Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Friday, 05 July 2013 04:08

'පෙම්වතා නැතිවෙලා' සුලෝචනාට ජය !

Rate this item
(0 votes)
'පෙම්වතා නැතිවෙලා' සුලෝචනාට ජය !

සුලෝචනා වීරසිංහ ඉතා කෙටි කාලයකින් වේදිකාව සිනමාව සහ රූපවාහිනිය ජයගත් රංගන ශිල්පිනියක වූවාය. ඇය ප‍්‍රථමයෙන් ජයග‍්‍රහණය කරනු ලැබූවේ වේදිකාවය. ප‍්‍රසන්න මහගමගේ අධ්‍යක්‍ෂණය කළ 'ග්ලැඩියේටර් පේ‍්‍රමයෙහි' ඇය කළ රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රංගන ශිල්පිණිය ලෙස නිර්දේශ වූයේ ඇගේ දක්‍ෂතාවන් නිසාමය. සුලෝචනා රංගන ශිල්පිණියක වන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරණ කාලයේය .ඇය " පෙම්වතා නැති වෙලා"වේදිකා නාට්‍ය රංගනය වෙනුවෙන් 2005 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙල හා සමගාමීව සිදු කරපු අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍ය උළෙලේදී හොඳම සහාය නිළියට සම්මානයක් ගැනීමට තරම් හැකිවිය . 

‘රංගනය පිළිබඳ යම් දෙයක් හැදෑරිය යුතු යැයි සිතමින් ඇය පැමිණෙන්නේ සෝමලතා සුබසිංහයන්ගේ ළමා හා යොවුන් රගහල පදනමටය.

සුලෝචනා මෙසේ පවසයි "මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු නැවතත් ළමා හා යොවුන් රඟහල පදනම හා එක්වන්නේ 2008 වසරේදී.ඒ චන්දන අලුත්ගේ වගේම කෞෂල්‍යා ප්‍රනාන්දු කියන ගුරු දෙපළගේ ආරාධනයෙන්. ඒ කාලයේ පුහුණුවීම් කෙරුණු'පුංචි අපට දැන් තේරෙයි’'වළස් පවුල’'හිම කුමාරි’'විකෘති’'තොප්පි වෙළෙන්දා’ වගේ නාට්‍යවලට මා රංගනයෙන් සහභාගි වෙනවා. 2009 වසරේදී'ග්ලැඩියේටර් ප්‍රේමය’ට සම්බන්ධවීමත් සමඟ ඒ නාට්‍යයට යෞවන සම්මාන උළෙලේදී සම්මාන නමයක් හිමි වෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට මාව නිර්දේශ වෙන්නෙත් ඒ නාට්‍යයේ කළ රංගනයෙන්.ඉන් පස්සේ'සඳ ළඟ මරණය’'දෙබිඩ්ඩෝ’ වගේ වේදිකා නාට්‍යවල රඟපෑමට ලැබීම රංගන ජීවිතයේ මා ලැබූ අපූරු අත්දැකීම්. මා රඟපෑ'බබාට නමක්’ කෙටි වේදිකා නාට්‍යට්‍යයේදී' 'වේදිකාවෙන් මහ පොළවට’,'දහඩිය සිත්තම’, රාජ්‍ය නාට්‍ය උළෙල යන උළෙලවල් තුනේදීම මම හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා.’

සුලෝචනා කියන දක්ෂ රංගන ශිල්පිනිය බිහිවීමේ මූලික අඩිතාලම වැටෙන්නේ ඒ අයුරිනි.

පාසල් කාලයේ රංගනය පිළිබඳ උනන්දු නොවුණත් තූර්ය වාදක කණ්ඩයමේ මම බටනලාව වාදනය කරන ශිල්පිනියක්. වයලීනය කියන්නේ මම බොහොම ආදරය කරන වාද්‍ය භාණ්ඩයක්ග සංගීතය මගේ විෂය නිසා ඒලෙවල් කරන්නත් මා තේරා ගත්තේ සංගීතයයි. කුඩා කාලයේ පටන් මේ මා ලබාගත් සියලු දේ බොහොම ප්‍රයෝජනවත් වුණේ පසුවයි.’

'නිකිණිවැස්ස' චිත‍්‍රපටයෙහි ඇය කරනු ලබන රංගනය යම් තරමක අභියෝගාත්මක චරිතයකි. ඒ ඇය එහි ඉදිරිපත් කරණ රංගනයන් තුළ වඩාත් නැඹුරුවන්නෙ ලිංගි කත්වයයි. ඇය 'නිකිණි වැස්ස' චරිතය සම්බන්ධව දරන්නේ මෙවන් අදහසකි

තිර පිටපත කියෙව්වාට පස්සේ මා මේනකාව හොඳින් වටහා ගත්තාග මේනකා කියන්නේ තරුණියක්.දුෂ්කර පරිසරයක ඉපැදුනත් ඈත් අපි වගේම තරුණියක්.ඇය ජීවත් වුණේ බලාපොරොත්තු රාශියක් සමඟයි. ඇය අවසානයේදී තනි වෙනවා. ඇගේ එකම ළඟ ඥාතියා වුණු පියා මිය යනවා.තනියට ඉන්නේ ආත්තම්මා.මේ කියන කාරණාත් සමඟ ආදරය, කරුණාව,සෙනෙහස ඇයට උවමනා වුණු මනුෂ්‍යත්වයේ සාධකයි.පිටපත කියවන මට මේ මිනිස්සුන්ගේ හැඟීම් සියල්ල හඳුනා ගන්නට හැකිවුණා.ඒක මට වඩාත් දැනුණේ ගමේ ඉපදුණු කෙල්ලෙක් නිසා වෙන්න ඇති. ඒ වගේම ඊට පස්සේ ජීවිතයේදී ලැබූ ඇත්දැකීම් සියල්ලත්, ඒ චිත්‍රපටය රූගත කළ පරිසරයේදීත් ලැබුණු අත්දැකීම් සියල්ල මගේ චරිතයට බොහෝ දෑ එකතු කළා.

මේනකා පිළිබඳ සිතන්නට ගත්තට පස්සේ ඈ මෙහෙම කෙනෙක් වෙන්න ඇතැයි මා සිතුවා.ඒ සිතූ සියල්ල චරිතය මගින් මා ප්‍රතිනිර්මාණය කළා. ඈ පිළිබඳ මම සිතූ සියල්ල බොහොම දුරට නිවැරැදි වුණා. චරිතය ඉදිරිපත් කිරීමේදී අධ්‍යක්ෂවරයා මගේ රඟපෑමෙන් සෑහීමකට පත්වුණා.සමහර අවස්ථාවලදී චරිතය පිළිබඳව මම ඔහුත් සමඟ සාකච්ඡා කළා. ඒ ඔහු බලාපොරොත්තු වන මට්ටමෙන් මේ චරිතය තිබෙනවද කියන කාරණය පිළිබඳයි. මම හිතන්නේ ඔහුගේ සිතෙහි සිටි මේනකා මා ප්‍රතිනිර්මාණය කළ බවයි.'

‘මම කළේ රංගනයක්. නිළියක් විදියට පිටපතට අවශ්‍ය විදියටයි මා රංගනය ඉදිරිපත් කළේ. ඒ නිර්මාණයේ ඒ ඒ කොටස් ඒ ඒ අවස්ථාවලදී ඉල්ලා සිටියා.එහෙම නැතිව පිටතින් ගෙනැත් නිර්මාණයට ලිංගිකත්වය ඔබලා නැහැ.

සුලෝචනා මේනකා ට පන පොවමින් එහි එක්තරා ජවනිකාවක වඩාත් නිදහස්ව සිය පෙම්වතා සමග ලිංගිකව හැසිරෙයි. ලාංකේය සිනමාවට ලිංගිකත්වය අලූත් දෙයක් නොවේ .එමෙන්ම වර්තමාන පේ‍්‍රක්‍ෂකයනට සුලෝචනා විසින් කරණ ලද රංගනය බරපතල කාරණයක් වන්නට හේතුවක් නැත. මක්නිසාදයත් වර්තමානයේ ලෝක සිනමාව නරශන පේ‍්‍රක්‍ෂකයන්ට සුලෝචනා ගේ රංගනය පිළිබඳ කුහකත්වයකින් තොරව බැලිය හැකිවිය යුතුය .ස්වර්ණා මල්ලවආරච්චි සුද්දීලාගේ කතාවේ දී ඉතා විශිෂ්ඨ ලෙස සිය රංගන ප‍්‍රතිභාව මෙන්ම, එඩිතර බව නිළියක ලෙස විදහා දැක්වීය. එකල පේ‍්‍රක්‍ෂකයන් ද. විචාරකියන්ද බුද්දිමත් විය. අද නිසි විචාරයක්, ඇගයීමක් නැතිවුනත් සුලෝචනා ගේ ඉදිරිපත් වීම ම වටී.

විමුක්ති ජයසුන්දරගෙ 'සුළග එනු පිණිස' රූගත කිරීමට පෙර රංගන ශිල්පිණියක තෝරා ගැනීම තරමක දුෂ්කර කාරණයක් වූයේ එහි එක් චරිතයකට ලිංගික එක්වීම් මෙන්ම නිරුවත් රංගනයන් ඉදිරිපත් කිරීමට තිබීමයි. එය බලෙන් ඇතුලත් නොකළ පිටපත විසින් ඉල්ලා සිටින්නක් බැවින් එම අභියෝගය බාරගැනීමට නිළියක් ඉදිරිපත් නොවන්නේ සදාචාර සම්පන්නයැයි හංවඩු ගැසූ සමාජයක අප ට ජීවත්වන්නට සිදුව ඇති නිසාය. අවසානයේ එක්තරා වේදිකා නිළියක් එම අභියෝගය බාරගනු ලැබීය. ඒ නිලූපුලී ජයවර්ධනය. ඇය එහි රගපෑවේ සියලූ දෙනාගේ සහයෝගය ඇයට නොඅඩුව ලබුණ නිසාවෙණි. නිරුවත සහ ලිංගික දර්ශණ සඳහා පෙනීසිටීම සම්බන්ධව සුලෝචනා දක්වන්නෙ මෙවැනි අදහසකි.

'ඇත්තම කිව්වොත් එවැනි චෝදනා කරන්නේ රංගනය හා සිනමාව කියන විෂය ක්ෂේත්‍රය පිළිබඳ දන්නා අය නෙවෙයි. මම හැමෝටම ආරාධනා කරන්නේ දූපත් මානසිකත්වයෙන් එළියට ගිහින් මේ නිර්මාණය නරඹන්න කියලා. ඒ වගේම මේ චරිතයට මම විශාල කැපකිරීමක් කළා.මේනකා කියන්නේ බීඩි ඔතලා ජීවිතය ජයගන්න උත්සාහ කළ තරුණියක්.ඒ අත්දැකීම් ලබා ගන්න මා එවන් කෙනෙකු මුණ ගැසුණා. රූගත කිරීම් කළ පරිසරය වගේම චාන්දනී අක්කගෙන් ලැබුණු සහයෝගයත් මෙහිදී සිහිපත් කළ යුතුමයි.මමත් සමඟ රඟපෑ ජගත් වගේම කණ්ඩායමේ සිටිය කාර්මික ශිල්පියාගේ පටන් සියලු දෙනාගෙන්ම ලැබුණු සහයෝගය බොහොම අගය කළ යුතුයි.’

‘මම ජීවත් වෙන්නේ මගේ හෘද සාක්ෂියට අනුවයි.ඕනෑම වෘත්තියකදී තමා කරන කටයුත්ත හොඳීන් කරනවා නම්,තමන් හොඳට හැසිරෙනවා නම් කිසිම කෙනෙක් තමන්ට චෝදනා නොකරාවි. මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ එක් කෙනෙක් දෙන්නෙක් කරන දේවලින් සමස්තය තීරණය කරන්න එපා කියලා.එහෙම කළොත් වැරැදියි.'

‘සුලෝචනා නිලේන්ද්‍ර දේශපි‍්‍රයගේ ප‍්‍රථම සිනමා නිර්මාණය වූ ' තන්හා රතී රගා' චිත‍්‍රපටයටද රංගනයෙන් දායක වී තිබේ.

‘මම රංගන ශිල්පිනියක් විදියටල මට යමක් කළ හැකි චරිතයක් ලැබුණොත් රඟපාන්න දෙපාරක් සිතන්නේ නැහැ. එකිනෙකට වෙනස් චරිත රඟපාන්න නිතරම මා උත්සාහ කරනවා.මේ දවස්වල වසන්ත නවරත්න බණ්ඩාරගේ'පුන්තිලා’, ඊ.එම්.ඩී. උපාලිගේ'ඉඩම විකිණේ’,අසංක සායක්කාරගේ'මයි කා කොයි පෙට්ට්‍රල්’ කියන වේදිකා නාට්‍යවල පුහණුවීම් කටයුතුවල යෙදෙනවා. ඒ වගේම පාසල් ළමයි වෙනුවෙන් ෆෝරම් තියටර් සමඟ පාසල් ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහයෝගය දෙනවා. ඒත් සමඟම මගේ සමාජ විද්‍යාපති උපාධි නිබන්ධය සඳහා සූදානම් වෙනවා.

සුලෝචනා වැනි රංගන ශිල්පිණියන් අපේ සිනමාවට අවශ්‍ය යුගය උදාවී ඇත. මෙවන් චරිතාංග රංගනයන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන්නෙ අතලොස්සකට පමණි. වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව යන අංශ තුනෙන්ම විශිස්ට දක්‍ෂම් පෙන්වන සුලෝචනා වැනි රංගන ශිල්පිණියන්ට කලාත්මක සිනමාවේ තව තවත් නිර්මාණ බිහිවිය යුතුය.

Image Gallery

{gallery}1622{/gallery}
Read 735 times
Body
Background Color
Text Color
Background Image