Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Wednesday, 19 June 2013 03:57

"චාපා" ගැබ්ගත්තෙ ඇයි?

Rate this item
(0 votes)
"චාපා" ගැබ්ගත්තෙ ඇයි?

නලින්ද පේ‍්‍රමරත්න තරුණ නිර්මාණශීලී නිර්මාණ අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගෙ න් මිරර් ආර්ට්ස් වෙත ආරාධනාවක් ලැබුණා ඔහුගේ ෆෝරම් තියටර් නම් වූ අළුත්ම නාට්‍ය භාවිතාව අත් විඳින්න එන්න කියලා. අපි ගියේ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් බාලිකාවට. එතැනට එම විද්‍යාලයේ විදුහල්පතිණිය, කාන්තා හා ළමා කාර්්‍යාංශයේ නිළධාරීන් මෙන්ම චන්දන ගුණවර්ධන ඇතුලූ ආරාධිතයින් ද පැමිණ සිටියා. නලින්ද අපිට මෙහි ආරම්භක දින අපට ආරාධනා කළත් එහි යා නොහැකි වුවත් මෙවර කළ ආරාධනාව මිරර් ආර්ට්ස් ඉමහත් සතුටින් පිළි ගත්තේ නලින්දගෙ ෆෝරම් තියටර් සංකල්පය නැවුම් අත්දැකීමක් විඳගැනීමට මෙන්ම රසවිඳීමට හැකි බව අපට වැටහුන නිසයි.

අ.පො.ස උපෙළ හදාරමින් සිටින දැරියන් 400කගෙන් පමණ ශාලාව පිරී තිබුණ. වේදිකාවට පසු තලය සඳහා පත්තර පිටු රාශියකින් සැදුනු තිරයක් පාවිච්චි කරලා තිබුණා. ඒ හැම පත්තර පිටුවක්ටම අර්ථයක් තිබුණා. දැන් නාට්‍ය පටන් ගන්න සූදානම. මේ වනවිට තරුණ තරුණියන් අතර වඩාත්ම ජනප‍්‍රිය "හායි හනී බනී ටොකෝ ටොකෝ" ගීතයේ තාලයට උ.පෙළ ළමුන් සඳහාම සැකසුණ ගීතයකින් වැඬේ ආරම්භ කළා .එය සජීවීව තරුණ කණඩායම විසින් ගායනා කරමින් රංගණයෙ යෙදුනා .නලින්ද වේදිකාවට ඇවිත් චාපා ව හඳුන්වලා දුන්නා. චාපා කොළඹ නගරයේ, ප‍්‍රදේශයක බාලිකා පාසලක අධ්‍යාපනය හැදෑරු යුවතියක්. ඇයගේ සත්‍ය කාතව මෙතැන් සිට වේදිකාවේ දිග හැරෙණ බවත් කිව්වා. අපි හැමෝම වේදිකා නාට්‍ය බලන්න මනස යොමුකළා.

චාපා කොළඹ නගරයේ ජීවත් වූ පාසල් යන වයසේ යුවතියක්.වෙනදාටත් වඩා කලින් එදා අම්මයි තාත්තයි ගෙදර ආවා. ඔවුන් දෙදෙනාම කලබල කාරියි. දවස තිස්සේම කන්තෝරුවෙන් පිට ලෝකයක් නැති තරම්. චාපා බලා සිටියේ පන්තියේ පැවරුම් වලට අම්මාගෙන් හරි තාත්තාගෙන් හරි උදව් ඉල්ලා ගන්න.ඒත් අම්මාටත් තාත්තාටත් ඒසඳහා කාලයක් කලින් ආපු දවසේවත් ඉතිරිව තිබුණේ නැහැ.

තාත්තා ගෙදර ආවත් එයාගෙ බිස්නස් වැඩ ගැන දුරකථනයෙන් කතාකරමින් හිටියා . අම්මා හැදුවේ වෙනදා වගේම කඩෙන් කෑම ගේන්න.මේකට තාත්තා විරුද්ධවෙලා අම්මයි තාත්තයි බහින් බස් වෙනකොට චාපා දෑතින්ම සිය සවන් වසාගෙන හිටියෙ දැඩි පීඩාවකින් . බහින් බස් විම කෙළවර වුණේ තාත්තා වෙනදා වගේම යාළුවන්ට සෙට් වෙන්න ගිය එකෙන්.චාපගෙ පැවරුම් ඉවර කරන්න යාළුවෙකුගේ උදව් ඉල්ලන්න හිටියත් ඒ යාලුවා කිව්වේ දැන් ඇය නිදි කියලයි. ඉතින් වෙනදා වගේම ඇයගේ තනියට ආවේ ඉන්ටර්නෙට් එකෙන් චැට් කරන යාලුවා ඉමේෂ් අය්යා.

පහුවදා චාපා පාසල් ගියේ පැවරුම් කරන්නේ නැතිව.ඇගේ හිතේ ගෙදර දෙමව් පියන්ගෙ අඩ දබර නිසා ඇතිවුන මානසික පීඩනයයි ඇය නිවස තුළ විඳින හුදකලාවයි ඇයට පැවරුම් කරගන්න බැරිවුණ පීඩාවයි කතා කරන්න යාළුවන්ටත් උවමනාවක් තිබුණ බවක් පෙණුනෙ නැහැ. ඇය සිටි කනස්සල්ල නිසා එක යාලූවෙක් ඇයව පාසලට ගෙනියන්න හැදුවත් අනිත් යාළුවා නම් හැදුවේ කොහේ හරි රවුමක් යන්න. හැබැයි ඒක වැළකුනේ ඒ වෙලාවේ ආපු ශිෂ්‍ය නායිකාව යාලුවාගේ ගවුම කොටයි කියලා පෙන්වපු හින්දා යාළුවාට උන් හිටි තැන් නැතිව පැන ගිය එකෙන්.

පෙරදින රාත‍්‍රියේ අන්තර්ජාලයෙන් චැට් කරපු ඉමේෂ් අය්යට චාපා පාසල ළගට එන්න කියලා තිබුණා කතා කරන්න ටිකක් . හරියටම ඉමේෂ් අය්යා ආවේ පාසල ඇතුළට චාපා යන්න ඔන්න මෙන්න කියලා තිබුණ වෙලාවේ. ඉමේෂ් අය්යා චාපාගෙ යාළුවට යන්න කියලා චාපාව ත් අරගෙන ටිකක් කතාකරන්න කියලා එයාගෙ යාළුවෙක්ගෙ ගෙදරට එක්කරං යනවා. එතැනිදි චාපා එක්ක එකට ඉඳලා ඉමේෂ් අය්යා ජංගම දුරකථනයෙන් දෙන්නගෙම ෆොටෝස් ගන්නවා. ඒක පෙන්නලා චාපව බය කරලා ඉමේෂ් අය්යා චාපා ව ලිංගික ඇසුරකට පෙළඹවනවා.

එතැනින් එහාට චාපාගේ අම්මා තාත්තා නැති අතරේ ගෙදරට ඇවිත් යන එකත් ඒතරම් ප්‍රශ්ණයක් වුණේ නැහැ.පස්සේ චාපා බය කරලා ඇයගේ ගෙදරටත් ආවා ගියා.කොහොම වුනත් රටටම රහසක් නොවුණු මේ සම්බන්ධය අනතිමට අම්මා දැන ගන්නා කොට චාපා ගැබිනියක්.එතකොට තමයි ඒ වන කොටත් චාපා ගැන වගක් නැතිව හිටිය අය්යටත් චාපාගෙන් පවුලට වුණ අවනම්බුව මතක් වුනේ.

ඔන්න අපි දැන් නාට්‍ය බැලූවා. එය ඉතාමත් ආකර්ශණීය ආකාරයෙන් එහි රගපෑ නළු නිලියන් පිරිස විසින් ඉදිරිපත් කරනු ලැබුවා .දෑස් කඳුලින් තෙත් කරන්නට තරම් සංවේදී ආකාරයට එය ඉදිරිපත් කරණ ලැබුවා. පාසල් දැරියන් ට නාට්‍යක් රසවිඳින්න එතරම්ම පුරුදු පුහුණු වෙලා තිබුනෙ නැහැ කියලා හිතුනෙ වැඩි පුරම කළේ හිනාවීම නිසා.
චාපට සිය ජීවිතය වැරදෙන කොටත් මේ පාසල් ශිෂ්‍යාවන් හිනාවෙන්න පටන් ගත්තා. ඒ ඛේදවාචකයට හිනා වෙනවට වඩා ඒ දරුවන්ට ඒ වෙලාවෙ දැනෙන්න ඕනෙ තමාගෙ වයසෙ ඉන්න කෙනෙක් ට සිද්ධ වන අතවරය ට සිනාසීම සුදුසුද යන්න සිතා බැලීම.

කෙසේ වෙතත් නාට්‍ය පෙන්නලා ඉවර වුණහම නලින්ද වේදිකාවට නැගලා පිටිපස්සෙ පත්තර පිටුවළින් සකස් කරලා තිබුණා තිරය සම්බන්ධව පිරිස දැනුවත් කළා. ඒ සියලූ පත්තර පිටුවළ තිබුණෙ ළමයින් ට සිදුව තිබූ ලංගික අපචාර පිළිබඳවයි .එය කොතරම් ඛේදවාචකයක්ද ? නලින්ද මාධය තුළ බාවිතා වී තිබුණ ,මාධ්‍ය තුළින්ද අපයෝජනයට ලක්ව තිබූ එම දරුවන්ගේ කතන්දරය පිළිබඳව ඉතා මැනවින් විග‍්‍රහයක් කරේ පැමිණ සිටි දරුවන් ව දැණුවත් කරන්න . ඉන් අනතුරුව නලින්ද එම නාට්‍ය නැවත ප්ලේ කරන්න පටන් ගන්න බව කිව්වා. ඒ වගේම එය නැවත්වීමේ රිමෝට් කොන්ට්‍රොල් එක පාසලේ දැරියන්ට ලබා දුන්නා .චාපට වැරදුන තැන ඒ කතාවේ චාපට එලෙස අතවරයට ලක් නොවන්නට, සිද්ධවන්න ට තිබූ හොඳම දේ නැවත සකසා ඉදිරිපත් කරන්නට දැරවන්ට අවස්ථාවක් ඇති බව නලින් ද කිව්වා. රිමෝට් කොන්ට්‍රෝලය දරුවන්ට බාරදුන්නට පස්සේ නාට්‍ය ආපහු පටන් ගත්තා. ළමුන් තමන්ට චාපට සිදුවූ දේ නිවැරදි කළයුතු යැයි දරුවන්ට හිතෙන තැන්වල නාට්‍ය රග දැක්වීම වරින් වර නතර කළා. මෙහිදී නලින් කළ ප‍්‍රධාන ඉල්ලීමක් ද වුණා .ඒ බලය වැඩි කිසිවකුට වෙනස් කළ නොහැකියි යන්න. ඒ අම්මා ,තාත්තා ,ඉමේෂ් අයියා කියන චරිත තුන. ඔවුන්ව වෙනස් නොකර අනිත් අය වෙනස් වෙන්නෙ කෙසේද යන්නයි දරුවන්ට දෙනු ලැබූ නිර්මාණශීලී ඉලක්කය වූයේ.

දරුවන් තමන්ට දැනෙන ආකාරයෙන් නාට්‍යයේ අතර මග තැන් තැන් වළින් නවත්වා චාපාට එලෙස වන්නට වූ හේතුවට පිළිතුරු හෙව්වා. හරියට චෙස් ගේම් එකක වගේ .ඒ වගේම චාපා වෙනුවෙන් වේදිකාවට ගොඩවෙන දරුවන්ට රංගනයට මෙන්ම කතා කිරීමට, ඉදිරිපත්වීමට ඇති හැකියාව ද, ඔවුන්ට ප‍්‍රශ්නයක් දෙස බැලීමට ඇති හැකියාව, මානසික ශක්තිය සහ සමාජ අවබෝධය මෙන්ම ඔවුන් තුළ ඇති මානුෂිකත්වය ද මේ තුළින් නොදැනීම එළිදැක්වෙනවා .

නලින්දගේ ෆෝරම් තියටර් සංකල්පය ඉතාමත් පුළුල් ආකාරයෙන්, සරලව, ආකර්ශණීය ලෙස පාසල් දරුවන්ගෙ මනසට ,බුද්ධියට ආමන්ත‍්‍රණය කරමින් මෙන්ම හදවතට ද ආමන්ත‍්‍රණය කරමින් සමාජ සංස්ථාවේ ප‍්‍රධාන පද්ධති පිලිබඳව විවෘතව ප‍්‍රශ්න කරමින්, සිදුවිය යුත්තේ කුමක් ද යන්න මෙන්ම වළක්වා ගත යුත්තෙ කුමක් ද යන්නත් ඉතා පැහැදිළිව පෙන්වා දෙණු ලැබූවා .

මෙහිදී චන්දන ගුණවර්ධන ඉදිරිපත් කළ යම් යම් කාරණා ප‍්‍රායෝගික බවක් තිබුණා සේම දරුවන්ට ඒවා ප‍්‍රායෝගිකව කළ හැකිද යන්න පිලිබඳව ප‍්‍රශ්න නැතුවා නොවේ. ළමා හා කාන්තා කාර්යාංශයේ යම් යම් හැසිරීම් සම්බන්ධව යහපත් ප‍්‍රතිචාර තිබුණත් ඔවුන්ගේ මෙන්ම පොලිසි ය මෙවන් ළමා ලිංගික අපචාරයකදී හැසිරෙන ආකාරය ද විචාරයට ලක්වුණා. පැමිණ සිටි නිළධාරීන් එවැනි වැරදි සිදුවන බව පිළිගැනීම සතුටට හේතු වුණා.

නලින්ද ෆෝරම් තියටර් තියටර් තුළින් ආරම්භ කර ඇති සමාජ මෙහෙවර අතිශයින්ම මේ අති ධාවනකාරී වර්තමාන සමාජයේ තරුණ දරු දැරියන්ට අතිශය වැදගත් යුගයේ කාර්්‍ය භාරයක්. මේ සඳහා බ‍්‍රිතාන්‍ය කවුන්සිලය සහයෝගය ලබාදීමද විශේෂයක්.

නාට්‍යානු සාරයෙන් නලින්ද ප‍්‍රශ්න කරණු ලබන සමාජ ව්‍යසනයට සමස්ථ මාධ්‍යන් ද වගකිව යුතුය යන අදහස ඇතිවෙනවා. අන්තර්ජාල මාධ්‍ය ට පමණක් ඇගිල්ල දිගු කරණ බහුතරයක් තුළ තමන් විසින් මෙහෙයවනු ලබන, තමන් ඉවසා සිටින .තමන් කැමති රූපවාහිනී සහ පුවත්පත්, ගුවන් විදුලි මාධ්‍යන් තුළින් කරණු ලබන සමාජ ව්‍යසනයන් කෙබඳුද යන්න තම තම නැණ පමණින් විමසා බැලිය යුතු වෙනවා.

කෙසේවුවත් නලින්ද සහ පිරිසගේ ෆෝරම් තියටර් කැපවීම අප මාධ්‍ය ආයතන විසින් අගය කළ යුතුව තිබෙනවා. කලාකරුවන් ලෙස විශේෂයෙන් තරුණ නිර්මාණශීලී දක්‍ෂයන් විසින් කරනු ලබන මේ ව්‍යායාමය මුදල මූලික සමාජයක මෙහෙවරක් ලෙස කරණු ලැබීම අගය කළ යුතු වෙනවා. මිරර් ආර්ට්ස් නලින්ද ඇතුලූ ෆෝරම් තියටර් කණ්ඩායමට සුබපතනවා!
සටහන- මනෝහාරී

ජායාරූප- හර්ෂණී පෙරේරා

Image Gallery

{gallery}1571{/gallery}
Read 1050 times
Body
Background Color
Text Color
Background Image