INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555751152','127529','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555751152','127965','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') මම රොෂාන් අයියට ගොඩක් ආදරෙයි
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Sunday, 02 June 2013 09:08

මම රොෂාන් අයියට ගොඩක් ආදරෙයි

Rate this item
(1 Vote)
මම රොෂාන් අයියට ගොඩක් ආදරෙයි

එකම පවුලෙ එකවගේ තුන්දෙනෙක් එකම විදිහෙ දේවල් කිරීම තරමක විශේෂත්වයක්. මේ පවුලෙ මේ තුන්දෙනාගෙ තාත්තා කරන්නෙත් මේ තුන්දෙනා කරණ දේටම සම්බන්ධ දේවල්. මේ පවුලෙ ෙ තාත්තා දිනේෂ් ප‍්‍රියසාද් . ඔහු ජනප‍්‍රිය සිනමා අධ්‍යක්‍ෂවරයක් . එයාගෙ දියණිවරු දිනක්‍ෂි ,ශේෂද්‍රි ,ෂනෝදි මේ වනවිට රූපවාහිනියෙන් සහ සිනමාවෙන් තම තමන්ගෙ දක්‍ෂතා අනුව අනන්‍යතාවක් ගොඩ නගාගෙන සිටින රංගන ශිල්පිණියන් තුන්දෙනෙක්. මේ අයගෙන් පවුලෙ ලොක්කි එක්කයි අද මිරර් ආර්ට්ස් කතා බහ කරන්නේ. ඇය දිනක්‍ෂි ප‍්‍රියසාද් .

මේ දවස් වල මොනවද අලූත් වැඩ කටයුතු ....?
මේ දවස් වල ක‍්‍රිස්ටි ෂෙල්ටන් මහත්මයාගේ 'අම්මාවරුනේ' නාට්‍යයේ වැඩ කටයුතු වලට සහභාගි වෙලා ඉන්නවා. එය සතියේ දින පහේම රාත‍්‍රී 8 .30 ට විකාශයවෙනවා ස්වර්ණවාහිණි නාලිකාව හරහා. ඊට අමතරව කිහිප දිනකට කලින් ඉවර කාල 'දූලි' (DUST) කියල සුජිව ගුණරත්නගේ නාට්‍ය. එය කොටස් 45 ක නාට්‍යයක්. ඊටත් අමතරව වැඩ ඉවර කරන්න තියෙනවා "චංචල රේඛා" කියන නාට්‍යයේ. මේ සියල්ලමටම අමතරව මම චිත‍්‍රපටයකට සහභාගි වුණා 'ZOOM' කියලා . ඒක සමීර වක්වැල්ල මහත්මයා තමයි අක්‍ෂණය කළේ. සාරංග මෙණ්ඩිස් ගෙ "ස්වේත කුසුම්" මේ දිනවල රූ ගත කිරීම් කරගෙන යනවා. මේ විදිහට තමයි මේ දිනවල නම් කාලය ගෙවී ගෙන ගියේ. 'යාය 4' සහ 'අම්මාවරුනේ'මේ දවස් වල විකාශය වෙනවා.

ඔබ වැඩිපුර පෙනෙන්න ඉන්නෙ රූපවාහිනී තිරයේ. අලූත් අත්දැකීමක්ද චිත‍්‍රපටයකට සම්බන්ධ වීම...?
මම වැඩිපුර කැමති රූපවාහිනියට. ඒක නිසාම තමයි මම ටෙලි නාට්‍ය වල පෙනීසිටින ප‍්‍රමාණය වැඩි. නමුත් මම සහභාගි වුණ ZOOMඅලූත් චිත‍්‍රපටය, අලූත් අත්දැකීමක් නිසා එය කොහොම වෙයිද කියල මට කියන්න බැහැ. නමුත් මම මිට ප‍්‍රථම 'ඩබල් ට‍්‍රබල්' කියල චිත‍්‍රපටයට සම්බන්ධ වුණා. එය තාත්තිගේ නිර්මාණයක්. මට එහි සම අධ්‍යක්‍ෂණයෙන් සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා. තව නොබෝ දිනකින් එය ප‍්‍රදර්ශනය සදහා සුදානම් වෙලා තියෙනවා. දැනට එපමණයි චිත‍්‍රපට සඳහා සම්බන්ධවෙලා තියෙන්නෙ. මම කැමතියි චිත‍්‍රපටවලත් රගපාන්න බලමු.

මුළින්ම කැමරාවට මුහුන දුන්නේ මේ ක්‍ෂෙත‍්‍රයට පිවිසෙන්නේ....කොහොමද?
මුළින්ම කැමරාවට මුහුණ දුන්නේ....? ඒ අවස්ථාව මට අමතක නැහැ. මට අවුරුදු දෙකහාමාරේදී තමයි තාත්තගේ 'අපායෙ තත්ත්පර අසුහරදාහ' කියන චිත‍්‍රපටයේ මාලනී ෆෝන්සේකා මහත්මියගේ දියණිය හැටියට රගපෑවේ. එකේ දෙබස් කිහිපයක් පවා තිබුණා නමුත් ඒ රංගනය මට එතරම් මතකයක් නැහැ. මට මතක තියෙන කාලයක මම යොමුවෙලා හිටියේ නිවේදනය පැත්තට. 'පුංචි පැංචි' වැඩසටහන හරහා. එයට අවුරුදු හතක පමණ කාලයක් දායකත්වය ලබා දුන්නට රංගනය පැත්තෙන් කිසිඳු දායකත්වයක් තිබුණෙ නැහැ. ගෙදරින් කිසිඳු බලපෑමක් තිබුණෙත් නැහැ රංගනයට යන්න එපා කියලා. මොකද ගෙදරින් අපි කරන හැමදේකටම සහයෝගය දෙනවා. නමුත් පාසලේ තිබුණු නිතී රිතිත් එක්ක රගපෑමට යොමු වුණේ නැහැ. නමුත් ඒ කාලේ අවස්ථාවක් ලැබුණත් මම හිතන්නෙ නැහැ රංගනයට මම යොමු වෙයි කියලා.

මම හරි ලැජ්ජයි රගපාන්න. පොඩිකාලේ වුණත් මම වේදිකාවට නැගල ආයිත් බැහැල එනවා .ඒ කාලේ ඉඳන් මගේ ආසාව තිබුණෙ අධ්‍යක්‍ෂණය කරන්න. මොකද දෙක වසරේ ඉන්න කොටත් මම පොඩි නාට්‍යයක් මිනිත්තු කිහිපයක යාඵවෝ කිහිපදෙනෙක් දාලා අධ්‍යක්‍ෂණය කළා. එකේ තිර පිටපතත් මමයි ලිව්වේ.ඒකේ කොටස් කිහිපයක් තාමත් තියෙනවා අම්මි ගාව ඉතුරුවෙලා.

මට රගපාන්න අවස්ථාව ලැබුණේ මුලින්ම උසස් පෙළ කරලා ඉවර වුණාම. ඒ 'උණුහුම' කියල විඩියෝ එකකට ගිහාන් පෙරේරගේ. ඊට පස්සෙ මට රංගනයට අවස්ථාව ලැබුණේ ජානක සිර්වර්ධන මහත්මයා අධ්‍යක්‍ෂණය කරපු 'වස්සානය සිහිනය' කියන ටෙලි නාට්‍ය හරහා.

සහෝදරියෝ දෙන්න තෝරගෙන තියෙන්නෙ දෙපැත්තක් මොකද ඒ?
ඒක හිතල කරපු එකක් නෙමේ, මම ටෙලි නාට්‍ය, ශේෂද්‍රි චිත‍්‍රපට කියලා .ශේෂද්‍රි ,ෂනෝදියි දෙන්නම පොඩි කාලේ ඉදන්ම රගපාන්න දක්‍ෂයි. ඒ දෙන්න පොඩි කාලේ ඉදන්ම ඒ සඳහා ආශා කළා. විශේෂයෙන්ම ශේෂද්‍රි පොඩි කාලේ ඉදන්ම එයට තිබුණා ආසාව රංගනශිල්පිණියක් වෙන්න. එයා චිත‍්‍රපට බලන්නත් ගොඩක් ආසා කළා. ඒක එයාගේ කැමැත්ත අපේ පවුලෙ ඔක්කොම එයාගෙ කැමැත්තට ගෞරව කරනවා. මොකද ඒක එයාගේ මතය සමහර විට ඉදිරියේදි එයා වෙනස් වෙන්න පුළුවන් . ඒක මම හරියටම කියන්න දන්නෙ නැහැ.

මම ටෙලිවිෂන් එකටම සිමා වෙලා කියල මම කියන්නෙ නැහැ. මම කවදාවත් කියලත් නැහැ එහෙම චිත‍්‍රපටවල රගපාන්නෙ නැහැ කියල. මට ලැබෙන අවස්ථා අනුව තමයි මම සහභාගි වෙන්නෙ. ලැබෙන චරිත වලින් තෝරා බේරා ගැනිමක් කරලා හොඳ දෙයකයට සහභාගි වෙනවා. සිනමාවේ රංගනයේ යෙදෙන්නෙ නැහැ කියල මගේ එහෙම මතයක් නැහැ. මම ක්‍ෂේත‍්‍ර දෙකේම රංගනයේ යෙදෙන්න කැමතියි.

ටික දිනකට පෙර ක්‍ෂෙත‍්‍රය තුළ වගේම මාධ්‍ය තුළත් පුංචි අන්දෝලනාත්මක කතාවක් පැතිර ගියා මොකද්ද මේ කට කතාව ?
ඔය කියන්නේ රෝෂාන් අයියයි මායි සම්බන්ධයෙන් පැතිරුණ කතාව වෙන්න ඕන. රොෂාන් අයියයි මායි අතර පේ‍්‍රම සම්බන්ධයක් තියෙනවා කියල මම දැනගත්තෙත් ඉන්ටනේට් හරහායි. ඒක ඉතින් බොරුවක්. මොකද ඒක පැතිරිලා දින කිහිපයක් යනකොටම වැඩි කතා බහකට ලක්නොවී එය එම කාලයට පමණක්ම සිමාවී ගියේ එය බොරුවක් නිසානේ. මොකද මම රොෂාන් අයියට ගොඩක් ආදරේයි . එයා මගේ අයියා කෙනෙක් වගේ .තාමත් අපි හොඳ යාළුවො.

ශේෂද්‍රියි ඔයයි අතරින් කවුරු වැඩියෙන් ජනප‍්‍රියයි කියලද හිතන්නෙ ?
ශේෂද්‍රි ජනප‍්‍රියයි, මමත් ටිකක් ජනප‍්‍රියයි කියල මම හිතනවා ,මට ගොඩක් දෙනා කතාකරනවා. ඒ අනුව මම හිතනවා මම ටිකක් ජනප‍්‍රියයි කියලා .ශේෂද්‍රිටත් බොහෝ අය කැමතියි. මටත් බොහෝ අය කැමතියි. අපි තුන්දෙනාටම කැමති අයත් ඉන්නවා. මට අකමැති අයත් ඉන්නවා. ඒ අනුව මටකියන්න බෑ කවුද වැඩියෙන්ම ජනප‍්‍රිය කියලා .

නවකයෙක් ලෙස කලා ක්‍ෂෙත‍්‍රය ට පිවිසිමේදී බොහෝ දෙනාගෙන් විවධ බලපෑම් සිදු වෙනවා කොහොමද ඔබට ඒ සම්බන්ධයෙන් තිබෙන අද්දැකිම් ?
ඒ කතාව එහෙමනම්, මට ක්‍ෂෙත‍්‍රය ට පැමිණිමේදී බලපෑම් ඇති වුණේ නැහැ. මේ වෙනකනුත් කාගෙන්වත් ලොකු හෝ පොඩි කියල කිසිම බලපෑමක් එල්ල වෙලා නැහැ .මං වැඩ කරද්දී හැමොත් එක්කම හරිම යාළුයි. පිට ඉදන් බලන කෙනෙක් එය දකින්නෙ කොහොමද කියල මම දන්නෙ නැහැ. මම වැඩ කරද්දි හැමෝ එක්කම බොහෝම මිත‍්‍රශීලිව වැඩ කටයුතු කරණවා .නැත්නම් මට වැඩ කරන්න අමාරුයි. අධ්‍යක්‍ෂවරයාට දිය යුතු ගෞරවය මෙන්ම රංගනයේ යෙදෙන අනිත් ශිල්පින්ටත් දියයුතු ගෞරවය එලෙසම දිලා මම මගේ වැඩකටයුතු කරගෙන යනවා .අපිට බලපෑමක් එනවා නම් එන්නෙ අපේ ක‍්‍රියා කලාපය අනුවනේ. ඒක නිසා එසේ නොවෙන්න අපි හැසිරිය යුතුයැයි මා විශ්වාස කරනවා.

මේ හේතුන් නිසාද බලපෑම් ඇති නොවන්නෙ ?නැතිනම් තාත්තා නිසා කවුරුත් බලපෑම් නොකරනවාද ?
මං හිතන්නෙ ඒකත් එක හේතුවක් වෙන්න ඇති. මොකද ක්‍ෂෙත‍්‍රයේ බොහෝ දෙනා තාත්තගෙත් යාළුවෝ. තාත්තට හතුරෙක් කියල කෙනෙක් නැහැ .ඉතිං තාත්තගේ යාළුවො තමයි අපිට හැමතැනකදිම හමුවෙන්නෙ. ඒ නිසාත් අපිට බලපෑමක් නොවෙන්න පුළුවන් . නමුත් තාත්ත මේ ක්‍ෂෙත‍්‍රයේ නැති වුණත් මං හිතන්නෙ අපි දෙනදේ අනුව තමයි අපිට අනෙක් කෙනාගෙන් ගෞරවය ලැබෙන්නෙ.

"පියවි' සහ 'යාය හතර' කියන නාට්‍ය වල අත්දැකිම් කොහොමද ?
'පියවි' නාට්‍ය ගැන කතා කලොත්, ඉස්සෙල්ලම මම 2009 තමයි මුලින්ම නාට්‍යක රගපෑවේ. ඊට පසුව 2010 තමයි මුළින්ම මට 'පියවි' නාට්‍යයේ පිටපත ලැබුණේ .පිටපත ලැබිලත් අවුරුද්දක්- එකහාමාරක් ගියා නාට්‍ය නිෂ්පාදනය කරන්න. මොකද පොඩි පොඩි ගැටලූ තිබුණ නිසා. නමුත් පිටපත ලැබුණ වෙලේ ඉඳන්ම මම ගොඩක් කැමැත්තෙන් හිටියේ ඒ චරිතය කරන්න .මොකද ඒ චරිතය තුළ හිටියේ මම කියල මට හිතුණා. ඒ පිටපත කිහිප වරක්ම මම කියෙව්වා. ඉතිං ඒකත් එක්ක චරිතය ගොඩක් සාධාරණව කලා කියලා අධ්‍යක්‍ෂ ජනරාජ් පීරිස් අයියා කියනවා. මෙතෙක් මට ලැබුණ, ගොඩක් ප‍්‍රතිචාර ලැබුණෙ 'පියවි' නාට්‍යට .ගොඩක් දෙනා කතා කරනවා, ලියුම් එවනවා .ඇත්තටම මම කරපු නාට්‍ය වලිනුත් මම ගොඩක් කැමති චරිතයක් තමයි 'තරුෂි'ගේ චරිතය. මම හිතනවා එයට මම සාධාරණයක් ඉටුකළා කියලා.

ඒ හරහා තමයි චාමර ජනරාජ් පිරීස් අයියා මාව 'යාය 4ට' සම්බන්ධ කරගත්තේ. ඉතිං 'යාය 4රේ'නම් වෙනස්ම විදිහකට රූගත කිරීම් කෙරුණු නාට්‍යක් .'පියවි' නාට්‍යට වඩා හාත්පසින්ම වෙනස් නාට්‍යයක් .එහි මම කරන්නෙ පාරමි කියල වෛද්‍ය ශිෂ්‍යාවකගේ චරිතයක්. ඒ චරිතයට වඩා එහි මිනිසුන්ගේ අවධානය යොමුවෙන්නෙ එහි සිදුවන සිද්ධිමාලාව සඳහායි. යාය 4ඉතා හොඳ නාට්‍යක් කියලා මම විශ්වාස කරනවා.

රගපෑම වෘත්තියක් ලෙස කරන්නද බලාපොරොත්තුව ? නැතිනම් වෙනත් වෘත්තියකට යොමු වෙන්නද අදහස ?
වෘත්තියක් විදිහට රගපෑම ලංකාවේ කරන්න පුළුවන්නම් නම් හොදයි. මොකද අපේ තාත්තගේ වෘත්තියත් කලාව. නමුත් දැන් පවතින වාතාවරණයත් එක්ක අමාරුයි එය කරන්න . ජිවත් වෙන්න නම් අනිවාර්යෙන්ම ස්ථිර ආදායම් මාර්ගයක් තියෙන්න ඕනනේ.ඒක නිසා මම උසස් අධ්‍යාපන කටයුතු හදාරමින් සිටිනවා ඇගළුම් ක්‍ෂෙත‍්‍රය සම්බන්ධව .ඒ හරහා රැකියාවකට යොමු වෙන්නත් මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. නමුත් තවම හිතලා නැහැ වෘත්තිය මට්ටමින් රංගනයේ යෙදෙනවද නැද්ද කියල. කොහොමවුනත් මම හිතනවා මට ස්ථාවර ආර්ථික පදනමක් ගොඩ නගා ගතයුතුයි කියලා.

රංගනය කියන එකත් විනෝදයක්ලෙස කරන්න අමාරුයි මොකද ඒ සඳහා කාලය, ශ‍්‍රමය වගේම තව බොහෝ දේවල් කැපකරන්න ඕන. මේකත් වෘත්තියක්නේ .ඉතින් ඒකත් එක්ක, ඒ සඳහා දෙන්න ඕන ගෞරවය දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. කෙසේ වෙත්ත ඉදිරියේදි තමයි ඒගැන තීරණයක් ගන්න වෙන්නෙ. මම මගේ අධ්‍යාපන කටයුතුත් ඉවර කරලා පසුව ඒ ගැන තීරණය කරනවා.

ලංකාවෙ විදෙස් රටවල මෙන් රංගනය පිළිබඳ හැදෑරීමක් නැහැ මොකද හිතෙන්නෙ මේ තත්ත්වය ගැන?
රංගනය ගැන හැදැරීමක් කරන්න පුළුවන්නම් හොඳයි. දැන් මම රංගනයේ යෙදෙද්දිත් හිතෙනවා ඇත්තටම මෙය කොහෙන් හරි ඉගෙන ගන්න තියෙනව නම් හොඳයි කියලා. එහෙම නැහැ කියල ඒ ගැන හිත හිත ඉඳලත් වැඩක් නැහැ .බොහෝ අපි කරන වැඩත් එක්ක තමයි අපිට ඉගෙන ගන්න ලැබෙන්නෙ. අපි වැඩකරන ප‍්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් හා අධ්‍යක්‍ෂ වරුන්ගෙන් තමයි බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබෙන්නෙ. මේ දවස් වල මම 'අම්මාවරුනේ' නාට්‍යයේ ප‍්‍රවීණ ශිල්පීන් කිහිපදෙනෙකුත් එක්ක වැඩ කටයුතු කරනවා. ඔවුන් කියල දෙනවා මට බොහෝ දේවල් රංගනයේ යෙදීමට අවශ්‍යවෙන. අපට රංගන පාසලක් නැති වුණත් ප‍්‍රවීණයන් සමග වැඩ කරද්දි අපිට එය පාසලක් වගේ තමයි. රංගන පාසලක් නැහැ කියල හිත හිත ඉන්නෙ නැතිව ඒ ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් ගන්නවා නම් හොඳයි.නමුත් ඉතින් අලූතින්ම රංගනයට එන කෙනෙක්ට රංගනය හදාරන්න තැනක් තියෙනව නම් ඇත්තටම හොඳයි. ප‍්‍රවීණයෝ ඒ සඳහා වැඩමුළු පවත්වනවා නම් නවකයන්ට එය හොඳ රුකුලක් වෙයි.

ලංකාවේ වත්මන් සමාජය ගැන මොනවගේ අවබෝධයක්ද තියෙන්නෙ මොකද වර්තමානයේ සමාජය ගැන අවබෝධයක් නැතිව කටයුතු කිරිම හරිම අපහසුයිනේ ?
ඔව්, අනිවාර්යෙන්ම. ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන. සමහර අයත් සමග කලාව ගැන කතා කළත් කිසිම අවබෝධයක් නැති අය ඉන්නවා .එහෙම වුණාම මොනම දෙයක්වත් ඉදිරියට ගෙනයාම අපහසුයි. කිසිම අධ්‍යාපනයක් නැතිව එය කරන්න බැහැ. අධ්‍යාපනයක් කියල මම කියන්නෙ නැහැ උපාධියක් කියලා. මම කියන්නෙ තමන්කරන දේ ගැන හරි අවබෝධයක් තියෙන්න ඕන කියලයි .අපි රංගනයේ නියැලෙනවා නම් අඩු ගානේ චිත‍්‍රපටයක්වත් බලන්න ඕන. නමුත් මාත් එක්ක දැන් වැඩ කරන කට්ටිය චිත‍්‍රපටයක් බලන්නෙ නැහැ .අඩුගානේ තමන් රගපාන ටෙලි නාට්‍යක්වත් බලන්නෙ නැති කට්ටිය ඉන්නවා. මම කියන්නෙ එහෙම නොවි අපි හැමවෙලේම අප්ඩෙට් වෙන්න ඕන කියලයි .අපි හැමෝම එකිනෙකාට වෙනස් එක නිසා අපි හිතන්න ඕන අපි වගේ නෙමෙයි අනිත් අය කියලා .එතකොට වැඩ කරන්න ලේසියි .ඉස්සරට වඩා දැන් හැමදේම වෙනස් වෙලා .දේශපාලන ,සමාජිය වශයෙන් මේ හැමදේම අපි දැනගෙන ඉන්නව නම් අපිට ලේසියි සමාජයත් එක්ක වැඩ කටයුතු කරන්න.

අධ්‍යාපනය සහ සමාජ අවබෝධය රංගන ශිල්පියෙකුට කොතරම් වැදගත් කියලා විශ්වාස කරනවාද?
මං හිතන්නෙ ඒක ගොඩක් වැදගත්. ඒ හරහා තමයි අපිට චරිතයක් වුණත් ගොඩ නගා ගන්න ලේසි වෙන්නෙ ඒ කියන්නෙ අපි අධ්‍යාපනය ලබලා තිබුණම ,අපි සමාජය හඳුනගෙන තිබුණම, සමාජයේ විවිධ චරිත දැකලා තිබුණම අපිට චරිතයක් වුණත් කරද්දි අපිට එය ගොඩ නගා ගැනිමට ලේසියි. ඒ අවබෝධය අපට ගොඩක් වටිනවා. ඊට අමතරව අධ්‍යාපනය ලබලා තිබුණම අනිත් අයත් එක ගණුදෙනු කරන්න, අදහස් හුවමාරු කරගන්න අපි තුළත් පොහොසත් කමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම හොද අධ්‍යාපනයක් ලබලා තියෙනවානම් සමාජයේ අපි කොන් වීමකට ලක්වෙන්නෙ නැහැ. මොකක් හරි අපි කරන දෙයින් අධ්‍යාපනයක් ලබලා තියෙනවා කියන එක වටිනවා. බොහෝ විට පිටරටවල් වල සිටින රංගනවේදීන් වෙනත් පැතිවලින් අධ්‍යාපනය හදාරල තමයි රංගනයට යොමු වෙලා තියෙන්නෙ. අපිට ඔවුන්ගේ චිත‍්‍රපට දිහා බැලූවහම වුණත් තෙරේනවා කොතරම් අවබෝධයක් ඔවුන් තුළ තියෙනවද කියලා. අපි ඔවුන්ගේ සියලූම ආදර්ශ ගන්නවා වගේ මේ ආදර්ශයත් ගන්නව නම් හොදයි .

ලංකාව තුළ දී හැදෑරීමක් නැතිව රංගනයේ යෙදෙන්න පුළුවන් කියල ඔබ විශ්වාස කරනව ?
මෙහෙමයි මමත් මුළින් රගපාන්න එනකොට කොහෙන්වත් හැදෑරීමක් කරලා තිබුණේ නැහැ. දැනටත් මම හැදැරීමක් කරන්නෙ නැහැ .ඉතිං අපිට අපේ තියෙන අවස්ථා එක්ක අළුතින් එන කෙනෙකකුට මෙයා රංගනය පිළිබඳ දන්නෙ නැහැ, මෙයා ඉගෙන ගෙන නැහැ කියල කියන්න බැහැ. මොකද කොහෙන් හරි තැනකින් එයා පටන්ගන්න ඕන. ඒ අවස්ථාවට අපි හැමෝම උදව් කරන්න ඕන. විශේෂයෙන්ම ප‍්‍රවීනයන්ගෙන් ඒ සහයෝගය ලැබෙන්න ඕන. ඒ ලෙස පටන් ගෙන තමයි එයා හැදැරීමක් කරන්නෙ. එහෙම නැතිව මෙච්චර මාස ගානක් ඉගෙන ගෙන රගපාන්න කියල කාටවත් කියන්න බැහැ. පළමු නිර්මාණයෙන්ම සියට සියක් පරිනත වෙන්න ඕන කියල කියන්නත් බැහැ. ඒක ප‍්‍රවීණයන්ට ඔවුන්ගෙ ඵළමු අවධියේ වගේම අද නවකයන්ට එසේම වෙනවා .අපිත් තව අවුරුදු දහයකින් විතර හොඳ රංගනශිල්පීන් වෙයි.

ආදරය සහ විවාහය කියන දේ සම්බන්ධව මොනවගේ අදහසක් ද තියෙන්නෙ?
දැනටනම් එහෙම වුවමනාවක් නැහැ .තියෙන කාර්්‍ය බහුලත්වයත් එක්ක අධ්‍යාපනය වගේම කලා කටයුතුත් සමග කාර්්‍ය බහුල වෙලා ඉන්න නිසා. ඉදිරියෙදි තමයි ඒ ගැන හිතන්න වෙන්නෙ. විවාහ යෝජනා නම් එනවා ගොඩක්. තාම ඒ ගැන හිතලත් නැහැ. ගෙදරින් එහෙම බලපෑමකුත් නැහැ ඉක්මනින් විවාහ විය යුතුයි කියලා. අධ්‍යාපන කටයුතු වල නියැළී සිටින නිසා ඉදිරියෙදි ඒ ගැන හිතල බලනවා.

ඒ කියන්නෙ තාම ආදරයක් නැහැ?
නැහැ

ඇත්තමද ?
ඔව්
සාකච්ජා සටහන සහ ජායාරුප - හර්ෂණී පෙරේරා

Image Gallery

{gallery}1523{/gallery}
Read 11817 times
Body
Background Color
Text Color
Background Image