Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
තවත් ස්ටාර්ස් ලා වර්ගයක්

ලංකාවට ස්ටාර්ස් ලා බිහි කිරිමේ කෙරුවාව ඉවරවෙන පාටක් නැති සෙයකි. මේ වනවිට විවිධ ස්ටාර්ස්ලා බිහිවී සිටින අතර මේ රටේ බෙහෙතකටවත් ස්ටාර්ස්ලා නොවන කිසිවකු සොයාගනැනීමට නෙහැකිවන ගානටම ස්ාර්ස්ලා බිහි කරමින් සිටිති .නුදුරු අනාගතයේදී මාළු මුදලාලි ස්ටාර්, දොස්තර ස්ටාර්, කොන්දොස්තර ස්ටාර්ස් , බස් රියැදරු ස්ටාර්ස්, නර්ස්ටාර්ස්, එම්බාම් ස්ටාර්ස්, පාතාල ස්ටාර්ස්, මුදලාලි ස්ටාර්ස්, සෙකට‍්‍රි ස්ටාර්ස් ,නීතිඥ ස්ටාර්ස්, දේශපාලනඥ ස්ටාර්ස් ලා වැනි විවිධාකාර ස්ටාර්ස්ලා බිහිවීම පුළුවන. .

කාන්තාරයේ ප්‍රේම කතාවක්

"දැන් කාලෙ මිනිස්සු කරන්නෙ තිරිසනුන්වත් නොකරන වැඩ” ය යනු මේ කාලේ නිතර අසන්නට ලැබෙන කතාවකි. මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන ඇතැම් පුවත් ඉහත කියුමෙහි අසත්‍යයක් ද නැතැයි සිතන්නට අප පොලඹවයි. අවට ලෝකයේ සිදුවන අමානුෂික දෙයින් අප සසල වනු දකින වෘද් ලේඛකයෙක් නිතර කියන්නට පුරුදුව සිටි දෙයක් මට සිහිපත් වෙයි.

"ජාතක කතා පොත කියවන්නග ඒකේ ඔය හැම දෙයක් ම තියෙනවා.”

පිස්සු හැදෙන සඳ

මානසික ආතතිය යනු මේ සමාජයේ සෑම අයෙකුටම අඩු වැඩි වශයෙන් පවතින්නකි. මේ සඳහා සමහරවිටෙක ප‍්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. දෙවියන්ගෙ හාල් කැවුනහම මිනිස්සුන්ට පිස්සු හැදෙන බව අතීතයේ ගැමියන්ගෙ අදහසක් විය. මිත්‍යාව තුළ පිස්සුව එල්ලා මිනිසුන් ජීවිත කාලයක් විඳවමින් සිට මිය යති.

"චාපා" ගැබ්ගත්තෙ ඇයි?

නලින්ද පේ‍්‍රමරත්න තරුණ නිර්මාණශීලී නිර්මාණ අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුගෙ න් මිරර් ආර්ට්ස් වෙත ආරාධනාවක් ලැබුණා ඔහුගේ ෆෝරම් තියටර් නම් වූ අළුත්ම නාට්‍ය භාවිතාව අත් විඳින්න එන්න කියලා. අපි ගියේ වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් බාලිකාවට. එතැනට එම විද්‍යාලයේ විදුහල්පතිණිය, කාන්තා හා ළමා කාර්්‍යාංශයේ නිළධාරීන් මෙන්ම චන්දන ගුණවර්ධන ඇතුලූ ආරාධිතයින් ද පැමිණ සිටියා. නලින්ද අපිට මෙහි ආරම්භක දින අපට ආරාධනා කළත් එහි යා නොහැකි වුවත් මෙවර කළ ආරාධනාව මිරර් ආර්ට්ස් ඉමහත් සතුටින් පිළි ගත්තේ නලින්දගෙ ෆෝරම් තියටර් සංකල්පය නැවුම් අත්දැකීමක් විඳගැනීමට මෙන්ම රසවිඳීමට හැකි බව අපට වැටහුන නිසයි.

මේරි යුකාරි සමඟ 'සැඳෑ සක්මනක්'

ඔබගේ ජීවිතයෙහි ඉතිරි කොටසල පාළු හුදෙකලා දූපතක ගතකිරීමට නියමිතව ඇතැයි සිතන්න. එහි දී කියැවීම සඳහා පොත් 10ක් තෝරා ගැනීමට ඔබට අවසර ඇත.

අයිරාංගනී සේරසිංහ ඔබට සුභ උපන්දිනයක්‌ !

අයිරාංගනී සේරසිංහ නමැති ශිල්පිනිය පිළිබඳව මාගේ මතකයේ රැඳෙන්නේ බාල වියේදීමය. ජුනි මස නව වැනි දින එතුමියගේ ජන්ම දිනය බැවින් එතුමිය පිළිබඳ මතකයන් රැසක්‌ අතීතය අවදි කරමින් මා හට මතක්‌ වන්නට වියග ගාමිණී ෆොන්සේකා රංගන ශිල්පියාගේ තද බල ප්‍රේක්‍ෂකයකු වූ මගේ පියාගේ අතේ එල්ලී ගොස්‌ චිත්‍රපට නැරඹූ යුගයක්‌ මට තිබිණි.

අධිරාජ්‍යයාට ගී ගැයීම

ඇගේ නම නාමිතා දේවිදයාල් ය. වයස අවුරුදු දහයකි.නාමිතාගේ මව,සෑම සතියකම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා තම දියණිය සංගීත පංතියකට රැගෙන යන්නී ය.

ඔවුන් ගමන් ගන්නා රථය මුම්බායි නගරයේ කුම්බාලා කඳුගැටය නැඟ,තුරු පෙළකින් යුත් මාවතක් දිගේ කෙනඩි පාලම නම් වූ'අපකීර්තිමත්’ පෙදෙසට ළඟා වෙයි.පිම්පියන්,වෙසඟනන්, නළඟනන් හා දාමරිකයින් පිරි සමාජ ශාලා සඳහා "නම් දැරූ” එහි තද බද වූ කුඩා මහල් නිවසක නාමිතා ගේ සංගීත ගුරුවරිය, තම රෝගී මව ද සමඟ වෙසෙයි.

ඇගේ නම ධෝන්දුතායි කුල්කර්නි ය.

බියර් බොමින් චිත්‍රපටි නැරඹිය හැකි 'සිනෙබාර්'

මෙම සමාගමේ සිනමා ශාලා වලට ඇතුල්වීමේ අවසරය ඇත්තෙ වයස 18 ක් ලැබූ අයට පමණයි. ඊට අඩු අය වයස 21 ක් හෝ ඊට වැඩි අය සමඟ එන්න ඕනෑ.වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ඉඩක් ලැබෙන්නේ අඬන බබාලගේ දිනය නොහොත් Cry Baby Day නමින් වෙන් වූ මාසයේ පළමු අඟහරුවාදා පළමු දර්ශනයට පමණයි.( Cry Baby Day 990)යනු ජොනී ඩෙප් රඟපෑ චිත්‍රපටියක්.

"සුගතපාල සෙනරත් යාපා" බැට කැ හැටි හෙළි කරයි.....

1969 'මිනිසා සහ කපුටා' කෙටි චිත‍්‍රපටයෙන් සිනාමකරණයට ප‍්‍රවිශ්ඨ වූ සුගතපාල සෙනරත් යාපා එම කෙටි චිත‍්‍රපටය සඳහා සම්මානයෙන්ද පිදුම් ලැබූහ. "හන්තානේ කතාව" චිත‍්‍රපටයෙන් මෙරට සිනමාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් පේ‍්‍රක්‍ෂක අවදානය දිනාගත් ඔහු "පෙම්බර මධූ" සහ "ඉන්දුට මල් මිටක්" යන නිර්මණ තුළින් තම සිනමා අනන්‍යතාව තහවුරු කරගන්නා ලදී. සවර්ණා මල්ලවආරච්චි විජය කුමාරතුංග ටෝනි රණසිංහ සහ අමරසිරි කලංසූරිය යන නළු නිළියන් හන්තානේ කතාව චිත‍්‍රපටයේ රග පෑහ. විජය කුමාරතුංග සිනාමවට ප‍්‍රවිශ්ඨ වන්නේ ද හන්තානේ කතාව සිනමා පටයෙනි.

කලා කරුවෝ විකිණෙති

කලකට ඉහත චිත්‍රපටි සංස්ථාවේ සභාපති ධුරය ද දැරු ඇන්ටන් වික්‍රමසිංහ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු මෙන් මල චිත්‍ර එකතු කරන්නෙකු (මිලදී ගන්නෙකු)වශයෙන් ද ප්‍රකටව සිටියේය.

Page 1 of 24
Body
Background Color
Text Color
Background Image