Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Monday, 08 July 2013 13:32

තවත් ස්ටාර්ස් ලා වර්ගයක්

Rate this item
(0 votes)
තවත් ස්ටාර්ස් ලා වර්ගයක්

ලංකාවට ස්ටාර්ස් ලා බිහි කිරිමේ කෙරුවාව ඉවරවෙන පාටක් නැති සෙයකි. මේ වනවිට විවිධ ස්ටාර්ස්ලා බිහිවී සිටින අතර මේ රටේ බෙහෙතකටවත් ස්ටාර්ස්ලා නොවන කිසිවකු සොයාගනැනීමට නෙහැකිවන ගානටම ස්ාර්ස්ලා බිහි කරමින් සිටිති .නුදුරු අනාගතයේදී මාළු මුදලාලි ස්ටාර්, දොස්තර ස්ටාර්, කොන්දොස්තර ස්ටාර්ස් , බස් රියැදරු ස්ටාර්ස්, නර්ස්ටාර්ස්, එම්බාම් ස්ටාර්ස්, පාතාල ස්ටාර්ස්, මුදලාලි ස්ටාර්ස්, සෙකට‍්‍රි ස්ටාර්ස් ,නීතිඥ ස්ටාර්ස්, දේශපාලනඥ ස්ටාර්ස් ලා වැනි විවිධාකාර ස්ටාර්ස්ලා බිහිවීම පුළුවන. .

මේ අලූත්ම ස්ටාර් ත‍්‍රීවිලර්ස්ටාර් ය.
ඕනෑම මොහොතක පාරට අතදැමූ සැණින් අපට හමුවන්නේ පොඩි මිනිහාගේ වාහනය ත්‍රිරෝද රථයයි.සමාජයේ එතරම්ම වටිනා කියන ස්ථානයක් මොවුන්ට නොතිබුණ ද ඔවුන්ගෙන් ඉටුවන සේවය ඉමහත්ය.එමෙන් මේ ත්‍රිරෝද රියදුරු සොහොයුරන් අතර ද සැඟවුණ දක්ෂතා ඕනෑ තරම් තිබෙන්නට පුළුවන. මේ සැඟවුණු දක්ෂතා අතරෙන් ඔවුන් සතු ගායන හැකියාව මතුකර ගැනීමට, ඒ හැකියාවන්ට සමාජයේ වටිනාකමක් ලබා දීම සඳහා ගුවන්විදුලි මහගෙදරින් ආරම්භ කෙරුණු නවතම වැඩසටහන ' නීත්‍රිවිල් ස්ටාර්’ය. අසන්නන්ට මෙන් ම ත්‍රිරෝද රථ හිමියන්,රියදුරන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නවමු අත්දැකීමක් ගෙන එන මේ'ත්‍රිවිල් ස්ටාර්’ පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් - වැඩසටහන් ටී.ඩී.කේ.ඒ.ජයන්ත මහතා දක්වන අදහස් මෙසේය.

"ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ අදහසකට අනුව තමයි මෙම වැඩසටහන ආරම්භ කරන්නේ.නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහතාත් හඩ්සන් සමරසිංහ මහතාත් අතර කෙරුණු කථා බහක් තමයි මෙයට මූලික වී තියෙන්නෙ.මෙය ත්‍රිරෝද රථ රියදුරන්ට,හිමිකරුවන්ට ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම මෙන් ම ඥාතීන්ට මෙම තරගය සඳහා සහභාගි වෙන්න පුළුවන්. අපි මේ වන විට මුල්වටයේ තරග පටන් අරගෙන තියෙන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ තරගකරුවන් තෝරා ගැනීමේදී තරගකරුවන් 500 දෙනෙක් සහභාගි වුණා. ඒ අතරින් තරගකරුවන් දොළොස් දෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ වගේම වයඹ පළාතේ ඉදිරිපත් වූ තරගකරුවන් දෙසිය පනහ අතුරෙන් තරගකරුවන් නවදෙනෙකු තෝරා ගනු ලැබුවා. ඒ වගේම රුහුණු සේවය,රජරට සේවය, යාපනය පලාලි සේවය, ඌව ප්‍රජා ගුවන්විදුලිය, එෆ් එම් ගුවන් විදුලි සේවාවල සහයෝගයෙන් තරගකරුවන් තෝරා ගනු ලබනවා.

මූලික වටය සඳහා තරගකරුවන් 100 ක්
මූලික වටය සඳහා තරගකරුවන් සියදෙනෙක් තෝරා ගන්නවා. මේ අයට අප ගායනය හා ඊට අදාළ දේ පිළිබඳ මාසයක පමණ කාලයක පුහුණුවක් ලබාදෙනවා.'ත්‍රිවිල් ස්ටාර්’ තරගය සඳහා සහභාගි වෙන අයට යම් කැප කිරීමක් කිරීමට සිදුවෙනවා. ඔවුන්ට එය කාලය කා දැමීමක් ලෙස කිසි විටෙකත් දැනෙන එකක් නැහැ.මෙම තරගය අවසානයේ අපේ බලාපොරොත්තුව හොඳ ගායක කණ්ඩායමක් බිහි කිරීමයි.

ඒ ශ්‍රේණියේ ගායකයන්
ගුවන් විදුලියේ ගායකයින් තෝරා ගන්නේ ශ්‍රේණි ක්‍රමයට.ඒ අනුව අවසන් වටයට එන තරගකරුවන් ඒ ශ්‍රේණියේ ගායකයන් හැටියට තෝරා පත්කර ගන්නවා. ඒ වගේම පූර්ව තරග විස්ස අවසානයේ දී මේ ශිල්පීන් සරල ගී ශිල්පීන් ලෙස බඳවා ගනු ලබනවා.

ත්‍රිවිල් ස්ටාර්ස් හි වෙනස
මේ තරගයේදි අපි ඔවුන් ලවා අනුන්ගේ ගීත ගයවන්නේ නැහැ. එමෙන්ම රටේ අනෙකුත් නගරවලට ගිහින් ප්‍රසංග පැවැත්වීමටත් ප්‍රසංග මාලාවක් පැවැත්වීමටත් ඉදිරියේදි කටයුතු කරනවා.ගුවන් විදුලි මහගෙදරට වසර අසූ අටක් පිරීම නිමිත්තෙන් මේ වසරේ දෙසැම්බර් මස මැද වන විට ත්‍රිවිල් ස්ටාර් ප්‍රසංගයේ අවසන් තරගය පවත්වනු ලබනවා.මෙහි ප්‍රධානම දේ තමයි තරග විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ සංගීතවේදීන්. ජයග්‍රාහකයා තේරිමට එස්.එම්.එස් .නැහැ  අපි තරගයේ ජයග්‍රාහකයා තෝරන්නේ එස්.එම්.එස් මගින් නොවෙයි. නමුත් අසන්නන්ට පුළුවන් ඔවුන්ගේ හදබැදි ගායන ශිල්පියාට හෝ ගායිකාවට එස්.එම්.එස්.මගින්, තැපැල්පත් මගින් ඔවුන්ගේ මනාපය පලකරන්නට. අවසන් වටයේදී හොඳම ගායන ශිල්පියා තෝරනු ලබන්නේ විනිශ්චය මණ්ඩලය විසින්.

තරගකරුවන් සඳහා ලබාදෙන තෑගි
මෙහිදී පළමු ස්ථානය සඳහා බජාජ් ත්‍රීරෝද රථයක් ද, දෙවන ස්ථානය සඳහා පල්ස මෝටර් සයිකලයක් සසහ තුන්වන ස්ථානය සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද ලබාදෙනවා.ඊට අමතරව හැම තරගයකදීම මූලික වටයේ තේරෙන තරගකරුවන්ට ත්‍රීවිලර්වල සවි කිරීම සඳහා මීටරයක් ලබා දෙනවා. මෙම වැඩසටහනට ලේක්හවුස් ආයතනය, ශ්‍රී ලංකා රූපවාහිනි ආයතන මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලබනවා.එමෙන් ම බජාජ් ත්‍රීරෝද රථ ගෙන්වන ඩේවිඩ් පීරිස් ආයතනය, ඇසට් ලයින් ලීසිං කොම්පැනිය හා එම්.ඩී.එෆ්.සී බැංකුව හා නිල්වලා ආයතනය, ජනශක්ති ඉන්ෂුවරන්ස් අනුග්‍රහය දක්වනු ලබනවා.

ගුවන් විදුලි වැඩසටහන් කලාවට නව මාවතකට යොමු කරන 'ත්‍රිවිල් ස්ටාර්ස්’ ගීත ප්‍රසංගය සෑම ඉරිදාකම දහවල් 12.00 සිට 12.45 දක්වා සිටි.එෆ්.එම් සේවයෙන් විකාශය වේ.

ඉනෝකා සමරවික්‍රම

Read 261 times
Body
Background Color
Text Color
Background Image