Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
වෙනින් කව්රුත් නොවේ ඒ ලෙනින්

දමිතා අබේරත්න පසුගිය කාලය පුරාම සියළු මාධ්‍යන් තුළ වඩාත්ම කතා බහට ලක්වූයේ තවත් ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් සමම්බන්ධයෙන් කරණ ලද ප‍්‍රකාශයක් නිසාය.

මේනක - නෙහාරව බැදලලූ ....

පසුගිය කාලයේ වැඩිපුරම කතා බහට ලක්වූ තරුණ රංගන ශිල්පී දෙපලක් අතර නෙහාරා සහ මේනක වඩා කැපිල පේන දෙන්නා බවට පත්වෙලා තිබුනෙ. මේ දෙන්නා දැන් පෙම්වතුන් වෙලා වසර කිහිපයක්. ඒ වගේම දෙදෙනාම තම ප‍්‍රථම විවාහයන් ගෙන් නීත්‍යානු කූලව වෙන්වෙලා ඉවරයි. ඒ නිසා බොහෝ රසිකයින් මෙන්ම මාධ්‍ය ආයතනත් බලා සිටිනවා මේ දෙදෙනා ගේ විවාහය සිද්ධ වෙන්නෙ කවද්ද කියලා දැන ගන්න. නෙහාරා මෑතකදී පුවත් පත් අකිරේකයකට කියලා තිබුනේ බඳින දවස හැමෝටම ප‍්‍රසිද්ධියේම කියනවා, බැන්දා කියල කියන කතාව බොරු කියලයි. නමුත් ඇත්තටම මේ වනවිටත් මේ දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී හමාර ලූ. දැන් ඉතිරිව ඇත්තේ සම්ප‍්‍රදායික මංගල කටයුතු සහ නෑදෑයින් හිතවතුන් සහ කලා ක්‍ෂෙත‍්‍රයේ අය ට උත්සවය පැවැත්වීම පමණක් ලූ.

යශෝදාත් බිස්නස් වලට බසී

කාලෙන් කාලෙට අපේ නිළියන් සහ ගායිකාවන් විශේෂයෙන්ම විවිධ කතන්දර එක්ක මාධ්‍ය තුළින් කතා බහට ලක්වෙනවා. ජනප‍්‍රිය නිළියක් වූ යශෝදා විමලධර්ම රූපවාහිනියෙන් අපට දැක ගන්න ලැබෙන්නෙ ඉඳහිටක. සිනමාවෙන්නම් දකින්න ලැබෙන්නෙම නැහැ. මේ දිනවල ඇය ගැන කතා කරන්නට හේතුවක් ඇතිවෙලා. ඒ ඇයත් ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වීම නිසා. පසුගිය පස්වනදා කොළඹ ගලධාරී හෝටලයේදී ඇයගේ නවතම ව්‍යාපාර කටයුත්තYw INTERNATIONAL (Yashoda Wimaladharma NATURE WITH ARTISTRY) ආරම්භ වුනේ කලා ලෝකයේ ඇයගේ හිතවත් සමීප කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්.

අර්ජුනට විජයගේ පෙනුම එපා වෙයි

අර්ජුන කමලනාත් කිව්ව ගමන් මතක් වෙන්නෙ විජය කුමාරතුංග ඒ නිසාම අර්ජුනට එක එක කතාත් හැදිලා තිබුණා. ඉස්සරහට නම් ඒ කතා හදපු අයට කටට ප්ලාස්ටර් දා ගන්න වෙනවා. මොකද අද හෙටම අර්ජුන එයාගේ පෙනුම වෙනස් කර ගන්න හදනව.

'පෙම්වතා නැතිවෙලා' සුලෝචනාට ජය !

සුලෝචනා වීරසිංහ ඉතා කෙටි කාලයකින් වේදිකාව සිනමාව සහ රූපවාහිනිය ජයගත් රංගන ශිල්පිනියක වූවාය. ඇය ප‍්‍රථමයෙන් ජයග‍්‍රහණය කරනු ලැබූවේ වේදිකාවය. ප‍්‍රසන්න මහගමගේ අධ්‍යක්‍ෂණය කළ 'ග්ලැඩියේටර් පේ‍්‍රමයෙහි' ඇය කළ රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රංගන ශිල්පිණිය ලෙස නිර්දේශ වූයේ ඇගේ දක්‍ෂතාවන් නිසාමය. සුලෝචනා රංගන ශිල්පිණියක වන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරණ කාලයේය .ඇය " පෙම්වතා නැති වෙලා"වේදිකා නාට්‍ය රංගනය වෙනුවෙන් 2005 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙල හා සමගාමීව සිදු කරපු අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍ය උළෙලේදී හොඳම සහාය නිළියට සම්මානයක් ගැනීමට තරම් හැකිවිය . 

ශෙරිල් සහ රුවන් නැවත එක්වෙයි

නොදැක ඉන්න බැරි නිසා එක්වුණු ශෙරිලූයි රුවනුයි ගෙ විවාහයෙන් පස්සෙ විවිධ පුවත් පළවුනත්, දෙන්න එක්ක තම තමන්ගෙ කටයුතු කරගෙන යන බව යි දැන ගන්න ලැබුනෙ. මේ අතරෙදි මිරර් ආර්ට්ස් වෙත ආරංචි වුනේ ශෙරීල් විවාහයෙන් පසුව ගත් තීරණයක් නිසා දෙදෙනාගේ ජීවිත වළට විශාල වශයෙන් බලපෑමක් ඇතිව ඇති බවයි.

අඛිල සහ ශෙනාලි ගෙ බෝල සෙල්ලම

'සිරිපැරකුම්' චිත‍්‍රපටය මේ වන විට ජනප‍්‍රිය ළමා චිත‍්‍රපටයක් ලෙස පේ‍්‍රක්‍ෂකයන් අතර ජනප‍්‍රිය වෙමින් ඉදිරියට දිවෙන බව කාටත් නොරහසකි.'සිරි පැරකුම්' නිෂ්පාදකයින්ද එය ළමා චිත‍්‍රපටයක් ලෙස වෙළඳ ප‍්‍රචාරණ කටයුතු සිදු කිරිමද මෙය ළමා චිත‍්‍රපටයක් විමට ප‍්‍රධාන හේතුවක් ව ඇත.

කෙසේ වෙතත් මෙහි රූපගත කිරීම් වලින් පසු, එහි සංස්කරණයෙ දී පසු පළමු ප‍්‍රදර්ශනයේ තිබු රූපරාමු වල ප‍්‍රමානය අඩු වී තිබන බව පැවසෙනව. ළමා චිත‍්‍රපටයටක් ලෙස 'සිරි පැරකුම්' ජනප‍්‍රිය වීම සහ එය ජනප‍්‍රිය කිරිම නිසා තමන් සිදු කළ රංගනයන් සිනමාපටයෙන් ඉවත් කිරිම සහ කුඩා දරුවාගේ කොටස් වැඩිකිරීම නිසා තමන්ට අසාධාරණයක් වී ඇතැයි තරුණ රංගනශීල්පින් දෙදෙනෙකු පවසා තිබෙනවා යැයි මිරර්ආර්ට්ස් වෙත දැනගන්නට ලැබුණා. 

උපේක්‍ෂා මාධ්‍ය අන්දවන හැටි

කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල "සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා.උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය,දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි.පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා.ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්,උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා. මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා.ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා.

තරුෂිගේ පෙම්වතා හෙළිවෙයි

තරුෂි පෙරේරා පසුගිය මාස දෙක තුනකට පෙර පුවත්පත් මාධ්‍ය සාකච්ජාවකදී පවසා තිබුනේ ඇයට විවාහය සඳහා ඇයගේ මව තරුණයකු සොයමින් සිටින බව සහ ඇයට පෙම්වතෙක් නොමැති බවයි .එහෙත් මිරර් ආර්ට්ස් වෙත දැන ගන්නට ඇති පරිදි තරුෂි ට මේ වනවිට පෙම් වතෙක් මුණ ගැසී ඇත. ඔහු නමින් සුමේධ යි. ඔහු බැංකුවක රාජකාරී කරණ බව දැනගන්නට ලැබිණ. තරුෂි මෙ වනවිට රංගණයට අමතරව රූපලාවන්‍යාගාර දෙකක හිමිකාරියක් ද වෙයි. ඇය ගේ නවතම රුපලාවන්‍යා ගාරය 17වන දින සුබ මොහොතින් නාවින්න ආර්පිකෝ මධ්‍යස්ථානයේදී ආරම්භවූයේ කලාකරුවන් ගේ සහ සුමේධ නම් ඇගේ පෙම්වතාගේද සහභාගීත්වයෙණි. තරුෂිට දැන් පෙම්වතෙක් සිටී. ඇය අද සිය සහෝදර කලා ශිල්පීන්ට සිය පෙම්වතාව හඳුන්වා දී ඇත. තරුෂිගේ ව්‍යාපාර කටයුතු සහ රංගන කටයුතු වළට සුමේධගෙන් සහයෝගයක් ලැබෙණු ඇත.

මංජුලා කුමාරි ගුරුකම් කරයි

රංගන ශිල්පිනී මංජුලා කුමාරි වැඩිපුර මේ දවස්වල ටෙලි විෂනයේ දැකගන්නට ලැබෙන්නෙ නැහැ. මංජුලා කාලෙක නිෂ්පාදනය පැත්තටත් යොමුවෙලා හිටියා . විවාහයෙන් පසු රැල්ලට හසුවී රගපාන්නන් වාලේ රගපාන ගතිය නැතිවෙලා ගිහිල්ලා වේගය අඩු කරගෙන තිබුණ බවකුයි පේන්න තිබෙන්නෙ.

මේ සියල්ල මැද මංජුලා අළුත් වැඩ කට සූදානම් වෙනවා. ඒ කට්ටඩි කම් කරන්න. ඒක හොඳ ව්‍යාපාරයක් ලංකාව වගේ ආගම සහ වෛරය කරපින්න ගත්ත මිනිස්සු සිටින රටක. ඒ නිසා හාමුදුරුවරු පවා මේ ගුරුකම් ,යන්ත‍්‍ර -මන්ත‍්‍ර කරණ වැඩ වලට අත ගහලා ව්‍යාපාර කරගෙන යනවා. නිවන් දකින්න පාර හදාගන්න එක පැත්තක දාලා.

Page 1 of 12
Body
Background Color
Text Color
Background Image