INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1560893873','186280','0','0','CleanUpEmailTasksFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_email_tasks\' SQL=DELETE FROM `rrr_jvotesystem_email_tasks`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 28 DAY) > `created`\"}')INSERT command denied to user 'mirrorar'@'127.0.0.1' for table 'rrr_jvotesystem_logs' SQL=INSERT INTO `rrr_jvotesystem_logs` (`type`,`time`,`time_ms`,`uid`,`jvsuid`,`message`,`pars`) VALUES ('ERROR','1560893873','186553','0','0','CleanUpSessionFailed','{\"db_error\":\"DELETE command denied to user \'mirrorar\'@\'127.0.0.1\' for table \'rrr_jvotesystem_sessions\' SQL=DELETE FROM `rrr_jvotesystem_sessions`\\r\\n \\t\\t\\tWHERE DATE_SUB(CURDATE(),INTERVAL 30 DAY) > `lastVisitDate`\"}') ජැක්සන්ගෙ පුතාට රාජ ඌෂ්නෙ ගහල
Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Monday, 01 October 2012 03:59

ජැක්සන්ගෙ පුතාට රාජ ඌෂ්නෙ ගහල

Rate this item
(0 votes)
ජැක්සන්ගෙ පුතාට රාජ ඌෂ්නෙ ගහල

Mirrorarts-ජැක්සන් ඇන්තණි නළුවෙකු වශයෙන් කා අතරත් ප‍්‍රසිද්ධයි ඔහුගෙ දේශපාලන ක‍්‍රියාදාමයන් ගැන බොහෝ අය තුළ විවිධ විවේචන තිබෙනවා කොහොමවුන්ත ජැක්සන්ගෙ පවුලම කලාවට සම්බන්ධයි.

මේ අය අතර ඔහුගෙ පුතෙකු සම්බන්ධව අලූත් ආරංචියක් දැන ගන්නට ලැබුනා. අකිල ධනුද්ධර ජැක්සන්ගෙ මේ වනතුරු කලාවට ප‍්‍රධාන ලෙස සම්බන්ධ නොවූ පුත‍්‍රරත්නයයි තාත්තගෙ සහ අම්මගෙ රංගණ හැඩ මේ දරුවන් තුළ නිසර්ගයෙන්ම ඇතුවාට කිසිම සැකයක් නැහැ කොහොමවුනත් ධනුද්ධර ට ත් රාජඌෂ්නෙ වැදිලා . 

ඓතිහාසික දඹදෙණිය පුරවරයට අපේ ඉතිහාස කතාවේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කාලිංග - මාඝ ආක්‍රමණයෙන් පසුව පොලොන්නරු රාජධානිය අතහැර සිරිලක රාජධානිය බවට පත්වූයේ දඹදෙණිය ය. දඹදෙණි පව්ව මත මාලිගයක් තනවා පොලොන්නරුවෙන් දඹදෙණියට රාජධානිය මාරුකර වූයේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වනු පිණිසමය.
මේ කියන්නට යන්නේ දඹදෙණි රාජධානියෙන් ඇරඹෙන පුරාවෘත්තයකි. එහෙත් මේ කතා පුවත සත්‍ය තොරතුරු පමණක් ම අඩංගු ඉතිහාස වාර්තාවක් නොවේ. ඉන් එහා ගිය රමණීය මනඞකල්පිතයන් ද සමඟ ගෙතෙන කතා පුවතකි. ඒ ඇසුරින් නිමවන සිනමා සිත්තමකි. එය ’සිරි පැරකුම්’ නම් වන්නේ ය.

ii වන පරාක්‍රමබාහු නමින් අභිෂේක ලබන මෙම රජතුමා උගත් පඬිරුවනකි. බුදු සසුනේ, කෘෂි කර්මාන්තයේ සහ සාහිත්‍යයේ ද විශාල උන්නතියක් ඇතිකරන මෙතුමා සුප්‍රසිද්ධ ‘කව්සිළුමිණ’ මහා කාව්‍යයේ නිර්මාතෘයි. මෙතුමාගේ ළමා කාලය දුර බැහැර ගම ගෙදරක බොහෝ සරලව ගෙවී යන්නකි. එයට හේතුව වන්නේ රාජ්‍ය බලය තුන්වන විජයබාහු රජතුමාගේ යෝනක බිසවගේ කුමාරයාට ලබා දීමට එම බිසව ගෙන යන කුමන්ත්‍රණය නිසාවෙන් පරාක්‍රමබාහු කුමාරයා අප්‍රකටව ජීවත්වන නිසාවෙනි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා සිත්තම ’සිරිපැරකුම්’ නමින් නුදුරු අනාගතයේ දී මෙසේ දිග හැරේ. ‘සිරි පැරකුම්’ සඳහා රංගනයෙන් චාන්දනී සෙනෙවිරත්න, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, බිමල් ජයකොඩි, ජයනි සේනානායක, සචිනි අයේන්ද්‍රා, දයාදේව එදිරිසිංහ, සම්පත් තෙන්නකෝන්, අනුර බණ්ඩාර රාජගුරු, දමයන්ති ෆොන්සේකා ප්‍රමුඛ නළු නිළි පිරිසක් රඟපාති. සිරිපැරකුම් චරිතයට පණපොවන්නේ අකිල ධනුද්ධර ඇන්තනිය. ඔහු ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයෙකි.

ආලෝකකරණය හා කැමරා අධ්‍යක්ෂණය පාලිත පෙරේරාගෙනි. කලා අධ්‍යක්ෂණයෙන් හීනටිගල ප්‍රේමදාසත්, වේශ නිරූපණයෙන් නාරද තොටගමුවත්, සංගීත නිර්මාණයෙන් රෝහණ වීරසිංහත්, සංස්කරණයෙන් අජිත් රාමනායකත්, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික්‍රමආරච්චිත් එක්වෙති. ගේය පද රචනය, තිර රචනය සහ අධ්‍යක්ෂණය ආචාර්ය සෝමරත්න දිසානායකගේ වන අතර නිෂ්පාදනය රේණුකා බාලසූරිය ගෙනි. ‘සිරි පැරකුම්’ සිනේ ෆිල්ම්ස් ලංකා ඉදිරිපත් කිරීමක්.

Read 32475 times
Body
Background Color
Text Color
Background Image