INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1560892054','804509','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1560892054','804905','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') අතුළයි සමිතයි ආයෙත් හාද වෙලා
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Thursday, 11 October 2012 01:34

අතුළයි සමිතයි ආයෙත් හාද වෙලා

Rate this item
(0 votes)
අතුළයි සමිතයි ආයෙත් හාද වෙලා

Mirrorarts-හිමි වෙලා අහිමි වුණත් , අහිමි වෙලා හිමි වුණත් ජීවිතේ එකසේ දකින්න , ජීවිතේ අපූරුවට විඳගන්න කියලා දෙන යුවලක් තමයි අතුළ සමීතා කියන්නෙ.

මාධ්‍යයෙන් මේ අය ගැන මෙහෙම කතා කරලා නැතුව ඇති. සමහර වෙලාවට රවුමක වුණත් කොණක් තියෙන්න පුළුවන් . ඒක දකින්නත් හොඳ ඇහැක් තියෙන්න ඕන.

 

මීට අවුරුදු ගාණකට කලින් ඇහුණ ගීය මතක් වෙනවා

හඳපානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිසිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට
හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට

ඊටත් පස්සේ අපි ඇහුවේ,,,

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුණු නුඹ ලා ගන්
දයාදෙ එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ ...

මේ ගීතවලට පෙම් කරපු අය බොහෝමයි. මේ ගීත ගයපු අයට පෙම් කළ අයත් ඒ වගේමයි.
ජීවිතේ නොහිතන දේවල් වෙනවා. අද අතුළ කොතැනද? සමීතා කොතැනද? ඒ අඳුර ගැන කථා නොකර ඉමු.

ඊට පස්සේ මේ දෙන්නා මෙහෙම ගැයුවා.

ආලෙන් වෙලා ගන්න කෝළම් කළා
හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
ඔබ සායම් මකාලන්න වෑයම් කළා

මෙහෙම කිව්වට දැන් අතුළ වෙන කෙනෙකුගේ ..

අපි දකින සුපුරුදු ආදරේ ඉවර වෙන විදියට, ආදරයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහක තරම්ද? නෑ.. ඒක එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. මේ දිනවල අතුළ සමීතාගේ හඩින් අලූත් ගීතයක් අහන්න ලැබෙනවා. ‘ඉවසයිද මන්දා...’ ඉවසීමෙන් අහලා බලන්න

දැණුන විදියට මේ ගීය අහපු බොහෝ දෙනෙක් ඒ දෙස බලන්නේ වෙනස් විදියකට .

මේ අතුළ සමීතාගේ ඇත්ත කතන්දරයද? ගොඩක් අයට දැන් තියෙන ප‍්‍රශ්නේ ඒක. මේ ගැන ඇත්තම කියන්න අපි සමීතට කථා කරා.
සමීතා මොකද්ද මේ අලූත්ම ගීත කතන්දරේ...

"අපි අලූත් ගීතයක් කරා . ඒකට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා".

අතුළ සමීතා විතරක් නෙවෙයි, ගොඩක් ගීතවලින් බොහෝ දෙනෙක් ප‍්‍රකාශයට පත් කරන්නේ තමන්ගේ අත්දැකීම

අතුළයි සමීතයි දැන් හිතවත්

ඔව් . අපි දෙන්නම හොඳින් ඉන්නවා. ලෝකෙ යන විදියට අපි යන්න ඕන නෑ. අතුළ කියන්නේ මගෙ දරුවන්ගේ තාත්තා. අපි හොඳ යාළුවෝ. අතුළගෙ බිරිඳ මගේ සමීපතම හිතවතිය. මම එයාටත් ගොඩක් ආදරෙයි. එයා අතුළව හොඳට බලා ගන්නවා.
අපි අපේ ප‍්‍රශ්න ගැන කථා කරනවා. ඊයෙත් ඒ දෙන්නා අපේ ගෙදර ඇවිත් ගියා. අතුළගේ බිරිඳ අපේ දරුවන්ට ලැදියි. මේ පරිසරය තුළ අතුළට නිදහස් මනසකින් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකනේ වෙන්නත් ඕන. ඉතින් කවුරු මොනවා හිතුවත් අපි සතුටින් ඉන්නේ .

සමීතා තනියමද?

මටත් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. ප‍්‍රශ්නයක් නෑ. දරුවන්ගේ වැඩ කටයුතු තියෙනවා. ඒ අයට වැඩි අවධානයක් දීලා ඉන්න ඕන කාලෙ මේක. හැමදේම හොඳින් විසදෙනවා.

ප‍්‍රශ්න දිහා මේ විදියට බලන නිසා මේ අය ප‍්‍රශ්න කීයක් විසඳගෙනද?
ජීවිතේ නොගැළපෙන තැන් තියෙනවා. ඒ තැන්වලින් ඉවත් වෙන්න පුළුවන්. ඒත් හැමදේම නොගැළපෙන්නේ නෑ. ගැළපෙන තැනුත් තියෙනවා.

අද වෙන්නේ ගැළපීම අමනාපෙන් වහගන්න එක. අලූත් ඇහැකින් බලන්න. ලෝකේ ලස්සනට පෙනේවි....බණ වුණත් වැඩිය කියන්න හොඳ නෑ...

අතුළට කතා කරන්න බැරිවුණා . ඒත් ළඟදිම අතුළවත් මුණගැහෙමු.

ශිරන්තනි

Read 18978 times Last modified on Thursday, 11 October 2012 02:15
Body
Background Color
Text Color
Background Image