නමුත් විද්‍යාත්මක දියුණුව තුළින් පිස්සුව යන්නෙහි මූලික සිද්ධාන්ත කුමක්ද යන්න සමාජ ගතවීමත් සමග යම් පිරිසක් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පෙළඹෙති. මේ හේතුවෙන් ජීවිතය යහපත් මානසික වාතාවරණයිකින් යුතුව පවත්වාගෙන යන අය බොහොමයකි. නමුත් ග්‍රාමීය මෙන්ම නාගරික සමාජ සංස්ථා තුළ තවමත් පිස්සුව පිලිබඳව සිතන්නේ මානසික ආතතියට ලක්වූ කව්රුහෝ එම පුද්ගලයා තම සමාජ වටපිටාවෙන් කොංකළ යුතු සහ පිටමංකළයුතු අයෙකු ලෙසිණි.
දියුණු වෙමින් පවතින රටවල සමාජයෙහි මේ මානසික ආතතීන්ගෙන් යුත් පුද්ගල සංඛ්‍යාව ස්වභාවයෙන්ම ඉහළයාම වැලැක්විය නොහැක. මේ නිසාම බොහෝ අය සියදිවි නසා ගැනීමටත්, ආතතීන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් නොගැනීම නිසාත්, ජීවිත කාලයම රෝගීයෙකු ලෙස සමාජයෙන් කොංවී ජීවත්වීමට සිදුව ඇත. එහෙයින් මේ මනෝරෝගී තත්ත්වයන් පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම ඉතාම කාලෝචිත සහ අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන මොහොතක අනෝජා වීරසිංහ නම් වූ ප්‍රවීණ රංගන ශිල්පිණිය මෙන්ම අභින ඇකඩමියේ ආචාර්ය වරිය, මිනිසුනට වඩාත් සමීප සජීවී කලා මාධ්‍ය වූ වේදිකා නාට්‍ය බාවිතය උපයෝගි කරනෙ ෆෝරම් තියටර් ක්‍රමවේදය අත්හදා බලමින් සාර්ථක ව්‍යායාමයක නිරත වෙයි. මෙයට කදිම උදාරණයක් වූයේ පසුගිය මස 18වන දින බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී මෙම අපූර්ව වූ සමාජ කර්තව්‍ය ආරම්භ වීමයි.
මෙම නාට්‍ය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය කපිල රණසිංහ හා වෛද්‍ය නීල් ප්‍රනාන්දු ගේ සහායෝගයෙන් ප්‍රවීන රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ විසින් නිෂ්පාදනය කරන ලද්දකි.
මෙම නාට්‍ය විනාඩි 20ක් පමණ වන අතරම එම නාට්‍ය නැවත රගදැක්විම හා එය සාකච්ඡා කිරිම සිදුවේ.
මානසකි රෝගි දරුවෙකු සිටින නිවසක ඔහුට සිදුවන අසාධාරණ කම් නිසා ඔහු ක්‍රියා කරන ආකාරය මෙන්ම එම නිසා සිදුවන ජිවිත හානිය පිළිබඳ සමාජය දැනුවත් කිරිමද මේ නාට්‍ය තුළින් විදහා දැක්වේ.
එක්තරා තරුණයෙකු මානසික රෝගයකින් පෙළෙන අතර ඔහුගේ නිවසේ මව සහ සහෝදරයා ඔහුව කොන්කරනු ලබන්නේ පිස්සෙක් යැයි අමන්ත්රණය කරමිනි. වෛද්‍ය ප්‍රථිකාර ලාබා යම් දුරකට සුවපත් වී ගෙදර පැමිණෙන මෙම තරුණයාව තම නිවසේ පියා හැර අන් අය පිළිගන්නේ පිස්සෙක් කියාය.මෙම තත්වයත් සමග කල් ගෙවන තරුණයාගේ බෙහෙත් වේල හරියාකාරව නොදි මිත්‍යා විශ්වාසයන් මත දුවන මවගේ ක්‍රියා කලාපයන් නිසා නැවතත් ඔහුගේ රෝගි තත්ත්වය වැඩිවනු ඇත.
බෙහෙත් නවතා මිත්‍යා විශ්වාස මත ක්‍රියා කිරිම නිසා තරුණයාගේ මානසික රෝගය නැවතත් උග්රවිම නිසා සිදුවන ව්‍යසනයකි මෙහි අවසානය. රෝගි තරුණයා අතින් තම මව මෙන්ම සහෝදරයාද මිය යයි.මෙම කතාව අවසානයේ මෙහි වරද කාගේද යන්න පිළිබඳ සිත තුළ ප්‍රශ්නයක් යක් පැණ නගී.
තරුණයාගේ මානසික රෝගි තත්වය නිසා ඔහු අතින් ජිවිත විනාශයක් සිදු වනු ඇත.මෙහිදි වරද කාගේද ඔහුගේද..? නැතහොත් සමාජයේද....? දෙමාපියන්ගේද....?
දැහැන් ගතව මේ දෙස බලා සිටින පේ්රක්ෂකයන්ගේ සිත්වල හටගන්නා සිතුවිලි අප්‍රමාණය. එම සිතුවිලි දිග හැරිමට අවස්ථාවක් දෙමින් නැවතත් නාට්‍ය රගදක්වන අතර ඒ අතර තුරදි පේ්රක්ෂකයාට නාට්‍ය තුළ ට ප්‍රවිශ්ඨවී තම අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙයි .
මෙහිදි ක්ෂණික නිර්මාණාත්මක නාට්‍ය කලාව අනුගමනය කරමින් රංගනයේදී පේ්රක්ෂක අන්තර් ක්‍රියාකාරිත්වය තුළින් මානසික රෝග හා අපයෝජන වැනි සමාජීය මෙන්ම පෞද්ගලික වැදගත් කමින් යුතු ප්‍රශ්න සාකච්ඡාවට භාජනය කරයි.එම ප්‍රශ්න විසඳා ගැනීමට සුදුසු ක්‍රමවේදයන්ද සාකච්ඡාවට අවස්ථාවක් ප්‍රජාවට ලසා දෙනු ඇත.
මෙහි මුලික බලාපොරොත්තුව වන්නේ වෙනසයි. ආකල්ප වෙනස් කිරිම තුළින් මහජනතාව ලෙස මෙන්ම ජාතියක් ලෙස මානසික රෝග දෙස බලන ආකාරය සහ මානසික ආබාධ පිළිබඳ මුල්බැස ගත් මතිමතාන්තර වෙනස් කිරිම හා ඒ හා බැඳුනු බාධා ඉවත් කිරිම මෙහි අරමුණයි.
මානසික රෝග සම්බන්ධව පවතින මුලික ගැටඵව වන්නේ රෝගී තත්වය පිළිබඳව අනාවරණය කිරිමට ඇති ලැජ්ජාවයි. මානසික රෝග සම්බන්ධයෙන් සමාජය තුළ ඇති ආකල්ප හේතුවෙන් මානසික රෝගයන්ට ලක්වුවන්නේ පවුල්වල සමාජිකයන් තුළ ඒ පිළිබඳව ඇති වන්නා වු භීතිය නිසා තම සමීපතම ලබැඳියෙකුගේ මානසික රෝගී තත්වය සැගවීමට ඔවුන් පෙළඹේ.
යම් රෝගියෙකුට මානසික රෝගි තත්ත්වයක් ඇති විට පවුලේ සමාජිකයන් විසින් රෝගි තත්ත්වය සැගවීම සහ ඒ සඳහා මනසික රෝග සම්බන්ධ වෘත්තිකයෙකුගේ සහය ලබා නොගැනීමෙන් රෝගය උත්සන්න වීම හා රෝගියාගේ ජිවන තත්වය පහත වැටීම පමණක් සිදුවේ.
මෙම සංවාද මණ්ඩපයේ දී ඉදිරිපත් කළ නාට්‍ය තුළින් මානසික සෞඛය පිළිබඳ දැනුවත් කිරිම මෙන්ම මානසික රෝග අපකීර්තියක් ගෙන දෙන්නක් ලෙස සැලකීම සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් ඇතිකරීම ට අනෝජා වීරසිංහ උත්සාහ ගෙන තිබේ.
වසර 30කට ආසන්න කාලයකින් යුද්ධයකින් මෙන්ම මේ රටේ ඇති ආර්ථික, දේශපාලන සහ විවිධ සමාජ අර්භූදයන් මධ්‍යයේ අති ධාවනකාරී ජීවිත ගතකරණ ජනතාවගේ මානසික ආතතියන් තුළින් ඇතිවිය හැකි මෙවන් මානසික ආතතීන් යහපත් ආකාරයෙන් අවම කරගැනීමට මෙන්ම, යහපත් දැක්මකින් යුතුව නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීම සඳහා අනෝජා මේ ගන්නා ව්‍යායාමය වැදගත් මෙන්ම කාලෝචිත මැදිහත්වීමකි.