INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555751090','749956','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1555751090','750355','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') කතාබහ
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
පෞද්ගලික ආරවුල් නිරාවරණය කරන එකයි වැරදියි

මේ දවස් වල ජනප‍්‍රිය චිත‍්‍රපටියක් සිරි පැරකුම්. කොහොමද ඒ චරිතය සඳහා ඔබට දැනෙන ප‍්‍රතිචාර ?

සන්තෝසයි. සෝමරත්න දිසානායක,රේණූකා බාලසුරිය කියන්නේ ළමයි වෙනුවෙන් නිර්මාණ කරණ දෙන්නෙක්නේ. කොහොමත්, ඒ අය බොහෝ නිර්මාණ කරලා තියෙන්නෙ ළමයි වෙනුවෙන්.ඔවුන්ගේ මේ චිත‍්‍රපටය මම සහභාගිවන තුන්වන චිත‍්‍රපටය.මම හිතනවා සෝමරත්න දිසානායක ගේ හොඳම ළමා චිත‍්‍රපටය "සිරි පැරකුම්" කියලා. ළමා චිත‍්‍රපටයකටත් වඩා, හොඳ ,හැමෝටම බැලිය හැකි චිත‍්‍රපටයක්.මුලක් මැදක් අගක් තියෙන චිත‍්‍රටයක්. සුන්දර දර්ශන තලයන්. ඒ වගේම හැමෝම හොඳ රංගනයන් හි නියුතු වෙනවා ළමයින් පවා. ඒක ළමා කතාවක්. මතුපිටින් එය සුන්දර ළමා කතාවක් වුවත් එහි යටිපෙළ ඉතා විශාල දේශපාලන කතාවක් තියෙන චිත‍්‍රපටයක්. ඒ වගේම මේ දවස් වල හොඳින් ප‍්‍රදර්ශනය වන චිත‍්‍රපටයක්. ඒ ගැනත් සන්තෝසයි. ලංකාවේ හොඳ සලකුණක් තියන්න පුළුවන් චිත‍්‍රපටයක රගපාන්න ලැබිමත් වාසනාවක්.

දේශීය සිනමාවට අලුත්වීමක් අවශ්‍යයි

වර්තමානයේ චරිත හේරත් අපට හමුවන්නේ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසිනි.අද මේ සංවාදයට අප, ඔහු එක්කර ගන්නේ වත්මන් සිනමා කර්මාන්තය මුහුණ පා තිබෙනා යම්,යම් අර්බුද හා ඊට රාජ්‍ය මැදිහත් වීම මත ලබා දීමට යෝජිත විසඳුම් හා නව සැලසුම් පිළිබඳ විමර්ෂණශීලී කතිකාවකටය.

සිනමා කර්මාන්තය තුළ අද මතුව තිබෙනා ලොකුම අර්බුදය තමයි චිත්‍රපට ප්‍රදර්ශනයේදී මුදාහළ යුතු පිටපත් සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නය. මේ අර්බුදය කරළියට එන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව මගින් එම පිටපත් ප්‍රමාණය 35 කට සීමා කිරීමට ගත් තීරණයත් සමගින්?
ඔව් , ඒ සම්බන්ධයෙන් පසුගිය කාලේ ලොකු ආන්දෝලනයක් ඇති වුණානේ.

ලොකු හීන මානයකින් තමයි බොහෝ අය ඉන්නේ

මේ දිනවල මෙරට සිනමා ප‍්‍රදර්ශන මණ්ඩල දෙකක ම එක් ප‍්‍රවීණ වේදිකා සිනමා රූපවාහිණී රංගන ශිල්පිණියකගේ සිනමා නිර්මාණ දෙකක් ප‍්‍රදර්ශණය වේ. ඇය වේදිකාවෙන් සිනමාවට ප‍්‍රවිශ්ඨව ව අනතුරුව රූපවාහිනියට රංගනයෙන් සිය දායකත්වය ලබා දෙනු ලැබීය. චාන්දනී සෙනෙවිරත්න දිගු නිහැඩියාවකට පසු සිනමාවට ප‍්‍රවිෂ්ඨව සිටී. ඒ 'නිකිණිවැස්සේ "ප‍්‍රධාන චරිතය නිරූපණය කරමින් මෙන්ම, "සිරිපැරකුම්" හි ද කැපී පෙණෙන චරිතයක් නිරූපණය කරමිණි. මෙය මෙවන් කාල වකවාණුවක සුවිශේෂී කාරණයක් වන්නේ සිනමා ව කර්මාන්තයක් ලෙස මන්දගාමී ස්වරුපයක ගමන් කළද රංගන ශිල්පිනියකට එවන් වාතවරණයක් තුළ තම නිසර්ග හැකියාවන් මනා ලෙස නිර්මාණය සඳහා ලබාදෙන්නට අවස්ථාව ලැබීම නිසාය. මේ මිරර් ආර්ට්ස් "චාන්දනී සෙනෙවිරත්න" සමග කළ සංවාදයයි .

ඕකට කියන්නෙ කඬේයාම නෙමේ පාච්චල් වීමයි

ධර්මසිරි බණ්ඩාරණායක රංගන ශිල්පියෙකු ,සිනමා අධ්‍යක්‍ෂවරයෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙස මෙන්ම සමාජ ක‍්‍රියාකාරිකයෙකු ලෙස තම දායකත්වය සමාජ ගත කර තිබේ, එදා ඔහු විසින් නිර්මාණය කරණ ලද 'හංසවිලක් 'එදාට වඩා වලංගුවන්නේ අදටය. එදා ඔහු කළ 'ධවල භීෂණ', 'ඒකාධිපති' වැනි නාට්‍ය එදාට වඩා වලංගු වන්නේ අදටය. කලාකරුවෙකු විසින් නිර්මාණයක් සඳහා තෝරාගන්නා වස්තු විෂයක් සර්ව කාලීන වනවා යනුම ඔහු මේ සමාජයේ ප‍්‍රඥාවන්තයෙකු වන්නේය, දුර දකින්නෙකු වන්නේය,ලෝකය දකින්නෙකු වන්නේය .ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවෙකු ලෙස වඩාත් වැදගත්වෙන්නේ මේ සියල්ල තුළය. මිරර් ආර්ට්ස් ඒ නිසාම මෙමලිපිය උපුටා දක්වන්නේ මේ මොහොතේ මෙය වඩා වැදගත් නිසාය .

පේ‍්‍රක්‍ෂකයො හැමදාම රැවටිලා ඉන්නේ

අරුණ ජයවර්ධන මෙරට රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන්ට ආගන්තුක නොවන්නෙකි එමෙන්ම ඔහු මීට පෙර සිරස මාධ්‍ය ජාලයේ රැකියාව කරද්දී 'ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටය සඳහා සිය නිර්මාණ කුශලතාව ලබා සිනමා නිර්මාණ කරුවකු වන්නට පළමු පියවර තැබුවා වුවද නිර්මාණ ශිල්පියෙකුට වඩා වැදගත් වන්නේ තම අනන්‍යතාව ඉස්මතු කළ හැකි නිර්මාන තම සිතැගි පරිදි නිර්මාණය කිරීමයි.

මම රොෂාන් අයියට ගොඩක් ආදරෙයි

එකම පවුලෙ එකවගේ තුන්දෙනෙක් එකම විදිහෙ දේවල් කිරීම තරමක විශේෂත්වයක්. මේ පවුලෙ මේ තුන්දෙනාගෙ තාත්තා කරන්නෙත් මේ තුන්දෙනා කරණ දේටම සම්බන්ධ දේවල්. මේ පවුලෙ ෙ තාත්තා දිනේෂ් ප‍්‍රියසාද් . ඔහු ජනප‍්‍රිය සිනමා අධ්‍යක්‍ෂවරයක් . එයාගෙ දියණිවරු දිනක්‍ෂි ,ශේෂද්‍රි ,ෂනෝදි මේ වනවිට රූපවාහිනියෙන් සහ සිනමාවෙන් තම තමන්ගෙ දක්‍ෂතා අනුව අනන්‍යතාවක් ගොඩ නගාගෙන සිටින රංගන ශිල්පිණියන් තුන්දෙනෙක්. මේ අයගෙන් පවුලෙ ලොක්කි එක්කයි අද මිරර් ආර්ට්ස් කතා බහ කරන්නේ. ඇය දිනක්‍ෂි ප‍්‍රියසාද් .

හොඳ කවියක් ලියැවුණොත් මටත් බලන්න එවන්න

සිංහල ගී පද රචනා සාහිත්‍යයට අරුත්බර රසාලිප්ත නැවුම් ගී සරණියක් රත්න ශ්‍රී විජේසිංහ නම් වූ ගී උල්පතින් දායක කෙරුණු බව ගීත ශ්‍රාවකයින්ට රහසක් නොවේ. මේ වන විට සිය සෞන්දර්ය චාරිකාවට දශක හතරකුත් ලබන ජූනි 02 වැනි දා සිය දිවි ගමනට දශක හයකුත් සපුරන රත්න ශ්‍රී හාරදහසක් පමණ වන ගී සංකල්පනා සරණියක හිමිකරුය.

ගී පද රචකයෙකු මෙන්ම කවියෙකු සහ ලේඛකයෙකු ලෙස ද රත්න ශ්‍රී ගෙන් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදු කෙරී ඇති මෙයෙය අගයනු පිණිස ජූනි 02 වැනිදා සවස හයට නෙළුම් පොකුණ රංග ශාලාවේ දී "රත්න ශ්‍රී උල්පත පාමුල” උපහාර ගීත ප්‍රසංගය පැවැත්වෙන අතර එහි දී ඔහුගේ රූපවාහිනී විචිත්‍රාංග ඇතුළත් ඩී. වී. ඩී යුගලයක් ද, ගීත 20 ක් ඇතුළත් සංගත තැටියක් ද, රත්න ශ්‍රී ගේ නිර්මාණ දායකත්වය පිළිබඳ විද්වතුන්ගේ විමර්ශනාත්මක ලිපි, රත්න ශ්‍රී ගේ ජීවන තොරතුරු, ගී පදමාලා, ස්වර ප්‍රස්ථාර ඇතුළත් ග්‍රන්ථයක් සහ වෙබ් අඩවියක් ද එළිදැක්වීමට නියමිතව ඇත. ඒ නිමිත්තෙන් රත්න ශ්‍රී සමඟ කළ කතාබහකි මේ.

ජනතාවට වෙනස අවශ්‍යවෙලා තිබෙනවා

දසුන් පතිරණ ඉතා කෙටි කළකින් මෙරට පේ‍්‍රක්‍ෂක ජනතාව අතර තම අනන්‍යතාව තහවුරු කරගත් රංගන ශිල්පියෙකි. ඔහු මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ 'අහසින් වැටුනා' ටෙලි නාට්‍යයේ කරන ලද රංගනය වෙනුවෙනි. සිරුරින් කුඩා වුවද ඔහුගේ රගපැමේ කෞෂල්‍යය කුඩා නොවේ. මේ නිසාම ඔහු ලද සම්මානය ඊට කදිම නිදසුනකි. දසුන් පතිරණ සම්මාණනීය නළුවකුවීමෙන් පසු සති අන්ත පුවත්පතකට සිය අදහස් දක්වා තිබූණි. මේ දසුන් පතිරණගේ අදහස් .

මම 'අ' යන්න හොඳට දන්නවා
ශ‍්‍රියන්ත මෙණ්ඩිස් මෙවර රයිගම් සම්මාන උළෙලලේ 'ධවල කඩුල්ල' ටෙලි නාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් හොඳම  නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබීය. ශ‍්‍රියන්ත වේදිකාවෙන්,  සිනමාවෙන් සහ රූපවාහිනී නාට්‍යයෙන් ඉදිරිපත් කරණ ලද රංගනයන් වෙනුවෙන් හොඳම සම්මාන දිනා ඇති රංගන ශිල්පියෙකි .මිරර් ආර්ට්ස් ශ‍්‍රියන්ත මෙණ්ඩිස් සමග වර්තමාන ය පිළිබඳ  සාකච්ජා කළේය. මේ ඔහු සමග කරණ ලද සාකච්ජාවයි.
චිත‍්‍රපට කරුවන්වන්නට උදව්කරන ක‍්‍රමයක් මේ රටේ නැහැ

පසුගිය දිනවල සිනමා ක්‍ෂෙත‍්‍රයේ වඩාත්ම කියවුන නම වූයේ 'සැමී ගේ කතාව ගැනයි. මෙහි ප‍්‍රධාන චරිතය රගපෑ ජගත් චමිල නිව්යෝර්ක් සිටි සිනමා උළෙලෙහි හොඳම නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශිත වීමත් සමග මේ සම්බන්ධව බොහෝ අය විමසිළිමත්වූවා.

ප‍්‍රියංකර විතානච්චි ලාංකික සිනමාවට ආගන්තුක යෙක් නොවූවත් ඔහුගේ ප‍්‍රථම සිනමා නිර්මාණයයි 'සැමීගේ කතාව' . මේ මෙම චිත‍්‍රපටය තිර රචනය කොට අධ්‍යක්‍ෂණය කළ ප‍්‍රිංකර විතානච්චි සමග කරන ලද මේ සාකච්ජාවයි.

Page 1 of 11
Body
Background Color
Text Color
Background Image