල්ල .

දැන් අපි 71න් මෙහා පැත්තේ ඔබේ ගැන කතා කරමු.
කැරැල්ලත් එක්ක අපේ අධ්‍යෘපනය සම්පූර්ණයෙන්ම නතරවුණා .අප යන්නට හිටි විශ්වවිද්‍යාල, සිරකඳවුරු, වධ කඳවුරු හෝ පුනරුත්ථාපන කඳවුරු බවට පත්වුණා .කැරැල්ල පරාජය වුනා. තාරුණ්‍යට උරුම වුනේ මරණය නැතිනම් මරණ බය. මේ අනපේක්‍ෂිත අත්දැකීම් තුළ නිදන්ගත වේදනාවක් තැන්පත් කළා.

"ඒකාධිපති" වැනි ඔබගේ කලා නිර්මාණ බිහි වුනේ ඔය ගැටලූවලට විරෝධාකල්පයක් වශයෙන්ද ?
නැහැ. ඇත්ත වශයෙන්ම අද වෙනකම් 71 කැරැල්ල පදනම්කරගත් නිර්මාණ බිහිවෙලා නැහැ. අපි ඒ සංසිද්දිය අරගෙන විග‍්‍රහ කළාට අපේ සංස්කෘතික දේහය ඇතුළෙ ඒක සමාජ ගතකරන්න බැරිවුණා.

මේතරම් කලාකරුවන් සිටින රටක ඇයි එවන්නක් කිරීමට නොහැකිවුණේ ?
ඒක ඌනතාවයක්.

කලාකරුවෙක් ලෙස ඔබටත් ඒ චෝදනාව එල්ල වෙනවා නේද ?
එය පිළිගන්න වෙනවා.

මෙවැනි ඌනතාවක් ඇතිවෙන්න හේතු මොනවද?
අප විසින්ම ස්වයංවාරණයක යෙදීම .

ජවිපෙ තුළ සාහිත්‍යකරුවන් සහ විවිධ කලාකරුවන් සිටිනවා ඒඅ යට හෝ මෙවැනි දෙයක් කළ නොහැකිවුණේ ඇයි?
ඒ අය තුළත් සාකච්ජා සිදුවුණාට න‍්‍රියාත්මක වීමක් දකින්නට නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්.

නමුත් මේ ඌනතාවයන් මධ්‍යයේ වුනත් ඔබ 89 භීෂණ යුගයේදී 'ධවල භීෂණ 'වේදිකා ගතකරණවා ඔ බඑය හැදුවේ මෙම භීෂණය ගැන දැනනෙද ?
නැහැ.මම ඒක හැදුවේ 88දි. මම දැනගෙන හිටියෙ නැහැ 89 දි එහෙම වෙයි කියලා. මගේ අරගලය වුනේ යුද්ධය මිසක ජේවීපී අරගලය නෙමෙයි .

ඔබ නැවතත් ඒකාමිපති වේදිකා ගත කළා ඒ පරණ පිටපතමද?
ඔව්. අපි එය පැරණි පිටපත අනුවම වේදිකා ගත කළා .

මෙය එදා ඉමහත් පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ලැබූ නාට්‍යක් අද ලැබෙන පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර කෙහොමද?
එදා සිටි මනුෂ්‍යාට වඩා මෙදා සිටින මුනෂ්‍යයා තුළ ඇතිවී තිබෙන වෙනස අපි දැක්කා ..

මොකක්ද ඒ වෙනස ?
එදා 76දි අපි 'ඒකාධිපති 'චරිතය කළේ මිලිටරි යුනිෆෝම් එකක් ඇඳලා .මේ සැරේ ඒක ඇඳලා රගපානකොට මිනිස්සු ඒකට කැමතිවුණේනැහැ.

ඇයි ඒ?
මිනිස්සු හිතුවා අපි මිලිටරි යුනිෆෝම් එකට සමච්චල් කරණවා කියලා. දැන් ඇතිවෙලා තියෙන්නේ මිලිටරි යුනිෆෝම් එකට ආදරේ කරණ සමාජයක්.

ඉතින් එය ගැටළුවක්ද?
යුද්ධයක් ජයග‍්‍රහණය කර තිබෙන මෙහොතක එවැනි තත්ත්වයක් ඇති වීම ගැන කිසිම ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ගැටළුවක් තිබෙනවා .

මොකක්ද ඒ ගැටළුව ?
ඒ තමා යුද්ධය යුද්ධය කියන්නේ ප‍්‍රඥාවන්තයින් පිටු දකින දෙයක්. ලෝකයේ කිසිම තැනක යුද්ධ්‍ය නමස්කාර පූර්වකව සැළකුම් ලබන්නෙ නැහැ.

දැන් යුද්ධය අවසානයි
නමුත් යුද්ධයේ ජයග‍්‍රහණය කියලා දෙයක් නැහැ.
ජයග‍්‍රහණයෙන් පසු මිනිසුන් හැසිරෙණ විදිය ඒබ ව තහවුරු කරණවා.

ඔබ කියන දේ පිළිගන්නෙ කොහොමද?මේ යුද්ධය වැරදියි කියලද ඔබ කියන්නේ?
සම්පූර්ණයෙන්ම වැරදියි

කනගාටුයි එය කිසිවකු පිළිගන්නා දෙයක් නම් නෙමෙයි?
ඔබ ඔය කඬේ යාම කියලා හඳුන්වන කාරණයට අනුව මමත් ආණ්ඩු වෙනස් කිරීමක් සඳහා පෙනී සිටි අයෙක් .

ඒ කොයි කාලෙද කා වෙනුවෙන්ද?
1994 දි චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් .

කඬේයෑමේ කතාව ඔබේ යුද විරෝධී ආකල්ප සමග එකතුවෙන්නේ කොහොමද?
මම චන්ද්‍රිකා මහත්මියට සහයෝගය දුන්නෙ යුද්ධය අවසන් කිරීමට නිසා.

ඔබ විශ්වාස කළාද චන්ද්‍රිකා මහත්මිය යුද්ධය අවසන් කරාවි කියා ?
ඔව් .මම විශ්වාස කළා .මා තුළ වූ දේශපාලන ඌනතාවය තමයි මා එතුමිය කෙරේ තිබූ විශ්වාසය.
ඒ විශ්වාසය කැඩුණෙ කොතැනද?
ඒ ගොල්ලො යුද්ධයට තල්ලූ වුණූ දා සිට

චන්ද්‍රිකා මැතිණිය වෙතට සමීප වෙද්දි ඔබ කිසිඳු වරප‍්‍රසාදයක් බලාපොරොත්තුවුනේ නැද්ද?නැතිනම් ලැබුණෙ නැද්ද?
මා කිසිවක් බලාපොරොත්තු වුණේ නැහැ .නමුත් මට චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජික ධුරයක් සහ ජාතික රුපවාහිනී සංස්ථාවේ උපදේශක තනතුරක් ලැබුණා.
කොපමණ කාලයක් එම තනතුරු වළ රැදී සිටියද?
එම තනතුරු ලබාදුන්නේ අවුරුදු 03ක කාල සීමාවකින් අහෝසි වන ආකාරයටයි.
ඒ තනතුරු දෙකම ඔබට යම් සේවයක් කළ හැකි ඒවා නේද?
නැහැ .ඒවා නාමමාත‍්‍රික තනතුරු පමණයි. රූපවාහිණියේ උපදේශකවරයෙක් වුණාට කාටද මගේ උපදෙස් අවශ්‍ය කියලා දැණුවත් කළේ නැහැ. චිත‍්‍රපට සංස්ථාවේ සාකච්ජාවලට ආවා ගියා වුණත් එම සාකච්ජා වලින් සිනමාව අරභයා කිසිම ආලෝකයක් ලැබුණෙ නැහැ. නිකම් වචන සහ කාලය නාස්ති කිරීමක් පමණයි සිදුවුණේ .

ඉතින් ඔබට ඉල්ලා අස්වෙන්න තිබුණා නේද?
මගේ' බවදුක' චිත‍්‍රපටය සම්බන්ධව ප‍්‍රශ්නයත් සමගම මම චිත‍්‍රපට සංස්ථාවට අයිති නැති පුද්ගලයෙකු බවට පත්වුණා.

ඉන්පසු ඔබට පවතින රජයට සහයෝගය දක්වන්න ආරාධනාවක් ලැබුණෙ නැද්ද?
අවස්ථා දෙකකදි නුගේගොඩ රැස්වීමට සහභාගී වීම මට ජනාධිපති තුමාගෙන් ආරාධනා ලැබුණා.

ඔබ එතුමාට මොකද කිවවේ?
ඹම කිව්වෙ මම වරදක් කර ඇති බව. ඒවගේම ආයෙත් වතාවක් ඒ වරද නොකරණ බව .
මොකක්ද ඔබ කළ වරද ?
දේශපාලනය කිරිම .

ඒ කියන්නෙ ඔබ ආයෙත් කිසිම දිනක දේශපාලනයට සම්බන්ධ නොවන බවද?
ඔව්. මා විශ්වාස කරණ ආකාරයට කලාකරුවා යනු උල්පතක් එම උල්පත සිඳී යන මර්ග සමග ඔහු නොසිටිය යුතුයි .

යම් දේශපාන පක්‍ෂයක සාමාජියෙකු ලෙස හෝ සම්බන්ධ නොවී සිටිමද ඔබගේ අදහස ?
කලාකරුවකු යම් කිසි දේශපාලන පක්‍ෂයක් නියේජනය කළ විට එම පක්‍ෂය කරණ හැම දහදුරා වැඩක්ම එම කලා කරුවොත් අනුමත කළා කියන එකයි සමාජ ගතවෙන්නේ .

කාලයක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ප‍්‍රංශ තානාපති පදවියට පත්වුණා ඔ බඑය දකින්නෙ කොහොමද?
ඉතා සුදුසු දෙයක් විදිහට. එතුමා බුද්ධිමතෙක් කලාවට ගෞරවණීයත්වයක් අත්කරදුන් අයෙක්.

ඔබ යුද්ධය නිමාකිරීමේ අරමුණින් චන්ද්‍රිකා මැතිණියට කඬේ ගියා වගේ අනෙක් කලාකරුවන් ද විවිධ අරමුණු ඔස්සේ රජයට කඬේ යනවා ඔබ එහි වරදක් දකිනවද?
ප‍්‍රශ්ණය තියෙන්නේ කඬේ යාම නොවෙයි. යන අරමුණයි. මේ කඬේ යන හුගක් දෙනෙක්ගෙ අරමුණු මොනවද කියන එක ඉතා හොඳින් දන්නේ ජනාධිපති තුමා .ඒ නිසා ඔකට කියන්නෙ කඬේයාම නෙමේ පාච්චල් වීම කියලයි.

කලාකරුවො කඬේ යනවා කලාව කොහෙද යන්නෙ?
ඕක ප‍්‍රශ්නයක් විදිහට අහන්න වෙලා තියෙන්නේ මේක මනමේ හැදුණු රට නිසා, මේක ගම්පෙරළිය හැදුණු රට නිසා. මේ එකක්වත් නොතිබුණානම් යන පැත්ත හරියටම හරි .

'මනමෙ' බිහිවුනොත් 'ගම්පෙරලිය' බිහිවුණෙත් දුෂ්කර කාල පරිච්ජේද තුළයි. ඉතින් මේ දුෂ්කර කාලපරිච්ජේද ය වෙනස් කරන්න කලාකරුවෙකු ලෙස ඔබ මොකද කරන්න හිතන්නෙ?
කලාවේ හැරවුම් ලක්‍ෂයක් ඇති කිරීම සඳහා කලාකරුවන් වහාම එකතු විය යුතුයි .මොකද අපි අද කලාව කරන්නෙ තනි තනිව .

එවැනි එකමුතුවක් සහා ඉදිරිපත්වීමට ඔබ සූදානම් ද
ඔව් , ඕනෑම මොහොතක.

එවැනි එකමුතුවක විශේෂත්වය කුමක්ද?
අතීතයේ 43 කණුඩායම බිහි නොවන්න අප රටේ විදග්ධ කලාවක් බිහිවෙන්නෙ නැහැ. එවැනි දේ කළ අමරණීය මිනිසුන්ගෙ නවාතැන් පොළවල් ඉතිහාසය තුළ අපි දකිනවා. ඒ නිසා වහාම අපි අලූත් කණ්ඩායමක් බිහිකළ යුතුයි .

ඒ සඳහා අවශ්‍ය පසුබිමක් මේ මොහොතේ පවතිනවා යැයි ඔබ සිතනවාද?
ඔව්. මේ තමා මොහොත ඒ සඳහා අවශ්‍ය වාස්තවිකය දැන් ගොඩ නැගිලා තියෙනවා. මෙය මග හැරුණොත් අප මෙන්ම අනාගත පරපුරත් විශාල ඛේදවාචකයක ට මුහුන පාන බව අමතක නොකළ යුතුයි .

තිස්ස පේ‍්‍රමසිරි
ලක්බිම පුවත්පතේ පළවූ සාකච්ජාවකි

Image Gallery

{gallery}1553{/gallery}
Read 1704 times
Body
Background Color
Text Color
Background Image