Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Monday, 24 September 2012 01:21

සුලෝචනා නිළියක් සමග ගැටෙයි

Rate this item
(0 votes)
සුලෝචනා නිළියක් සමග ගැටෙයි

Mirrorarts-ටෙලි නාට්‍යක් රූපගතකරණ කෙට මුහුනදෙන්න වන දුෂ්කරතා අන්නතයි අප‍්‍රමානයි. දැන් කාලෙ ටෙලි නාට්‍ය මුලින්ම කරන්නෙ කොටස් දහයයි.

ඒක යම්කිසි රූපවාහිනී චැනල් එකකට දීලා අනුමැතිය ලැබුනහම ඉතිරි දර්ශණ රූගත කරල විකාශය සඳහා ලබාදෙනවා. එතකොට වෙන්නෙ මේ ටෙලි නාට්‍ය රූගත කරන්න වෙන්නෙ ටෙලි නාට්‍ය විකාශය වන අතර තුරයි.

මෙන්න මේ විදිහට මෙගා එකක් රූගත කරන්න ගිහින් තමා මේ නිළියො දෙන්නගෙ ප‍්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ . මේ ටෙලි නාට්‍යයේ තරුණ නළුවා මේකෙ රගපාන සුලෝචනයි ඩිල්ෂානියි දෙන්න එක්ක ම පේ‍්‍රම සම්බන්ධකමක් පවත්වගෙන යනවා. මේ නිසා සුලෝචනයි ඩිල්ෂානියි රූගත කිරීම් වළට ආවහම දර්ශන තලයෙදි පුදුම විදිහට ප‍්‍රශ්ණ ඇති කරගන්නවලූ.මේ නිසා රූගත කිරීම් කරගන්නත් බැරිවෙලා තියෙනවා. මේකේ හිටපු තේ හදන ළමයා බැරිම තැන නාට්‍ය දාලා ගිහින්. ප‍්‍රශ්න ගොඩයිලූ. නිෂ්පාදකවරයත් අමාරුවෙ වැටිලලූ.

මේකත් මෙගා නාට්‍යයක්. මේ හැම දේම වෙලා තියෙන්නෙ මේ ටෙලි නාට්‍ය කණ්ඩායමටයි. අපි මේ සිද්ධවෙලා තියෙන සිදුවීම් ගැන එහි අධ්‍යක්‍ෂකවරයගෙන් විමසීමක් කළා වෙලා තියෙන්නෙ මොකක්ද කියල දැනගන්න

නාට්‍ය පටන් ගන්නකොටම නිෂ්පාදක කණ්ඩායම ඉන්නෙ පඹගාලක පැටලිලා. එක පැත්තකින් ෂෙඩි්‍යුල්එක එහෙමපිටින්ම අවුල් වෙලා. ප‍්‍රධාන චරිත රඟපාන නළුවයි නිළියයි වෙන වැඩවලට දින දීලා තියෙන නිසා දෙන්නව එකට දාලා ෂූටින් කරන්න විදියක් නෑ. අනිත් පැත්තෙන් නාට්‍යයේ රේටින්ස් වැටිලා. තව මාසයක් ඇතුළත රේටින් නග්ගලා දුන්නෙ නැත්තම් නාට්‍ය නවත්තනවා කියලා ටෙලිනාට්‍ය විකාශනය කරන චැනල් එකෙන් නිෂ්පාදකවරයාට අනතුරු අගවලා තියෙන්නෙ. මේ නිසා හැමෝම ට‍්‍රයි කරන්නෙ දන්න වැඩක් දාලා නාට්‍යයේ රේටින්ස් නග්ගන්න.

මෙගා නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් තමයි මේ විහිළු නාට්‍යයේ නිෂ්පාදකවරයා. නම රිකී. සෙල්ලක්කාර තරුණයෙක්.
තාත්තගේ සල්ලිවලින් තමයි නාට්‍ය කරන්නෙ. රිකීත් මේ නාට්‍යයේ උප ප‍්‍රධාන චරිතයක් කරනවා. හැබැයි රිකීට මිනිස්සු හිනස්සන්න බෑ. නිෂ්පාදකවරයා නිසා කවුරුත් ඒක රිකීට කියන්නෙත් නෑ.

රිකීගේ උවමනාව නිසා මේ නාට්‍යයේ ප‍්‍රධාන නිළියගේ චරිතයට එක එක විදියේ නිළියෝ ඇවිත් යනවා. මේක ලෝ බජට් කරන වැඩක් නිසා හැමදේම හරිම සිමාසහිත විදිහට කෙරෙන්නෙ.

මුළු නාට්‍යම රූගත කරන්නෙ එක ගෙදරක.විහිළු නාට්‍යයේ අධ්‍යක්ෂවරයා තමයි හරිබජන්. හරිබජන් කියන්නෙ ක්ෂේත‍්‍රයේ වේලී වේලී හිටපු අධ්‍යක්ෂකවරයෙක්.
මීට කලින් කෙටිනාට්‍ය දෙක තුනක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. හැබැයි ඒ එකක්වත් විහිළු ඒවා නෙමෙයි.අඩුගාණට වැඬේ කරලා දෙන්න කැමති වුණු නිසා රිකී හරිබජන්ට වැඬේ භාරදෙනවා. මිනිහාට රිකී ඉල්ලන වේගෙන් වැඬේ කරලා දෙන්න බෑ. ඒ නිසා මුළු වැඬේම අවුලක් වෙලා තියෙන්නෙ.

මෙම විහිළු නාට්‍යයේ පිටපත් රචකයා තමයි ලිඛිත්. මීට කලින් කවදාවත් ටෙලිනාට්‍යයක් ලියලා නැති වුණාට ලිඛිත්.රේඩියෝවල පොඩි පොඩි විහිළු පිටපත් ලියලා තියෙනවා. මේ නිසා තමයි රිකී, ලිඛිත්ව තෝරගන්නෙ. අවුල්වුණු ෂෙඩි්‍යුල් එක නිසා ලිඛිත් මූණ දෙන්නෙ මාර දුෂ්කරතාවකට. දැන් තත්ත්වෙ හොඳටම ආසාධ්‍ය නිසා ලිඛිත් ලොකේෂන් එකේ නතර වෙලා තමයි එදාට එදාට ඕන සීන්ස් ටික ලියන්නෙ. හැබැයි මිනිහ ලියන කිසි දෙබසකට හිනා යන්නෙ නෑ.මිනිහත් මාර අමාරුවෙන් හිනස්සවන්න ට‍්‍රයි කරනවා.

විහිළු නාට්‍යයේ ප‍්‍රධාන නිළියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ සුරූපිකා සහ නිරූපිකා. මේ දෙන්නා හැබෑ ජීවිතේ දි නයි වෛරයි. ඒ එකම නළුවට පේ‍්‍රම කරන නිසා. විහිළු නාට්‍යයේ මේ දෙන්නට නිරූපණය කරන්න තියෙන්නෙ හොඳම යාලූවෝ දෙන්නෙක්ගේ චරිත දෙකක්. මේ දෙන්නවා සෙට් එකේදී හසුරුවා ගන්න එක පුදුම අමාරු වැඩක් හැම වෙලාවේම බලන් ඉන්නෙ දෙන්නට දෙන්න රණඩු වෙන්න.

අවුල් වෙලා තියෙන නාට්‍යයේ මේ නයි මුගටි වලිය නිසා තවත් අවුල් වෙනවා. මේ අවුල මැදට පැනලා ගැටුම වැඩි කරන තවත් නිළියක් ඉන්නවා. ඒ තමයි විමර්ශනා. මෙයා ක්‍ෂෙත‍්‍රයේ පරණ නිළියක්. හැබැයි ජනප‍්‍රිය නෑ. මෙයාට ඕනේ කොහොමහරි කතාවක් හදාගෙනවත් ජනප‍්‍රිය වෙන්නෙ.අනිත් නිළියොන්ට ඉබේ කතා හැදුණට විමර්ශනාට එහෙම කතා හැදෙන්නෙත් නෑ. මෙයා දැන් බලන්නෙ සුරූපිකා සහ නිරූපිකා කොටවලා එක්කෙනෙක් නාට්‍යයෙන් අයින් කරලා ප‍්‍රධාන චරිතෙ විදියට එයාගේ චරිතෙ ඉස්සරහට ගන්න.

විහිළු නාට්‍යයේ ඉන්න ප‍්‍රධාන නළුවෝ දෙන්නා තමයි අයෝම් සහ නිරෝග්. අයෝම් කියන්නෙ තරුණ නළුවෙක්.නිරෝග් කියන්නෙ තරමක මැදිවියේ නළුවෙක්. හැබැයි නිරෝග් උත්සාහ කරන්නෙ හැම තිස්සෙම තමනුත් තරුණයි කියලා පෙන්නන්න. අයෝම් තමයි සුරූපිකා සහ නිරූපිකා එක්ක එකවර යාලූවෙලා ඉන්නෙ. නිරෝග් උත්සාහ කරන්නෙත් කොහොමහරි මේ දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක යාලූවෙන්න.

මේ නාට්‍යයේ හැමතැනම ප‍්‍රශ්න. නළුනිළියෝ ගහමරා ගන්නවා. පිටපතට හිනා යන්නෙ නෑ. ඩිරෙක්ටර්ට වැඬේ කරගන්න තේරෙන්නෙ නෑ. කෑම බීමවල ප‍්‍රශ්න. ලොකේෂන් එකේ අයිතිකාරයොන්ගෙන් ප‍්‍රශ්න. කොටින්ම කිව්වොත් හැබෑ ටෙලිනාට්‍ය කලාවේ තියෙන හැම ප‍්‍රශ්නයකම හරස්කඩයක් තමයි මේක.නිළියොන්ගෙන් එන ප‍්‍රශ්න විසඳන්න බැරිම තැන නාට්‍යයේ හිටපු ටී බෝයි නාට්‍යය දාලා පිටවෙලා යනවා. මේ වෙනුවට අලූතෙන් අමුතු කොල්ලෙක් සෙට් එකට එනවා. මේ එන්නෙ ගමේ ඉදලා එන කොල්ලෙක්. කොල්ලගෙ පෙනුමම කොමඩියක්. කොල්ලගේ නම හුස්මානන්ද.

තේ හදන්න එන කොල්ලාට මේ හැමදේම අලූත්. මේ නිසා හැම එකටම ඇගිලි ගගහා හොයනවා. දවසක් බොහොම තීරණාත්මක සීන් එකක් ෂූට් කර කර ඉන්නවා. ඩිරෙක්ටර්ට සහලෝලා උණ ඒ නිසා ෂූට් එක කරන්නෙ ඒ.ඞී නිරූපිකායි සුරූපිකයි එකට ඉන්න සීන්එකක්. හෙට ටෙලිකාස්ට් එකට යවන්න ඕනේ එකක්. අදින් පස්සෙ මේ දෙන්නව එකට හම්බෙන්නෙ තව සතියකන්. බොහොම අමාරුවෙන් ෂුට් එක කර කර ඉන්නකොට හුස්මානන්දයා මැදට පැනලා විකාරයක් කරනවා. හුස්මානන්ද කරන මේ විකාරය ඒ විදියටම රෙකෝඞ් වෙනවා. ඩිරෙක්ටර් මේ ගැන දන්නෙ නෑ. ඒ.ඞීට නැවත සීන් එක ෂූට් කරන්න ටයිම් එකක් නෑ. අන්තිමට ඒ.ඞී ඒ සීන් එක ඕකේ කරලා යවනවා. ඒක ඒ විදියටම පහුවදා ටෙලිකාස්ට් වෙනවා. හිතපු නැති විදියට ඒක ජනප‍්‍රිය වෙනවා. චැනල් එක හුස්මානන්දගේ සීන් වැඩි වැඩියෙන් ඉල්ලනවා. තේ හදන්න ආපු හුස්මානන්දට දැන් ඇක්ට් කරන්න වෙලා. හැබැයි පිටපතට අනුව විහිළු කරන්න හුස්මානන්ද ට තේරෙන්නෙ නෑ.

රිකීලා මේකට එක එක උපායන් යොදනවා. ඒත් හරියන්නෙ නෑ. හැබැයි පිටපතක් නැතුව හුස්මානන්ද හැබෑවට සෙට් එකේ කරන දේවල්වලින් පුදුමවිදියට හිනායනවා. අන්තිමට හුස්මානන්දට හොරෙන් හුස්මානන්ද කරන දේවල් වීඩියෝ කර කර ඒක නාට්‍යයට අමුනලා යවනවා. මේ වැඩෙන් අන්තිමට නාට්‍යය ජනප‍්‍රිය වෙනවා. හුස්මානන්දත් ජනප‍්‍රිය වෙනවා. තමන් ජනප‍්‍රියවීම ගැන හුස්මානන්දට ඒ හැටි හැගීමක් නෑ. මිනිහට ඕනේ දිගටම තේ හද හද ඉන්න.දමින්ද මඩවල ප‍්‍රතම වතාවට අධ්‍යක්‍ෂණය කරණු ලබන ටෙලි නාට්‍යයේ නම මෙගා. ඒ මෙගා ටෙලි නාට්‍ය ගලායන්නෙ ඔන්න ඔහොමයි.

‘‘මෙගා’’ මාලානාටකයේ ප‍්‍රධාන රංගන ශිල්පීන්ගේ නාමාවලිය.

ටෝනි රණසිංහ
ගිහාන් ප‍්‍රනාන්දු
ජයන්ත මුතුතන්ත‍්‍රි
දමයන්ති ෆොන්සේකා
නෙතලි නානායක්කාර
සුලෝචනා වීරසිංහ
ඩිල්ශානි පෙරේරා
ලසන්ත උඩුකුඹුර
අරවින්ද දොඹගහවත්ත
අජිත් කි‍්‍රෂාන්ත සේරම්
සමන්ත මංජුල
මංගල ප‍්‍රනාන්දු
දසුන් පතිරණ
සුසන්ත කරුණාරත්න
චන්දන පේ‍්‍රමසිරි බණ්ඩාර
සුනෙත් ශාන්තප‍්‍රිය
මධුෂාන් නානායක්කාර
සමිත සුධීෂ්වර
චාමර ප‍්‍රියදර්ශණ
දිපාල් ගුණරත්න
ජයතිස්ස අතුලසිරි
ශමීර රංගන නාඔටුන්න

‘‘මෙගා’’ මාලානාටකයේ ප‍්‍රධාන කාර්මික ශිල්පීන්ගේ නාමාවලිය.


අධ්‍යක්ෂණය - දමින්ද ඞී. මඩවල
නිෂ්පාදනය - SUNSHINE ENTERTAINMENT INTERNATIONAL
නිෂ්පාදන සම්බන්ධීකරණය - රංජන් ප‍්‍රසන්න
කැමරා අධ්‍යක්ෂණය - කපිල සුගත් විජයරත්න
සංස්කරණය - විරංග කැටපෙආරච්චි
තේමා ගීත ගායනය - රොඞ්නි වර්ණකුල
ගීත රචනය සහ
සංගීත නිර්මාණ අධීක්ෂණය - අජිත් ක‍්‍රිෂාන්ත සේරම්
අංග රචනය - ප‍්‍රියන්ත දිසානායක
කලා අධ්‍යක්ෂණය - තිලංක බටුවත්ත
සහය අධ්‍යක්ෂණය - ශමීර රංගන නාඔටුන්න
නිෂ්පාදන කළමණාකරු - ගුණතිලක රණවක

Soulocha 02

Read 19356 times
Body
Background Color
Text Color
Background Image